යෙදුමෙන් කියවන්න

සොකසල‍්ලහරණසුත‍්තං

5. 1. 5. 10.

5. 1. 5. 10.

[සොකසල‍්ලහරණසුත‍්තං]

[සෝකසල්ලහරණ සූත්‍රය]

50. එකං සමයං ආයස‍්මා නාරදො පාටලීපුත‍්තෙ විහරති කුක‍්කුටාරාමෙ. තෙන ඛො පන සමයෙන මුණ‍්ඩස‍්ස රඤ‍්ඤො භද‍්දා දෙවී කාලකතා හොති පියා මනාපා සො භද‍්දාය දෙවියා කාලකතාය පියාය මනාපාය නෙව නහායති, න විලිම‍්පති, න භත‍්තං භුඤ‍්ජති, න කම‍්මන‍්තං පයොජෙති. රත‍්තින්‍දිවං භද‍්දාය දෙවියා සරීරෙ අජ‍්ඣොමුච‍්ඡිතො. අථ ඛො මුණ‍්ඩො රාජා පියකං කොසාරක‍්ඛ ආමන‍්තෙසි: තෙන හි සම‍්ම පියක භද‍්දාය දෙවියා සරීරං ආයසාය තෙලදොණියා පක‍්ඛිපිත්‍වා අඤ‍්ඤිස‍්සා ආයසාය දොණියා පටිකුජ‍්ජෙථ යථා මයං භද‍්දාය දෙවියා සරීරං චිරතරං පස‍්සෙය්‍යාමාති.

50. එක් කලෙක ආයුෂ්මත් නාරද තෙරණුවෝ පැළැලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩ වෙසෙති. එ සමයෙහි මුණ්ඩ රජහුගේ ප්‍රිය වූ මනාප වූ භද්‍රා නම් දේවී කලුරිය කළෝ ය. හෙ ප්‍රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි, ස්නාන නො කෙරෙයි. විලෙවුන් නො ගල්වයි. බත් නුබුදුනේ ය. කර්‍මාන්ත නො යොදවයි. රෑ දෙවෙහි භද්‍රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. එක්බිති මුණ්ඩ රජ පියක නම් කෝෂාරක්‍ෂකාමාත්‍යයා ඇමතී ය: යහළු පියකය, එහෙයින් ම භද්‍රා දෙවියගේ ශරීරය යමුවා තෙල් දෙණෙක්හි බහා අනෙක් යමුවා දෙණෙකින් වසාලව. “යම් පරිදි අපි භද්‍රාදේවියගේ ශරීරය චිරතර කාලයක් දක්නමෝ දැ”යි.

එවං දෙවාති ඛො පියකො කොසාරක‍්ඛො මුණ‍්ඩස‍්ස රඤ‍්ඤො පටිස‍්සුත්‍වා භද‍්දාය දෙවියා සරීරං ආයසාය තෙලදොණියා පක‍්ඛිපිත්‍වා අඤ‍්ඤිස‍්සා ආයසාය දොණියා පටිකුජ‍්ජි.

‘දේවයෙනි, එසේ ය’යි පියක නම් කෝෂාරක්‍ෂක තෙම මුණ්ඩ රජුහට පිළිවදන් අස්වා භද්‍රාදේවියගේ මළසිරුර යමුවා තෙල්දෙණෙක බහා අනෙක් යමුවා දෙණෙකින් වැසී ය. එක්බිති පියක නම් කෝෂාරක්‍ෂක හට මෙ සිත් විය:

අථ ඛො පියකස‍්ස කොසාරක‍්ඛස‍්ස එතදහොසි: “ඉමස‍්ස ඛො මුණ‍්ඩස‍්ස රඤ‍්ඤො භද‍්දා දෙවී කාලකතා පියා මනාපා. සො භද‍්දාය දෙවියා කාලකතාය පියාය මනාපාය නෙව නහායාති, න විලිම‍්පති, න භත‍්තං භුඤ‍්ජති, න කම‍්මන‍්තං පයොජෙති. රත‍්තින්‍දිවං භද‍්දාය දෙවියා සරීරෙ අජ‍්ඣොමුච‍්ඡිතො. කං නු ඛො මුණ‍්ඩො රාජා සමණං වා බ්‍රාහ‍්මණං වා පයිරුපාසෙය්‍ය යස‍්ස ධම‍්මං සුත්‍වා සොකසල‍්ලං පජහෙය්‍යා”ති.

