අකුසලරාසිසුත්තං
5. 2. 1. 2.
5. 2. 1. 2.
[අකුසලරාසිසුත්තං]
[අකුසලරාසි සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. අකුසලරාසීති භික්ඛවෙ වදමානො ඉමෙ පඤ්චනීවරණෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහයං භික්ඛවෙ අකුසලරාසී යදිදං පඤ්චනීවරණා. කතමෙ පඤ්ච?
2. මහණෙනි, ‘අකුශලරාශිය’යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ නීවරණපස නම් මේ හුදු අකුශලරාශි ම වෙයි. කවර පස් දෙනෙක යත්:
කාමච්ඡන්දනීවරණං, බ්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං, උද්ධච්චකුක්කුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං.
කාමච්ඡන්දනීවරණ ය, ව්යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි.
අකුසලරාසීති භික්ඛවෙ වදමානො ඉමෙ පඤ්චනීවරණෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහයං භික්ඛවෙ අකුසලරාසී යදිදං ඉමෙ පඤ්චනීවරණා’ති.
මහණෙනි, අකුශලරාශි ය යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ පඤ්චනීවරණ නම් තෙල හුදු අකුශලරාශි ම වෙයි.