මනාපදායීසුත්තං
5. 1. 5. 4.
5. 1. 5. 4.
[මනාපදායීසුත්තං]
[මනාපදායී සූත්‍රය]
44. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උග්ගස්ස ගහපතිනො වෙසාලිකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග්ගො ගහපති වෙසාලිකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගො ගහපති වෙසාලිකො භගවන්තං එතදවොච:
44. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර ඇසුරු කොට මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කරණ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ විසල්පුර වැසි උග්‍ර ගෘහපතිහුගේ නිවෙස්න කරා එළැඹි සේක. එළැඹ පන්වාලු අස්නෙහි වැඩහුන් සේක. එ කල්හි විසල්පුර වැසි උග්‍ර ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් විසල්පුර වැසි උග්‍ර ගෘහපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපං මෙ භන්තෙ සාලපුප්ඵකං ඛාදනීයං. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
“වහන්ස, ‘මනාප දැ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි. මට සල්පුප් (සිවුමියුරු යොදා සල්පිටියෙන් සල්මල් බඳු කොට තැනූ) කැවුම් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට මාගේ ඒ ඛාද්‍යය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති මනාපං මෙ භන්තෙ සම්පන්නකොලකං, සම්පන්නසූකරමංසං. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට ඩෙබරපල මුසු (කොට පිසූ එක් හැවිරිදි) හූරුමස් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ සූකරමාංසය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපං මෙ භන්තෙ නිබද්ධතෙලකං නාළියසාකං. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට තෙලින් වැටූ (හල්පිටි සමඟ මැඩ දුරු ඈ යෙදූ ගිතෙලෙහි පිස චතුමධුර යොදා තැනූ) නැළිපලා මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ නැළිපලා පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපං මෙ භන්තෙ සාලීනං ඔදනො විචිතකාළකො අනෙකසූපො අනෙකබ්යඤ්ජනො. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට නඟාලූ කළුසහල් ඇති නොයෙක් සූප ඇති නොයෙක් බ්‍යඤ්ජන ඇති හැල්සහලින් කළ බත මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ ඕදනය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපානි මෙ භන්තෙ කාසිකානි වත්ථානි. තානි මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
“වහන්ස, ‘මන වඩනා දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් අසන ලදි. හමුයෙන් පිළිගන්නා ලදි. වහන්ස, මට කසීසළු මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ කසීසළු පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපො මෙ භන්තෙ පල්ලඞ්කො ගොණකත්ථතො පටිකත්ථතො පටලිකත්ථතො කාදලිමිගපවරපච්චත්ථරණො සඋත්තරච්ඡදො උභතො ලොහිතකූපධානො. අපි ච භන්තෙ මයම්පෙතං ජානාම ‘නෙතං භගවතො කප්පතී’ති. ඉදං මෙ භන්තෙ චන්දනඵලකං අග්ඝති අධිකං සහස්සං. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
“වහන්ස, ‘මන වඩන දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් අසන ලද. හමුයෙන් පිළිගන්නා ලද. වහන්ස, මට (සිවු අඟලකට වැඩි ලොම් ඇති) කළු කොඳුපලස් අතුළ, එළුලොම්මුවා සුදු ඇතිරි අතුළ, ඝනපුප් ඇති එළුලොම් ඇතිරි අතුළ, උතුම් කෙසෙල්මුව සම් ඇතිරි අතුළ, (රත්) උඩුවියන් සහිත වූ, දෙපස තැබූ රත්කන්වයින් ඇති පලඟ මන වඩනේ ය. වහන්ස, එතෙකුදුවත් ‘තෙලෙ භාග්‍යවතුන් වහන්සේට කැප නො වෙයි’ යන මෙ කරුණ අපි දු දනුම්හ. වහන්ස, මාගේ මේ සඳුන්පුවරුකඩ අයිරාදහසක් අගනේ ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ චන්දනඵලකය පිළිගන්නා සේක්ව” යි බුදුහු අනුකම්පා පෙරදැරි කොට එය පිළිගත්හ.
අථ ඛො භගවා උග්ගං ගහපතිං වෙසාලිකං ඉමිනා අනුමොදනීයෙන අනුමොදි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසල්පුරවැසි උග්‍ර ගෘහපතිහු මේ අනුමෝදනායෙන් අනුමෙවුනී කළ සේක:
46. මනාපදායී ලභතෙ මනාපං යො උජ්ජුභූතෙසු දදාති ඡන්දසා, අච්ඡාදනං සයනමථන්නපානං නානප්පකාරානි ච පච්චයානි.
