යෙදුමෙන් කියවන්න

5. මුණ‍්ඩරාජවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. මුණ්ඩරාජ වර්ගය

1. පඤ‍්චභොගආදියසුත‍්තවණ‍්ණනා

1. භොගආදිය සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ භොගානං ආදියාති භොගානං ආදාතබ‍්බකාරණානි. උට‍්ඨානවීරියාධිගතෙහීති උට‍්ඨානසඞ‍්ඛාතෙන වීරියෙන අධිගතෙහි. බාහාබලපරිචිතෙහීති බාහුබලෙන සඤ‍්චිතෙහි. සෙදාවක‍්ඛිත‍්තෙහීති සෙදං අවක‍්ඛිපෙත්‍වා උප‍්පාදිතෙහි. ධම‍්මිකෙහීති ධම‍්මයුත‍්තෙහි. ධම‍්මලද‍්ධෙහීති දසකුසලකම‍්මං අකොපෙත්‍වා ලද‍්ධෙහි. පීණෙතීති පීණිතං ථූලං කරොති. සෙසමෙත්‍ථ චතුක‍්කනිපාතෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. දුතියං උත‍්තානත්‍ථමෙව.

පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි භොගානං ආදියා යනු භෝගයන්ගේ ගැනීමට සුදුසු කාරණයෝයි, උට්ඨානවීරියාධිගතෙහි යන උපට්ඨාන සංඛ්‍යාත වූ වීර්යයෙන් ලබන ලද දෙයිනි, බාහාබලපරිචිතෙහි යනු බාහුබලයෙන් රැස්කළ දෙයිනි, සෙදාවක්ඛිත්තෙහි යනු දහදිය හෙලා උපදවන ලද දෙයිනි, ධම්මිකෙහි යනු ධර්‍මයෙන් යුක්ත දෙයිනි, ධම්මලද්ධෙහි යනු දශකුශලධර්‍මය විනාශ නොකොට ලද දෙයිනි, ජිනෙති යනු වැඩි කරයි, මහත්වූවක් කරයි, මෙහි ඉතිරිය චතුක්ක නිපාතයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,

3. පඤ‍්චඉට‍්ඨධම‍්මසුත‍්තවණ‍්ණනා

3. ඉට්ඨධම්ම සූත්‍ර වර්ණනාව

තතියෙ ආයුසංවත‍්තනිකා පටිපදාති දානසීලාදිකා පුඤ‍්ඤපටිපදා. සෙසෙසුපි එසෙව නයො. අත්‍ථාභිසමයාති අත්‍ථස‍්ස අභිසමාගමෙන, අත්‍ථප‍්පටිලාභෙනාති වුත‍්තං හොති.

තෙවැන්නෙහි ආයුසංචත්තනිකා පටිපදා යනු දානශීලාදී වූ පුණ්‍ය ප්‍රතිපදාවයි, සෙසු තැන්හිද මේ ක්‍රමයමයි, අත්‍ථාභිසමයා යනු අර්‍ත්‍ථයාගේ එක්වීමෙනි, අර්‍ත්‍ථප්‍රතිලාභයෙනියි කියන ලද්දේ වෙයි:

