යෙදුමෙන් කියවන්න

ඨානසුත‍්තං

5. 2. 1. 7.

5. 2. 1. 7.

[ඨානසුත‍්තං]

[ඨාන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

7. පඤ‍්චිමානි භික‍්ඛවෙ ඨානානි අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බානි ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා. කතමානි පඤ‍්ච?

7. මහණෙනි, මාගමක විසින් වේ ව යි, පිරිමියකු විසින් වේ ව යි, ගිහියකු විසින් වේ ව යි, පැවිද්දකු විසින් වේ ව යි මෙ කරුණු පස නිරතුරු පස්විකිය යුතු. කවර පසෙක යත්:

ජරාධම‍්මොම‍්හි ජරං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

‘ජරා ස්වභාව ඇතියෙම් ජරාව නො ඉක්මවූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිද්දකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.

ව්‍යාධිධම‍්මොම‍්හි ව්‍යාධිං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

‘ව්‍යාධි ස්වභාව ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙම් වෙමැ’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිදියකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.

මරණධම‍්මොම‍්හි මරණං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

මරණ ස්වභාව ඇතියෙම් මරණය නො ඉක්මවූයෙම් වෙමැ’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිද්කකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.

‘සබ‍්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

‘මාගේ හැම ප්‍රියයන් කෙරෙන් මනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, ප්‍රව්‍රජිතයකු විසින් වේ ව යි නිතර පස්විකුම් කටයුතු.

‘කම‍්මස‍්සකොම‍්හි කම‍්මදායාදො කම‍්මයොනි කම‍්මබන්‍ධු කම‍්මපටිසරණො යං කම‍්මං කරිස‍්සාමි කල්‍යාණං වා පාපකං වා තස‍්ස දායාදො භවිස‍්සාමී’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

‘කර්‍මය ස්වකීය කොට ඇතියෙම්, කර්‍මය දායාද කොට ඇතියෙම්, කර්‍මය උත්පත්ති කාරණ කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි. කලණ වේ ව යි, ලමු වේ ව යි, යම් ම කර්‍මයක් කරන්නෙම් නම්, එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර පස්විකුම් කටයුතු.

කිඤ‍්ච භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘ජරාධම‍්මොම‍්හි ජරං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා? අත්‍ථී භික‍්ඛවෙ සත‍්තානං යොබ‍්බනෙ යොබ‍්බනමදො යෙන මදෙන මත‍්තා කායෙන දුච‍්චරිතං චරන‍්ති වාචාය දුච‍්චරිතං චරන‍්ති මනසා දුච‍්චරිතං චරන‍්ති. තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො යො යොබ‍්බනෙ යොබ‍්බනමදො සො සබ‍්බසො වා පහීයති, තනු වා පන හොති. ඉදං ඛො භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘ජරාධම‍්මොම‍්හි ජරං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

මහණෙනි, කරව අර්‍ත්‍ථයක් පිණිස ‘ජරාස්වභාව ඇතියෙම්, ජරාව තුළ වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර නුවණින් මෙනෙහි කටයුතු ය යත්: මහණෙනි, යම් මදයෙකින් මත් වූවාහු කයින් දුශ්චරිත කෙරෙත් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙත් නම්, මනසින් දුශ්චරිත කෙරෙත් නම්, සත්නට එබඳු යෞවනයෙහි යොවුන් ඇරැබ උපන් මදයෙක් ඇත. එ කරුණ නිතර පස්විකන ඔහුගේ යොවුනෙහි යම් යෞවනමදයෙක් වේ නම් එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ පිණිස ‘ජරාස්වභාව ඇතියෙම් ජරාව නො ඉක්මවූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතර පස්විකිය යුතු

කිඤ‍්ච භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘ව්‍යාධිධම‍්මොම‍්හි ව්‍යාධිං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා? අත්‍ථි භික‍්ඛවෙ සත‍්තානං ආරොග්‍යෙ ආරොග්‍යමදො යෙන මදෙන මත‍්තා කායෙන දුච‍්චරිතං චරන‍්ති වාචාය දුච‍්චරිතං චරන‍්ති මනසා දුච‍්චරිතං චරන‍්ති. තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො යො ආරොග්‍යෙ ආරොග්‍යමදො සො සබ‍්බසො වා පහීයති, තනු වා පන හොති. ඉදං ඛො භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘ව්‍යාධිධම‍්මොම‍්හි ව්‍යාධිං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