“මෙ මුණ්ඩ රජුගේ ප්‍රිය වූ මන වඩන්නා වූ භද්‍රාදේවිය කලුරිය කළෝ ය. හෙ ප්‍රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි නො නහන්නේ ය. විලෙවුන් නො ද ගල්වන්නේ ය බත් නුබුදුනේ ය. කර්‍මාන්ත නො යොදවනේ ය. රෑදෙවෙහි භද්‍රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. මුණ්ඩ රජ යමකුගේ ධර්‍මය අසා සෝහුල් දුරලන්නේ නම්, එබඳු කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්‍ය්‍යුපාසනය කෙරේ දැ”යි.

අථ ඛො පියකස‍්ස කොසාරක‍්ඛස‍්ස එතදහොසි: “අයං ඛො ආයස‍්මා නාරදො පාටලීපුත‍්තෙ විහරති කුක‍්කුටාරාමෙ. තං ඛො පන ආයස‍්මන‍්තං නාරදං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී බහුස‍්සුතො චිත‍්තකථී කල්‍යාණපටිභානො වුද‍්ධො චෙව අරහා ච. යං නූන මුණ‍්ඩො රාජා ආයස‍්මන‍්තං නාරදං පයිරුපාසෙය්‍ය, අප‍්පෙවනාම මුණ‍්ඩො රාජා ආයස‍්මතො නාරදස‍්ස ධම‍්මං සුත්‍වා සොකසල‍්ලං පජහෙය්‍යා”ති. අථ ඛො පියකො කොසාරක‍්ඛො යෙන මුණ‍්ඩො රාජා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මුණ‍්ඩං රාජානං එතදවොච:

එක්බිති පියක නම් කෝෂාරක්‍ෂකහට මෙ සිත් විය: “මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි කුක්කුටාරාමයෙහි වාස කරත්. ‘පණ්ඩිතයහ, ව්‍යක්තයහ, ප්‍රශස්තබුද්ධි ඇතියහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථීහ, කලණ වැටැහීම් ඇතියහ, මහලුහ, අර්‍හත්හ’ මෙසේ එ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ කලණයසගී උස් ව නැංගේ ය. යම් හෙයෙකින් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන් පර්‍ය්‍යුපාසනා කෙරේ නම්, ඒකාන්තයෙන් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ ධර්‍මය අසා ශෝකශල්‍යය දුරලන්නේ ය”යි. එක්බිති පියක කෝෂාරක්‍ෂක ඇමැති මුණ්ඩ රජු කරා එළැඹියේ ය. එළැඹ මුණ්ඩ රජහට තෙල කරුණ සැළ කෙළේ ය:

“අයං ඛො දෙව ආයස‍්මා නාරදො පාටලීපුත‍්තෙ විහරති කුක‍්කුටාරාමෙ. තං ඛො පනායස‍්මන‍්තං නාරදං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී කල්‍යාණපටිභානො වුද‍්ධො චෙව අරහා ච. යදි පන දෙවො ආයස‍්මන‍්තං නාරදං පයිරුපාසෙය්‍ය, අප‍්පෙවනාම දෙවො ආයස‍්මතො නාරදස‍්ස ධම‍්මං සුත්‍වා සොකසල‍්ලං පජහෙය්‍යා”ති.

දේවයෙනි, මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි කුක්කුටාරාමයෙහි වෙසෙත්. ‘පණ්ඩිතයහ, ව්‍යක්තයහ, මේධාවීහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථීහ, කල්‍යාණප්‍රතිභාන ඇතියහ, වෘද්ධයහ, අර්‍හත්හ” මෙ සේ එ ආයුෂ්මත්හුගේ කලණකිත්ගොසෙක් උස් ව නැංගේ ය. ඉදින් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන් පර්‍ය්‍යුපාසනය කෙරෙත් නම්, ඒකාන්තයෙන් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ දහම් අසා ශෝකශල්‍යය හරිති”යි.

තෙන හි සම‍්ම පියක ආයස‍්මන‍්තං නාරදං පටිවෙදෙහි. කථං හි නාම මාදිසො සමණං වා බ්‍රාහ‍්මණං වා විජිතෙ වසන‍්තං පුබ‍්බෙ අප‍්පටිසංවිදිතො උපසඞ‍්කමිතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති.

“යහළු පියකයෙනි, එ කරුණින් ම ආයුෂ්මත් නාරද තෙරුන් හට දන්වව. කෙසේ නම් මබඳුයෙක් ස්වවිජිතයෙහි වෙසෙන මහණකු හෝ බමුණකු කරා පළමු ප්‍රතිඥා නො ලද්දේ එළැඹිය යුතු කොට සිතනේ දැ”යි.

