යෙදුමෙන් කියවන්න

දුතියඉද‍්ධිපාදසුත‍්තං

5. 2. 2. 8.

5. 2. 2. 8.

[දුතියඉද‍්ධිපාදසුත‍්තං]

[දුතියඉද්ධිපාද සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

18. පුබ‍්බෙවා’හං භික‍්ඛවෙ සම‍්බොධා අනභිසම‍්බුද‍්ධො බොධිසත‍්තො’ව සමානො පඤ‍්ච ධම‍්මෙ භාවෙසිං පඤ‍්ච ධම‍්මෙ බහුලීකාසිං. කතමෙ පඤ‍්ච?

18. මහණෙනි, මම සම්බෝධියෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූයෙම් බෝධිසත්ත්‍ව වූයෙම් ම ධර්‍ම පසක් වැඩීමි. ධර්‍ම පසක් බිහිලි කෙළෙමි. කවර පසෙක යත්:

ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙසිං. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙසිං. උස‍්සොළ‍්හි යෙව පඤ‍්චමී.

ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්‍රධානසංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය වැඩීමි. වීර්‍ය්‍ය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්‍රධානසංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය වැඩීමි. උස්සොළ්හිය (අධිමාත්‍ර වීර්‍ය්‍ය) ම පස් වැන්න යි.

සො ඛො අහං භික‍්ඛවෙ ඉමෙසං උස‍්සොළ‍්හිපඤ‍්චමානං ධම‍්මානං භාවිතත‍්තා බහුලීකතත‍්තා යස‍්ස යස‍්ස අභිඤ‍්ඤාසච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙසිං අභිඤ‍්ඤාසච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිං සති සති ආයතනෙ.

මහණෙනි, ඒ මම අධිමාත්‍ර ඊහා පස් වනු කොට ඇති මේ පඤ්චධර්‍මයන් වැඩු හෙයින් බහුල විසින් කළ හෙයින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කළ යුතු යම් යම් ධර්‍මයක් සඳහා අභිඥායෙන් පසක් කිරීමට සිත නැමුයෙම් ද, ප්‍රත්‍යය ඇති වත් ම ඒ ඒ ධර්‍මයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි. ...

සො සචෙ ආකඞ‍්ඛිං අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභවෙය්‍යං -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙය්‍යන‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිං සති සති ආයතනෙ. -පෙ-

ඉදින් මම නන් වැදෑරුම් ඍද්ධිවිශේෂයන් අනුභව කෙරෙම්ව යි ... බඹලොව හිම් කොට ද කයින් වශිත්‍වය පවත්වම්ව යි කැමැති වීම් නම්, කරුණු ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි.

සො සචෙ ආකඞ‍්ඛිං -පෙ- ආසවානං ඛයා -පෙ- සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිං සති සති ආයතනෙ’ති.

ඉදින් මම ආස්‍රවක්‍ෂයයෙන් ... තෙමේම දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරෙම්ව යි කැමැති වීම් නම්, ප්‍රත්‍යය ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි යි.