කොසලසුත්තං
5. 1. 5. 9.
5. 1. 5. 9.
[කොසලසුත්තං]
[කෝසල සූත්‍රය]
49. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
49. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින.
(-) අථ ඛො අඤ්ඤතරො පුරිසො යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස උපකණ්ණකෙ ආරොචෙසි. “මල්ලිකා දෙවී දෙව කාලකතා”ති.
එක්බිති අන්‍යතර පුරුෂයෙක් පසේනදි කොසොල්රජු වෙත එළැඹියේ ය. එළැඹ පසේනදී කොසොල් රජහුගේ කන්මුලැ “මල්ලිකා දේවී කලුරිය කළෝ ය”යි සැළ කෙළේ ය.
එවං වුත්තෙ රාජා පසෙනදි කොසලො දුක්ඛී දුම්මනො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
මෙසේ කියත් ම, පසේනදි කෝසලරජු උපන් දුක් ඇතියේ නො සතුටු සිත් ඇතියේ හෙළු කඳ ඇතියේ යටිකුරු මුව ඇතියේ සිතිවිලි සිතනුයේ පිළිබහන් (නුවණක්) නැතියේ හින.
අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං දුක්ඛිං දුම්මනං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච:
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ හටගත් ශෝක ඇති නොසතුටු සිත් ඇති හෙළු සිරුරු කඳ ඇති යටිකුරු මුව ඇති සිතිවිලි සිතන පිළිබහන් නැති පසේනදි කොසොල් රජු දැන වදාරා පසේනදි කෝසල රජුට තෙල කරුණ වදාළ සේක:
පඤ්චිමානි මහාරාජ අලබ්භනීයානි. ඨානානි සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. [කතමානි පඤ්ච? ‘ජරාධම්මං මා ජීරී’ති අලබ්භනීයං ඨානං] -පෙ- [අසොචමානො අධිවාසයෙය්ය] කම්මං දළ්හං කින්ති කරොමි’දානීති.
මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බ්‍රහ්මයකු විසින් වේවයි, ලොව්හි කිසිදු කෙනකු විසින් වේවයි නො ලැබිය හෙන මෙ කරුණු පසෙකි. කවර පසෙක යත්: ‘ජරාධර්මය නො දිරාවා’යි ... කිසිවකු විසින් නො ලැබිය හෙන කරුණෙකි ... “කර්මය දැඩි ය. දැන් කුමක් කෙරෙම් දැ”යී සිතා ශෝක නො කෙරෙමින් ඉවසන්නේ ය.