එවං දෙවා’ති ඛො පියකො කොසාරක‍්ඛො මුණ‍්ඩස‍්ස රඤ‍්ඤො පටිස‍්සුත්‍වා යෙනායස‍්මා නාරදො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං නාරදං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො පියකො කොසාරක‍්ඛො ආයස‍්මන‍්තං නාරදං එතදවොච: ඉමස‍්ස භන‍්තෙ මුණ‍්ඩස‍්ස රඤ‍්ඤො භද‍්දා දෙවී කාලකතා පියා මනාපා. සො භද‍්දාය දෙවියා කාලකතාය පියාය මනාපාය නෙව නහායති, න විලිම‍්පති, න භත‍්තං භුඤ‍්ජති, න කම‍්මන‍්තං පයොජෙති. රත‍්තින්‍දිවං භද‍්දාය දෙවියා සරීරෙ අජ‍්ඣොමුච‍්ඡිතො. සාධු භන‍්තෙ ආයස‍්මා නාරදො මුණ‍්ඩස‍්ස රඤ‍්ඤො තථා ධම‍්මං දෙසෙතු, යථා මුණ‍්ඩො රාජා ආයස‍්මතො නාරදස‍්ස ධම‍්මං සුත්‍වා සොකසල‍්ලං පජහෙය්‍යා’ති

පියක කෝෂාරක්‍ෂ ඇමැති ‘එසේ ය, දේවයෙනි’යි මුණ්ඩ රජුට පිළිවදන් දී ආයුෂ්මත් නාරද තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාරද තෙරණුවන් වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් පියක කෝෂාරක්‍ෂ ඇමැති තෙල සැළ කෙළේ ය: වහන්ස, මේ මුණ්ඩරජුගේ ප්‍රියමනාප භද්‍රාදේවිය කලුරිය කළා. හේ ප්‍රියමනාප භද්‍රාදේවිය කලුරිය කළ සඳ නො ම නහයි. විලෙවුන් නො ගල්වයි. බත නො වළඳයි. කර්‍මාන්ත නො යොදවයි. දව රෑ භද්‍රාදේවියගේ ශරීරයෙහි ගැලගත් සැහැවි ඇති ශෝකමූර්ඡායෙන් මූර්ඡිත ය. අයදිමි, වහන්ස, යම් පරිදි මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරණුවන්ගේ දහම් අසා ශෝකශල්‍යය හරණේ වේ ද, ආයුෂ්මත් නාරද තෙරණුවෝ මුණ්ඩරජුට එසේ දහම් දෙසත් නම් මැනැව.

‘යස‍්සදානි පියක මුණ‍්ඩො රාජා කාලං මඤ‍්ඤතී’ති,

‘පියකය, මුණ්ඩරජ යම් අර්‍ත්‍ථයකට කල් හඟනේ නම් දැන් කලි’.

අථ ඛො පියකො කොසාරක‍්ඛො උට‍්ඨායාසනා ආයස‍්මන‍්තං නාරදං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන මුණ‍්ඩො රාජා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මුණ‍්ඩං රාජානං එතදවොච: කතාවකාසො ඛො දෙව ආයස‍්මතා නාරදෙන, යස‍්සදානි දෙවො කාලං මඤ‍්ඤතී’ති.

එක්බිති පියක කෝෂාරක්‍ෂ ඇමැති හුනස්නෙන් නැඟී ආයුෂ්මත් නාරද තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට මුණ්ඩරජු කරා එළඹියේ ය. එළඹ මුණ්ඩරජුට තෙල කී: “දේවයෙනි, දෙව තෙමේ යම් අර්‍ත්‍ථයකට දැන් කල් හඟනේ නම්, ආයුෂ්මත් නාරද තෙරණුවන් විසින් තෙල අර්‍ත්‍ථයට කළ අවකාස ඇතැ”යි.

‘තෙන හි සම‍්ම පියක භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙහී’ති

දරුව, පියකයෙනි, එහෙයින් භද්‍ර භද්‍ර යානයන් යොදව යි.

එවං දෙවා’ති ඛො පියකො කොසාරක‍්ඛො මුණ‍්ඩස‍්ස රඤ‍්ඤො පටිස‍්සුත්‍වා භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්‍වා මුණ‍්ඩං රාජානං එතදවොච: යුත‍්තානි ඛො තෙ දෙව භද්‍රානි භද්‍රානි යානානි. යස‍්ස’දානි දෙවො කාලං මඤ‍්ඤතී’ති.

