1. නීවරණවග්ගො අට්ඨකථා
1. නීවරණ වර්ගය
1. නීවරණසුත්තවණ්ණනා
1. නීවරණ සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ ආවරණවසෙන ආවරණා. නීවරණවසෙන නීවරණා. චෙතො අජ්ඣාරුහන්තීති චෙතසො අජ්ඣාරුහා. විපස්සනාපඤ්ඤඤ්ච මග්ගපඤ්ඤඤ්ච උප්පත්තිනිවාරණට්ඨෙන දුබ්බලං කරොන්තීති පඤ්ඤාය දුබ්බලීකරණා. යා වා එතෙහි සද්ධිං වොකිණ්ණා පඤ්ඤා උප්පජ්ජති, තං දුබ්බලං කරොන්තීතිපි පඤ්ඤාය දුබ්බලීකරණා. අබලායාති පඤ්චනීවරණපරියොනද්ධත්තා අපගතබලාය. උත්තරි වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසන්ති දසකුසලකම්මපථසඞ්ඛාතා මනුස්සධම්මා උත්තරි අරියභාවං කාතුං සමත්ථං ඤාණදස්සනවිසෙසං. හාරහාරිනීති හරිතබ්බං හරිතුං සමත්ථා. නඞ්ගලමුඛානීති මාතිකාමුඛානි. තානි හි නඞ්ගලසරික්ඛකත්තා නඞ්ගලෙහි ච ඛතත්තා නඞ්ගලමුඛානීති වුච්චන්ති.
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි වැසීම් වශයෙන් ආවරණා නමි, අවහිර කිරීම් වශයෙන් නීවරණා නමි, චෙතසො අජ්ඣාරුහා යනු සිතට නැගුණුයි, විදර්ශනා ප්‍රඥාවේ ද මාර්ග ප්‍රඥාවේ ද උපත වළහන අරුතින් දුර්වල කෙරෙත්නුයි පඤ්ඤාය දුබ්බලීකරණා නමි, මේවා සමඟ ගැවසුණු යම් ප්‍රඥාවක් උපදියි ද එය දුර්වල කෙරෙත්නුයි පඤ්ඤායදුබ්බලීකරණා නමි, අබලාය යනු පංච නීවරණයන්ගෙන් වැසුණු බැවින් පහවූ බලය ඇත්තාවූයි, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං යනු දශකුශල කර්මපථ සංඛ්‍යාත වූ මනුෂ්‍ය ධර්මයන්ගෙන් මත්තෙහි ආර්යභාවය (ඇති) කිරීමට සමර්ත්ථ ඥානදර්ශන විශේෂයයි, හාරහාරීණී යනු අත්හළයුත්ත අතහැරීමට සමර්ත්ථවූයි, නඞ්ගලමුඛානි යනු ජලමාර්ගයි, ඒවා නඟුලට සමාන බැවින් හෝ නඟුල්වලින් කරනලද බැවින් නඞ්ගලමුඛානියි කියනු ලැබෙත්,
එවමෙව ඛොති එත්ථ සොතං විය විපස්සනාඤාණං දට්ඨබ්බං, උභතො නඞ්ගලමුඛානං විවරණකාලො විය ඡසු ද්වාරෙසු සංවරස්ස විස්සට්ඨකාලො, මජ්ඣෙනදියා රුක්ඛපාදෙ කොට්ටෙත්වා පලාලතිණමත්තිකාහි ආවරණෙ කතෙ උදකස්ස වික්ඛිත්තවිසටබ්යාදිණ්ණකාලො විය පඤ්චහි නීවරණෙහි පරියොනද්ධකාලො, එවං ආවරණෙ කතෙ විහතවෙගස්ස උදකස්ස තිණපලාලාදීනි පරිකඩ්ඪිත්වා සමුද්දං පාපුණිතුං අසමත්ථකාලො විය විපස්සනාඤාණෙන සබ්බාකුසලෙ විද්ධංසෙත්වා නිබ්බානසාගරං පාපුණිතුං අසමත්ථකාලො වෙදිතබ්බො. සුක්කපක්ඛෙ වුත්තවිපල්ලාසෙන යොජනා කාතබ්බා. ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං. දුතියං උත්තානත්ථමෙව.
