යෙදුමෙන් කියවන්න

සප‍්පුරිසසුත‍්තං

5. 1. 5. 2.

5. 1. 5. 2.

[සප‍්පුරිසසුත‍්තං]

[සප්පුරිස සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

42. සප‍්පුරිසො භික‍්ඛවෙ කුලෙ ජායමානො බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. මාතාපිතුන‍්නං අත්‍ථාය හිතාය සුඛාය හොති පුත‍්තදාරස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. දාසකම‍්මකරපොරිසස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. මිත‍්තාමච‍්චානං අත්‍ථාය හිතාය සුඛාය හොති. සමණබ්‍රාහ‍්මණානං අත්‍ථාය හිතාය සුඛාය හොති.

42. මහණෙනි, කුලයෙහි උපදනා සත්පුරුෂ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස් කම්කරුපුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාමෙඝො සබ‍්බසස‍්සානි සම‍්පාදෙන‍්තො බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති, එවමෙව ඛො භික‍්ඛවෙ සප‍්පුරිසො කුලෙ ජායමානො බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති: මාතාපිතුන‍්නං අත්‍ථාය හිතාය සුඛාය හොති. පුත‍්තදාරස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. දාසකම‍්මකරපොරිසස‍්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. මිත‍්තාමච‍්චානං අත්‍ථාය හිතාය සුඛාය හොති. සමණබ්‍රාහ‍්මණානං අත්‍ථාය හිතාය සුඛාය හොතීති.

මහණෙනි, යම් සෙ වට මහවැසි හැම සස්වග සපයනුයේ බොහෝ දෙන හට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂ කුලයෙහි උපදනේ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි: දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස්කම්කරු පුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.

41. හිතො බහුන‍්නං පටිපජ‍්ජ භොගෙ තං දෙවතා රක‍්ඛති දෙවගුත‍්තං, බහුස‍්සුතං සීලවතූපපන‍්නං ධම‍්මෙ ඨිතං න විජහාති කිත‍්ති.

41. (සත්පුරුෂ වූ යමෙක්) උපභෝග පරිභෝග සම්පත් ලැබ මාපිය ඈ බොහෝ දෙනහට හිත වූයේ ද, ඔහු ලෝපල් දෙවි රක්නේ ය. දෙවියන් විසින් රක්නා ලද බොහෝ ඇසුපිරු තැන් ඇති, ශීලය හා ව්‍රතයෙන් සමෘද්ධ වූ දස කුසල් දහම්හි සිටියහු කීර්ත්තිය නො හරී.

42. ධම‍්මට‍්ඨං සීලසම‍්පන‍්නං සච‍්චවාදිං හිරීමනං, නෙක‍්ඛං ජම‍්බොනදස‍්සෙව කො තං නින්‍දිතුමරහති, දෙවාපි නං පසංසන‍්ති බ්‍රහ‍්මුනාපි පසංසිතොති.

42. දහම්හි සිටි ශීලයෙන් සමෘද්ධ වූ සත්‍යවාදී වූ අකුසලින් හැකිළෙන සිතැති ඔහු ජාම්බොනදසුවර්‍ණයාගේ නිෂ්කයක් සෙයින් නිගන්නට කවරෙක් අර්‍හ වේ ද, දෙවියෝත් ඔහු පසසති. බඹහු විසිනුදු හේ පසස්නා ලද්දේ යි.