‘දේවයෙනි, එසේ ය’යි පියක කෝෂාරක්‍ෂ ඇමැති මුණ්ඩරජුට පිළිවදන් අස්වා භද්‍රභද්‍රයානයන් යොදවා මුණ්ඩරජුට තෙලබස් කී: දේවයෙනි, දේවතෙමේ යම් අර්‍ත්‍ථයකට දැන් කල් හඟනේ වේ නම් එයට භද්‍රභද්‍රයාන යුතු ව ඇතැ යි.

අථ ඛො මුණ‍්ඩො රාජා භද්‍රං යානං අභිරූහිත්‍වා භද්‍රෙහි යානෙහි යෙන කුක‍්කුටාරාමො තෙන පායාසි මහච‍්චා රාජානුභාවෙන ආයස‍්මන‍්තං නාරදං දස‍්සනාය යාවතිකා යානස‍්ස භූමි තාවතිකං යානෙන ගන‍්ත්‍වා යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකොව ආරාමං පාවිසි.

ඉක්බිති මුණ්ඩරජ භද්‍රභද්‍රයානයකට නැඟී භද්‍රයානයෙන් පරිවෘත ව කුක්කුටාරාමය කරා මහත් රාජානුභාවයෙන් ආයුෂ්මත් නාරද තෙරණුවන් දක්නා සඳහා ගියේ. යානභූමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාදචාරීව ම අරමට පිවිසින.

අථ ඛො මුණ‍්ඩො රාජා යෙනායස‍්මා නාරදො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මනං නාරදං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො මුණ‍්ඩං රාජානං ආයස‍්මා නාරදො එතදවොච:

ඉක්බිති මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාරද තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් මුණ්ඩ රජුට ආයුෂ්මත් නාරද තෙරණුවෝ තෙල දහම් දෙසූහ:

පඤ‍්චිමානි මහාරාජ අලබ‍්භනීයානි ඨානානි සමණෙන වා බ්‍රාහ‍්මණෙනවා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මිං. කතමානි පඤ‍්ච?

මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන මේ කරුණු පසෙකි. කවර පසෙක යත්:

ජරාධම‍්මං මා ජීරීති අලබ‍්භනීයං ඨානං සමණෙන වා බ්‍රාහ‍්මණෙනවා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මිං.

‘ජරාධර්‍මය නහමක් දිරාව’යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොවැ යම් ම කිසිවකුන් විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි.

ව්‍යාධිධම‍්මං මා ව්‍යාධීයීති -පෙ- මරණධම‍්මං මා මීයීතී, -පෙ- ඛය ධම‍්මං මා ඛීයීති -පෙ- නස‍්සනධම‍්මං මා නස‍්සීති අලබ‍්භනීයං ඨානං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මින‍්ති.

ව්‍යාධිධර්‍මය නහමක් පෙළාව යි ... මරණ ධර්‍මය නහමක් මියේව යි ... ක්‍ෂයධර්‍මය නහමක් කිය කෙරේව යි ... නශ්වරධර්‍මය නහමක් නො නස්සී ව යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි.

අස‍්සුතවතො ඛො මහාරාජ පුථුජ‍්ජනස‍්ස ජරාධම‍්මං ජීරති. සො ජරාධම‍්මෙ ජිණ‍්ණෙ න ඉති පටිසඤ‍්චික‍්ඛති: න ඛො මය‍්හමෙවෙකස‍්ස ජරාධම‍්මං ජීරති. අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති, සබ‍්බෙසං සත‍්තානං ජරාධම‍්මං ජීරති. අහං චෙව ඛො පන ජරාධම‍්මෙ ජිණ‍්ණෙ සොචෙය්‍යං, කිලමෙය්‍යං, පරිදෙවෙය්‍යං, උරත‍්තාළිං කන්‍දෙය්‍යං, සම‍්මොහං ආපජ‍්ජෙය්‍යං, භත‍්තම‍්පි මෙ නච‍්ඡාදෙය්‍ය. කායෙපි දුබ‍්බණ‍්ණියං ඔක‍්කමෙය්‍ය. කම‍්මන‍්තාපි නප‍්පවත‍්තෙය්‍යුං. අමිත‍්තා’පි අත‍්තමනා අස‍්සු. මිත‍්තා’පි දුම‍්මනා අස‍්සූ’ති. සො ජරාධම‍්මෙ ජිණ‍්ණෙ සොචති, කිලමති, පරිදෙවති, උරත‍්තාළිං කන්‍දති, සම‍්මොහං ආපජ‍්ජති. අයං වුච‍්චති මහාරාජ අස‍්සුතවා පුථුජ‍්ජනො විද‍්ධො සවිසෙන සොකසල‍්ලෙන අත‍්තානං යෙව පරිතාපෙති.