මහණෙනි, කවර කරුණක් පිණිස ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ ‘ව්‍යාධිස්වභාව කොට ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙමි වෙමි’යි නිතර පස්විකිය යුතු ය යත්: මහණෙනි, යම් මදයෙකින් මත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම්, බසින් දුසිරිත් කෙරෙත් නම්, මනසින් දුසිරිත් කෙරෙත් නම්, සත්ත්‍වයනට ආරෝග්‍යයෙහි එබඳු ආරෝග්‍යමදයෙක් ඇත. එ කරුණ නිතර නුවණින් මෙනෙහි කරණ ඔහට ආරෝග්‍යය නිමිති කොට ආරෝග්‍යමදයෙක් (උපදනේ) වේ නම්, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘ව්‍යාධිය ස්වභාව කොට ඇතියෙම්, ව්‍යාධිය තුළ ම වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර පස් විකිය යුතු.

කිඤ‍්ච භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘මරණධම‍්මොම‍්හි මරණං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා? අත්‍ථි භික‍්ඛවෙ සත‍්තානං ජීවිතෙ ජීවිතමදො යෙන මදෙන මත‍්තා කායෙන දුච‍්චරිතං චරන‍්ති වාචාය දුච‍්චරිතං චරන‍්ති මනසා දුච‍්චරිතං චරන‍්ති. තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො යො ජීවිතෙ ජීවිතමදො සො සබ‍්බසො වා පහීයති, තනු වා පන හොති. ඉදං ඛො භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘මරණධම‍්මොම‍්හි මරණං අනතීතො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

මහණෙනි, කවර කරුණක් පිණිස ‘මරණ ධර්‍මය ඇතියෙම් මරණය තුළ වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් වේව යි, පුරුෂයකු විසින් වේව යි, ගෘහස්ථයකු විසින් වේව යි, පැවිද්දකු විසින් වේව යි නිතර පස්විකිය යුතුය යත්: මහණෙනි, යම් ජීවිත මදයෙකින් මත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම්, බසින් දුසිරිත් කෙරෙත් නම්, සිතින් දුසිරිත් කෙරෙත් නම්, සත්ත්‍වයනට ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් ඇත. එ කරුණ පස්විකන ඔහට ජීවිතයෙහි යම් ජීවිතමදයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි, ගෘහස්ථයකු විසින් වේවයි, පැවිද්දකු විසින් වේවයි ‘මරණ ධර්‍මයෙමි, මරණය නො ඉක්මියෙම් වෙමි’යි නිතර පස්විකිය යුතු ය.

කිඤ‍්ච භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘සබ‍්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා? අත්‍ථි භික‍්ඛවෙ සත‍්තානං පියෙසු ඡන්‍දරාගො යෙන රාගෙන රත‍්තා කායෙන දුච‍්චරිතං චරන‍්ති චාවාය දුච‍්චරිතං චරන‍්ති මනසා දුච‍්චරිතං චරන‍්ති තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො යො පියෙසු ඡන්‍දරාගො සො සබ‍්බසො වා පහීයති, තනු වා පන හොති. ඉදං ඛො භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘සබ‍්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

මහණෙනි, කවර කරුණක් පිණිස ‘මාගේ හැම ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කට යුතු ය යත්: මහණෙනි, යම් රාගයෙකින් රත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම් බසින් දුසිරිත් කෙරෙත් නම් සිතින් දුසිරිත් කෙරෙත් නම් සත්ත්‍වයනට ප්‍රියයන් කෙරෙහි එබඳු ඡන්‍දරාගයෙක් ඇත. එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට ප්‍රියයන් කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනී හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘හැම ප්‍රියමනාපයන් කෙරෙන් මාගේ නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.

කිඤ‍්ච භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘කම‍්මස‍්සකොම‍්හි කම‍්මදායාදො කම‍්මයොනී කම‍්මබන්‍ධු කම‍්මපටිසරණො යං කම‍්මං කරිස‍්සාමි කල්‍යාණං වා පාපකං වා තස‍්ස දායාදො භවිස‍්සාමි’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා? අත්‍ථි භික‍්ඛවෙ සත‍්තානං කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං. තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො සබ‍්බසො වා තං පහීයති, තනු වා පන හොති ඉදං ඛො භික‍්ඛවෙ අත්‍ථවසං පටිච‍්ච ‘කම‍්මස‍්සකොම‍්හි කම‍්මදායාදො කම‍්මයොනී කම‍්මබන්‍ධු කම‍්මපටිසරණො යං කම‍්මං කරිස‍්සාමි කල්‍යාණං වා පාපකං වා තස‍්ස දායාදො භවිස‍්සාමි’ති අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං ඉත්‍ථියා වා පුරිසෙන වා ගහට‍්ඨෙන වා පබ‍්බජිතෙන වා.