4. මනාපදායීසුත‍්තවණ‍්ණනා

4. මනාපදායී සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ උග‍්ගොති ගුණෙහි උග‍්ගතත‍්තා එවංලද‍්ධනාමො. සාලපුප‍්ඵකං ඛාදනීයන‍්ති චතුමධුරයොජිතෙන සාලිපිට‍්ඨෙන කතං සාලපුප‍්ඵසදිසං ඛාදනීයං. තඤ‍්හි පඤ‍්ඤායමානවණ‍්ටපත‍්තකෙසරං කත්‍වා ජීරකාදිසම‍්භාරයුත‍්තෙ සප‍්පිම‍්හි පචිත්‍වා සප‍්පිං විනිවත‍්තෙත්‍වා කොලුම‍්බෙ පූරෙත්‍වා ගන්‍ධවාසං ගාහාපෙත්‍වා පිදහිත්‍වා ලඤ‍්ඡෙත්‍වා ඨපිතං හොති. තං සො යාගුං පිවිත්‍වා නිසින‍්නස‍්ස භගවතො අන‍්තරභත‍්තෙ දාතුකාමො එවමාහ. පටිග‍්ගහෙසි භගවාති දෙසනාමත‍්තමෙතං, උපාසකො පන තං භගවතො ච පඤ‍්චන‍්නඤ‍්ච භික‍්ඛුසතානං අදාසි. යථා ච තං, එවං සූකරමංසාදීනිපි. තත්‍ථ සම‍්පන‍්නකොලකන‍්ති සම‍්පන‍්නබදරං. සූකරමංසන‍්ති මධුරරසෙහි බදරෙහි සද‍්ධිං ජීරකාදිසම‍්භාරෙහි යොජෙත්‍වා පක‍්කං එකසංවච‍්ඡරිකසූකරමංසං. නිබ‍්බත‍්තතෙලකන‍්ති විනිවත‍්තිතතෙලං. නාලියසාකන‍්ති සාලිපිට‍්ඨෙන සද‍්ධිං මද‍්දිත්‍වා ජීරකාදිසංයුත‍්තෙ සප‍්පිම‍්හි පචිත්‍වා චතුමධුරෙන යොජෙත්‍වා වාසං ගාහාපෙත්‍වා ඨපිතං නාලියසාකං. නෙතං භගවතො කප‍්පතීති එත්‍ථ අකප‍්පියං උපාදාය කප‍්පියම‍්පි න කප‍්පතීති වුත‍්තං, සෙට‍්ඨි පන සබ‍්බම‍්පි තං ආහරාපෙත්‍වා රාසිං කත්‍වා යං යං අකප‍්පියං, තං තං අන‍්තරාපණං පහිණිත්‍වා කප‍්පියං උපභොගපරිභොගභණ‍්ඩං අදාසි. චන්‍දනඵලකං නාතිමහන‍්තං දීඝතො අඩ‍්ඪතෙය්‍යරතනං, තිරියං දියඩ‍්ඪරතනං, සාරවරභණ‍්ඩත‍්තා පන මහග‍්ඝං අහොසි. භගවා තං පටිග‍්ගහෙත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡෙදාපෙත්‍වා භික‍්ඛූනං අඤ‍්ජනපිසනත්‍ථාය දාපෙසි.

සිවුවැන්නෙහි උග්ගො යනු ගුණයෙන් උස්ව සිටි බැවින් මෙසේ ලබන ලද නම ඇත්තේයි: සාලපුප්ඵකං ඛාදනීයං යනු චතුමධුරය යෙදූ හැල්පිටිවලින් කළ සල්මල් වැනි වූ කෑයුතු දෙයයි, එය ද පෙනෙනු ලබන (පරිද්දෙන්) නැටි පත් රේණු තබා දුරු වර්‍ගවලින් යුතු ගිතෙලෙහි උයා ගිතෙල හරවා ලොකු සැලියක බහා සුවඳ කවා වසා මුද්‍රා තබා තබන ලද්දේ වෙයි, හෙතෙම එය කැඳ පානය කොට හුන්නාවූ බුදුරජාණන් වහන්සේට බතට අනතුරුව දෙනු කැමැත්තේ මෙසේ කීය, පටිග්ගහෙසි භගවා යනු මෙය දෙශනා මාත්‍රයකි, උවසුතෙමේ එය භාග්‍යවතුන් වහන්සේට ද පන්සියයක් භික්ෂූන්ට ද දුන්නේය, යම්සේ එය (දුන්නේද) එසේ සූකරමාංශාදිය ද දුන්නේය. එහි සම්පත්තකොලකං යනු හටගත් ඩෙබර ගෙඩියි, සුකරමංසං යනු මිහිරි රසැති ඩෙබර (මසන්) සමඟ දුරු වර්‍ග යොදා පිසුවා වූ අවුරුද්දක් ගතවූ සූකර මාංශයයි, නිබද්ධතෙලං යනු හරනා ලද තෙලයි, නාළියා සාකං යනු හාල්පිටි සමඟ මිරිකා දුරුවර්‍ග සහිත ගිතෙලෙහි පිස චතුමධුර යොදා සුවඳ ගල්වා තබනලද බඳුන්වල වැඩූ එළවුලුවයි, නෙතං භගවතො කප්පති යනු මෙහි අකැපදෙය අරභයා කැපදෙය ද නොකැපයයි කියන ලදි, සිටුතෙමේ ඒ සියල්ල ගෙවා ගොඩවල් කොට යමක් යමක් අකැප වේද ඒ ඒ දෙය වෙළඳ සැලට යවා කැපවූ උපභොග පරිභොග දෙය දුන්නේය, ඉතා මහත් නොවූ රියන් දෙකහමාරක් දිගැති රියන් එකහමාරක් පළලැති සඳුන් පුවරුව හරවත් උතුම් භාණ්ඩයක් වූ බැවින් මහත් වටිනා දෙයක් වූයේය, භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන කෑලිවලට කඩවා භික්‍ෂූන්ට අඳුන් කුඩු සඳහා දෙවූ සේක.

