පධානියඞ්ගසුත්තං
5. 2. 1. 3.
5. 2. 1. 3.
[පධානියඞ්ගසුත්තං]
[පධානියඞ්ග සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
3. පඤ්චිමානි භික්ඛවෙ පධානියඞ්ගානි. කතමානි පඤ්ච?
3. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍ය කරණ මහණහුගේ මේ අඞ්ග පසෙකි. කවර පසෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. තථාගතයන්ගේ සම්බෝධිය (චතුර්මාර්ගඥානය) හදහයි. එ භගවත්හු මෙ කරුණිනුදු අර්හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථිහ. දෙවිමිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ”යි.
අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය.
අල්පාබාධ වූයේ අල්පාතඞ්ක (නිදුක්) වූයේ සම ව පස්නා අතිශීත නොවූ අත්‍යුෂ්ණ නො වූ මධ්‍යම වූ ප්රධානක්ෂමවූ ග්‍රහණියෙන් සමන්වාගත වෙයි.
අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු.
තමා නැති ගුණ නො පාළ කරණුයේ, තමා ඇති අයුණු නොසඟවනුයේ වෙයි ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥයන් කෙරෙහි වේවයි, සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා ඇතිතතු පහළ කරනුයේ වෙයි.
ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹු වැර ඇතියේ, කුශලධර්මයෙහි ස්ථාම ඇතියේ, දළපැරකුම් ඇතියේ, බහා නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වාස කෙරෙයි.
පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.
උදාවිය පිරිසිඳුනට සමත්, පරිශුද්ධ, නොබුන්විරූ කෙලෙස්කඳ බිඳුනට සමත්, මොනොවට දුඃඛක්ෂයගාමිනී ප්‍රඥායෙන් සමන්වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච පධානියඞ්ගානී’ති.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍ය වඩන මහණහුගේ මේ පඤ්චාඞ්ග යි.