එවමෙව ඛො යනු මෙහි දියපහර මෙන් විදර්ශනා ඥානය දැක්විය යුතුය, දෙපසින් ජලමුඛ විවෘත කරන කාලය මෙන් සදොරෙහි සංවරය මුදාහළ කාලයයි. නදිය මැද ගල්මුල් කොටා පිදුරු තණ මැටිවලින් වැසූ කල්හි ජලය විසිරී පැතිරී සිටි කාලය මෙන් පංචනීවරණයන්ගෙන් වැසුණු කාලයයි, මෙසේ ආවරණය කළ කල්හි පහවූ වේගය ඇති ජලයට තණ පිදුරු ආදිය ඇදගෙන මුහුදට පැමිණීමට නොහැකි කාලය මෙන් විදර්ශනා ඥානයෙන් සියලු අකුසලයන් නසා නිවන් සයුරට පැමිණීමට නොහැකි කාලයයි දතයුතුය, යහපත් පැත්තෙහි කියන ලද්දට වෙනස් ලෙස යෙදිය යුතුය. මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි, දෙවැනි සූත්‍රය පැහැදිලි අරුත් ඇත්තේමය.
3. පධානියඞ්ගසුත්තවණ්ණනා
3. පධානියඞ්ග සූත්‍ර වර්ණනාව
තතියෙ පධානියඞ්ගානීති පධානං වුච්චති පදහනභාවො, පධානමස්ස අත්ථීති පධානියො, පධානියස්ස භික්ඛුනො අඞ්ගානීති පධානියඞ්ගානි. සද්ධොති සද්ධාය සමන්නාගතො. සද්ධා පනෙසා ආගමසද්ධා අධිගමසද්ධා ඔකප්පනසද්ධා පසාදසද්ධාති චතුබ්බිධා. තත්ථ සබ්බඤ්ඤුබොධිසත්තානං සද්ධා, අභිනීහාරතො පට්ඨාය ආගතත්තා ආගමසද්ධා නාම. අරියසාවකානං පටිවෙධෙන අධිගතත්තා අධිගමසද්ධා නාම. බුද්ධො ධම්මො සඞ්ඝොති වුත්තෙ අචලභාවෙන ඔකප්පනං ඔකප්පනසද්ධා නාම. පසාදුප්පත්ති පසාදසද්ධා නාම. ඉධ ඔකප්පනසද්ධා අධිප්පෙතා. බොධින්ති චතුමග්ගඤාණං. තං සුප්පටිවිද්ධං තථාගතෙනාති සද්දහති. දෙසනාසීසමෙව චෙතං, ඉමිනා පන අඞ්ගෙන තීසුපි රතනෙසු සද්ධා අධිප්පෙතා. යස්ස හි බුද්ධාදීසු පසාදො බලවා, තස්ස පධානවීරියං ඉජ්ඣති.
තෙවැනි සූත්‍රයෙහි පධානියඞ්ගානි යනු උත්සාහ කිරීම පධානයි කියනු ලැබේ. උත්සාහය මොහුට ඇත්තේනුයි පධානියො නමි. උත්සාහය ඇති භික්ෂුවගේ අංගයෝනුයි පධානියඞ්ගාන නමි. සද්ධො යනු ශ්‍රද්ධාවෙන් යුක්තවූයේයි, මේ ශ්‍රද්ධාව වනාහි ආගම සද්ධා අධිගම සද්ධා ඔකප්පන සද්ධා පසාද සද්ධායි සිවුවැදෑරුම් වෙයි, එහි සර්වඥබෝධිසත්වයන්ගේ ශ්‍රද්ධාව (බුද්ධත්වය සඳහා වූ) අධිෂ්ඨානයේ පටන් පැමිණි බැවින් ආගමන සද්ධා නමි, ආර්යශ්රාවකයන්ගේ වැටහීමෙන් අවබෝධ කළ බැවින් අධිගම සද්ධා නමි, බුද්ධ - ධම්ම - සංඝ යැයි කියනලද තෙරුවනහි නොසැලෙන බැවින් වූ විශ්වාසය ඔකප්පනසද්ධා නමි, ප්‍රසාදයේ ඇතිවීම පසාදසද්ධා නමි, මෙහි ඔකප්පන සද්ධාව අදහස් කරන ලදි, බොධිං යනු මාර්ග සතරෙහි ඥානයයි, එය තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලදැයි අදහයි, මෙය දේශනා ශීර්ෂයක් ද වේ. මේ අංගයෙන් ත්‍රිවිධ රත්නයෙහි ශ්‍රද්ධාව අදහස් කරන ලදි, යමකුගේ බුද්ධාදීන්හි පැහැදීම බලවත් වේද ඔහුගේ වීර්යය ඉෂ්ට වෙයි,
