යෙදුමෙන් කියවන්න

නිබ‍්බිදාසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 2. 2. 9.

5. 2. 2. 9.

[නිබ‍්බිදාසුත‍්තං]

[නිබ්බිදා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

19. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච?

19. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්‍මයෝ පස්දෙනෙක් ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ක්ලේශව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අසුභානුපස‍්සී කායෙ විහරති, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤී, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤී, සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සී. මරණසඤ‍්ඤා ඛො පනස‍්ස අජ‍්ඣත‍්තං සූපට‍්ඨිතා හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නාසුලුයේ, අහරෙහි පිළිකුල් සංඥා ඇතියේ, හැම පස්කඳලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලුයේ වාස කරයි. ඔහට මරණසංඥාව තමා තුළ මැනැවින් එළඹ සිටියේ ම වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තී’ති.

මහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්‍මයෝ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත්.

5. 2. 2. 10.

5. 2. 2. 10.

[ආසවක‍්ඛයසුත‍්තං]

[ආසවක්ඛය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

20. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච?

20. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්‍මයෝ පස් දෙනෙක් ආස්‍රවක්‍ෂය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අසුභානුපස‍්සී කායෙ විහරති, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤී, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤී, සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සී. මරණසඤ‍්ඤා ඛො පනස‍්ස අජ‍්ඣත‍්තං සූපට‍්ඨිතා හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැමලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණසංඥාව අද්ධ්‍යාත්මයෙහි මොනවට එළඹ සිටියේ ම වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත‍්තන‍්තී’ති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ භාවිත බහුලීකෘත වූවාහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙත්.

සඤ‍්ඤාවග‍්ගො දුතියො

සංඥාවර්‍ගය දෙවැනි යි.

තස‍්සුද‍්දානං

එහි උද්දානය:

ද‍්වෙ ච සඤ‍්ඤා ද‍්වෙ වඩ‍්ඪී ච සාකච‍්ඡා ච සජීවතා ඉද‍්ධිපාදා ච ද‍්වෙ වුත‍්තා නිබ‍්බිදා චාසවක‍්ඛයා.

සඤ්ඤා සූත්‍ර දෙකය, වඩ්ඪීසූත්‍ර දෙකය, සාකච්ඡා සූත්‍රය, සාජීවසූත්‍රය, ඉද්ධිපාදසූත්‍ර දෙකය, නිබ්බිදා සූත්‍රය, ආසවක්ඛය සූත්‍රය දැයි දසයෙක.