පඨමබුඩ්ඪපබ්බජිතසුත්තං
5. 2. 1. 9.
5. 2. 1. 9.
[පඨමබුඩ්ඪපබ්බජිතසුත්තං]
[පඨමබුඩ්ඪපබ්බජිත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
9. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො. කතමෙහි පඤ්චහි?
9. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බුඩ්ඪපබ්බජිත දුර්ලභ ය. කවර පසෙකින යත්:
දුල්ලභො භික්ඛවෙ බුඩ්ඪපබ්බජිතො නිපුණො, දුල්ලභො ආකප්පසම්පන්නො, දුල්ලභො බහුස්සුතො, දුල්ලභො ධම්මකථිකො, දුල්ලභො විනයධරො.
මහණෙනි, නිපුණ (සියුම් කරුණු දතහෙන) බුඩ්ඪපබ්බජිත දුර්ලභ වෙයි. ආකල්පසම්පන්න (මහණසරුප්) වූයේ දුර්ලභ වෙයි. බහුශ්‍රුත වූයේ දුර්ලභ වෙයි. ධර්මකථික වූයේ වෙයි. වනධර වූයේ දුර්ලභ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො’ති.
මහණෙනි, මේ පස්කරුණින් සමන්වාගත බුඩ්ඪපබ්බජිත දුර්ලභ වේ.
5. 2. 1. 10.
5. 2. 1. 10.
[දුතියබුඩ්ඪපබ්බජිතසුත්තං]
[දුතියබුඩ්ඪපබ්බජිත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
10. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො. කතමෙහි පඤ්චහි?
10. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත බුඩ්ඪපබ්බජිත දුර්ලභ වෙයි. කවර පසෙකින යත්:
දුල්ලභො භික්ඛවෙ බුඩ්ඪපබ්බජිතො සුවචො, දුල්ලභො සුග්ගහීතග්ගාහී, දුල්ලභො පදක්ඛිණග්ගාහී, දුල්ලභො ධම්මකථිකො, දුල්ලභො විනයධරො.
සුවච වූ බුඩ්ඪපබ්බජිත දුර්ලභ වෙයි. සුරගෘහීතග්‍රාහී වූයේ (මනාසේ ඉගෙණීම ලබන සුල්ලේ) දුර්ලභ ය. ප්රදක්ෂිණාග්රාහී වූයේ (දුන් ඔවා පැදකුණු කොට ගරුකොට ගත්නේ) දුර්ලභ ය. ධර්මකථික වූයේ දුර්ලභ ය. වනධර වූයේ දුර්ලභ යි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො’ති.
මහණෙනි, මේ ධර්‍මපසින් සමන්වාගත බුඩ්ඪපබ්බජිත දුර්ලභ වේ.
නීවරණවග්ගො පඨමො.
නීවරණවර්‍ගය ප්‍රථම යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
ආවරණං රාසි අඞ්ගානි සමයං මාතුපුත්තිකා, උපජ්ඣා ඨානං කුමාරා ලිච්ඡවී අපරෙ දුවෙ’ති.
ආවරණ (නීවරණ) සූත්‍ර ය, අකුසලරාසි සූත්‍ර ය, පධානියඞ්ග සූත්‍ර ය, සමය සූත්‍රය, මාතාපුත්ත සූත්‍ර ය, උපජ්ඣාය සූත්‍ර ය, ඨාන සූත්‍ර ය, ලිච්ඡවිකුමාර සූත්‍ර ය, බුඩ්ඪපබ්බජිත සූත්‍ර දෙක ය යි දශයෙකි.