අප්පාබාධොති අරොගො. අප්පාතඞ්කොති නිද්දුක්ඛො. සමවෙපාකිනියාති සමවිපාකිනියා. ගහණියාති කම්මජතෙජොධාතුයා. නාතිසීතාය නාච්චුණ්හායාති අතිසීතලග්ගහණිකො හි සීතභීරුකො හොති, අච්චුණ්හග්ගහණිකො උණ්හභීරුකො, තෙසං පධානං න ඉජ්ඣති, මජ්ඣිමග්ගහණිකස්ස ඉජ්ඣති. තෙනාහ – මජ්ඣිමාය පධානක්ඛමායාති. යථාභූතං අත්තානං ආවිකත්තාති යථාභූතං අත්තනො අගුණං පකාසෙතා. උදයත්ථගාමිනියාති උදයඤ්ච අත්ථඤ්ච ගන්තුං පරිච්ඡින්දිතුං සමත්ථාය. එතෙන පඤ්ඤාසලක්ඛණපරිග්ගාහකං උදයබ්බයඤාණං වුත්තං. අරියායාති පරිසුද්ධාය. නිබ්බෙධිකායාති අනිබ්බිද්ධපුබ්බෙ ලොභක්ඛන්ධාදයො නිබ්බිජ්ඣිතුං සමත්ථාය. සම්මා දුක්ඛක්ඛයගාමිනියාති තදඞ්ගවසෙන කිලෙසානං පහීනත්තා යං දුක්ඛං ඛීයති, තස්ස දුක්ඛස්ස ඛයගාමිනියා. ඉති සබ්බෙහිපි ඉමෙහි පදෙහි විපස්සනාපඤ්ඤාව කථිතා. දුප්පඤ්ඤස්ස හි පධානං න ඉජ්ඣති.
අප්පාබාධො යනු නිරෝගී වූයේයි. අප්පාතඞ්කො යනු නිදුක් වූයෙයි, සමවෙපාකිනියා යනු සමව පැසෙන්නාවූයි, ගහණියා යනු කර්මයෙන් හටගත් තෙජො ධාතුවෙනි, නාතිසීතාය නාච්චුණභාය යනු දැඩි ශීතතෙජොධාතුක වූ තැනැත්තේ ශීතට බිය ඇත්තේ වෙයි, දැඩි උෂ්ණ තෙජොධාතුක වූ තැනැත්තේ උණුසුමට බිය ඇත්තේ වෙයි, ඔවුන්ගේ වීර්යය සමෘද්ධ නොවේ. මධ්‍යම තෙජොධාතුක වූ තැනැත්තාගේ වීර්යය සමෘද්ධ වෙයි, එහෙයින් මජ්ඣිමාය පධානක්කමාය යි කියන ලදි: යථාභූතං අත්තානං ආචිකතත්තා යනු ඇති සැටියෙන් තමාගේ අගුණ පවසන්නායි, උදයත්ථගාමිනියා යනු හටගැනීම ද විනාශය ද පිරිසිඳ දැනීමට සමත් වූයි, මෙයින් ලක්ෂණ පණහකින් යුත් උදයව්‍යය ඥානය කියන ලදි, අරියාය යනු පිරිසුදුවූයි, නිබ්බෙධිකාය යනු නොනැසූවිරූ ලොභස්කන්ධාදිය වැනසීමට හැකි වූයි, සම්මාදුක්ඛ යගාමිනියා යනු තාවකාලික වශයෙන් කෙලෙසුන් ප්‍රහීන කළ බැවින් යම් දුකක් ගෙවේ ද ඒ දුකේ විනාශයට යන්නාවූයි, මෙසේ මේ සියලු පදයන්ගෙන් විදර්ශනා ප්‍රඥාවම කියන ලදි, දුර්වල ප්‍රඥා ඇත්තහුගේ උත්සාහය සාර්‍ත්‍ථක නොවෙයි:
4. අසමය-සමයසුත්තවණ්ණනා
4. අසමය - සමය සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පධානායාති වීරියකරණත්ථාය. න සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුන්ති න සක්කා හොති පත්තං ගහෙත්වා උඤ්ඡාචරියාය යාපෙතුං. ඉමස්මිම්පි සුත්තෙ වට්ටවිවට්ටමෙව කථිතං.
