අලබ්භනීයඨානසුත්තං
5. 1. 5. 8.
5. 1. 5. 8.
[අලබ්භනීයඨානසුත්තං]
[අලබ්භනීයඨාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සාවත්ථිනිදාන යි:]
48. පඤ්චිමානි භික්ඛවෙ අලබ්භනීයානි ඨානානි සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. කතමානි පඤ්ච?
48. මහණෙනි, ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි, අන් කිසිවකු විසින් වේවයි නො ලද හැකි කරුණු පසෙකි. කවර පසෙක යත්:
‘ජරාධම්මං මා ජීරීති’ අලබ්භනීයං ඨානං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. ‘ව්යාධිධම්මං මා ව්යාධීයී’ති -පෙ- ‘මරණධම්මං මා මීයී’ති -පෙ- ‘ඛයධම්මං මා ඛීයී’ති -පෙ- ‘නස්සනධම්මං මා නස්සී’ති අලබ්භනීයං ඨානං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං.
“(මාගේ) ජරාධර්මය (ජරා ස්වභාව මා) නහමක් දිරාවා” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, අන් කවර කෙනකුදු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි. මාගේ ව්‍යාධිධර්‍මය මා නහමක් පෙළාවායි යනු ... මරණධර්‍මය නහමක් මියේවා”යි යනු ... ක්ෂයධර්මය නහමක් ක්ෂය කෙරේවා යි යනු ... නස්නා ස්වභාවය නහමක් නැසේවා යි” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි අන් කවරකු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි.
අස්සුතවතො භික්ඛවෙ පුථුජ්ජනස්ස ජරාධම්මං ජීරති. සො ජරාධම්මෙ ජිණ්ණෙ න ඉති පටිසඤ්චික්ඛති: “න ඛො මය්හමෙවෙකස්ස ජරාධම්මං ජීරති. අථ ඛො යාවතා සත්තානං ආගති, ගති, චුති, උපපත්ති’ සබ්බෙසං සත්තානං ජරාධම්මං ජීරති. අහඤ්චෙව ඛො පන ජරාධම්මෙ ජිණ්ණෙ සොචෙය්‍යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙපි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තාපි නප්පවත්තෙය්යුං. අමිත්තාපි අත්තමනා අස්සු. මිත්තාපි දුම්මනා අස්සූ”ති. සො ජරාධම්මෙ ජිණ්ණෙ සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො විද්ධො සවිසෙන සොකසල්ලෙන අත්තානං යෙව පරිතාපෙති.
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ජරාධර්මය දිරන්නේ ය. ජරාධර්මය දිරත් ම හෙ මෙසේ නුවණින් නො විමසයි: “එකලා මාගේ ම ජරාධර්මය නො දිරයි. වැලි යම් තාක් සත්ත්වයන්ගේ (ඉධාගමන සඞ්ඛ්‍යාත) ආගතිය (පරලෝක) ගතිය, ච්‍යුතිය, උපපත්තිය වේ නම් එ තාක් සියලු සත්ත්වයන්ගේ ජරාධර්මය දිරන්නේ ය. ජරාධර්මය දිරත් ම මමත් ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්වර්ණභාවය වැදගන්නේ ය. කර්මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටුසිතැති වන්නාහ. මිත්‍රයෝ ද නොසතුටුසිතැත්තාහු වන්නාහ” කියා යි. හෙ ජරාධර්මය දිරත් ම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. පරිදේවනා කරයි. ළෙහි අත් පැහැර හඬයි. සිහිමුළාවට යෙයි. මහණෙනි, මෙ අශ්‍රැතවත් පෘථග්ජන විසැති සෝහුලින් විදුනා ලදුයේ ම තමන් තවා ය යි කියනු ලැබේ.
පුන චපරං භික්ඛවෙ අස්සුතවතො පුථුජ්ජනස්ස බ්යාධිධම්මං බ්යාධීයති -පෙ- මරණධම්මං මීයති -පෙ- ඛයධම්මං ඛීයති -පෙ- නස්සනධම්මං නස්සති. සො නස්සනධම්මෙ නට්ඨෙ න ඉති පටිසඤ්චික්ඛති: “න ඛො මය්හමෙවෙකස්ස නස්සනධම්මං නස්සති. අථඛො යාවතා සත්තානං ආගති, ගති, චුති, උපපත්ති, සබ්බෙසං සත්තානං නස්සනධම්මං නස්සති. අහඤ්චෙව ඛො පන නස්සනධම්මෙ නට්ඨෙ සොචෙය්‍යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙපි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තාපි නප්පවත්තෙය්යුං. අමිත්තාපි අත්තමනා අස්සු. මිත්තාපි දුම්මනා අස්සූ”ති. සො නස්සනධම්මෙ නට්ඨෙ සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො විද්ධො සවිසෙන සොකසල්ලෙන අත්තානං යෙව පරිතාපෙති.
