ලිච්ඡවිකුමාරසුත්තං
5. 2. 1. 8.
5. 2. 1. 8.
[ලිච්ඡවිකුමාරසුත්තං]
[ලිච්ඡවිකුමාර සූත්‍රය]
8. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලියං පිණ්ඩාය පාවිසි. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො මහාවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
8. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවනවෙහෙර කුළාරපහයෙහි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ වේසාලියෙහි පිඬු පිණිස පිවිසි සේක. වේසාලියෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩිසේක් මහාවනයට පිවිස ගෙණ අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි දිවාවිහාරයට වැඩහුන් සේක.
තෙන ඛො පන සමයෙන සම්බහුලා ලිච්ඡවිකුමාරකා සජ්ජානි ධනූනි ආදාය කුක්කුරසඞ්ඝපරිවුතා මහාවනෙ අනුචඞ්කමමානා අනුවිචරමානා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං දිවාවිහාරං. දිස්වාන සජ්ජානි ධනූනි නික්ඛිපිත්වා කුක්කුරසඞ්ඝං එකමන්තං උය්යොජෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා තුණ්හීභූතා තුණ්හීභූතා පඤ්ජලිකා භගවන්තං පයිරුපාසන්ති.
එ සමයෙහි බොහෝ ලිච්ඡවි කුමාරයෝ දියනැඟි දුනු ගෙණ කුකුරු (සුනඛ) ගණා විසින් පිරිවරණ ලදුවෝ මහවෙනෙහි අනුචඞ්ක්‍රමණ කරන්නාහු ඇවිදුනාහු එක්තරා රුක්මුලෙක දිවාවිහාරයට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක සහදියදුනු බහා තබා කුකුරුගණා එකත්පසෙක යවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ තුෂ්ණීම්භූත වූවාහු බැඳැඳිලි ඇතියාහු භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරත්.
තෙන ඛො පන සමයෙන මහානාමො ලිච්ඡවි මහාවනෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අද්දස තෙ ලිච්ඡවිකුමාරකෙ තුණ්හීභූතෙ තුණ්හීභූතෙ පඤ්ජලිකෙ භගවන්තං පයිරුපාසන්තෙ. දිස්වා යෙන භගවා තෙනුසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො ලිච්ඡවි උදානං උදානෙසි: භවිස්සන්ති වජ්ජී, භවිස්සන්ති වජ්ජී’ති.
එ කල මහානාම ලිච්ඡවි රජ මහවෙනෙහි ජඞ්ඝාවිහාරය පිණිස සක්මන් කරණුයේ ඇවිදිනුයේ තූෂ්ණීම්භූත ව බඳැඳිලි ඇති ව භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනා කරණ එ ලිච්ඡවි කුමරුන් දිටී දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන් මහානාම ලිච්ඡවිරජ “වජ්ජිහු වැඩෙන්නාහ, වජ්ජිහු වැඩෙන්නාහ”යි උදන් ඇනී ය.
කිං පන ත්වං මහානාම එවං වදෙසි ‘භවිස්සන්ති වජ්ජී භවිස්සන්ති වජ්ජී’ති.
මහානාමය, තෙපි “වජ්ජිහු වැඩෙන්නාහ, වජ්ජිහු වැඩෙන්නාහ”යි කවර හෙයින් මෙසේ කියහු.
“ඉමෙ භන්තෙ ලිච්ඡවිකුමාරකා චණ්ඩා ඵරුසා අපජහාති. යානි’පි තානි කුලෙසු පහෙනකානි පහීයන්ති උච්ඡූනි වා බදරාති වා පූවාති වා මොදකාති වා සඞ්ගුලිකාති වා, තානි විලුම්පිත්වා විලුම්පිත්වා ඛාදන්ති. කුලිත්ථීනම්පි කුලකුමාරීනම්පි පච්ඡාලියං ඛිපන්ති. තෙ’දානිමෙ තුණ්හීභූතා තුණ්හීභූතා පඤ්ජලිකා භගවන්තං පයිරුපාසන්තී’ති.