මහණෙනි, කවර කරුණක් පිණිස ‘කර්‍මස්වකයෙම්, කර්‍මදායාදයෙම්. කර්‍මය යෝනි කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි. කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ යම් ම කර්‍මයක් කරම් නම් එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු ය යත්: මහණෙනි, සත්ත්‍වයන්ගේ කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ඇත. එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ හෝ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘කර්‍මස්වකයෙම්, කර්‍මදායාදයෙම්, කර්‍මයෝනි කොට ඇතියෙම්, කර්‍ම බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි, කල්‍යාණ වේවයි, ලාමක වේවයි යම් ම කර්‍මයක් කෙරෙම් ද, එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි, ගෘහස්ථයකු විසින් වේවයි, පැවිද්දකු විසින් වේවයි නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.

ස ඛො සො භික‍්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: න ඛො අහඤ‍්ඤෙවෙකො ජරාධම‍්මො ජරං අනතීතො, අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති, සබ‍්බෙ සත‍්තා ජරාධම‍්මා ජරං අනතීතා’ති තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො මග‍්ගො සඤ‍්ජායති. සො තං මග‍්ගං ආසෙවති, භාවෙති, බහුලීකරොති. තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන‍්ති, අනුසයා ව්‍යන‍්තී හොන‍්ති.

මහණෙනි, එ අරිසවු මෙසේ නුවණින් සලකයි: ‘එකලා මම් ම ජරාධර්‍මයෙම් ජරාව නො ඉක්ම සිටියෙම් නො වෙමි. වැලි යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සත්ත්‍වයෝ ජරාධර්‍මයහ, ජරාව නො ඉක්ම සිටියහ’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණුවහට ලෝකෝත්තර මාර්‍ගය උපදනේ ය. හේ එ මඟ සෙවුනේ ය. වඩනේ ය, බහුල විසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලිවිසින් කරණ ඔහුගේ දශසංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.

න ඛො අහඤ‍්ඤෙවෙකො ව්‍යාධිධම‍්මො ව්‍යාධිං අනතීතො, අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති, සබ‍්බෙ සත‍්තා ව්‍යාධිං අනතීතා’ති තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො මග‍්ගො සඤ‍්ජායති, සො තං මග‍්ගං ආසෙවති, භාවෙති, බහුලීකරොති. තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන‍්ති. අනුසයා ව්‍යන‍්ති හොන‍්ති.

‘එකලා මම් ම ව්‍යාධිය සැහැවි කොට ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම්, නො වෙමි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ නම් එ හැම සත්හු ව්‍යාධිධර්‍මයහ. ව්‍යාධිය නො ඉක්ම සිටිහය’යි නිතර එ කරුණ ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හේ මාර්‍ගය ආසෙවිත කෙරෙයි, භාවිත කෙරෙයි, බහුලීකෘත කෙරෙයි. එ මාර්‍ගය සේවනය කරණ, වඩන, බහුල කරණ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.

‘න ඛො අහඤ‍්ඤෙවෙකො මරණධම‍්මො මරණං අනතීතො, අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති, සබ‍්බෙ සත‍්තා මරණධම‍්මා මරණං අනතීතා’ති තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො මග‍්ගො සඤ‍්ජායති සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන‍්ති. අනුසයා ව්‍යන‍්තී හොන‍්ති.

‘එකලා මම් ම මරණස්වභාව ඇතියෙම් මරණය නො ඉක්මවූයෙම්, නො වෙමි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ නම්, එ හැම සත්හු මරණස්වභාවය ඇතියාහු මරණය නො ඉක්මවූවාහු වෙති’යි එකරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හෙ එ මඟ සෙවුනේ ය. වඩන්නේ ය. බහුලවිසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.

‘න ඛො මය‍්හමෙවෙකස‍්ස සබ‍්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො, අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති, සබ‍්බෙසං සත‍්තානං පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො මග‍්ගො සඤ‍්ජායති. සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන‍්ති. අනුසයා ව්‍යන‍්තී හොන‍්ති.

‘එකලා මට ම හැම ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය නො වේ මැ යි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හේ එ මඟ සෙවුනේ ය. වඩන්නේ ය. බහුලවිසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.