46. මන වඩන දැ දෙනුයේ මන වඩන දැයක් ලබයි. යමෙක් කායාදීන් ඍජු වූවන් විෂයෙහි ප්‍රේමයෙන් යුක්ත ව හඳනා පොරෝනා වස්ත්‍ර ද ශයනාසන ද යළි ආහාරපාන ද නන් වැදෑරුම් ප්‍රත්‍යය ද දෙයි ද -
47. චත්තඤ්ච මුත්තඤ්ච අනග්ගහීතං ඛෙත්තූපමෙ අරහන්තෙ විදිත්වා, සො දුච්චජං සප්පුරිසො චජිත්වා මනාපදායී ලභතෙ මනාපන්ති.
47. රහතුන් (පුණ්යවිරූහණාර්ත්ථයෙන්) ක්ෂේත්රසදෘශ කොට සලකා සිතින් අගෘහීත ව (අපේක්ෂාරහිත ව) පරිත්‍යාග කරණ ලද්දේත් මුදන ලද්දේත් වේ ද, ත්‍යාගයට දුෂ්කර දැන ත්‍යාග කොට දෙන ඒ සත්පුරුෂ මන වඩන දැය ලබා”යී.
අථ ඛො භගවා උග්ගං ගහපතිං වෙසාලිකං ඉමිනා අනුමොදනීයෙන අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො උග්ගො ගහපති වෙසාලිකො අපරෙන සමයෙන කාලමකාසි. කාලකතො ච උග්ගො ගහපති වෙසාලිකො අඤ්ඤතරං මනොමයං කායං උපපජ්ජී.
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසාලානුවර වැසි උග්‍ර ගෘහපතිහු මේ අනුමෝදනායෙන් අනුමෙවුනී කොට හුනස්නෙන් නැඟී නික්මුනු සේක. ඉක්බිති විසාලාවැසි උග්‍ර ගෘහපති පසු කලෙක කලුරිය කෙළේ ය. තවද කලුරිය කළා වූ ම විසල්වැසි උග්‍ර ගෘහපති ධ්‍යාන සිතින් උපන් එක්තරා (සුද්ධාවාස) දේවකායකට පිළිසඳ විසින් පැමිණියේ ය.
තෙන ඛො පන සමයෙන භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ අථ ඛො උග්ගො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො උග්ගං දෙවපුත්තං භගවා එතදවොච:
එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එ කල්හි උග්‍ර දේවපුත්‍ර මධ්‍යමරාත්‍රිය පැමිණි කල්හි මන වඩනා සිරුරුපැහැ ඇති ව සියලු දෙව්රම් වෙහෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි උග්‍ර දේවපුත්‍ර හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
‘කච්චි තෙ උග්ග යථාධිප්පායො’ති. ‘තග්ඝ මෙ භන්තෙ යථාධිප්පායො’ති.
‘කිම උග්රය, තොපගේ අදහස් වූ පරිදි වී දැ’යි. ‘වහන්ස, ඒකාන්තයෙන් මාගේ අදහස් වූ පරිදි වී යැ’යි.
අථ ඛො භගවා උග්ගං දෙවපුත්තං ගාථාහි අජ්ඣභාසි:
එ කල්හි බුදුහු උග්‍ර දේවපුත්‍ර හට ගාථායෙන් වදාළහ:
48. මනාපදායී ලභතෙ මනාපං අග්ගස්ස දාතා ලභතෙ පුනග්ගං, වරස්ස දාතා වරලාභි හොති සෙට්ඨන්දදො සෙට්ඨමුපෙති ඨානං.
48. මනාප දෑ දෙනුයේ මනාප දෑ ලබයි. අග්‍ර වූ දැය දෙනුයේ පෙරළා අග්‍ර වූ සුව ලබයි. උතුම් දැය දෙනුයේ උතුම් දැය ලබන්නේ වෙයි. ශ්‍රේෂ්ඨය දෙනුයේ ශ්‍රේෂ්ඨ වූ ස්වර්ගස්ථානයට පැමිණේ.
49. යො අග්ගදායී වරදායී සෙට්ඨදායී ච යො නරො, දීඝායු යසවා හොති යත්ථ යත්ථූපපජ්ජතී”ති.
49. යමෙක් අග්රදායී වරදායී වේ ද, යම් මිනිසෙක් ශ්රේෂ්ඨදායීත් වේ ද, හේ යම් යම් තැනෙක උපදනේ නම් දීර්ඝායු ඇත්තේ යශස් ඇත්තේ වේ ය යි.