මහරජ, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ජරාධර්‍මය දිරයි. හේ ජරාධර්‍මය දිරූ කල මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා නො කෙරෙයි: එකලා මාහට ම ජරාධර්‍මය නො දිරයි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ජරාධර්‍මය දිරයි. මම වනාහි ජරාධර්‍මය දිරූ කල ශෝක කරන්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, පරිදේවනා කරන්නෙම් නම්, ළමැඬියෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙම් නම්, මට බත ද නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැසගන්නේ ය. කර්‍මාන්තයෝත් නො පවත්නාහ. අමිත්‍රයෝත් සතුටු වන්නාහ. මිත්‍රයෝත් නො සතුටු වන්නාහ’යී. හේ ජරාධර්‍මය දිරූ කල සොස්නේ ය. ක්ලාන්ත වන්නේ ය. පරිදේවනා කරන්නේ ය. ළෙහි අති පැහැර හඬන්නේ ය. සම්මෝහයට පැමිණෙන්නේ ය. මහරජ, මේ අශ්‍රැතවත් පෘථග්ජන සවිෂශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ තමා ම තවන්නේ ය යි කියනු ලැබේ.

පුන චපරං මහාරාජ අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස ව්‍යාධිධම‍්මං ව්‍යාධීයති -පෙ- මරණධම‍්මං මීයති -පෙ- ඛයධම‍්මං ඛීයති -පෙ- නස‍්සනධම‍්මං නස‍්සති. සො නස‍්සනධම‍්මෙ නට‍්ඨෙ න ඉති පටිසඤ‍්චික‍්ඛති: න ඛො මය‍්හමෙවෙකස‍්ස නස‍්සනධම‍්මං නස‍්සති. අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති, සබ‍්බෙසං සත‍්තානං නස‍්සනධම‍්මං නස‍්සති. අහඤ‍්චෙව ඛො පන නස‍්සනධම‍්මෙ නට‍්ඨෙ සොචෙය්‍යං, කිලමෙය්‍යං, පරිදෙවෙය්‍යං, උරත‍්තාළිං කන්‍දෙය්‍යං, සම‍්මොහං ආපජ‍්ජෙය්‍යං, භත‍්තම‍්පි මෙ නච‍්ඡාදෙය්‍ය. කායෙපි දුබ‍්බණ‍්ණියං ඔක‍්කමෙය්‍ය. කම‍්මන‍්තා’පි නප‍්පවත‍්තෙය්‍යුං.. අමිත‍්තා’පි අත‍්තමනා අස‍්සු. මිත‍්තා’පි දුම‍්මනා අස‍්සූ’ති. සො නස‍්සනධම‍්මෙ නට‍්ඨෙ සොචති, කිලමති, පරිදෙවති, උරත‍්තාළිං කන්‍දති, සම‍්මොහං ආපජ‍්ජති. අයං වුච‍්චති මහාරාජ අස‍්සුතවා පුථුජ‍්ජනො විද‍්ධො සවිසෙන සොකසල‍්ලෙන අත‍්තානං යෙව පරිතාපෙතීති.

තවද මහරජ, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ව්‍යාධිධර්‍මය පෙළයි ... මරණ ධර්‍මය මියෙයි ... ක්‍ෂයධර්‍මය කිය කෙරෙයි නශ්වර ධර්‍මය නස්සි. හේ නශ්වර ධර්‍මය නට කල්හි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නේ ය: එකලා මට ම නශ්වර ධර්‍මය නො නස්සී, වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය චුතිය, උපපත්තිය වේ ද, ඒ හැම සතුන්ගේ නශ්වරධර්‍මය නස්සී. මම ද වනාහි නශ්වර ධර්‍මය නට කල ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් ගසා හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙම් නම්, මට බත ද නො රුස්නේ ය. කයෙහිදු දුර්වර්‍ණ භාවය බැස ගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද තුටු වන්නාහ. මිත්‍රයෝ ද නො සතුටු වන්නාහ යි. හේ නශ්වර ධර්‍මය නට කල්හි සොස්නේ ය. ක්ලාන්ත වන්නේ ය. පරිදේවනා කරන්නේ ය. ළෙහි අත් පැහැර හඬන්නේ ය. සම්මෝහයට පැමිණෙන්නේ ය. මහරජ, මේ අශ්‍රැතවත් පෘථග්ජන සවිෂශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ තමා ම තවන්නේ ය යි කියනු ලැබේ.