‘න ඛො අහඤ‍්ඤෙවෙකො කම‍්මස‍්සකොම‍්හි කම‍්මදායාදො කම‍්මයොනි කම‍්මබන්‍ධු කම‍්මපටිසරණො යං කම‍්මං කරිස‍්සාමි කල්‍යාණං වා පාපකං වා තස‍්ස දායාදො භවිස‍්සාමි, අථ ඛො යාවතා සත‍්තානං ආගති ගති චුති උපපත‍්ති සබ‍්බෙ සත‍්තා කම‍්මස‍්සකා කම‍්මදායාදා කම‍්මයොනී කම‍්මබන්‍ධු කම‍්මපටිසරණා, යං කම‍්මං කරිස‍්සන‍්ති කල්‍යාණං වා පාපකං වා, තස‍්ස දායාදා භවිස‍්සන‍්තී’ති තස‍්ස තං ඨානං අභිණ‍්හං පච‍්චවෙක‍්ඛතො මග‍්ගො සඤ‍්ජායති. සො තං මග‍්ගං ආසෙවති, භාවෙති, බහුලීකරොති තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන‍්ති. අනුසයා ව්‍යන‍්තී හොන‍්තී’ති.

‘එකලා මම් ම කර්‍මස්වකයෙම්, කර්‍මය දායාද කොට ඇතියෙම්, කර්‍මය උත්පත්තිකාරණ කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය ප්‍රතිශරණ කොට ඇතියෙම්, කලණ වේවයි, ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරෙම් නම්, එයට දායාදයෙම් නො වෙමි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සත්ත්‍වයෝ කර්‍මස්වකයහ. කර්‍මදායාදහය. කර්‍මයෝනියහ. කර්‍මබන්‍ධුයහ: කර්‍මප්‍රතිශරණයහ. කලණ වේවයි, ලමු වේවයි, යම් කර්‍මයක් කෙරෙත් නම්, එයට දායාද වන්නාහ’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරන ඔහට මඟ උපදනේ ය. හෙ එ මඟ ආසේවන කෙරෙයි. භාවිත කෙරෙයි. බහුලීකෘත කෙරෙයි. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙති යි.

7. ව්‍යාධිධම‍්මා ජරාධම‍්මා අථො මරණධම‍්මිනො, යථා ධම‍්මා තථා සන‍්තා ජිගුච‍්ඡන‍්ති පුථුජ‍්ජනා.

7. ව්‍යාධිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, වැලිත් මරණය ස්වභාව කොට ඇති පෘථග්ජනයෝ සැහැවිදහම්හු යම් බඳු වෙත් නම්, එබඳු සැහැවි ඇතියාහු ම (එබඳු අන්‍යයනට) ජුගුප්සා කෙරෙත්.

8. අහඤ‍්චෙතං ජිගුච‍්ඡෙය්‍යං එවං ධම‍්මෙසු පාණිසු, න මෙතං පතිරූපස‍්ස මම එවං විහාරිනො.

8. මෙබඳු සැහැවි ඇති ප්‍රාණීන් කෙරෙහි ඉදින් මම් තෙල පුඟුල් හෙළා දක්නෙම් නම්, මෙබඳු සැහැවියෙන් වාස කරණ මට තෙල නිසි නො වන්නේය.

9. සොහං එවං විහරන‍්තො ඤත්‍වා ධම‍්මං නිරූපධිං, ආරොග්‍යෙ යොබ‍්බනස‍්මිඤ‍්ච ජීවිතස‍්මිඤ‍්ච යෙ මදා,

9. මෙසේ වසන එ මම උපධි රහිත අර්‍හත්මාර්‍ගය දැන ආරෝග්‍යයෙහිදු යෞවනයෙහිදු ජීවිතයෙහිදු යම් මදකෙනෙක් වෙත් නම්,

10. සබ‍්බෙ මදෙ අභිභොස‍්මි නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො තස‍්ස මෙ අහු උස‍්සාහො නිබ‍්බානං අභිපස‍්සතො.

10. නෛෂ්ක්‍රම්‍ය සඞ්ඛ්‍යාත පැවිද්ද ක්‍ෂේම විසින් දැක හැම මදයන් මැඩ සිටිනෙම් වෙමි. නිර්‍වාණය මොනොවට දක්නා එමට උත්සාහ සඞ්ඛ්‍යාත සම්‍යක් ව්‍යායාමය විය.

11. නාහං භබ‍්බො එතරහි කාමානි පතිසෙවිතුං, අනිවත‍්තී භවිස‍්සාමි බ්‍රහ‍්මචරියපරායණොති.

11. දැන් මම් කාමයන් සෙවුනට භව්‍ය නො වෙම්, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය පරායණ කොට ඇතියෙම්, නො නවත්නාසුලු වන්නෙමි යි.