සිවුවැන්නෙහි පධානාය යනු වීර්ය කිරීම සඳහායි, න සුකරං උඤ්ජෙන පග්ගහෙන ඨාපෙතුං යනු පාත්‍රය ගෙන තැනින් තැන අහර ලබා ගැනීමට හැසිරීමෙන් යැපීමට නොහැකි වෙයි, මේ සූත්‍රයෙහි ද සසර හා නිවනම කියන ලදි.
5. මාතාපුත්තසුත්තවණ්ණනා
5. මාතාපුත්ත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ පරියාදාය තිට්ඨතීති පරියාදියිත්වා ගහෙත්වා ඛෙපෙත්වා තිට්ඨති. උග්ඝාතිතාති උද්ධුමාතා.
පස්වැන්නෙහි පරියාදාය තිට්ඨති යනු හාත්පසින් ගෙන ගෙවා සිටියි, උග්ඝාතිතා යනු ඉඳිමුණාවූයි,
අසිහත්ථෙනාති සීසච්ඡෙදනත්ථාය අසිං ආදාය ආගතෙනාපි. පිසාචෙනාති ඛාදිතුං ආගතයක්ඛෙනාපි. ආසීදෙති ඝට්ටෙය්ය. මඤ්ජුනාති මුදුකෙන. කාමොඝවුළ්හානන්ති කාමොඝෙන වුළ්හානං කඩ්ඪිතානං. කාලං ගති භවාභවන්ති වට්ටකාලං ගතිඤ්ච පුනප්පුනබ්භවෙ ච. පුරක්ඛතාති පුරෙචාරිකා පුරතො ගතායෙව. යෙ ච කාමෙ පරිඤ්ඤායාති යෙ පණ්ඩිතා දුවිධෙපි කාමෙ තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා. චරන්ති අකුතොභයාති ඛීණාසවානං කුතොචි භයං නාම නත්ථි, තස්මා තෙ අකුතොභයා හුත්වා චරන්ති. පාරඞ්ගතාති පාරං වුච්චති නිබ්බානං, තං උපගතා, සච්ඡිකත්වා ඨිතාති අත්ථො. ආසවක්ඛයන්ති අරහත්තං. ඉමස්මිං සුත්තෙ වට්ටමෙව කථෙත්වා ගාථාසු වට්ටවිවට්ටං කථිතං.
