යෙදුමෙන් කියවන්න

3. අනාගතභයවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. අනාගතභය වර්ගය

1. පඨමචෙතොවිමුත‍්තිඵලසුත‍්තවණ‍්ණනා

1. පඨමචෙතොවිමුත්තිඵල සූත්‍ර වර්ණනාව

තතියස‍්ස පඨමෙ යතො ඛො, භික‍්ඛවෙති හෙට‍්ඨා වුත‍්තනයෙන විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත‍්තස‍්ස භික‍්ඛුනො ඉදානි වණ‍්ණභණනත්‍ථං ඉදං ආරද‍්ධං. තත්‍ථ යතො ඛොති යදා ඛො. උක‍්ඛිත‍්තපලිඝොති අවිජ‍්ජාපලිඝං උක‍්ඛිපිත්‍වා අපනෙත්‍වා ඨිතො. සංකිණ‍්ණපරිඛොති සංසාරපරිඛං සංකිරිත්‍වා විනාසෙත්‍වා ඨිතො. අබ‍්බූළ‍්හෙසිකොති තණ‍්හාසඞ‍්ඛාතං එසිකාථම‍්භං අබ‍්බුය‍්හ ලුඤ‍්චිත්‍වා ඨිතො. නිරග‍්ගළොති නීවරණකවාටං උග‍්ඝාටෙත්‍වා ඨිතො. පන‍්නද‍්ධජො පන‍්නභාරොති මානද‍්ධජඤ‍්ච ඛන්‍ධාභිසඞ‍්ඛාරකිලෙසභාරඤ‍්ච පාතෙත්‍වා ඔතාරෙත්‍වා ඨිතො. විසංයුත‍්තොති වට‍්ටෙන විසංයුත‍්තො. සෙසං පාළිනයෙනෙව වෙදිතබ‍්බං. එත‍්තාවතා භගවතා මග‍්ගෙන කිලෙසෙ ඛෙපෙත්‍වා නිරොධසයනවරගතස‍්ස නිබ‍්බානාරම‍්මණං ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා විහරතො ඛීණාසවස‍්ස කාලො දස‍්සිතො.

තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි යතො ඛො භික්ඛවෙ යනු යටකී පරිද්දෙන්ම විදසුන් වඩා රහත්බවට පත් භික්ෂුවගේ ගුණ කියනු සඳහා දැන් මෙය අරඹන ලදි, එහි යතො ඛො යනු යම් කලෙක වනාහියි, උක්ඛිත්තපලිඝො යනු අවිද්‍යාව නමැති බාධාව ඔසවා ඉවත්කොට සිටියේයි, සංකිණ්ණපරිබො යනු සසර අගල විසුරුවා විනාශකොට සිටියේයි, අබ්බුළ්හෙසිකො යනු තෘෂ්ණා සංඛ්‍යාත වූ තණ්හා නමැති කණුව උදුරා සිඳ සිටියේයි, නිරග්ගළො යනු නීවරණ අගුළ විවරකොට සිටියේයි, පන්නද්ධජො පන්නභාරො යනු මාන නමැති ධ්වජය ද ස්කන්ධ අභිසංස්කාර ක්ලෙශභාරය ද හෙලා බහා සිටියේයි, විසංයුත්තො යනු සසරින් මිදුණේයි, සෙස්ස පෙළෙහි ආ ක්‍රමයෙන්ම දතයුතුය, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් කෙලෙසුන් ක්‍ෂය කොට නිරොධය නමැති යහනට ගොස් නිවන අරමුණු වූ ඵලසමාපත්තියට නංවා වසන්නාවූ භික්ෂුවගේ කාලය දක්වන ලදි,