සුතවතො ච ඛො මහාරාජ අරියසාවකස‍්ස ජරාධම‍්මං ජීරති. සො ජරාධම‍්මෙ ජිණ‍්ණෙ ඉති පටිසඤ‍්චික‍්ඛති, න ඛො මය‍්හමෙවෙකස‍්ස ජරාධම‍්මං ජීරති. අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති, සබ‍්බෙසං සත‍්තානං ජරාධම‍්මං ජීරති. අහඤ‍්චෙව ඛො පන ජරාධම‍්මෙ ජිණ‍්ණෙ සොචෙය්‍යං, කිලමෙය්‍යං, පරිදෙවෙය්‍යං, උරත‍්තාළිං කන්‍දෙය්‍යං, සම‍්මොහං ආපජ‍්ජෙය්‍යං, භත‍්තම‍්පි මෙ නච‍්ඡාදෙය්‍ය. කායෙ’පි දුබ‍්බණ‍්ණියං ඔක‍්කමෙය්‍ය. කම‍්මන‍්තා’පි නප‍්පවත‍්තෙය්‍යුං. අමිත‍්තා’පි අත‍්තමනා අස‍්සු. මිත‍්තා’පි දුම‍්මනා අස‍්සූ’ති සො ජරාධම‍්මෙ ජිණ‍්ණෙ න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත‍්තාළිං කන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජති. අයං වුච‍්චති මහාරාජ සුතවා අරියසාවකො අබ‍්බහි සවිසං සොකසල‍්ලං යෙන විද‍්ධො අස‍්සුතවා පුථුජ‍්ජනො අත‍්තානං යෙව පරිතාපෙති. අසොකො විසල‍්ලො අරියසාවකො අත‍්තානං යෙව පරිනිබ‍්බාපෙති.

මහරජ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ද ජරාධර්‍මය දිරයි. හේ ජරාධර්‍මය දිරූ කල මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: එකලා මාහට ම ජරාධර්‍මය නො දිරයි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය චුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ජරාධර්‍මය දිරයි. මම ද ජරාධර්‍මය දිරූ කල ශෝක කරන්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, පරිදේවනා කරන්නෙම් නම්, ළෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට යන්නෙම් නම්, බත ද මට නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැස ගන්නේ ය. කර්‍මාන්තයෝත් නො පවත්නාහ. අමිත්‍රහෝ සතුටු වන්නාහ. මිත්‍රයෝත් නො සතුටු වන්නාහ යි හේ ජරා සැහැවි දිරූ කල නො සොස්නේය. ක්ලාන්ත නො වන්නේ ය. පරිදේවනා නො කරන්නේ ය. ළෙහි අත් පැහැර නො හඬන්නේ ය. සම්මෝහයට නො පැමිණෙන්නේ ය. මහරජ, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක යමෙකින් විදුනා ලද අශ්‍රැතවත් පෘථග්ජන තමා ම තවන්නේ ද, ඒ සවිෂ ශෝකශල්‍යය උපුටා හළේ ය යි කියනු ලැබේ. අශෝක වූ විශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම සන්හිඳුවන්නේය යි කියනු ලැබේ.