අසිභත්ථෙන යනු හිසසිඳීම සඳහා කඩුව රැගෙන ආවහු විසින් ද යනුයි, පිසාචෙන යනු කෑමට පැමිණි යක්ෂයා විසිනුදුයි, ආසීද යනු ගටන්නේය, මඤ්ජුනා යනු මෘදුවූ දෙයිනි, කාමොඝවුළ්හානං යනු කාමොඝයෙන් ඉපිඑනවුන්ගේ කැඩුණවුන්ගේයි, කාලංගතිභවාභවං යනු සසරකාලය ද ගතිය ද නැවත නැවත වූ භවයෙහි ද යනුයි, පුරක්ඛතා යනු ඉදිරියෙන් හැසිරෙන්නේ ඉදිරියෙහි කරන ලද්දෝමය, යෙ ච කාමෙ පරිඤ්ඤාය යනු යම් පණ්ඩිතයෝ දෙවැදෑරුම් කාමයන් ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මනාව දැනයි, චරන්ති අකුතොභයා යනු ක්ෂීණාශ්රවයන්ට කිසිදු තැනකින් බියක් නැත. එබැවින් ඔවුහු අකුතොභය වී හැසිරෙති, පාරංගතා යනු නිවන පාරයි කියනු ලැබේ. එයට එළඹුණාහු ප්රත්යක්ෂ කොට සිටියාහුයි අරුත්ය, ආසවක්ඛයං යනු අරහත්වයයි, මේ සූත්‍රයෙහි සංසාරයම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
6. උපජ්ඣායසුත්තවණ්ණනා
6. උපජ්ඣාය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ මධුරකජාතොති සඤ්ජාතගරුභාවො. දිසා ච මෙ න පක්ඛායන්තීති චතස්සො දිසා ච අනුදිසා ච මය්හං න උපට්ඨහන්තීති වදති. ධම්මා ච මං නප්පටිභන්තීති සමථවිපස්සනාධම්මාපි මෙ න උපට්ඨහන්ති. අනභිරතො ච බ්රහ්මචරියං චරාමීති උක්කණ්ඨිතො හුත්වා බ්රහ්මචරියවාසං වසාමි. යෙන භගවා තෙනුපසඞ්කමීති තස්ස කථං සුත්වා “බුද්ධවෙනෙය්යපුග්ගලො අය”න්ති තං කාරණං භගවතො ආරොචෙතුං උපසඞ්කමි. අවිපස්සකස්ස කුසලානං ධම්මානන්ති කුසලධම්මෙ අවිපස්සන්තස්ස, අනෙසන්තස්ස අගවෙසන්තස්සාති අත්ථො. බොධිපක්ඛියානං ධම්මානන්ති සතිපට්ඨානාදීනං සත්තතිංසධම්මානං.
සයවැන්නෙහි මධුරකජාතො යනු හටගත් ගරුබවයි, දිසාපි මෙ න පක්ඛායන්ති යනු සිවුදිසා ද අනුදිසා ද මට නොවැටහේයි කියයි. ධම්මා ච මං නප්පටිභන්ති යනු මට සමථ විදර්ශනා ධර්මයෝ ද නොවැටහෙති, අනභිරතො ච බ්රහ්මචරියං වරාමි යනු උකටලී වී බඹසර හැසිරෙමි, යෙන භගවා තෙනුපසඞ්කමි යනු ඔහුගේ කථාව අසා මෙතෙම බුදුන් විසින් හික්මවිය යුතු පුද්ගලයකැයි යන කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකිරීමට එළඹියේය. අවිපස්සකස්ස කුසලානං ධම්මානං යනු කුශල ධර්මයන් නොදකින්නාගේ නොසොයන්නාගේ නොපිරික්සන්නාගේ යන අර්ත්ථයයි, බොධිපක්ඛියානං යන සතිපට්ඨානාදී වූ සත්තිස් ධර්මයයි.
7. ඨානසුත්තවණ්ණනා
7. ඨාන සූත්‍ර වර්ණනාව
සත්තමෙ ජරාධම්මොම්හීති ජරාසභාවො අම්හි. ජරං අනතීතොති ජරං අනතික්කන්තො, අන්තොජරාය එව චරාමි. සෙසපදෙසුපි එසෙව නයො. කම්මස්සකොතිආදීසු කම්මං මය්හං සකං අත්තනො සන්තකන්ති කම්මස්සකො අම්හි. කම්මස්ස දායාදොති කම්මදායාදො, කම්මං මය්හං දායජ්ජං සන්තකන්ති අත්ථො. කම්මං මය්හං යොනි කාරණන්ති කම්මයොනි. කම්මං මය්හං බන්ධූති කම්මබන්ධු, කම්මඤාතකොති අත්ථො. කම්මං මය්හං පටිසරණං පතිට්ඨාති කම්මපටිසරණො. තස්ස දායාදො භවිස්සාමීති තස්ස කම්මස්ස දායාදො තෙන දින්නඵලපටිග්ගාහකො භවිස්සාමීති අත්ථො. යොබ්බනමදොති යොබ්බනං ආරබ්භ උප්පන්නමදො. සෙසෙසුපි එසෙව නයො. මග්ගො සඤ්ජායතීති ලොකුත්තරමග්ගො සඤ්ජායති. සංයොජනානි සබ්බසො පහීයන්තීති දස සංයොජනානි සබ්බසො පහීයන්ති. අනුසයා බ්යන්තීහොන්තීති සත්ත අනුසයා විගතන්තා පරිච්ඡින්නා පරිවටුමා හොන්ති. එවමෙත්ථ හෙට්ඨා පඤ්චසු ඨානෙසු විපස්සනා කථිතා, ඉමෙසු පඤ්චසු ලොකුත්තරමග්ගො.