තව ද මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ව්‍යාධිධර්‍මය පෙළයි ... මරණධර්‍මය මැරේ ... ක්ෂයධර්මය ක්ෂීණ වේ ... නස්නා ධර්මය නැසේ. හේ නස්නාසැහැවිය නැසෙත් ම මෙසේ නුවණින් නො විමසන්නේ ය: “එකලා මාගේ ම නස්නා ධර්මය නො නස්නේ ය. වැලිත් යම් තාක් සත්ත්වයන්ගේ ආගතිය, ගතිය, ච්‍යුතිය, උපප්‍රාප්තිය වේ නම්, එ තාක් හැම සතුන්ගේ නස්නා ධර්මය නස්නේ ය. මමත් නශ්යමානධර්මය නසුත් ම ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම් පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සම්මෝහයට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්වර්ණභාවය වදනේ ය. කර්මාන්තයෝ ද නො පවත්නාහ. අමිතුරෝ ද සතුටු සිතැත්තාහු වන්නාහ. මිතුරෝ ද නොසතුටු සිතැත්තාහු වන්නාහ’ කියා යි. නස්නාසැහැවිය නසුත් ම හෙ ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරයි, ළෙහි අත් පැහැර හඬයි. සම්මෝහයට යෙයි. මහණෙනි මෙ අශ්‍රැතවත් පෘථග්ජන විෂ සහිත ශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ ආත්මභාවය තවනේ ය යි කියනු ලැබේ.
සුතවතො ච ඛො භික්ඛවෙ අරියසාවකස්ස ජරාධම්මං ජීරති. සො ජරාධම්මෙ ජිණ්ණෙ ඉති පටිසඤ්චික්ඛති: “න ඛො මය්හමෙවෙකස්ස ජරාධම්මං ජීරති. අථ ඛො යාවතා සත්තානං ආගති, ගති, චුති, උපපත්ති, සබ්බෙසං සත්තානං ජරාධම්මං ජීරති. අහඤ්චෙව ඛො පන ජරාධම්මෙ ජිණ්ණෙ සොචෙය්‍යං. කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙපි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය, කම්මන්තාපි නප්පවත්තෙය්යුං. අමිත්තාපි අත්තමනා අස්සු. මිත්තාපි දුම්මනා අස්සූ”ති. සො ජරාධම්මෙ ජිණ්ණෙ න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ අරියසාවකො අබ්බහී සවිසං සොකසල්ලං යෙන විද්ධො අස්සුතවා පුථුජ්ජනො අත්තානං යෙව පරිතාපෙති. අසොකො විසල්ලො අරියසාවකො අත්තානං යෙව පරිනිබ්බාපෙති.
මහණෙනි, ශ්‍රැතවත් අරීසවුහුගේ ද ජරාධර්මය දිරන්නේ ය. හෙ ජරා ධර්මය දිරත් ම මෙසේ නුවණින් විමසා බලයි. “හුදෙකලා මාගේ ම ජරා ධර්මය නො දිරන්නේ ය. වැලිත් යම් තාක් සත්ත්වයන්ගේ ඊම, යාම, මැරීම, උපදීම වේ නම්, එ තාක් හැම සත්ත්වයන් ගේ ජරාධර්මය දිරයි. මමත් ජරාධර්මය දිරත් ම ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කරම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට පැමිණෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිත් දුර්වර්ණභාවය වැද ගන්නේ ය. කර්මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද තුටු වන්නාහ. මිත්‍රයෝ ද නොසතුටු වන්නාහ” කියා යි. හෙ ජරාධර්මය දිරත් ම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කෙරෙයි. ළෙහි අත් හැහැර නො හඬයි. සම්මෝහයට නො යෙයි. මහණෙනි, මෙ අරීසවු යම් සෝහුලෙකින් අශ්‍රැතවත් පෘථග්ජන ආත්මභාවය තවා නම්, එ සවිෂ ශෝකශල්‍ය උදුළේ ය යි කියනු ලැබේ. ශෝක නැතියේ විගතශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක ආත්මභාවය පිරිනිවන්නේ (නිවාලන්නේ) ය.
පුන චපරං භික්ඛවෙ සුතවතො අරියසාවකස්ස ව්යාධිධම්මං ව්යාධීයති -පෙ- මරණධම්මං මීයති -පෙ- ඛයධම්මං ඛීයති -පෙ- නස්සනධම්මං නස්සති. සො නස්සනධම්මෙ නට්ඨෙ ඉති පටිසඤ්චික්ඛති: “න ඛො මය්හමෙවෙකස්ස නස්සනධම්මං නස්සති. අථ ඛො යාවතා සත්තානං ආගති, ගති, චුති, උපපත්ති, සබ්බෙසං නස්සනධම්මං නස්සති. අහඤ්චෙව ඛො පන නස්සනධම්මෙ නට්ඨෙ සොචෙය්‍යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙ පි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තාපි නප්පවත්තෙය්යුං. අමිත්තාපි අත්තමනා අස්සු. මිත්තාපි දුම්මනා අස්සූ”ති. සො නස්සනධම්මෙ නට්ඨෙ න සොචති, න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ සුතවා අරියසාවකො අබ්බහී සවිසං සොකසල්ලං යෙන විද්ධො අස්සුතවා පුථුජ්ජනො අත්තානං යෙව පරිතාපෙති. අසොකො විසල්ලො අරියසාවකො අත්තානං යෙව පරිනිබ්බාපෙතීති.