යථා හි ද‍්වෙ නගරානි එකං චොරනගරං එකං ඛෙමනගරං. අථ එකස‍්ස මහායොධස‍්ස එවං භවෙය්‍ය – “යාවිමං චොරනගරං තිට‍්ඨති, තාව ඛෙමනගරං භයතො න මුච‍්චති, චොරනගරං අනගරං කරිස‍්සාමී”ති සන‍්නාහං කත්‍වා ඛග‍්ගං ගහෙත්‍වා චොරනගරං උපසඞ‍්කමිත්‍වා නගරද‍්වාරෙ උස‍්සාපිතෙ එසිකාථම‍්භෙ ඛග‍්ගෙන ඡින්‍දිත්‍වා සද‍්ධිං ද‍්වාරබාහාහි කවාටං භින්‍දිත්‍වා පලිඝං උක‍්ඛිපිත්‍වා පාකාරං භින්‍දිත්‍වා පරිඛං විකිරිත්‍වා නගරසොභත්‍ථාය උස‍්සිතෙ ධජෙ පාතෙත්‍වා නගරං අග‍්ගිනා ඣාපෙත්‍වා ඛෙමනගරං පවිසිත්‍වා පාසාදං ආරුය‍්හ ඤාතිගණපරිවුතො සුරසභොජනං භුඤ‍්ජෙය්‍ය. එවං චොරනගරං විය සක‍්කායො, ඛෙමනගරං විය නිබ‍්බානං, මහායොධො විය යොගාවචරො. තස‍්සෙවං හොති – “යාව සක‍්කායවට‍්ටං වට‍්ටති, තාව ද‍්වත‍්තිංසකම‍්මකාරණාඅට‍්ඨනවුතිරොගපඤ‍්චවීසතිමහාභයෙහි පරිමුච‍්චනං නත්‍ථී”ති. සො මහායොධො සන‍්නාහං විය සීලසන‍්නාහං කත්‍වා පඤ‍්ඤාඛග‍්ගං ගහෙත්‍වා ඛග‍්ගෙන එසිකාථම‍්භෙ විය අරහත‍්තමග‍්ගෙන තණ‍්හෙසිකං ලුඤ‍්චිත්‍වා, සො යොධො සද‍්වාරබාහකං නගරකවාටං විය පඤ‍්චොරම‍්භාගියසංයොජනඅග‍්ගළං උග‍්ඝාටෙත්‍වා, සො යොධො පලිඝං විය අවිජ‍්ජාපලිඝං උක‍්ඛිපිත්‍වා, සො යොධො පාකාරං භින්‍දන‍්තො පරිඛං විය කම‍්මාභිසඞ‍්ඛාරං භින්‍දන‍්තො ජාතිසංසාරපරිඛං විකිරිත්‍වා, සො යොධො නගරං සොභත්‍ථාය උස‍්සාපිතද‍්ධජෙ විය මානද‍්ධජෙ පාතෙත්‍වා සක‍්කායනගරං ඣාපෙත්‍වා, සො යොධො ඛෙමනගරෙ උපරිපාසාදෙ සුභොජනං විය කිලෙසපරිනිබ‍්බානනගරං පවිසිත්‍වා අමතං නිරොධාරම‍්මණං ඵලසමාපත‍්තිසුඛං අනුභවමානො කාලං වීතිනාමෙති.