“වහන්ස, මේ ලිච්ඡවි කුමරුවෝ කායකර්මයෙන් චණ්ඩයහ. වාක්කර්මයෙන් පරුෂයහ. අවෘද්ධිනිඃශ්‍රිතමානයෙන් තදහ. උක්දඬු වේවයි, ඩෙබර වේවයි, මෝදක (මුං කැරලි) වේවයි, තිලසඟලා වේවයි, කුලයන්හි යම් ඒ පඬුරු කෙනෙක් යවනු ලැබෙත් නම් ඒ පුනපුනා වොලොගෙණ කත්. කුලස්ත්‍රීනට කුලකුමරියනට පසු පසින් ගොස් පිටිපසින් පහර දෙත්. එ මොහු දැන් අත්‍යන්තයෙන් තූෂ්ණීම්භූත ව බඳැලි ඇති ව භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසනා කරති”යි.
යස්ස කස්සචි මහානාම කුලපුත්තස්ස පඤ්චධම්මා සංවිජ්ජන්ති, යදි වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස, යදි වා රට්ඨිකස්ස පෙත්තනිකස්ස, යදි වා සෙනාය සෙනාපතිකස්ස, යදි වා ගාමගාමිකස්ස, යදි වා පූගගාමණිකස්ස, යෙ වා පන කුලෙසු පච්චෙකාධිපච්චං කාරෙන්ති, වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි. කතමෙ පඤ්ච?
මහානාමය, කැත්කුලෙහි උපන් මුදුනෙහි බිසෙස් කළ රජකුට වේවයි පියදත්සැපත් වළඳන රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම්හිමියකුට වේවයි, ගණදෙටුවකුට වේවයි, කුලයෙහි ප්‍රත්‍යෙකාධිපත්‍යය කරණ යම් ම කෙනකුට වේවයි, යම් ඒ කුලපුත්‍රයකුට පඤ්චධර්ම ඇත් ද, වෘද්ධිය ම කැමැති විය යුතුය. පරිහානි නො කැමැති විය යුතුය. කවර පඤ්චධර්ම ද යත්:
ඉධ මහානාම කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි මාතාපිතරො සක්කරොති ගරු කරොති මානෙති පූජෙති. තමෙනං මාතාපිතරො සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති මාතාපිතානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
මහානාමය, මෙ ලොව්හි කුලපුත් බාහුබලයෙන් රැස් කොට ගත්, හෙළූ සෝදිය ඇති, දැහැමි, ධර්මයෙන් ම ලත්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් උපයා ගත් භෝගයෙන් මාපියන් සත්කාර කරන්නේ ය. ගුරුකාර කරන්නේ ය. බුහුමන් කරන්නේ ය. පුදන්නේ ය. සත්කාර කරණ ලද, ගුරුකාර කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද මාපියෝ ඔහට කලණසිතින් “සැරදේ, දිගා පල්නේ”ය යි අනුකම්පා කරත්. මහානාමය, මාපියන් විසින් අනුකම්පිත කුලපුත්හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
පුන චපරං මහානාම කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පුත්තදාරදාසකම්මකරපොරිසෙ සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති, තමෙනං පුත්තදාරදාසකම්මකරපොරිසා සක්කතා ගරුකතා මානිතා, පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. පුත්තදාරදාසකම්මකරපොරිසානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයු, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් අඹුදරු දස්කම්කරු පුරිස් සගන්නේ ය. ගුරුකාර කරන්නේ ය. බුහුමන් කරන්නේ ය පුදන්නේ ය, අඹුදරුදස්කම්කරුපුරිස්හු සත්කෘත වූවාහු ගුරුකෘත වූවාහු මානිත වූවාහු පූජිත වූවාහු “සැරදේ, දිගා පල්නේ ය”යි කලණ සිතින් ඔහට අනුකම්පා කරත්. මහානාමය, අඹුදරුදස්කම්කරුපුරිස් විසින් අනුකම්පා කරණ ලද කුලපුත් හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු පරිහානියෙක් නො කැමැති විය යුතු.
පුන චපරං මහානාම කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි ඛෙත්තකම්මන්තසාමන්තසංවොහාරෙ සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති. තමෙනං ඛෙත්තකම්මන්තසාමන්තසංවොහාරා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. ඛෙත්තකම්මන්තසාමන්තසංවොහාරානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් තමන් කෙත්කමතට අනතුරුකෙත්හිමියන් හා යටවරයනට (බිම් මනන්නන්ට) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනය කෙරෙයි. පූජා කෙරෙයි. සත්කාර කරණ ගුරුකාර ලද බුහුමන් කරන ලද පුදන ලද අනතුරුකෙත් හිමියෝ ද යටවරයෝ ද කලණසිතින් “සැරදේ, දිගා පල්නේය”යි ඔහට අනුකම්පා කරත්. අනතුරුකෙත්හිමියන් හා යටවරයන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො කැමැති විය යුතු.