සත්වැන්නෙහි ජරාධම්මොමහි යනු දිරන ස්වභාවය ඇත්තේ වෙමි, ජරං අනතීතො යනු ජරාව නොඉක්මවන්නේ ජරාව තුළම හැසිරෙමි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, කම්මස්සකො යනාදියෙහි කර්මය මගේය, තමන්ගේය, තමන් සතුයයි කර්මය ස්වකීය කොට ඇත්තේ වෙමි, කර්මයට දායාදවූයේ කම්මදායාදො නමි, කර්මය මගේ දායාදයයි, අයිතියයි යන අර්‍ත්‍ථයි, කර්මය මගේ යෝනිය කාරණාය වේනුයි කම්මයොනි නමි, කර්මය මගේ ඥාතියායි කම්මබන්ධු නමි, කර්මය ඥාතිකොට ඇත්තේය යන අර්ත්ථයයි, කර්මය මගේ පිළිසරණය ප්‍රතිෂ්ඨාව වේනුයි කම්මපටිසරණො නමි, තස්ස දායාදො භවිස්සාමි යනු ඒ කර්මයාගේ දායාදය, එයින් දෙන ලද විපාක පිළිගන්නා වෙමැයි අර්ත්ථයයි, යොබ්බනමදො යනු යොවුන්බව අරභයා උපන් මදයයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, මග්ගො සඤ්ජායති යනු ලොවුතුරු මග හටගනියි, සඤ්ඤොජනා පහීයන්ති යනු දශසංයෝජනයේ සර්වප්‍රකාරයෙන්ම ප්‍රහීන වෙති, අනුසයා ව්‍යන්ති හොන්ති යනු සප්ත අනුසයෝ පහවූ බැවින් සම්පූර්ණයෙන් නැසුණාහු විනාශවූවාහු වෙත්, මෙසේ මෙහි යට පස් තැනක විදර්ශනාව කියන ලදි, මේ පස් තැනෙහි ලොවුතුරා මග කියන ලදි,
ඉදානි ගාථාහි කූටං ගණ්හන්තො බ්යාධිධම්මාතිආදිමාහ. තත්ථ ඤත්වා ධම්මං නිරූපධින්ති උපධිරහිතං අරහත්තමග්ගං ඤත්වා. සබ්බෙ මදෙ අභිභොස්මීති සබ්බෙ ඉමෙ තයොපි මදෙ අධිභවිං, අතික්කම්ම ඨිතොස්මීති අත්ථො. නෙක්ඛම්මං දට්ඨු ඛෙමතොති පබ්බජ්ජං ඛෙමතො දිස්වා. තස්ස මෙ අහු උස්සාහො, නිබ්බානං අභිපස්සතොති තස්ස මය්හං නිබ්බානං අභිපස්සන්තස්ස වායාමො අහොසි. අනිවත්ති භවිස්සාමීති පබ්බජ්ජතො අනිවත්තිකො භවිස්සාමි, බ්රහ්මචරියවාසතො අනිවත්තිකො, සබ්බඤ්ඤුතඤ්ඤාණතො අනිවත්තිකො භවිස්සාමි. බ්රහ්මචරියපරායණොති මග්ගබ්රහ්මචරියපරායණො. ඉමිනා ලොකුත්තරො අට්ඨඞ්ගිකො මග්ගො කථිතොති.