යම්සේ නගර දෙකකින් එකක් සොරු වෙසෙන නගරක් ද එකක් අනතුරු රහිත නගරයක් වේ ද ඉක්බිති එක් මහා යෝධයකුට මෙසේ සිතෙන්නේය, යම්තාක් මේ සොරුන් වෙසෙන නගරය තිබේ ඒතාක් අනතුරු රහිත නගරය බියෙන් නොමිදෙයි, සොරුන් වෙසෙන නගරය නගරය නොවූවක් කරමියි යුද ඇඳුම් ඇඟලා කඩුව ගෙන සොර නගරයට එළඹ නුවර දොරටුවෙහි ඔසවන ලද එෂිකාස්ථම්භයන් කඩුවෙන් සිඳ දොරටු හා උළුවසු සමඟ කවුළු බිඳ හරස් පොල්ල ඔසවාදමා පවුර බිඳ දිය අගල විසුරුවා නගරයේ ශෝභාව සඳහා ඔසවන ලද කොඩි බිම හෙළා නුවර ගින්නෙන් දවා උවදුරු රහිත නුවරට පිවිස පහයට නැඟී නෑ සමූහයා විසින් පරිවරණ ලද්දේ මනාරසැති බොජුන් බුදින්නේ ද මෙසේ චොරනගරය මෙන් සත්කාය (ස්වකීකය, ශරීරය ) යයි, උවදුරු රහිත නගරය මෙන් නිවනයි, මහා යෝධයා මෙන් යෝගාවචරයායි, ඔහුට මෙසේ අදහස් වෙයි. “යම්තාක් සත්කාය වෘත්තය (ශරීරයාගේ සංසාරික පැවැත්ම) පවතියිද එතෙක් දෙතිස් දඩුවම්, අනූවක් රෝග පස්විසි මහබිය යන මේවායින් මිදීමක් නැත යනුවෙනි.” හෙතෙම මහා යෝධයකු මෙන් ශීල නමැති සන්නාහයෙන් සන්නද්ධව ප්‍රඥා නමැති කඩුව ගෙන කඩුවෙන් එසිකාස්තම්භය මෙන් රහත් මගින් තෘෂ්ණාව නමැති කණුව කපා ඒ යෝධයා දෙරටු හා දොරබා සහිත නගර කවුළුව මෙන් පංච ඕරමහාගිය නමැති අගුළ හැර ඒ යෝධයා හරස් පොල්ල මෙන් අවිද්‍යා නමැති හරස් පොල්ල ඔසවාදමා ඒ යෝධයා පවුර බිඳින්නේ දිය අගල මෙන් කර්‍මාභිසංස්කාරයන් බිඳිමින් උපතේ සැරිසැරීම වූ අගල විසුරුවා හැර ඒ යෝධයා නුවර සරසනු සඳහා ඔසවා තිබූ කොඩි මෙන් මාන නමැති කොඩි හෙලා සත්කාය නමැති නගරය දවා ඒ යෝධයා උවදුරු රහිත නුවරෙහි මතුමහලෙහි මනාබොජුන් මෙන් කෙලෙස් නිවීම නමැති නුවරට පිවිස අමරණීය වූ නිරොධය අරමුණු කොට ඇති පලසමවත් සුවය විඳිමින් කාලය ගෙවයි.

2. දුතියචෙතොවිමුත‍්තිඵලසුත‍්තවණ‍්ණනා

2. දුතියචෙතොවිමුත්තිඵල සූත්‍ර වර්ණනාව

දුතියෙ අනිච‍්චසඤ‍්ඤාති ඛන්‍ධපඤ‍්චකං හුත්‍වා අභාවාකාරෙන අනිච‍්චන‍්ති උප‍්පජ‍්ජනකසඤ‍්ඤා. අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤාති යදනිච‍්චං, තං පටිපීළනාකාරෙන දුක‍්ඛන‍්ති උප‍්පජ‍්ජනකසඤ‍්ඤා. දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤාති යං දුක‍්ඛං, තං අවසවත‍්තනාකාරෙන අනත‍්තාති උප‍්පජ‍්ජනකසඤ‍්ඤා. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව. ඉමෙසු පන ද‍්වීසුපි සුත‍්තෙසු විපස‍්සනාඵලං නාම කථිතන‍්ති.

දෙවැන්නෙහි අනිච්චසඤ්ඤා යනු ස්කන්‍ධ පංචකය ඇතිවී නැතිවී යන අයුරින් අනිත්‍යයයි උපදින හැඟීමයි, අනිච්චෙ දුක්ඛසඤ්ඤා යනු යමක් අනිත්‍යය ද එය පීඩනයට පත්වන අයුරින් දුක්යැයි උපදින හැඟීමයි, දුක්ඛෙ අනත්තසඤ්ඤා යනු යමක් දුක ද එය තමා යටතෙහි නොපවත්නා අයුරින් අනාත්මයයි උපදින හැඟීමයි, සෙස්ස යට පැහැදිලි කළ අයුරින්මය, මෙම සූත්‍ර දෙකෙහි දී විදර්‍ශනා ඵලය කියන ලදි.

3. පඨමධම‍්මවිහාරී සුත‍්තවණ‍්ණනා

3. පඨමධම්මවිහාරී සූත්‍ර වර්ණනාව

තතියෙ දිවසං අතිනාමෙතීති දිවසං අතික‍්කාමෙති. රිඤ‍්චති පටිසල‍්ලානන‍්ති එකීභාවං විස‍්සජ‍්ජෙති. දෙසෙතීති කථෙති පකාසෙති. ධම‍්මපඤ‍්ඤත‍්තියාති ධම‍්මස‍්ස පඤ‍්ඤාපනාය. ධම‍්මං පරියාපුණාතීති නවඞ‍්ගවසෙන චතුසච‍්චධම‍්මං පරියාපුණාති වළඤ‍්ජෙති කථෙති. න රිඤ‍්චති පටිසල‍්ලානන‍්ති එකීභාවං න විස‍්සජ‍්ජෙති. අනුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථන‍්ති නියකජ‍්ඣත‍්තෙ චිත‍්තසමාධිං ආසෙවති භාවෙති, සමථකම‍්මට‍්ඨානෙ යුත‍්තප‍්පයුත‍්තො හොති.

