යෙදුමෙන් කියවන්න

උපජ‍්ඣායසුත‍්තං

5. 2. 1. 6.

5. 2. 1. 6.

[උපජ‍්ඣායසුත‍්තං]

[උපජ්ඣාය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

6. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන සකො උපජ‍්ඣායො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සකං උපජ‍්ඣායං එතදවොච: “එතරහි මෙ භන‍්තෙ මධුරකජාතො චෙව කායො දිසා ච මෙ න පක‍්ඛායන‍්ති. ධම‍්මා ච මං නප‍්පටිභන‍්ති. ථීනමිද‍්ධං ච මෙ චිත‍්තං පරියාදාය තිට‍්ඨති. අනභිරතො ච බ්‍රහ‍්මචරියං චරාමි. අත්‍ථි ච මෙ ධම‍්මෙසු විචිකිච‍්ඡා’ති.

6. එ කල එක්තරා මහණෙක් සිය උපාධ්‍යායයන් කරා එළඹියේ ය. එළඹ සිය උපාධ්‍යායයනට තෙල කී ය: “වහන්ස, දැන් මාගේ කය හටගත් ගුරු බව් ඇතියේ ද වෙයි. දිශාවෝ ද මට නොවටහත්. මට (ශමථවිදර්‍ශනා) දහම්හුදු නො වටහත්. ථීනමිද්ධය ද මා සිත මැඩගෙණ සිටුනේ ය. අභිරති නැතියෙම් (උකැටියෙම්) බඹසර ද සරමි. දහම්හිදු මට විසිකිස (සැක) ඇතැ”යි.

අථ ඛො සො භික‍්ඛු තං සද‍්ධිවිහාරිකං භික‍්ඛුං ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච:

ඉක්බිති එ මහණ එ සද්ධිවිහාරිකයා කැඳවාගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:

අයං භන‍්තෙ භික‍්ඛු එවමාහ: එතරහි මෙ භන‍්තෙ මධුරකජාතො වෙච කායො. දිසා ච මෙ නපක‍්ඛායන‍්ති. ධම‍්මා ච මං නප‍්පටිභන‍්ති. ථීනමිද‍්ධං ච මෙ චිත‍්තං පරියාදාය තිට‍්ඨති. අනභිරතො ච බ්‍රහ‍්මචරියං චරාමි. අත්‍ථි ච මෙ ධම‍්මෙසු විචිකිච‍්ඡා’ති.

වහන්ස, මෙ මහණ මෙසේ කියයි. ‘වහන්ස, මෙ කල මා සිරුර හටගත් ගුරුබව් ඇති වෙයි. දික්හුදු මට නොවටහත්. මට දහම්හුදු නො වටහත් ථීනමිද්ධය ද මසිත් මැඩගෙණ සිටුනේ ය අභිරති නැති ව බඹසර ද සරමි. මට දහම්හි විචිකිච්ඡා ද ඇතැ”යි.

එවං හෙතං භික‍්ඛු හොති ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරස‍්ස, භොජනෙ අමත‍්තඤ‍්ඤුනො, ජාගරියං අනනුයුත‍්තස‍්ස, අවිපස‍්සකස‍්ස කුසලානං ධම‍්මානං, පුබ‍්බරත‍්තාපරරත‍්තං බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගං අනනුයුත‍්තස‍්ස විහරතො, යං මධුරකජාතො චෙව කායො හොති, දිසා චස‍්ස න පක‍්ඛායන‍්ති, ධම‍්මා ච තං නප‍්පටිභන‍්ති., ථීනමිද‍්ධං චස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨති, අනභිරතො ච බ්‍රහ‍්මචරියං චරති, හොති චස‍්ස ධම‍්මෙසු විචිකිච‍්ඡා.

