යෙදුමෙන් කියවන්න

දුතිය බාල - පණ‍්ඩිත සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 5. 3. 3.

4. 5. 3. 3.

[දුතිය බාල - පණ‍්ඩිත සුත‍්තං]

[දෙවන බාල - පණ්ඩිත සූත්‍රය]

23. චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො අබ්‍යත‍්තො අසප‍්පුරිසො ඛතං උපහතං අත‍්තානං පරිහරති, සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. කතමෙහි චතූහි?

23. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා දමන ලද, ගුණ විසින් නට ආත්මයක් පරිහරකය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. කවර සතරෙකින යත්:

කායදුච‍්චරිතෙන, වචීදුච‍්චරිතෙන, මනොදුච‍්චරිතෙන, අකතඤ‍්ඤුතා අකතවෙදිතාය. [ඉමෙහි -පෙ- අසප‍්පුරිසො -පෙ- බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.]

කායදුශ්චරිතයෙන, වාක්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, අකෘතඥතා-අකෘතවේදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]

[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- සප‍්පුරිසො -පෙ-]

[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]

කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, කතඤ‍්ඤුතා කතවෙදිතාය. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතී ති.]

කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, කෘතඥතා-කෘතවෙදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ පින් ද රැස් කෙරෙයි.]

4. 5. 3. 4.

4. 5. 3. 4.

[තතිය බාල .. පණ‍්ඩිත සුත‍්තං]

[තෙවන බාල - පණ්ඩිත සූත්‍රය]

24. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- අසප‍්පුරිසො -පෙ-]

24. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]

පාණාතිපාතී හොති. අදින‍්නාදායී හොති. කාමෙසු මිච‍්ඡාචාරී හොති. මුසාවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.]

පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]

[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- සප‍්පුරිසො -පෙ-]

[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]

පාණාතිපාතා පටිවිරතො හොති. අදින‍්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.]

පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරු වූයේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4. 5. 3. 5.

4. 5. 3. 5.

[චතුත්‍ථ බාල - පණ‍්ඩිත සුත‍්තං]

[සිවුවන බාල - පණ්ඩිත සූත්‍රය]

25. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- අසප‍්පුරිසො -පෙ-]

25. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]

මිච‍්ඡාදිට‍්ඨිකො හොති. මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති. මිච‍්ඡාවාචො හොති. මිච‍්ඡාකම‍්මන‍්තො හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.]

මිසදිටු ඇත්තේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇත්තේ වෙයි. මිථ්‍යාවචන ඇත්තේ වෙයි. මිථ්‍යා කර්‍මාන්ත ඇත්තේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]

[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- සප‍්පුරිසො -පෙ-]

[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]

සම‍්මාදිට‍්ඨිකො හොති. සම‍්මාසඞ‍්කප‍්පො හොති. සම‍්මාවාචො හොති. සම‍්මාකම‍්මන‍්තො හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.]

සම්‍යග් දෘෂ්ටික වෙයි. සම්‍යක් සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග් වචන ඇතියේ වෙයි. සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4. 5. 3. 6.

4. 5. 3. 6.

[පඤ‍්චම බාල - පණ‍්ඩිත සුත‍්තං]

[පස්වන බාල - පණ්ඩිත සූත්‍රය]

26. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- අසප‍්පුරිසො -පෙ-]

26. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]

මිච‍්ඡාආජීවො හොති. මිච‍්ඡාවායාමො හොති. මිච‍්ඡාසතී හොති. මිච‍්ඡාසමාධි හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.]

මිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]

[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- සප‍්පුරිසො -පෙ-]

[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]

සම‍්මාආජීවො හොති. සම‍්මාවායාමො හොති. සම‍්මාසතී හොති. සම‍්මාසමාධී හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.]

සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග් ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක් ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක් සමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4. 5. 3. 7.

4. 5. 3. 7.