පුන චපරං මහාරාජ සුතවතො අරියසාවකස‍්ස ව්‍යාධිධම‍්මං ව්‍යාධීයති. -පෙ- මරණධම‍්මං මීයති -පෙ- ඛයධම‍්මං ඛීයති -පෙ- නස‍්සනධම‍්මං නස‍්සති. සො නස‍්සනධම‍්මෙ නට‍්ඨෙ ඉති පටිසඤ‍්චික‍්ඛති: න ඛො මය‍්හමෙවෙකස‍්ස නස‍්සනධම‍්මං නස‍්සති. අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති, සබ‍්බෙසං සත‍්තානං නස‍්සනධම‍්මං නස‍්සති. අහඤ‍්චෙව ඛො පන නස‍්සනධම‍්මෙ නට‍්ඨෙ සොචෙය්‍යං, කිලමෙය්‍යං, පරිදෙවෙය්‍යං, උරත‍්තාළිං කන්‍දෙය්‍යං, සම‍්මොහං ආපජ‍්ජෙය්‍යං, භත‍්තම‍්පි මෙ නච‍්ඡාදෙය්‍ය. කායෙ’පි දුබ‍්බණ‍්ණියං ඔක‍්කමෙය්‍ය. කම‍්මන‍්තා’පි නප‍්පවත‍්තෙය්‍යුං. අමිත‍්තා’පි අත‍්තමනා අස‍්සු. මිත‍්තා’පි දුම‍්මනා අස‍්සූ’ති. සො නස‍්සනධම‍්මෙ නට‍්ඨෙ න සොචති, න කිලමති න පරිදෙවති, න උරත‍්තාළිං කන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජති. අයං වුච‍්චති. මහාරාජ සුතවා අරියසාවකො අබ‍්බහි සවිසං සොකසල‍්ලං යෙන විද‍්ධො අස‍්සුතවා පුථුජ‍්ජනො අත‍්තානං යෙව පරිතාපෙති. අසොකො විසල‍්ලො අරියසාවකො අත‍්තානං යෙව පරිනිබ‍්බාපෙති.

තවද මහරජ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ව්‍යාධි ධර්‍මයගේ පෙළෙයි ... මරණධර්‍මය මියෙයි ... ක්‍ෂයධර්‍මය ක්‍ෂය වෙයි ... නශ්වරධර්‍මය නැසෙයි. හේ නශ්වරධර්‍මය නට කල්හි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: ‘එකලා මාගේ ම නශ්වරධර්‍මය නො නැසේ. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතියෙක් ගතියෙක් චුතියෙක් උත්පත්තියෙක් ඇත් ද, එ හැම සත්ත්‍වයන්ගේ නශ්වරධර්‍මය නැසේ, මම ද නශ්වරධර්‍මය නට කල්හි සොස්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, ළෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙන්නෙම් නම්, මට බත ද නොරුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැසගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටු වන්නාහ. මිත්‍රයෝ ද නො සතුටුවන්නාහ යි. හේ නශ්වරධර්‍මය නට කල්හි නොසොස්නේ ය. ක්ලාන්ත නො වන්නේ ය. පරිදේවනා නො කරන්නේ ය. ළෙහි අත් පැහැර නො හඬන්නේ ය. සම්මෝහයට නො පැමිණෙන්නේ ය. මහරජ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක, යමෙකින් විදුනාලද අශ්‍රැතවත් පෘථග්ජනයා තමා ම තවන්නේ නම්, එ සවිෂ ශෝකශල්‍යය උපුටා හළේ ය යි කියනු ලැබේ. අශෝක වූ විශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම පිරිනිවන්නේ ය.

ඉමානි ඛො මහාරාජ පඤ‍්ච අලබ‍්භනීයානි ඨානානි සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මින‍්ති,

මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කවරකු විසින් වේවයි නො ලැබියහෙන මේ කරුණු පස යි.

59. න සොචනාය පරිදෙවනාය අත්‍ථො අලබ‍්භො අපි අප‍්පකොපි, සොචන‍්තමෙනං දුඛිතං විදිත්‍වා පච‍්චත්‍ථිකා අත‍්තමනා භවන‍්ති.

59. ශොචනායෙනුදු පරිදේවනායෙනුදු අල්ප වූ ද අර්‍ත්‍ථයෙක් නො ලැබිය හෙයි. සොස්නාවූ හටගත් දුක් ඇති තුලුන් දැන පසමිතුරෝ සොම්නස් වෙති.

60. යතො ච ඛො පණ‍්ඩිතො ආපදාසු න වෙධති අත්‍ථවිනිච‍්ඡයඤ‍්ඤූ, පච‍්චත්‍ථිකාස‍්ස දුඛිතා භවන‍්ති දිස‍්වා මුඛං අවිකාරං පුරාණං.

60. යම් කලෙක කාරණාර්‍ත්‍ථවිනිශ්චයෙහි කුශල වූ පණ්ඩිත තෙමේ උපද්‍රවයෙහි දී නො සැලේ ද, එ සඳ ඔහුගේ පසමිතුරෝ අවිකාරවූ පැරණි මුහුණ ම දැක දුඃඛිත වෙත්.

61. ජප‍්පෙන මන‍්තෙන සුභාසිතෙන අනුප‍්පදානෙන පවෙණියා වා, යථා යථා යත්‍ථ ලභෙථ අත්‍ථං තථා තථා තත්‍ථ පරක‍්කමෙය්‍ය.