දැන් ගාථාවන් කුළුගන්වන්නේ “ව්යාධිධම්මා” ආදිය කීවේය. එහි ඤත්වා ධම්මං නිරූපධිං යනු උපධි රහිත වූ රහත්මග දැනයි, සබ්බෙමදෙ අභිභොස්මි යනු මේ සියලු තුන් මදයන් මැඩ පැවැත්වීමි, ඉක්මවා සිටියෙමියි අර්ත්ථයයි: නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො යනු පැවිද්ද නිර්භය තැන ලෙස දැකයි, තස්ස මෙ අභු උස්සාභො නිබ්බානං අභිපස්සතො යනු නිවන ඉදිරියෙහි දකින්නාවූ මට උත්සාහය වීය, අනිවත්ති භවිස්සාමි යන පැවිද්දෙන් නොනැවතෙන්නෙක් වන්නෙමි. බ්රහ්මචරියවාසයෙන් නොනැවතෙන්නෙක්, සර්වඥතාඥානයෙන් නොනැවතෙන්නෙක් වන්නෙමි. බ්රහ්මචරියපරායනො යනු මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව පිහිට කොට ඇත්තේයි, මෙයින් ලෝකෝත්තර වූ අෂ්ටාංගික මාර්ගය කියන ලදි.
8. ලිච්ඡවිකුමාරසුත්තවණ්ණනා
8. ලිච්ඡවිකුමාර සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සජ්ජානි ධනූනීති සජියානි ආරොපිතධනූනි. අද්දසූති අද්දසංසු. භවිස්සන්ති වජ්ජීති වඩ්ඪිස්සන්ති වජ්ජිරාජානො. අපානුභාති අවඩ්ඪිනිස්සිතා මානථද්ධා. පච්ඡාලියං ඛිපන්තීති පච්ඡතො ගන්ත්වා පිට්ඨිං පාදෙන පහරන්ති. රට්ඨිකස්සාතිආදීසු රට්ඨං භුඤ්ජතීති රට්ඨිකො. පිතරා දත්තං සාපතෙය්යං භුඤ්ජතීති පෙත්තනිකො. සෙනාය පති ජෙට්ඨකොති සෙනාපතිකො. ගාමගාමණිකස්සාති ගාමානං ගාමණිකස්ස, ගාමසාමිකස්සාති අත්ථො. පූගගාමණිකස්සාති ගණජෙට්ඨකස්ස. කුලෙසූති තෙසු තෙසු කුලෙසු. පච්චෙකාධිපච්චං කාරෙන්තීති පච්චෙකං ජෙට්ඨකට්ඨානං කාරෙන්ති. කල්යාණෙන මනසා අනුකම්පන්තීති සුන්දරෙන චිත්තෙන අනුග්ගණ්හන්ති. ඛෙත්තකම්මන්තසාමන්තසබ්යොහාරෙති යෙ ච අත්තනො ඛෙත්තකම්මන්තානං සාමන්තා අනන්තරක්ඛෙත්තසාමිනො, තෙ ච රජ්ජුදණ්ඩෙහි භූමිප්පමාණග්ගාහකෙ සබ්බොහාරෙ ච. බලිපටිග්ගාහිකා දෙවතාති කුලප්පවෙණියා ආගතා ආරක්ඛදෙවතා. සක්කරොතීති තා දෙවතා අග්ගයාගුභත්තාදීහි සක්කරොති.
අටවැන්නෙහි සජ්ජානි ධනුනි යනු දුනුදිය අදින ලද නංවනලද දුනුයි, අද්දසු යනු දුටුවාහුය, භවිස්සන්ති වජ්ජි යනු වජ්ජි රජදරුවෝ වැඩෙති, අපජහා යනු අවැඩ ඇසුරු වූ මානයෙන් දැඩිවූවෝයි, පච්ඡාලියං ඛීපං යනු පිටුපසින් ගොස් පිටිපයින් ගසත්, රට්ඨිකස්ස යනාදියෙහි රට පරිභොග කරයිනුයි රට්ඨික නමි. පියා විසින් දෙන ලද ධනය පරිභෝග කෙරේයි පෙත්තනිකො නමි, සේනාවට ස්වාමියාය, ජ්‍යෙෂ්ඨයායි, සෙනාපති කො නමි, ගාමගාමිකස්ස යනු ගම්වල ස්වාමියාගේයි, අධිපතියාගේයි, පුග්ගාමණිකස්ස යනු සමූහයක ප්රධානයාගේයි, කුලෙසු යනු ඒ ඒ කුලයන්හියි, පෙච්චකාධීපච්චං කාරෙන්ති යනු තනිතනිව ප්‍රධාන තනතුර කරත්, කල්යාණෙන මනසා අනුකම්පන්ති යනු සොඳුරු සිතෙන් අනුග්‍රහ කරති. ඛෙත්තකම්මන්ත සාමන්ත සංවොහාරෙ යනු තමන්ගේ කර්මාන්තයන්ගේ සාමාන්තයෝ (අසල්වැසියෝ), සමීප කුඹුරු හිමියෝ වෙත්ද ඔවුහු ද රැහැන් දඬුවලින් භූමි ප්‍රමාණයන් ගන්නා වූ ව්‍යාපාරයන් ද යනුයි, බලිපටිග්ගාහිකා දෙවතා යනු කුල පරපුරින් ආවාවූ ආරක්ෂක දේවතාවෝයි, සක්කරොති යනු ඒ දෙවිවරුන් අග්රයාගු (කැඳ) බත් ආදියෙන් සත්කාර කරයි.