තවද මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ව්‍යාධිධර්‍මය ව්‍යාධි කෙරෙයි ... මරණධර්‍මය මියෙයි ... ක්ෂයධර්මය ක්ෂීණ කෙරෙයි ... නස්නා ධර්මය නස්සි. හේ නස්නා දහම නට කල මෙසේ නුවණින් සලකයි: “එකලා මාගේ ම නස්නා දහම නො නස්නේ ය. වැලිදු යම් පමණ සත්ත්වයන්ගේ ආගතිය, ගතිය, චුතිය, උපපත්තිය වේ නම්’ එ හැම සතුන්ගේ නස්නා දහම නස්නේ ය. මම නස්නා දහම නට කල සොස්නෙම් නම්, කිලත් වෙම් නම්, වලප්නෙම් නම්, ලමඩියෙහි අත් පැහැර හඬන්නෙම් නම්, මුළාබවට වදනෙම් නම්, මට බත ද නො රුස්නේ ය. සිරුරෙහි ද දුර්වර්ණභාවය බස්නේ ය. කමත්හු ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටුසිතැති වෙති. මිත්‍රයෝ ද නො සතුටු වෙති”යි. හේ නස්නා දහම නට කල නො සොස්නේ ය. කලකුළු නො වන්නේ ය. නො වලප්නේ ය. ලමඩියෙහි අත් පැහැරැ නො හඬන්නේ ය. මුළාබවට නො වදනේ ය. මහණෙනි, මේ අරීසවු ශ්‍රැතවත් වූයේ, යමෙකින් විත්කෑ අශ්‍රැතවත් පෘථග්ජන තමා ම තවන්නේ වේ ද, ඒ විස සහිත සෝහුල උපුළේ ය යි ද, නිශ්ශෝක වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම පිරිනිවන්නේ ය යි ද කියනු ලැබේ.
ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අලබ්භනීයානි ඨානානි සමණෙන වා බ්රාහ්මණෙන දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා කෙනචි වා ලොකස්මින්ති.
මහණෙනි, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලෝකයෙහි යම් ම කෙනකු විසින් වේවයි නො ලැබියහෙන කරුණු මේ පස් දෙන ය.
55. න සොචනාය න පරිදෙවනාය අත්ථො අලබ්භො අපි අප්පකොපි, සොචන්තමෙනං දුඛිතං විදිත්වා පච්චත්ථිකා අත්තමනා භවන්ති.
55. ශොචනායෙනුදු, පරිදේවනායෙනුදු, අල්පමාත්‍ර වූ ද අර්‍ත්‍ථයෙක් නො ලැබිය හෙන්නේ ය. තුලු සොස්නහු දුක්පත්හු දැන සතුරෝ සතුටු වෙති.
56. යතො ච ඛො පණ්ඩිතො ආපදාසු න වෙධති අත්තවිනිච්ඡයඤ්ඤූ, පච්චත්ථිකාස්ස දුඛිතා භවන්ති දිස්වා මුඛං අවිකාරං පුරාණං.
56. යම් දවසෙක කාරණාර්ත්ථ විනිශ්චයෙහි දක්ෂ වු පණ්ඩිත ආර්‍ය්‍යශ්‍රාවක උපද්‍රව පැමිණෙත් ම නො කැපී සිටුනේ වේ ද, උහුගේ පසමිතුරෝ විකෘති නැති (ශෝක නැති බැවින්) පැරණි ම වූ මුහුණ දැක දුඃඛිත වෙති.
57. ජප්පෙන මන්තෙන සුභාසිතෙන අනුප්පදානෙන පවෙණියා ච, යථා යථා යත්ථ ලභෙථ අත්ථං තථා තථා තත්ථ පරක්කමෙය්‍ය.
57. වර්ණභණනයෙනුදු, මන්ත්රපරිවර්තනයෙනුදු, සුභාෂිතකථනයෙනුදු, (ශතසහස්රාදි විසින් දෙන) අනුප්රදානයෙනුදු, පරම්පරාගත ආචීර්ණක්රියාමර්ගයෙනුදු, යම් යම් සැටියෙකින් යම් ආපදායෙක දි අර්‍ත්‍ථසිද්ධිය ලැබිය හෙන්නේ වේ ද, එහි ලා ඒ ඒ සැටියෙන් පරාක්‍රම කරන්නේ ය.
58. සචෙ පජානෙය්ය අලබ්භනෙය්යො මයා ච අඤ්ඤෙන වා එස අත්ථො අසොචමානො අධිවාසයෙය්ය කම්මං දළ්හං කින්ති කරොමි’දානීති.
58. ඉදින් මා විසිනුදු මෙරමා විසිනුදු තෙල අර්ත්ථය නො ලැබිය හෙති යි දන්නේ නම්, නො සොස්මින් “(කළ)කම් දළ වෙයි. දැන් කුම් කරමි”යි සිතා ඉවසන්නේ ය.