නීවරණසුත්තං
5. 2. 1. 1.
5. 2. 1. 1.
[නීවරණසුත්තං]
[නීවරණ සූත්‍රය]
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවො’ති. භදන්තෙ’ති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් වූ ආරාමයෙහි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දහම් වදාළ සේක.
පඤ්චිමෙ භික්ඛවෙ ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච?
මහණෙනි, (සිත අවුරාගෙණ සිටුනා හෙයින්) ආවරණ වූ (ධ්යානාදීනට බාධක වන හෙයින්) නීවරණ වූ, සිත ඔබාගෙණ සිටුනා, විදර්‍ශනාප්‍රඥා දුර්වල කරණ මේ කරුණුහු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
කාමච්ඡන්දො භික්ඛවෙ ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො. ව්යාපාදො භික්ඛවෙ ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො. ථීනමිද්ධං භික්ඛවෙ ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. උද්ධච්චකුක්කුච්චං භික්ඛවෙ ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. විචිකිච්ඡා භික්ඛවෙ ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා.
මහණෙනි, කාමච්ඡන්දය ආවරණ ය, නීවරණ ය, චිත්තය මැඬගෙණ සිටුනේ ය, ප්‍රඥාව දුර්වල කරන්නේ ය. මහණෙනි, ව්‍යාපාදය ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්වල කරන්නේ ය. මහණෙනි, ථීනමිද්ධය ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්වල කරන්නේ ය. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය (සිත්හි නොසන්හුන් බව හා කුකුස) ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්වල කරන්නේ ය. මහණෙනි, විචිකිච්ඡාව ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්වල කරන්නේ ය.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා.
මහණෙනි, මෙ පස් දෙන ආවරණයහ, නීවරණයහ, චිත්තයාගේ අධ්යාරුහයහ, ප්‍රඥාව දුර්වල කරන්නාහ.
සො වත භික්ඛවෙ භික්ඛු, ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ අප්පහාය අබලාය පඤ්ඤාය දුබ්බලාය අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති, උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
මහණෙනි, ඒ මහණ එකැතින් නීවරණ වූ, සිත මැඬගෙණ සිටුනා, පැණ දුබල කරණ මේ පඤ්චාවරණයන් නො තබා අබල වූ, දුර්වල වූ ප්‍රඥායෙන් “ආත්මාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, මනුෂ්යධර්මයෙන් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට නිසි ඥානදර්‍ශනවිශේෂයක් වේ ව යි සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ සිදු නො වන්නේ ය.
සෙය්යථාපි භික්ඛවෙ නදී පබ්බතෙය්යා දූරඞ්ගමා සීඝසොතා හාරහාරිණී, තස්සා පුරිසො උභතො නඞ්ගලමුඛානි විවරෙය්ය, එවං හි සො භික්ඛවෙ මජ්ඣෙ නදියා සොතො වික්ඛිත්තො විසටො බ්යාදින්නො න චෙව දූරඞ්ගමො අස්ස, න සීඝසොතො, න හාරහාරී.
මහණෙනි, යම් පරිදි පවියෙන් ඇද හැලෙන දුර ගලා බස්නා ශීඝ්‍ර ස්‍රෝතස් ඇති හළයුතු දැ හැරලනසුදු නදියෙක් වේ ද, පුරුෂයෙක් ඒ නදියගේ දෙපස නඞ්ගලමුඛ (නගුලෙන් කළ ඇළි) විවර කරන්නේ ය. මහණෙනි, එසේ වත් ම, නදීමධ්යයෙහි ඒ ස්‍රොතස විසිර ගියේ විසුළේ දෙපසට ඇදගන්නා ලදුයේ දුරගමන් නැතියේ වෙයි. ශීඝ්‍රස්‍රෝතස් නැතියේ වෙයි. හර්තව්යය ගෙණ යන සුලු නො වෙයි.
එවමෙව ඛො භික්ඛවෙ සො වත භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ අප්පහාය අබලාය පඤ්ඤාය දුබ්බලාය අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති, උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
මහණෙනි, එ පරිදි ම එකැතින් එ මහණ මේ පඤ්චආවරණයන් නීවරණයන්, චිත්තයාගේ අධ්යාරුහයන්, ප්රඥාදුර්වලකරණයන් නො හැරලා අබල වූ දුබල වූ ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථය වේවයි දන්නේ ය. පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, මනුෂ්යධර්මයෙන් මතුයෙහි ආර්ය්යභාවකරණයට නිසි ඥානදර්‍ශනවිශේෂයක් වේවයි සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ ඇති නො වේ.
සො වත භික්ඛවෙ භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ පහාය බලවතියා පඤ්ඤාය අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති, උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී’ති ඨානමෙතං විජ්ජති.
මහණෙනි, එකැතියෙන් එ මහණ මේ පඤ්ච ආවරණයන් නීවරණයන් චිත්තයාගේ අධ්යාරුහයන් ප්රඥාදුර්වලකරණයන් හැරපියා බලවත් ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, මනුෂ්යධර්මයෙන් මතුයෙහි ආර්ය්යභාවකරණයට සමර්ත්ථ ඥානදර්‍ශනවිශේෂයක් වේවයි සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ ඇති වේ.
සෙය්යථාපි භික්ඛවෙ නදී පබ්බතෙය්යා දූරඞ්ගමා සීඝසොතා හාරහාරිණී, තස්සා පුරිසො උභතො නඞ්ගලමුඛානි පිදහෙය්ය, එවං හි සො භික්ඛවෙ මජ්ඣෙ නදියා සොතො අවික්ඛිත්තො අවිසටො අබ්යාදින්නො දූරඞ්ගමො චෙව අස්ස සීඝසොතො ච හාරහාරී ච. එවමෙව ඛො භික්ඛවෙ සො වත භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ පහාය බලවතියා පඤ්ඤාය අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති. උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී’ති ඨානමෙතං විජ්ජති.
මහණෙනි, යම් පරිදි පවියෙන් ඇද හැලෙන දුර ගලා බස්නා ශීඝ්‍රස්‍රෝතස් ඇති හරනට නිසි දෑ හැරලන සුලු නදියෙක් වේ නම්, පුරුෂයෙක් එ නදියගේ නඞ්ගලමුඛ (නඟුලෙන් කළ ඇළි) වසන්නේ ය. මහණෙනි, එසේ වත් ම නදීමධ්යයෙහි ඒ ස්‍රොතස නො විසිර ගියේ නො විසුළේ දෙපසට නො ඇදගන්නා ලදුයේ දුරගමන් ඇතියේ ද ශීඝ්‍රස්‍රෝතස් ඇතියේ ද හර්තව්යය හරණ සුලු ද වෙයි. මහණෙනි, එ පරිදි ම එකැතියෙන් එ මහණ ආවරණ වූ නීවරණ වු, සිත මඬනා, පැණ දුබල කරණ මේ පඤ්ච ධර්මයන් හැරපියා බලවත් ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථ වේවයි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, මනුෂ්යධර්මයෙන් මතුයෙහි වූ ආර්ය්යභාවකරණයට නිසි ඥානදර්ශන විශේෂය වේවයි සාක්ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වන්නේ ය.