යෙදුමෙන් කියවන්න

2. සඤ‍්ඤාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. සඤ්ඤා වර්ගය

1. පඨමසඤ‍්ඤාසුත‍්තවණ‍්ණනා

1. පඨමසඤ්ඤා සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ මහප‍්ඵලාති විපාකඵලෙන මහප‍්ඵලා. විපාකානිසංසෙනෙව මහානිසංසා. අමතොගධාති නිබ‍්බානපතිට‍්ඨා. සබ‍්බලොකෙ අනභිරතිසඤ‍්ඤාති සබ‍්බස‍්මිං තෙධාතුසන‍්නිවෙසෙ ලොකෙ උක‍්කණ‍්ඨිතස‍්ස උප‍්පජ‍්ජනකසඤ‍්ඤා. දුතියං උත‍්තානත්‍ථමෙව.

දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි මහප්ඵලා යනු විපාක ඵලයෙන් මහත්ඵලවූයේයි: විපාක ආනිසංශයෙන්ම මහානිසංසා නමි, අමතොගධා යනු නිවනට පිළිසරණ වූයි: සබ්බලොකෙ අනභිරතසඤ්ඤා යනු ත්‍රිවිධ ධාතූන් රැස්වන්නා වූ සියලු ලෝකයෙහි කළකිරුණු තැනැත්තාට උපදින සංඥාවයි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,

3. පඨමවඩ‍්ඪීසුත‍්තවණ‍්ණනා

3. පඨමවඩ්ඪි සූත්‍ර වර්ණනාව

තතියෙ වරාදායීති උත‍්තමස‍්ස වරස‍්ස ආදායකො. සෙසමෙත්‍ථ චතුත්‍ථෙ ච උත‍්තානත්‍ථමෙවාති.

තෙවැන්නෙහි වරදායී යනු උතුම් වූ වරය දෙන්නයි, මෙහි සෙස්ස සිවුවැන්නෙහි ද පැහැදිලි අරුත් ඇත්තේමය,

5. අලංසාකච‍්ඡසුත‍්තවණ‍්ණනා

5. අලංසාකච්ඡ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අලංසාකච‍්ඡොති සාකච‍්ඡාය යුත‍්තො. ආගතං පඤ‍්හන‍්ති පුච‍්ඡිතං පඤ‍්හං. බ්‍යාකත‍්තා හොතීති විස‍්සජ‍්ජිතා හොති.

පස්වැන්නෙහි අලංසාකච්ඡො යනු සාකච්ඡාවට සුදුසුවූයේයි, ආගතං පඤ්හං යනු අසන ලද ප්‍රශ්නයයි, ව්‍යාකත්තා හොති යනු විසඳන ලද්දේ වෙයි,

6. අලංසාජීවසුත‍්තවණ‍්ණනා

6. අලංසාජීව සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අලංසාජීවොති සාජීවාය යුත‍්තො. සාජීවොති පඤ‍්හපුච‍්ඡනඤ‍්චෙව පඤ‍්හවිස‍්සජ‍්ජනඤ‍්ච. සබ‍්බෙපි හි සබ්‍රහ‍්මචාරිනො පඤ‍්හං උපජීවන‍්ති, තෙනෙතං පඤ‍්හපුච‍්ඡනවිස‍්සජ‍්ජනං සමානාජීවතාය සාජීවොති වුත‍්තං. කතං පඤ‍්හන‍්ති අභිසඞ‍්ඛතං පඤ‍්හං.

සයවැන්නෙහි අලංසාජීවො සමාන පැවැත්මට සුදුසුවූයේයි: සාජීවො යනු ප්‍රශ්න ඇසීම සහ ප්‍රශ්න විසඳීමයි. සියලුම සම බඹසරෙහි හැසිරෙන්නෝ ප්‍රශ්න ඇසුරෙහි පවතිත්, එහෙයින් එම ප්‍රශ්න ඇසීම සහ ප්‍රශ්න විසඳීම සමාන පැවැත්ම වන බැවින් “සාජීවො”යි කියන ලදි. කතං පඤ්හං යනු නිර්‍මාණය කරන ලද ප්‍රශ්නයයි,

7-10. පඨමඉද‍්ධිපාදසුත‍්තාදිවණ‍්ණනා

7-10. පඨමඉද්ධිපාද ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ උස‍්සොළ‍්හීති අධිමත‍්තවීරියං. අට‍්ඨමෙ අත‍්තනො බොධිමණ‍්ඩෙ පටිවිද‍්ධෙ ආගමනඉද‍්ධිපාදෙ කථෙත්‍වා උපරි අත‍්තනොව ඡ අභිඤ‍්ඤා කථෙසීති. නවමදසමෙසු විපස‍්සනා කථිතා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

සත්වැන්නෙහි උස්සොළ්හි යනු දැඩි වීර්යයයි, අටවැන්නෙහි තමන්ගේ බෝමැඬෙහි අවබෝධ කළ, පැමිණෙන සෘද්ධිපාදයන් කියා මත්තෙහි තමන්ම ෂඩ් අභිඥාවන් කීවේය. නවවැනි දසවැනි සූත්‍රවල විදර්‍ශනාව කියන ලදි, සෙස්ස සියලුතන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

සඤ‍්ඤාවග‍්ගො දුතියො.

දෙවැනි වූ සඤ්ඤා වර්‍ගයයි.