යෙදුමෙන් කියවන්න

පඨමසඤ‍්ඤාසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 2. 2. 1.

5. 2. 2. 1.

[පඨමසඤ‍්ඤාසුත‍්තං]

[පඨමසඤ්ඤා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. පඤ‍්චිමා භික‍්ඛවෙ සඤ‍්ඤා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා පඤ‍්ච?

11. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සංඥාවෝ පස්දෙන (විපාකඵලවිසින්) මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය පිහිට කොට ඇතියාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර පස්දෙනෙක යත්:

අසුභසඤ‍්ඤා, මරණසඤ‍්ඤා ආදීනවසඤ‍්ඤා, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤා, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤා.

අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආදීනවසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, හැම තෙධාතුසන්නිවාසලෝකයෙහි අනභිරත (නො ඇලෙන) සඤ්ඤා යි.

ඉමා ඛො භික‍්ඛවෙ පඤ‍්ච සඤ‍්ඤා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති.

මහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇත්තාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙති.

5. 2. 2. 2.

5. 2. 2. 2.

[දුතියසඤ‍්ඤාසුත‍්තං]

[දුතියසඤ්ඤා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

12. පඤ‍්චිමා භික‍්ඛවෙ සඤ‍්ඤා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා පඤ‍්ච?

12. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මේ සංඥාවෝ පස්දෙන මහත්ඵල මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙත්. කවරපස්දෙනෙක යත්:

අනිච‍්චසඤ‍්ඤා, අනත‍්තසඤ‍්ඤා, මරණසඤ‍්ඤා, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤා, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤා.

අනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සකලලෝකයෙහි අනභිරත සඤ්ඤා යි.

ඉමා ඛො භික‍්ඛවෙ පඤ‍්ච සඤ‍්ඤා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති.

මහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල හා මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙති.

5. 2. 2. 3.

5. 2. 2. 3.

[පඨමවඩ‍්ඪීසුත‍්තං]

[පඨමවඩ්ඪි සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

13. පඤ‍්චහි භික‍්ඛවෙ වඩ‍්ඪීහි වඩ‍්ඪමානො අරියසාවකො අරියාය වඩ‍්ඪියා වඩ‍්ඪති, සාරාදායී ච හොති වරාදායී ච කායස‍්ස. කතමාහි පඤ‍්චහි?

13. මහණෙනි, පඤ්චවිධ වෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නේ ය කායයාගේ සාරය ගන්නා සුල්ලේත්, වරය (උත්තමාර්‍ත්‍ථය) ගන්නා සුලුයේත් වෙයි. කවර පසෙකින යත්:

සද‍්ධාය වඩ‍්ඪති, සීලෙන වඩ‍්ඪති, සුතෙන වඩ‍්ඪති, චාගෙන වඩ‍්ඪති, පඤ‍්ඤාය වඩ‍්ඪති.

ශ්‍රද්ධායෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.

ඉමාහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි වඩ‍්ඪීහි වඩ‍්ඪමානො අරියසාවකො අරියාය වඩ‍්ඪියා වඩ‍්ඪති, සාරාදායී ච හොති වරාදායී ච කායස‍්සා’ති.

මහණෙනි, මෙ පඤ්ඤවිධවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. කායයාගේ සාරය ගන්න සුල්ලේත්, වරය ගන්නා සුල්ලේත් වෙයි.

16. සද‍්ධාය සීලෙන ච යොධ වඩ‍්ඪති පඤ‍්ඤාය චාගෙන සුතෙන චූභයං, සො තාදිසො සප‍්පුරිසො විචක‍්ඛණො ආදීයති සාරමිධෙව අත‍්තනො’ති.

16. යමෙක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නේ නම්, විචක්‍ෂණවූ එබඳු එ සත්පුරුෂ මේ ආත්මභාවයෙහි ම තමාගේ (ජීවිත) සාරය ලබාගන්නේ යි.

5. 2. 2. 4.

5. 2. 2. 4.

[දුතියවඩ‍්ඪීසුත‍්තං]

[දුතියවඩ්ඪි සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

14. පඤ‍්චහි භික‍්ඛවෙ වඩ‍්ඪීහි වඩ‍්ඪමානා අරියසාවිකා අරියාය වඩ‍්ඪියා වඩ‍්ඪති සාරාදායිනී ච හොති වරාදායිනී ච කායස‍්ස. කතමාහි පඤ‍්චහි?

14. මහණෙනි, පඤ්චවෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවිකා ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නී ය. (ජීවිතයාගේ) සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි. කවර පසෙකින යත්:

සද‍්ධාය වඩ‍්ඪති, සීලෙන වඩ‍්ඪති, සුතෙන වඩ‍්ඪති, චාගෙන වඩ‍්ඪති, පඤ‍්ඤාය වඩ‍්ඪති.

ශ්‍රද්ධායෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.

ඉමාහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි වඩ‍්ඪීහි වඩ‍්ඪමානා අරියසාවිකා අරියාය වඩ‍්ඪියා වඩ‍්ඪති. සාරාදායිනී ච හොති, වරාදායිනී ච කායස‍්සා’ති.

