පඨම බාල-පණ්ඩිතසුත්තං
4. 5. 3. 2.
4. 5. 3. 2.
[පඨම බාල-පණ්ඩිතසුත්තං]
[ප්‍රථම බාල - පණ්ඩිත සූත්‍රය]
22. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො, අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
22. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ අඥ වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ (සාරා ලූ) ගුණ විසින් නට, ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි. කවර සතර කරුණින යත්:
කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, මිච්ඡාදිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො බාලො අබ්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති.
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ, ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති. අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවති. කතමෙහි චතුහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වැටුම් කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණින යත්:
කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, සම්මාදිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො බ්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වටයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.