61. වර්‍ණභණනයෙනුදු මන්ත්‍ර පරිවර්‍තනයෙනුදු සුභාෂිතකථායෙනුදු ශතප්‍රමාණ හෝ සහස්‍රප්‍රමාණ දානයෙනුදු කුලවංශාචීර්‍ණධර්‍මයෙනුදු යම් තැනෙක යම් පරිදි අර්‍ත්‍ථය ලැබේ නම්, එ තැන එ එ පරිදි ඊහා කරන්නේ ය.

62. සචෙ පජානෙය්‍ය අලබ‍්භනෙය්‍යො මයා ච අඤ‍්ඤෙන වා එසඅත්‍ථො අසොචමානො අධිවාසයෙය්‍ය කම‍්මං දළ‍්හං කින‍්ති කරොමි’දානීති.

62. ඉදින් මා විසින් වේවයි අනෙකක්හු විසින් වේවයි තෙල අර්‍ත්‍ථය නොලැබිය හෙන්නේ ය යි දන්නේ නම්, ‘කර්‍මය දෘඪය, දැන් කුම් කෙරෙමි’යි සලකා නො සොස්මින් ඉවසන්නේ ය.

එවං වුත‍්තෙ මුණ‍්ඩො රාජා ආයස‍්මන‍්තං නාරදං එතදවොච: කො නාමො අයං භන‍්තෙ ධම‍්මපරියායො’ති?

මෙසේ කී කල්හි මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරුන්හට තෙල කරුණ කී: ‘වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය කිනම් දැ යි?

සොකසල‍්ලහරණො නාම අයං මහාරාජ ධම‍්මපරියායොති.

‘මහරජ, මේ ධර්‍මපර්‍ය්‍යාය සෝකසල්ලහරණ නමැ’යි.

තග‍්ඝ භන‍්තෙ සොකසල‍්ලහරණො, තග‍්ඝ භන‍්තෙ සොකසල‍්ලහරණො. ඉමං හි මෙ භන‍්තෙ ධම‍්මපරියායං සුත්‍වා සොකසල‍්ලං පහීණන‍්ති.

වහන්ස, එකැතියෙන් සෝකසල්ලහරණ නම් වෙයි. වහන්ස, එකැතින් සෝකසල්ලහරණ නම් වෙයි. වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය අසා මාගේ ශෝකශල්‍යය ප්‍රහීණ වී ය යි.

අථ ඛො මුණ‍්ඩො රාජා පියකං කොසාරක‍්ඛං ආමන‍්තෙසි: “තෙන හි සම‍්ම පියක, භද‍්දාය දෙවියා සරීරං ඣාපෙථ. ථූපං චස‍්සා කරොථ. අජ‍්ජතග‍්ගෙ’ දානි මයං නහායිස‍්සාම චෙව විලිම‍්පිස‍්සාම. භත‍්තං ච භුඤ‍්ජිස‍්සාම. කම‍්මන‍්තෙ ච පයොජෙස‍්සාමා”ති.

ඉක්බිති මුණ්ඩරජ පියක නම් කෝෂාරක්‍ෂ ඇමැතියා ඇමැතී ය: “එසේ නම් දරුව, පියකයෙනි, භද්‍රාදේවියගේ සිරුර දවව. ඇයට ස්තූපයක් ද කරව. අපි අද පටන් කොට දිය නහන්නෙමු. විලෙවුන් ගල්වන්නෙමු. බතුදු බුදින්නෙමු, කර්‍මාන්තයනුදු යොදන්නෙමු”යි.

මුණ‍්ඩරාජවග‍්ගො පඤ‍්චමො.

මුණ්ඩරාජවර්‍ගය පස්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ආදියො සප‍්පුරිසො ච ඉට‍්ඨා මනාපදායීභිසන්‍දං, සම‍්පදාච ධනං ඨානං කොසලො නාරදෙන චා’ති.

ආදිය සූත්‍රය, සප්පුරිස සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, මනාපදායී සූත්‍රය, අභිසන්‍ද සූත්‍රය, සම්පදා සූත්‍රය, ධන සූත්‍රය, ඨාන සූත්‍රය, කෝසල සූත්‍රය, නාරද (සෝකසල්ලහරණ) සූත්‍රය දැයි දශයෙකි.

පඨමො පණ‍්ණාසකො

ප්‍රථම පණ්ණාසක යි.