උජ‍්ජුභූතෙසූති කායවාචාචිත‍්තෙහි උජුකෙසු. ඡන්‍දසාති පෙමෙන. චත‍්තන‍්තිආදීසු පරිච‍්චාගවසෙන චත‍්තං. මුත‍්තචාගතාය මුත‍්තං. අනපෙක‍්ඛචිත‍්තතාය චිත‍්තෙන න උග‍්ගහිතන‍්ති අනුග‍්ගහීතං. ඛෙත‍්තූපමෙති විරුහනට‍්ඨෙන ඛෙත‍්තසදිසෙ.

උජ්ජුභූතෙසු යනු කය වචන හා සිතෙන් සෘජු වූවන් අතරෙහිය, ඡන්දසා යනු ප්‍රේමයෙනි, චත්තං යනාදියෙහි පරිත්‍යාග වශයෙන් අත්හළ දෙයයි, අත්හළ ත්‍යාගවත්බව නිසා මුත්තං නමි, බලාපොරොත්තු රහිත සිත ඇති බැවින් සිතෙන් නොම නොගන්නා ලදැයි අනග්ගහිතං නමි, ඛෙත්තුපමෙ යනු වැඩෙන අරුතින් කෙතක් බඳු වූ දෙයෙහියි,

අඤ‍්ඤතරං මනොමයන‍්ති සුද‍්ධාවාසෙසු එකං ඣානමනෙන නිබ‍්බත‍්තං දෙවකායං. යථාධිප‍්පායොති යථාජ‍්ඣාසයො. ඉමිනා කිං පුච‍්ඡති? තස‍්ස කිර මනුස‍්සකාලෙ අරහත‍්තත්‍ථාය අජ‍්ඣාසයො අහොසි, තං පුච‍්ඡාමීති පුච‍්ඡති. දෙවපුත‍්තොපි අරහත‍්තං පත‍්තතාය තග‍්ඝ මෙ භගවා යථාධිප‍්පායොති ආහ. යත්‍ථ යත්‍ථූපපජ‍්ජතීති තීසු වා කුලසම‍්පත‍්තීසු ඡසු වා කාමසග‍්ගෙසු යත්‍ථ යත්‍ථ උප‍්පජ‍්ජති, තත්‍ථ තත්‍ථ දීඝායු යසවා හොතීති. පඤ‍්චමං චතුක‍්කනිපාතෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඡට‍්ඨසත‍්තමානි උත‍්තානත්‍ථානෙව.

අඤ්ඤතරං මනොමයං යනු සුද්ධාවාසයන් අතුරෙහි ධ්‍යාන මනසින් උපන් දේවකායකි, යථාධිප්පායො යනු අදහස පරිද්දෙනි, මෙයින් කුමක් අසයිද? ඔහුට මිනිස් කාලයෙහි රහත්බව සඳහා අදහසක් වූයේය, එය අසමැයි අසයි, දිව්‍යපුත්‍රයා ද රහත්බවට පැමිණි බැවින් “තග්ඝ මෙ භගවා යථාධිප්පායො”යි කීවේය. යත්‍ථ යත්‍ථුප්පජ්ජති යනු ත්‍රිවිධ කුල සම්පත්තීන්හි හෝ කාමස්වර්‍ග සයෙහි හෝ යම් යම් තැනක උපදියි ද ඒ ඒ තන්හි දීර්‍ඝායු ඇත්තේ කීර්ති ඇත්තේ වී උපදියි. පස්වැන්න චතුක්ක නිපාතයෙහි කියන ලද අයුරින් දතයුතුය, සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේමය.