මහණෙනි, මෙ පඤ්චවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවිකා ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ජීවිතයාගේ සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි.

17. සද‍්ධාය සීලෙන ච යා’ධ වඩ‍්ඪති පඤ‍්ඤාය චාගෙන සුතෙන චූභයං, සා තාදිසී සීලවතී උපාසිකා ආදීයතී සාරමිධෙව අත‍්තනො’ති.

17. යම් ආර්‍ය්‍යශ්‍රාවිකාවක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නී ද, එබඳු ඒ සිල්වත් උවැසි මෙ අත්බැව්හි ම තමාගේ (ජීවිත) සාරය ගන්නී වෙයි.

5. 2. 2. 5.

5. 2. 2. 5.

[අලංසාකච‍්ඡසුත‍්තං]

[අලංසාකච්ඡ සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

15. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලංසාකච‍්ඡො සබ්‍රහ‍්මචාරීනං. කතමෙහි පඤ‍්චහි?

15. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට සාකච්ඡාවට යුතු වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අත‍්තනා ච සීලසම‍්පන‍්නො හොති, සීලසම‍්පදාය කථාය ච ආගතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච සමාධිසම‍්පන‍්නො හොති, සමාධිසම‍්පදාය කථාය ච ආගතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති අත‍්තනා ච පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, පඤ‍්ඤාසම‍්පදාය කථාය ච ආගතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච විමුත‍්තිසම‍්පන‍්නො හොති, විමුත‍්තිසම‍්පදාය කථාය ච ආගතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති, අත‍්තනා ච විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො හොති, විමුත‍්තිඤාණදස‍්සනසම‍්පදාය කථාය ච ආගතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශීලසම්පන්න වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනකථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳනුයේත් වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලංසාකච‍්ඡො සබ්‍රහ‍්මචාරීනන‍්ති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට සාකච්ඡාවට යුතු වේ ය යි.

5. 2. 2. 6.

5. 2. 2. 6.

[අලංසාජීවසුත‍්තං]

[අලංසාජීව සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

16. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලංසාජීවො සබ්‍රහ‍්මචාරීනං. කතමෙහි පඤ‍්චහි?

16. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට අලංසාජීව වෙයි. (ප්‍රශ්නපෘච්ඡාවිසර්‍ජනාඛ්‍ය ආජීවයෙන් සමානාජීව ඇති වෙයි.) කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අත‍්තනා ච සීලසම‍්පන‍්නො හොති, සීලසම‍්පදාය කථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච සමාධිසම‍්පන‍්නො හොති, සමාධිසම‍්පදාය කථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, පඤ‍්ඤාසම‍්පදාය කථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච විමුත‍්තිසම‍්පන‍්නො හොති, විමුත‍්තිසම‍්පදාය කථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති. අත‍්තනා ච විමුත‍්තිඤාණදස‍්සන සම‍්පන‍්නො හොති, විමුත‍්තිඤාණදස‍්සනසම‍්පදාය කථාය ච කතං පඤ‍්හං ව්‍යාකත‍්තා හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සිල්සපන් වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ (අභිසංස්කරණ කරණලද) ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලංසාජීවො සබ්‍රහ‍්මචාරීනන‍්ති.

මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට අලංසාජීව වෙයි.

5. 2. 2. 7.

5. 2. 2. 7.

[පඨමඉද‍්ධිපාදසුත‍්තං]

[පඨමඉද්ධිපාද සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

17. යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු වා භික‍්ඛුනී වා පඤ‍්ච ධම‍්මෙ භාවෙති, පඤ‍්ච ධම‍්මෙ බහුලීකරොති, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං - දිට‍්ඨෙ වා ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. කතමෙ පඤ‍්ච?

17. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි දහම් පසක් වඩන්නේ ද, දහම් පසක් බිහිලි කෙරේ ද, ඔහු විසින් ද්විවිධ ඵලයන් අතුරින් අන්‍යතරඵලයෙක් කැමැති විය යුතු:- ඉහාත්මයෙහි අර්‍හත්ඵලය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිභාවය හෝ යි. කවර පසෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. උස‍්සොළ‍්හි යෙව පඤ‍්චමී.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ලත් සමාධියෙන් ... චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් ... වීමංසාව අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. (අධිමාත්‍ර උත්සාහ සඞ්ඛ්‍යාත) උස්සොළ්හිය පස් වැන්න යි.

යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු භික‍්ඛුනී වා ඉමෙ පඤ‍්ච ධම‍්මෙ බහුලීකරොති, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං - දිට‍්ඨෙ වා ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.

මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ ධර්‍මපස වඩා නම්, මේ ධර්‍මපස බහුල කෙරේ නම්, ඔහට ද්විවිධඵලයන් අතුරින් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු ය:- ඉහාත්මයෙහි ම අර්‍හත්‍වය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යි.