[ඡට‍්ඨ බාල - පණ‍්ඩිත සුත‍්තං]

[සවන බාල - පණ්ඩිත සූත්‍රය]

27. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- අසප‍්පුරිසො -පෙ-]

27. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]

අදිට‍්ඨෙ දිට‍්ඨවාදී හොති. අසුතෙ සුතවාදී හොති. අමුතෙ මුතවාදී හොති. අවිඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.]

අදෘෂ්ට ආලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි මුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]

[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- සප‍්පුරිසො -පෙ-]

[මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]

අදිට‍්ඨෙ අදිට‍්ඨවාදී හොති. අසුතෙ අසුතවාදී හොති. අමුතෙ අමුතවාදී හොති. අවිඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.]

අදෘෂ්ට ආලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි අමුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි අවිඥතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4. 5. 3. 8.

4. 5. 3. 8.

[සත‍්තම බාල - පණ‍්ඩිත සුත‍්තං]

[සත්වන බාල - පණ්ඩිත සූත්‍රය]

28. [චතූහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- අසප‍්පුරිසො -පෙ-]

28. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]

දිට‍්ඨෙ අදිට‍්ඨවාදී හොති. සුතෙ අසුතවාදී හොති. මුතෙ අමුතවාදී හොති. විඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.]

දෘෂ්ටාලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි අමුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි අවිඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]

[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- සප‍්පුරිසො -පෙ-]

[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]

දිට‍්ඨෙ දිට‍්ඨවාදී හොති. සුතෙ සුතවාදී හොති. මුතෙ මුතවාදී හොති. විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදී හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.]

දෘෂ්ටාලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි මුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4. 5. 3. 9.

4. 5. 3. 9.

[අට‍්ඨම බාල - පණ‍්ඩිත සුත‍්තං]

[අටවැනි බාල - පණ්ඩිත සූත්‍රය]

29. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- අසප‍්පුරිසො -පෙ-]

29. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]

අස‍්සද‍්ධො හොති, දුස‍්සීලො හොති. අහිරිකො හොති. අනොත‍්තප‍්පී හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.]

ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]

[චතූහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- සප‍්පුරිසො -පෙ-]

[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]

සද‍්ධො හොති. සීලවා හොති. හිරිමා හොති. ඔත‍්තප‍්පී හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.]

ශ්‍රද්ධා ඇතියේ වෙයි. ශීල ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]

4. 5. 3. 10.

4. 5. 3. 10.

[නවම බාල - පණ‍්ඩිත සුත‍්තං]

[නවවැනි බාල - පණ්ඩිත සූත්‍රය]

30. [චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- අසප‍්පුරිසො -පෙ-]

30. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]

අස‍්සද‍්ධො හොති. දුස‍්සීලො හොති. කුසීතො හොති. දුප‍්පඤ‍්ඤො හොති. [ඉමෙහි -පෙ- බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.]

ශ්‍රද්ධා නැතියේ වෙයි. දුශ්ශීල වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]

[චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො -පෙ- සප‍්පුරිසො -පෙ-]

[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]

සද‍්ධො හොති. සීලවා හොති. ආරද‍්ධවිරියො හොති. පඤ‍්ඤවා හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො බ්‍යත‍්තො සප‍්පුරිසො අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති. අනවජ‍්ජො ච හොති. අනනුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.

ශ්‍රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. රුකළ වැර ඇතියේ වෙයි. ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වු පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද, ගුණ විසින් නො නට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුතුත් වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි.

4. 5. 3. 11.

4. 5. 3. 11.

[කවිසුත‍්තං]

[කවි සූත්‍රය]

31. චත‍්තාරොමෙ භික‍්ඛවෙ කවී. කතමෙ චත‍්තාරො?

31. මහණෙනි, මේ කවීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

චින‍්තාකවි, සුතකවි, අත්‍ථකවි, පටිභානකවි. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො කවීති.

චින්තාකවිය, ශ්‍රැතකවිය, අර්‍ත්‍ථකවිය, ප්‍රතිභානකවි යි. මහණෙනි, මේ සතර කවීහු වෙති.

සුචරිතවග‍්ගො තතියො.

සුචරිතවර්‍ගය තෙවැනි යි.