8. අලබ‍්භනීයඨානසුත‍්තවණ‍්ණනා

8. අලබ්භනීයඨාන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අලබ‍්භනීයානීති අලද‍්ධබ‍්බානි, න සක‍්කා ලභිතුං. ඨානානීති කාරණානි. ජරාධම‍්මං මා ජීරීති යං මය‍්හං ජරාසභාවං, තං මා ජීරතු. සෙසපදෙසුපි එසෙව නයො. නච‍්ඡාදෙය්‍යාති න රුච‍්චෙය්‍ය. අබ‍්බුහීති නීහරි.

අටවැන්නෙහි අලබ්භනීයානි යනු නොලැබිය හැකි දේයි, ලැබීමට නොහැකිය, ඨානානි යන කරුණුයි, ජරාධම්මං මා ජිරී යනු මගේ යම් ජරා ස්වභාවයක් වේද එය නොදිරවායි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි, නච්ඡාදෙය්‍ය යනු කැමැති නොවන්නේය, අබ්බහී යනු ඉවත් කළේය,

යතොති යස‍්මිං කාලෙ. ආපදාසූති උපද‍්දවෙසු. න වෙධතීති න කම‍්පති නානුසොචති. අත්‍ථවිනිච‍්ඡයඤ‍්ඤූති කාරණත්‍ථවිනිච‍්ඡයෙ කුසලො. පුරාණන‍්ති නිබ‍්බිකාරතාය පොරාණකමෙව. ජප‍්පෙනාති වණ‍්ණභණනෙන. මන‍්තෙනාති මහානුභාවමන‍්තපරිවත‍්තනෙන. සුභාසිතෙනාති සුභාසිතකථනෙන. අනුප‍්පදානෙනාති සතස‍්ස වා සහස‍්සස‍්ස වා දානෙන. පවෙණියා වාති කුලවංසෙන වා, “ඉදං අම‍්හාකං පවෙණියා ආචිණ‍්ණං, ඉදං අනාචිණ‍්ණ”න‍්ති එවං පවෙණිකථනෙනාති අත්‍ථො. යථා යථා යත්‍ථ ලභෙථ අත්‍ථන‍්ති එතෙසු ජප‍්පාදීසු යෙන යෙන යත්‍ථ යත්‍ථ ඨානෙ ජරාධම‍්මාදීනං අජීරණතාදිඅත්‍ථං ලභෙය්‍ය. තථා තථා තත්‍ථ පරක‍්කමෙය්‍යාති තෙන තෙන තස‍්මිං තස‍්මිං ඨානෙ පරක‍්කමං කරෙය්‍ය. කම‍්මං දළ‍්හන‍්ති වට‍්ටගාමිකම‍්මං මයා ථිරං කත්‍වා ආයූහිතං, ස‍්වාහං ඉදානි කින‍්ති කරොමීති එවං පච‍්චවෙක‍්ඛිත්‍වා අධිවාසෙය්‍යාති.

යතො යනු යම් කලෙකයි, ආපදාසු යනු උපද්‍රවයන්හියි, න වෙධති යනු නොසැලෙයි නොතැවෙයි, අත්‍ථවිනිච්ඡයඤ්ඤු යනු හේතු අර්‍ත්‍ථ විනිශ්චයෙහි දක්ෂවූයේයි, පුරාණං යනු වෙනසට පත්නොවූ බැවින් පෞරාණික වූයේයි, ජප්පෙන යනු ගුණ කීමෙනි, මත්තෙන යනු මහානුභාව මන්ත්‍ර පැවැත්වීමෙනි, සුභාසිතෙන යනු යහපත් කථා කිරීමෙන්, අනුප්පදානෙන යනු සියයකට හෝ දහසකට හෝ දීමෙනි, පවෙණියා වා යනු කුලවංශයෙන් හෝයි, මෙය අපගේ පරපුරෙහි පුරුදු කරන ලදි, මෙය පුරුදු නොකරන ලදැයි මෙසේ ප්‍රවෙණිය දැක්වීමෙනැයි අරුත්ය, යථා යථා යත්‍ථ ලභෙථ අත්‍ථං යනු මේ මන්ත්‍ර ජල්පන ආදියෙහි යම් යම් දෙයකින් යම් යම් තැනක ජරාධර්‍මාදීන්ගේ නොදිරීම් ආදී අර්‍ත්‍ථයක් ලබන්නේද යනුයි, තථා තථා තත්‍ථ පරක්කමෙය්‍ය යනු ඒ ඒ තැන උත්සාහ කරන්නේය, කම්මං දළ්හං යනු සංසාරගාමී කර්‍මය මවිසින් ස්ථිර කොට රැස්කරන ලදි. ඒ මම කුමක් කරමිදැයි මෙසේ මෙනෙහි කොට ඉවසන්නේය.