මහණ, ඉන්‍ද්‍රියෙහි නො රැකි දොරටු ඇතියහුට බොජුන්හි පමණ නො දන්නහුට, නිදිවැරුම්හි නො යෙදුනහුට, කුසල්දහම් නො දක්නාහට, පූර්‍වාපරරාත්‍රයෙහි (රෑ පෙරයම පැසුළුයම) බෝපැකිදම් පිළිබඳ භාවනානුයෝගයෙහි නො යෙදී වාස කරන්නහුට, යම් හෙයෙකින් කය උපන් ගුරුබව් ඇති වේ ද, දිසාවෝත් ඔහට නො පැණෙත් ද, ඔහට දහම්හුදු නොවටහත් ද, ථීනමිද්ධය ද ඔහු සිත මැඬගෙණ සිටුනේ ද, අභිරති නැති ව බඹසරත් සෙරේ ද, ධර්‍මයෙහි විචිකිච්ඡාත් ඔහට වේ ද, තෙල කරුණ එසේම වන්නේ ය.

තස‍්මාතිහ තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බං: “ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො භවිස‍්සාමි, භොජනෙ මත‍්තඤ‍්ඤූ, ජාගරියං අනුයුත‍්තො, විපස‍්සකො කුසලානං ධම‍්මානං, පුබ‍්බරත‍්තාපරරත‍්තං බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගං අනුයුත‍්තො විහරිස‍්සාමි’ති,” එවං හි තෙ භික‍්ඛු සික‍්ඛිතබ‍්බන‍්ති,

මහණ, එ හෙයින් තා විසින් මෙ කරුණෙහි මෙසේ හික්මිය යුතු: ඉඳුරන්හි රැකි දොර ඇති වන්නෙමි. භෝජනයෙහි මාත්‍රඥ වෙමි. නිදි වැරීමෙහි යෙදුනෙම් වෙමි, කුශලධර්‍මයෙහි විදර්‍ශක වන්නෙමි. පූර්‍වරාත්‍ර අපර රාත්‍රයෙහි බෝධිපාක්‍ෂිකධර්‍මභාවනානුයෝගයෙහි යෙදුනෙම් වාස කරන්නෙමි”යි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු යි.

අථ ඛො සො භික‍්ඛු භගවතා ඉමිනා ඔවාදෙන ඔවදිතො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

එ කල එ මහණ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් ඔවා දෙන ලදුයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

අථ ඛො සො භික‍්ඛු එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො නචිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පන සො භික‍්ඛු අරහතං අහොසි.

ඉක්බිති එ මහණ හුදෙකලාව (ගණයාගෙන් හා කෙලෙසුන්ගෙන්) වෙන් ව අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇති ව නිවණට ගිය සිතැති ව වාස කරමින් යම් රහත් ඵලයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම පැවිද්දට වදනාහු ද, අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ රහත්ඵලය තමා විසින් දිටු දැමියෙහි ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට නොබෝකලෙකින් ම එය ලබා විසී. ජාති ක්‍ෂීණ විය. බඹසරවස් වැස නිමවන ලද. සිවුමඟ කරණී කරණ ලදී. මේ රහත් බව පිණිස මතු (කටයුතු) අනෙකෙක් නැති යි මොනොවට දැනගත්තේ ය. එ මහණ රහතුන් අතුරෙහි එක් නමෙක් ද වී.

අථ ඛො සො භික‍්ඛු අරහත‍්තප‍්පත‍්තො යෙන සකො උපජ‍්ඣායො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සකං උපජ‍්ඣායං එතදවොච: “එතරහි මෙ භන‍්තෙ නත්‍වෙව මධුරකජාතො කායො. දිසා ච මෙ පක‍්ඛායන‍්ති. ධම‍්මා ච මං පටිභන‍්ති. ථීනමිද‍්ධං ච මෙ චිත‍්තං න පරියාදාය තිට‍්ඨති අභිරතො ච බ්‍රහ‍්මචරියං චරාමි නත්‍ථි ච මෙ ධම‍්මෙසු විචිකිච‍්ඡා’ති.

ඉක්බිති අර්‍හත්ත්‍වයට පත් එ මහණ තමාගේ වත්තෙරුන් කරා එළඹියේ ය. එළඹ තම වත්තෙරුනට තෙල බස් කී “වහන්ස, දැන් මාගේ කය උපන් ගුරුසැහැවි නො ඇති ම වෙයි. මට දිශාවෝ පැණෙත්. ධර්‍මයෝ ද මට වටහත්. ථීනමිද්ධයත් මාගේ සිත මැඬගෙණ නො සිටුනේ ය. අභිරති ඇතියෙම් බඹසර ද සෙරෙමි. මට දහම්හිදු විචිකිච්ඡා නැතැ”යි.