තෙවැන්නෙහි දිවසං අතිනාමෙති යනු දිනය ගෙවයි, රිඤ්චති පටිසල්ලාණං යනු හුදෙකළා බව දුරු කරයි, දෙසෙති යනු කියයි, ප්‍රකාශ කරයි. ධම්මසඤ්ඤත්තියා යනු ධර්‍මය හැඟවීම සඳහායි, ධම්මං පරියාපුණාති යනු නවංග වශයෙන් සිවුසස් දහම උගනියි, පිළිපදියි, කියයි. න රිඤ්චති පටිසල්ලාණං යනු හුදෙකළා බව අත් නොහරියි, අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං යනු ස්වකීය අධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ඇසුරු කරයි, වඩයි, සමථ කර්‍මස්ථානයෙහි යෙදී නියැළුනේ වෙයි,

හිතෙසිනාති හිතං එසන‍්තෙන. අනුකම‍්පකෙනාති අනුකම‍්පමානෙන. අනුකම‍්පං උපාදායාති අනුකම‍්පං චිත‍්තෙන පරිග‍්ගහෙත්‍වා, පටිච‍්චාතිපි වුත‍්තං හොති. කතං වො තං මයාති තං මයා ඉමෙ පඤ‍්ච පුග‍්ගලෙ දෙසෙන‍්තෙන තුම‍්හාකං කතං. එත‍්තකමෙව හි අනුකම‍්පකස‍්ස සත්‍ථු කිච‍්චං යදිදං අවිපරීතධම‍්මදෙසනා, ඉතො පරං පන පටිපත‍්ති නාම සාවකානං කිච‍්චං. තෙනාහ – එතානි භික‍්ඛු රුක‍්ඛමූලානි…පෙ… අම‍්හාකං අනුසාසනීති. තත්‍ථ ච රුක‍්ඛමූලානීති ඉමිනා රුක‍්ඛමූලසෙනාසනං දස‍්සෙති. සුඤ‍්ඤාගාරානීති ඉමිනා ජනවිවිත‍්තට‍්ඨානං. උභයෙනාපි ච යොගානුරූපං සෙනාසනමාචික‍්ඛති, දායජ‍්ජං නිය්‍යාතෙති. ඣායථාති ආරම‍්මණූපනිජ‍්ඣානෙන අට‍්ඨතිංසාරම‍්මණානි, ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ච අනිච‍්චාදිතො ඛන්‍ධායතනාදීනි උපනිජ‍්ඣායථ, සමථඤ‍්ච විපස‍්සනඤ‍්ච වඩ‍්ඪෙථාති වුත‍්තං හොති. මා පමාදත්‍ථාති මා පමජ‍්ජිත්‍ථ. මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථාති යෙ හි පුබ‍්බෙ දහරකාලෙ ආරොග්‍යකාලෙ සත‍්තසප‍්පායාදිසම‍්පත‍්තිකාලෙ සත්‍ථු සම‍්මුඛීභාවකාලෙ ච යොනිසොමනසිකාරවිරහිතා රත‍්තින්‍දිවං මඞ‍්කුලභත‍්තා හුත්‍වා සෙය්‍යසුඛමිද‍්ධසුඛමනුයුත‍්තා පමජ‍්ජන‍්ති, තෙ පච‍්ඡා ජරාකාලෙ රොගකාලෙ මරණකාලෙ විපත‍්තිකාලෙ සත්‍ථු පරිනිබ‍්බානකාලෙ ච තං පුබ‍්බෙ පමාදවිහාරං අනුස‍්සරන‍්තා සප‍්පටිසන්‍ධිකාලකිරියඤ‍්ච භාරියං සම‍්පස‍්සමානා විප‍්පටිසාරිනො හොන‍්ති. තුම‍්හෙ පන තාදිසා මා අහුවත්‍ථාති එතමත්‍ථං දස‍්සෙන‍්තො ආහ – “මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථා”ති. අයං වො අම‍්හාකං අනුසාසනීති අයං අම‍්හාකං සන‍්තිකා “ඣායථ මා පමාදත්‍ථා”ති තුම‍්හාකං අනුසාසනී, ඔවාදොති වුත‍්තං හොති.