කිච්චකරොති උප්පන්නානං කිච්චානං කාරකො. යෙ චස්ස අනුජීවිනොති යෙ ච එතං උපනිස්සාය ජීවන්ති. උභින්නඤ්චෙව අත්ථායාති උභින්නම්පි හිතත්ථාය පටිපන්නො හොතීති අත්ථො. පුබ්බපෙතානන්ති පරලොකගතානං. දිට්ඨෙ ධම්මෙ ච ජීවතන්ති යෙ ච දිට්ඨෙ ධම්මෙ ජීවන්ති. ඉති පදද්වයෙනාපි අතීතපච්චුප්පන්නෙ ඤාතයො දස්සෙති. විත්තිසඤ්ජනනොති තුට්ඨිජනනො. ඝරමාවසන්ති ඝරාවාසං වසන්තො. පුජ්ජො හොති පසංසියොති පූජෙතබ්බො ච පසංසිතබ්බො ච හොතීති.
කිච්චකරො යනු ඇතිවූ කටයුතු කරන්නායි, යෙ චස්ස උපජීවිනො යනු යමෙක් ඒවා ඇසුරු කොට ජීවත් වෙත්ද ඔවුහුයි. උභින්නංයෙච අත්ථාය යනු දෙදෙනාටම යහපත සඳහා පිළිපන්නේ වෙයි, යන අරුත්ය. පුබ්බපෙතානං යනු පරලොව ගියවුන්ගේයි, දිට්ඨධම්මො ච ජීවිතං යනු යමෙක් මෙලොව ජීවත් වෙත්ද ඔවුන්ගේයි. මෙසේ පද දෙකින්ම අතීත හා වර්තමාන ඥාතීන්ම දක්වයි. විත්තිසංජනනො යනු සතුට දනවන්නේයි, ඝරමාවසං යනු ගිහිගෙහි වසන්නේයි, පුජ්ජො හොති පසංසියො යනු පිදිය යුත්තෙක් ද පැසසිය යුත්තෙක් ද වෙයි.
9-10. පඨමබුඩ්ඪපබ්බජිතසුත්තාදිවණ්ණනා
9-10. පඨමබුඩ්ඪපබ්බජිත ආදි සූත්‍ර වර්ණනා
නවමෙ නිපුණොති සණ්හො සුඛුමකාරණඤ්ඤූ. ආකප්පසම්පන්නොති සමණාකප්පෙන සම්පන්නො. දසමෙ පදක්ඛිණග්ගාහීති දින්නොවාදං පදක්ඛිණතො ගණ්හන්තො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
නවවැන්නෙහි නිපුණො යනු තියුණු වූයේ සියුම් කරුණු දන්නේයි, ආකප්පසම්පන්නො යනු ශ්රමණා කල්පයෙන් යුක්තවූයේයි, දසවැන්නෙහි පදක්ඛිණග්ගාහී යනු දුන් අවවාදය පැදකුණු කිරීමෙන් ගන්නේයි, සෙසු සියලු තැන්හි පැහැදිලිමය.
නීවරණවග්ගො පඨමො.
පළමුවැනිවූ නීවරණ වර්ගයයි.