අථ ඛො සො භික‍්ඛු තං සද‍්ධිවිහාරිකං භික‍්ඛුං ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච:

ඉක්බිති එ මහණ එ සද්ධිවිහාරික භික්‍ෂු කැඳවාගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භගවත් හට තෙල කරුණ කී:

අයං භන‍්තෙ භික‍්ඛු එවමාහ: “එතරහි මෙ භන‍්තෙ නත්‍වෙව මධුරකජාතො කායො. දිසා ච මෙ පක‍්ඛායන‍්ති. ධම‍්මා ච මං පටිභන‍්ති. ථීනමිද‍්ධං ච මෙ චිත‍්තං පරියාදාය න තිට‍්ඨති. අභිරතො ච බ්‍රහ‍්මචරියං චරාමි. නත්‍ථි ච මෙ ධම‍්මෙසු විචිකිච‍්ඡා”ති.

වහන්ස, මෙ මහණ මෙසේ කියයි: “වහන්ස, දැන් මාගේ කය ද ගුරු සැහැවිනැතියේ ම ය. මට දිශාවෝ ද පැණෙත්. මට දහම්හුදු වටහත්. ථීනමිද්ධයද මා සිත මැඩගෙණ නො සිටුනේ ය. අභිරති ඇතියෙම් බඹසර සෙරෙමි. මට ධර්‍මයෙහිදු විසිකිස නැතැ”යි.

එවං හි තං භික‍්ඛු හොති ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරස‍්ස, භොජනෙ මත‍්තඤ‍්ඤුනො, ජාගරියං අනුයුත‍්තස‍්ස, විපස‍්සකස‍්ස කුසලානං ධම‍්මානං, පුබ‍්බරත‍්තාපරරත‍්තං බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගං අනුයුත‍්තස‍්ස විහරතො, යං න චෙව මධුරකජාතො කායො හොති, දිසා චස‍්ස පක‍්ඛායන‍්ති, ධම‍්මා ච තං පටිභන‍්ති, ථීනමිද‍්ධං චස‍්ස චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, අභිරතො ච බ්‍රහ‍්මචරියං චරති, න චස‍්ස හොති ධම‍්මෙසු විචිකිච‍්ඡා.

මහණ, ඉඳුරන්හි රැකි දොර ඇතියහුට, භෝජනයෙහි මාත්‍රඥයාහට ජාගරණයෙහි නියැලුනහුට, කුසල්දහම්හි විදර්‍ශනා කරණුවහට, පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි බෝපැකිදම් වැඩීමෙහි යෙදුනහුට, යම් සේ කය උපන් ගුරු සැහැවි නැති වේ ද, දිශාවෝ ද ඔහට වටහත් ද, ධර්‍මයෝ ද ඔහුට වටහත් ද, ථීනමිද්ධය ද ඔහුගේ සිත මැඬගෙණ නො සිටුනේ ද, අභිරති ඇති ව: බඹසරත් සෙරේ ද, ඔහට ධර්‍මයෙහිදු විචිකිච්ඡා නැත් ද, එය එසේ ම වෙයි.

තස‍්මාතිහ වො භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: “ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරා භවිස‍්සාම, භොජනෙ මත‍්තඤ‍්ඤුනො, ජාගරියං අනුයුත‍්තා, විපස‍්සකාකුසලානං ධම‍්මානං, පුබ‍්බරත‍්තාපරරත‍්තං බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගං අනුයුත‍්තා විහරිස‍්සාමා’ති එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් ම තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ඉඳුරන්හි පියූ දොර ඇති වම්හ. භෝජනයෙහි මාත්‍රඥ වම්හ. ජාගරණයෙහි අනුයුක්ත වම්හ. කුශලධර්‍මයෙහි විදර්‍ශක වම්හ. පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි බෝපැකිදම් පිළිබඳ භාවනානුයෝගයෙහි අනුයුක්ත ව වසම්හ”යි. මහණෙනි, තොප මෙසේ ම හික්මිය යුතු ය යි.