හිතෙසිනා යනු හිත කැමතිවන්නා විසිනි, අනුකම්පකෙන යනු අනුකම්පා කරන්නහු විසිනි, අනුකම්පං උපාදාය යනු සිතින් අනුකම්පාව වැළඳගෙනයි, නිසායිද කියන ලද්දේ වෙයි, කතං වො තං මයා යනු මේ පංච පුද්ගලයන් (ගැන) දෙසන්නාවු මවිසින් නුඹලාට එය කරන ලදි, යම් මේ අවිපරිත ධර්‍මදේශනාවක් වේද අනුකම්පා කරන්නා වූ ශාස්තෲන් වහන්සේගේ කෘත්‍යය එපමණක්ම වෙයි, මෙයින් මත්තෙහි වනාහි ප්‍රතිපත්තිය නම් ග්‍රාවකයන්ගේ කෘත්‍යයයි, එබැවින් “එතානි භික්ඛු රුක්ඛමූලානි -පෙ- අම්හාකං අනුසාසනී”යි කියන ලදි. එහිද රුක්ඛමුලානි යන මෙයින් රුක්ඛමූල සෙනාසනය දක්වයි, සුඤ්ඤාගාරානි යනු මෙයින් ජනයාගෙන් තොර තැනයි, (පද) දෙකින්ම භාවනාවට සුදුසුවූ සෙනසුන ප්‍රකාශ කරයි. දායාදය පවරාදෙයි, ඣායථ යනු අරමුණු මෙනෙහි කිරීමෙන් අටතිස් අරමුණු ද ලණ මෙනෙහි කිරීමෙන් අනිත්‍යදී වශයෙන් ස්කන්ධ ආයතනාදිය ද මෙනෙහි කරවු, සමථය ද විදර්‍ශනාව වඩමුයි කියන ලද්දේ වෙයි, මා පමාදත්‍ථ යනු නොපමාවෙහුයි, මා පච්ඡා විප්පටිසාරින්නා අහුවත්‍ථ යනු යමෙක් පෙර තරුණ කල ද නීරෝගී කල ද, සත්තසප්පාය ආදී සම්පත්ති කාලයෙහි ද ශාස්තෲන් වහන්සේ මුණගැසුණු කාලයෙහි ද නුවණින් මෙනෙහි කිරීමෙන් තොරවූවාහු රෑදාවල් විපිළිසරවී නිදිසුව නිදිමතසුව විදිමන් පමා වෙත්ද ඔවුහු පසුව ජරාවට පත්කාලයෙහි ද රෝගකාලයෙහි ද මරණ කාලයෙහි ද විපත් කාලයෙහි ද ශාස්තෲන් වහන්සේ පිරිනිවුණු කල්හි ද ඒ පෙර පමාව හැසිරීම සිහිකරමින් ප්‍රතිසන්ධි සහිත මරණය ද බැරෑරුම් කොට දකිමින් විපිළිසර වෙත්. නුඹලා වනාහි එබඳුවූවෝ නොවෙමු යන මෙකරුණ දක්වමින් “මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්‍ථ” යනුවෙන් කීවේය. අයං වො අම්හාකං අනුසාසතී යනු ධ්‍යාන වඩවූ පමා නොවවු යන මෙය අපගේ සමීපයෙන් නුඹලාට වූ අනුශාසනයයි අවවාදයයි කියන ලද්දේ වෙයි.

4. දුනියධම‍්මවිහාරීසුත‍්තවණ‍්ණනා

4. දුතියධම්මවිහාරී සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ උත‍්තරි චස‍්ස පඤ‍්ඤාය අත්‍ථං නප‍්පජානාතීති තතො පරියත‍්තිතො උත‍්තරි තස‍්ස ධම‍්මස‍්ස සහවිපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය අත්‍ථං නප‍්පජානාති, චත‍්තාරි සච‍්චානි න පස‍්සති නප‍්පටිවිජ‍්ඣතීති අත්‍ථො. සෙසවාරෙසුපි එසෙව නයො. එවමෙතෙසු ද‍්වීසුපි සුත‍්තෙසු බහුස‍්සුතභික‍්ඛු විපස‍්සනාකම‍්මිකො සොතාපන‍්නො සකදාගාමී අනාගාමී ඛීණාසවොති ඡ ජනා ධම‍්මවිහාරිනො නාමාති වෙදිතබ‍්බා.

