යෙදුමෙන් කියවන්න

පඨමචෙතොවිමුත‍්තිඵලසුත‍්තං

5. 2. 3. 1.

5. 2. 3. 1.

[පඨමචෙතොවිමුත‍්තිඵලසුත‍්තං]

[පඨමචේතෝවිමුත්තිඵල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

21. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා භාවිතා බහුලීකතා චෙතොවිමුත‍්තිඵලා ච හොන‍්ති චෙතොවිමුත‍්තිඵලානිසංසා ච. පඤ‍්ඤාවිමුත‍්තිඵලා ච හොන‍්ති පඤ‍්ඤාවිමුත‍්තිඵලානිසංසා ච. කතමෙ පඤ‍්ච?

21. මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් භාවිත බහුලීකාත වූවාහු (මාර්‍ගඵලසමාධි සඞ්ඛ්‍යාත) චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද, (මාර්‍ගඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අසුභානුපස‍්සී කායෙ විහරති, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤී, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤී, සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සී, මරණසඤ‍්ඤා ඛො පනස‍්ස අජ‍්ඣත‍්තං සූපට‍්ඨිතා හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනාත්මානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණ සංඥාව තමා තුළ මනාව පිහිටියේ ම වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා භාවිතා බහුලීකතා චෙතොවිමුත‍්තිඵලා ච හොන‍්ති, චෙතොවිමුත‍්තිඵලානිසාංසා ච. පඤ‍්ඤාවිමුත‍්තිඵලා ච හොන‍්ති පඤ‍්ඤාවිමුත‍්තිඵලානිසංසා ච.

මහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්‍මයෝ චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.

යතො ඛො භික‍්ඛවෙ චෙතොවිමුත‍්තො ච හොති පඤ‍්ඤාවිමුත‍්තො ච, අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛූ උක‍්ඛිත‍්තපලිඝො ඉතිපි සඞ‍්කිණ‍්ණපරිඛො ඉතිපි අබ‍්බූළ‍්හෙසිකො ඉතිපි නිරග‍්ගළො ඉතිපි අරියො පන‍්නද‍්ධජො පන‍්නභාරො විසංයුත‍්තො ඉතිපි.

මහණෙනි, මහණ යම් කලක් පටන් කොට චේතෝවිමුක්ත හා ප්‍රඥාවිමුක්ත හා වේ ද, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු (උපුටා හළ වටමුල් අවිදු නමැති කනයම ඇතියෙකැයි දු), ‘සඞ්කිණ්ණ පරිඛ’ය යි දු (සුගිදුගිසසර නමැති පරිඛා වනසා ලූයේ යයි දු), ‘අබ්බූළ්හෙසික’ ය යි දු (උපුටා හළ තෘෂ්ණා නමැති ඉඳුකිල් ඇතියේ ය යි දු), ‘නිරග්ගළ’ ය යි දු (උදුරා හළ නීවරණ සඞ්ඛ්‍යාත අගුළු ඇතියේ ය යි දු), ආර්‍ය්‍ය වූයේ හෙළා ලූ මානධ්වජ ඇතියේ ය යි දු, හෙළා ලූ (ස්කන්‍ධ අභිසංස්කාර ක්ලේශ සඞ්ඛ්‍යාත) බර ඇතියේ ය යි දු, ‘විසංයුක්ත’ (චතුරොඝයෙන් වෙන් ව සිටියේ) ය යි දු කියනු ලැබේ.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු උක‍්ඛිත‍්තපලිඝො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො අවිජ‍්ජා පහීනා හොති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු උක‍්ඛිත‍්තපලිඝො හොති.

මහණෙනි, මහණ කෙසේ නම් ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ හට අවිද්‍යා ප්‍රහීණ වූවා, උසුන් මුල් වූවා, මුදුන්සුන් තලක් සෙයින් කළ අවාස්තුකභාව ඇත්තී, කෘත අත්‍යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.

කතඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සඞ‍්කිණ‍්ණපරිඛො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො පොනොභවිකො ජාතිසංසාරො පහීනො හොති -පෙ- එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සඞ‍්කිණ‍්ණපරිඛො හොති.

මහණෙනි, මහණ කෙසේ නම් ‘සංකිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්‍භවාඛ්‍ය ඵලයට අර්‍හ වන ජාතිසංසාරය (කර්‍මාභිසංස්කාරය) ප්‍රහීණ වෙයි ... මහණෙනි, මෙසේ මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අබ‍්බූළ‍්හෙසිකො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො තණ‍්හා පහීනා හොති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අබ‍්බූළ‍්හෙසිකො හොති.

මහණෙනි, කෙසේ නම් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අත්‍යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු නිරග‍්ගළො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි හොන‍්ති උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවකතානි, ආයතිං අනුප‍්පාදධම‍්මානි. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු නිරග‍්ගළො හොති.

මහණෙනි, කෙසේ මහණ ‘නිරග්ගළ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවාස්තුකෘත වූවාහු කළ අභාව ඇත්තාහු මතුයෙහි නො උපදනා සැහැවි ඇත්තාහු වෙත්. මහණෙනි, මෙසේ මහණ ‘නිරග්ගළ’ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අරියො පන‍්නද‍්ධජො පන‍්නභාරො විසංයුත‍්තො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො අස‍්මිමානො පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අරියො පන‍්නද‍්ධජො පන‍්නභාරො විසංයුත‍්තො හොතී’ති.

මහණෙනි, කෙසේ මහණ ‘ආර්‍ය්‍ය’ වූයේ, ‘පන්නද්ධජ’ වූයේ, ‘පන්නභාර’ වූයේ, ‘විසංයුත්ත’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට (පඤ්චස්කන්‍ධය ‘මම’ ය ගත්) අස්මිමාන ය ප්‍රහීණ වූයේ, උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කළ අභාව ඇතියේ, මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ආර්‍ය්‍ය’ වූයේ, ‘පන්නද්ධජ’ වූයේ, ‘පන්නභාර’ වූයේ, ‘විසංයුත්ත’ වේ.