යෙදුමෙන් කියවන්න

පුඤ‍්ඤාභිසන්‍දසුත‍්තං

5. 1. 5. 5.

5. 1. 5. 5.

[පුඤ‍්ඤාභිසන්‍දසුත‍්තං]

[පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

45. පඤ‍්චිමෙ භික‍්ඛවෙ පුඤ‍්ඤාභිසන්‍දා කුසලාභිසන්‍දා සුඛස‍්සාහාරා සොවග‍්ගිකා සුඛවිපාකා සග‍්ගසංවත‍්තනිකා ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච?

45. මහණෙනි, සුව එළවන, අග්‍ර රූපාදි සම්පත් මොනවට ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ (කුශලොපපත්තීහු) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:

යස‍්ස භික‍්ඛවෙ භික‍්ඛු චීවරං පරිභුඤ‍්ජමානො අප‍්පමාණං චෙතොසමාධිං උපසම‍්පජ‍්ජ විහරති, අප‍්පමාණො තස‍්ස පුඤ‍්ඤාභිසන්‍දො සුඛස‍්සාහාරො සොවග‍්ගිකො ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තති.

මහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳ කරන මහණෙක් අප්‍රමාණ අර්‍හත්ත්‍වඵලසමාධිය උපයාගෙන වෙසේ ද ඒ දායක හට සුව එළවන, මනා අග්‍ර රූපාදිසම්පත් දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.

යස‍්ස භික‍්ඛවෙ භික‍්ඛු පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජමානො -පෙ- විහාරං පරිභුඤ‍්ජමානො -පෙ- මඤ‍්චපීඨං පරිභුඤ‍්ජමානො අප‍්පමාණං චෙතොසමාධිං උපසම‍්පජ‍්ජ විහරති, අප‍්පමාණො තස‍්ස පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො සොවග‍්ගිකො සුඛවිපාකො සග‍්ගසංවත‍්තනිකො ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තති.

මහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳ කරන මහණෙක් ... වෙහෙර වළඳ කරන මහණෙක් ... මැසි පුටු වළඳ කරන මහණෙක් ... ගිලන්පස බෙහෙසත්පිරිකර වළඳ කරන මහණෙක් අප්‍රමාණඅර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේ ද, ඔහට සුව එළවන, ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශල ප්‍රවාහයෙක් වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච පුඤ‍්ඤාභිසන්‍දා කුසලාභිසන්‍දා සුඛස‍්සාහාරා සොවග‍්ගිකා සුඛවිපාකා සග‍්ගසංවත‍්තනිකා ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති.

මහණෙනි, සුඛය ගෙණ දෙන ස්වග්‍රසම්පත් පිණිස වැටෙන, සුඛවිපාකාවහ වූ, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ පස් දෙන ය.

ඉමෙහි ච පන භික‍්ඛවෙ පඤ‍්චහි පුඤ‍්ඤාභිසන්‍දෙහි කුසලාභිසන්‍දෙහි සමන‍්නාගතස‍්ස අරියසාවකස‍්ස න සුකරං පුඤ‍්ඤස‍්ස පමාණං ගහෙතුං: “එත‍්තකො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො සොවග‍්ගිකො සුඛවිපාකො සග‍්ගසංවත‍්තනිකො ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තතී”ති. අථ ඛො අසඞ‍්ඛෙය්‍යො අප‍්පමෙය්‍යො මහාපුඤ‍්ඤක‍්ඛන්‍ධොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මේ පඤ්චපුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ - “සුව එළවන ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන සුඛ විපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙ තෙක” කියා පුණ්‍යප්‍රමාණය ගන්නට සුකර නො වේ. වැලිත් අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහාපුණ්‍යස්කන්‍ධයෙක් ම යැ යි ගණනට යෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දෙ න සුකරං උදකස‍්ස පමාණං ගහෙතුං ‘එත‍්තකානි උදකාළ‍්හකානීති වා එත‍්තකානි උදකාළ‍්හකසතානීති වා එත‍්තකානි උදකාළ‍්හකසතසහස‍්සානී’ති වා. අථ ඛො අසඞ‍්ඛෙය්‍යො අප‍්පමෙය්‍යො මහාඋදකක‍්ඛන්‍ධො ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. එවමෙව ඛො භික‍්ඛවෙ ඉමෙහි පඤ‍්චහි පුඤ‍්ඤාභිසන්‍දෙහි කුසලාභිසන්‍දෙහි සමන‍්නාගතස‍්ස අරියසාවකස‍්ස න සුකරං පුඤ‍්ඤස‍්ස පමාණං ගහෙතුං ‘එත‍්තකො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො සොවග‍්ගිකො සුඛවිපාකො සග‍්ගසංවත‍්තනිකො ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තතී’ති. අථ ඛො අසඞ‍්ඛෙය්‍යො අප‍්පමෙය්‍යො මහාපුඤ‍්ඤක‍්ඛන්‍ධො ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡතීති.

මහණෙනි, දියලහ මෙ තෙකැයි හෝ දියලහසිය මෙ තෙකැයි හෝ දියලහදහස් මෙ තෙකැයි හෝ දියලහසුවහස් මෙ තෙකැයි හෝ යම්සේ මහමුහුදෙහි දිය පමණ ගන්නට නො හැකි වේ ද, අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහත් උදකස්කන්‍ධයෙක් ම යැ යි ගණනට යේ ද, මහණෙනි, එ පරිදි ම මේ පඤ්චපුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ - “සුඛ එළවන ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙ තෙක” කියා පින්පමණ ගන්නට සුකර නො වේ. අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහත් පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණනට යෙයි.

50. මහොදධිං අපරිමිතං මහාසරං බහුභෙරවං රතනගණානමාලයං, නජ‍්ජො යථා නරගණ සඞ‍්ඝසෙවිතා පුථූ සවන‍්තී උපයන‍්ති සාගරං.

50. අපරිමිත වූ බොහොබිහිසුනු අරමුණු ඇති සත්රුවන්ගණට නිවෙස් වූ මහදියකඳ ඇති සයුරුමහදහතළාව කරා නරගණසමූහයා විසින් සෙවුනා ලද බොහෝ කොට ගලන නදීහු යම්සේ වැදගණිද්ද,

51. එවං නරං අන‍්නදපානවත්‍ථදං සෙය්‍යා නිසජ‍්ජත්‍ථරණස‍්ස දායකං, පුඤ‍්ඤස‍්ස ධාරා උපයන‍්ති පණ‍්ඩිතං නජ‍්ජො යථා වාරිවහාව සාගරන‍්ති.

51. එ පරිදි ම අන්නපානවස්ත්‍රදායක වූ ශය්‍යානිෂද්‍යාස්තරණදායක වූ පණ්ඩිත මිනිසා කරා පුණ්‍යධාරාවෝ වැදගණිත්. දිය වහන නදීන් සයුර කරා වැදගන්නාක් සෙයිනි.