පුන චපරං මහානාම, කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති. තමෙනං බලිපටිග්ගාහිකා දෙවතා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. දෙවතානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් යම් පමණ පුද පිළිගන්නා දෙවියෝ ඇත් නම්, ඔවුනට (අග්‍ර යාගුභක්තාදීන්) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනා කෙරෙයි. පූජා කෙරෙයි සත්කාර ලත් ගුරුකාර ලත් මානනා ලත් පූජා ලත් පුද පිළිගන්නා දෙවියෝ “සැරදේ, දිගා පල්නේ යැ”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, දේවතාවන් විසින් අනුකම්පිත කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
පුන චපරං මහානාම කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි සමණබ්රාහ්මණෙ සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති. තමෙනං සමණබ්රාහ්මණා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති: සමණබ්රාහ්මණානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි වූ, දැහැමින් ම ලද භෝගයෙන් මහණ බමුණනට සත්කාර කරයි. ගුරුකාර කරයි. මානනය කරයි. පූජා කරයි. සත්කාර කරණ ලද ගරු කරණ ලද මානනය කරණ ලද පුදන ලද මහණබමුණෝ “සැරදේ, දිගා පල්නේ ය”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, මහණබමුණන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
යස්ස කස්සචි මහානාම කුලපුත්තස්ස ඉමෙ පඤ්ච ධම්මා සංවිජ්ජන්ති, යදි වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස යදි වා රට්ඨිකස්ස පෙත්තනිකස්ස යදි වා සෙනාය සෙනාපතිකස්ස යදි වා ගාමගාමිකස්ස යදි වා පූගගාමණිකස්ස, යෙ වා පන කුලෙසු පච්චෙකාධිපච්චං කාරෙන්ති, වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානී’ති.
මහානාමය, ක්ෂිත්රිය ජාතිකමූර්‍ධාභිෂික්ත රජකුට වේවයි, පියදත් සැපත් ඇති රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම් හිමියකුට වේවයි, සමූහාධිපතියකුට වේවයි, යම් ම කෙනෙක් කුලයෙහි ප්‍රත්‍යෙකආධිපත්‍යය කෙරෙත් නම් එබඳුවනට වේවයි, යම් කිසි කුල පුතකුට මේ පඤ්චධර්‍මයෝ ඇත් ද වෘද්ධිය ම කැමැති විය යුතු ය. පරිහානි නො කැමැති විය යුතු.
12. මාතාපිතුකිච්චකරො පුත්තදාරහිතො සදා, අන්තො ජනස්ස අත්ථාය යෙ චස්ස උපජිවිනො.
12. හැම කල මාපියන්ගේ කරණී කරණුයේ, අඹුදරුවන් කෙරෙහි හිතැතියේ, අන්තොජනයාගේ අර්‍ත්‍ථසිද්ධිය සඳහා ද යම් ම කෙනෙක් තුලුහු ඇසිරි කොට දිවි වටනාහු වෙත්නම් උනුදුගේ අර්ත්ථය සඳහා ද කටයුතු කෙරේ නම්,
13. උභින්නං යෙව අත්ථාය වදඤ්ඤූ හොති සීලවා, ඤාතීනං පුබ්බපෙතානං දිට්ඨධම්මෙ ච ජීවිනං,
13. යදිවදන් දන්නේ, සිල්වත් වූයේ, කලුරිය කළ ඥාතීන් හා දිටුදැමියෙහි ජීවත්වන ඥාතීහුයයි උභයඥාතීන්ගේ අර්ත්ථය පිණිස (වටනේ) වේ නම්,
14. සමණානං බ්රාහ්මණානං දෙවතානං ච පණ්ඩිතො, විත්තිසඤ්ජනනො හොති ධම්මෙන ඝරමාවසං.
14. දැහැමින් ගිහිගෙයි වසන එ නුවණැති පුරුෂ මහණබමුණන් හා දෙවියනට සතුටු දනවන්නේ වෙයි.
15. සො කරිත්වාන කල්‍යාණං පුජ්ජො හොති පසංසියො, ඉධ චෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදතී’ති.
15. හෙ කලණකම් කොට ප්‍රශංසාවට නිසි වූයේ පූජ්‍ය වෙයි. මෙ ලොව්හිදු ඔහු පසසත්. පරලොව ස්වර්‍ගයෙහිදු විපාකමෝදනායෙන් ප්‍රමෝද කරන්නේ ය.