9. කොසලසුත‍්තවණ‍්ණනා

9. කොසල සූත්‍ර වර්ණනාව

නවමෙ උපකණ‍්ණකෙති කණ‍්ණමූලෙ. දුම‍්මනොති දුට‍්ඨුමනො. පත‍්තක‍්ඛන්‍ධොති පතිතක‍්ඛන්‍ධො. පජ‍්ඣායන‍්තොති චින‍්තයන‍්තො. අප‍්පටිභානොති නිප‍්පටිභානො හුත්‍වා. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

නවවැන්නෙහි උපකණ්ණකෙ යනු කණ මූලෙහිය, දුම්මනො යනු දූෂිත වූ සිත් ඇත්තේය, පත්තක්ඛන්ධො යනු වැටුණු කඳ (සිරුර) ඇත්තේය, පජ්ඣායන්තො යනු සිතන්නේය, අප්පටිභානො යනු ප්‍රතිභානය (වැටහීම) නැත්තෙක් වීය, සෙස්ස යට කියන ලද ක්‍රමය ඇත්තේමය.

10. සොකසල‍්ලහරණසුත‍්තවණ‍්ණනා

10. සෝකසල්ලහරණ සූත්‍ර වර්ණනාව

දසමෙ අජ‍්ඣොමුච‍්ඡිතොති අධිඔමුච‍්ඡිතො ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා ගහණසභාවාය අතිරෙකමුච‍්ඡාය තණ‍්හාය සමන‍්නාගතො. මහච‍්චා රාජානුභාවෙනාති මහතා රාජානුභාවෙන, අට‍්ඨාරසහි සෙනීහි පරිවාරිතො මහතියා රාජිද‍්ධියා පායාසීති අත්‍ථො. තග‍්ඝාති එකංසත්‍ථෙ නිපාතො, එකංසෙනෙව සොකසල‍්ලහරණොති අත්‍ථො. ඉති රාජා ඉමං ඔවාදං සුත්‍වා තස‍්මිං ඨිතො ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙත්‍වා සග‍්ගපරායණො අහොසි.

දසවැන්නෙහි අජ්ඣොමුච්ඡිතො යනු දැඩිසේ මුර්ඡා වූයේයි. ගිලී නිමවා ඝන ස්වභාවය ඇති වැඩිමනත් වූ මුර්ඡා සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූයේයි, මහච්චරාජානුභාවෙන යනු මහත් වූ රාජානුභාවයෙනි, අටළොස් ශ්‍රේණීන්ගෙන් පරිබාහිර වූ මහත්වූ රාජ බලයෙන් යැවීයයි අරුත්ය, තග්ඝ යනු ඒකාන්ත යන අරුත් ඇති නිපාතයෙකි, ඒකාන්තයෙන්ම සෝතැවුල් දුරුකරන්නේයි අරුත්ය, මෙසේ රජ තෙමේ මේ අවවාදය අසා එහි සිටියේ දැහැමින් සෙමෙන් රාජ්‍යය කරවා ස්වර්‍ගය පිහිටකොට ඇත්තේ විය.

මුණ‍්ඩරාජවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි වූ මුණ්ඩරාජ වර්‍ගයයි.

පඨමපණ‍්ණාසකං නිට‍්ඨිතං.

පළමු පණ්ණාසකය නිමියේයි.