සිවුවැන්නෙහි උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්‍ථං නප්පජානාති යනු ඒ පර්‍ය්‍යාප්තියෙන් මත්තෙහි විදර්‍ශනා සහගත මාර්‍ග ප්‍රඥාවෙන් යුක්තවූ ඒ ධර්‍මයාගේ අර්‍ත්‍ථයක් නොදනියි, සිවුසස් නොදකියි, අවබෝධ නොකෙරේයයි අර්‍ත්‍ථයයි, සෙසු වාරයන්හි ද මේ ක්‍රමයමයි, මෙසේ මේ සූත්‍ර දෙකෙහිම බහුශ්‍රැත භික්ෂුව. විදර්‍ශනාවෙහි යෙදෙන්නා, සෝවාන් තැනැත්තා සකෘදාගාමියා අනාගාමියා ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ යන සදෙනා ධම්මවිහාරී නම් වූවාහුයයි දතයුත්තාහ.

5. පඨමයොධාජීවූපම සුත‍්තවණ‍්ණනා

5. පඨමයොධාජීවූපම සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ යොධාජීවාති යුද‍්ධූපජීවිනො. රජග‍්ගන‍්ති හත්‍ථිඅස‍්සාදීනං පාදප‍්පහාරභින‍්නාය භූමියා උග‍්ගතං රජක‍්ඛන්‍ධං. න සන්‍ථම‍්භතීති සන්‍ථම‍්භිත්‍වා ඨාතුං න සක‍්කොති. සහති රජග‍්ගන‍්ති රජක‍්ඛන්‍ධං දිස‍්වාපි අධිවාසෙති. ධජග‍්ගන‍්ති හත්‍ථිඅස‍්සදීනං පිට‍්ඨෙසු වා රථෙසු වා උස‍්සාපිතානං ධජානං අග‍්ගං. උස‍්සාරණන‍්ති හත්‍ථිඅස‍්සරථානඤ‍්චෙව බලකායස‍්ස ච උච‍්චාසද‍්දමහාසද‍්දං. සම‍්පහාරෙති සමාගතෙ අප‍්පමත‍්තකෙපි පහාරෙ. හඤ‍්ඤතීති විහඤ‍්ඤති විඝාතං ආපජ‍්ජති. බ්‍යාපජ‍්ජතීති විපත‍්තිං ආපජ‍්ජති, පකතිභාවං ජහති. සහති සම‍්පහාරන‍්ති ද‍්වෙ තයො පහාරෙ පත්‍වාපි සහති අධිවාසෙති. තමෙව සඞ‍්ගාමසීසන‍්ති තංයෙව ජයක‍්ඛන්‍ධාවාරට‍්ඨානං. අජ‍්ඣාවසතීති සත‍්තාහමත‍්තං අභිභවිත්‍වා ආවසති. කිං කාරණා ? ලද‍්ධපහාරානං පහාරජග‍්ගනත්‍ථඤ‍්චෙව කතකම‍්මානං විසෙසං ඤත්‍වා ඨානන‍්තරදානත්‍ථඤ‍්ච ඉස‍්සරියසුඛානුභවනත්‍ථඤ‍්ච.

පස්වැන්නෙහි යොධාජිවා යනු යුද්ධයෙන් ජීවත් වන්නාහුයි. රජග්ගං යනු ඇත් අස් ආදීන්ගේ පාපහරින් බිඳුණු බිමෙන් නැඟුණු දුවිලි සමුහයයි, න සන්ථමහති යනු යටපත් කොට සිටීමට නොහැකි වෙයි, සහති රජග්ගං දුවිලි සමුහය දැක ද ඉවසයි, ධජග්ගං යනු ඇත් අසුන්ගේ පිටෙහි හෝ රථයන්හි හෝ නංවනලද කොඩිවල අගය, උස්සාදනං යනු ඇත්-අස් රියවල මෙන්ම බලකායේ ද උස්හඬ, මහහඬයි, සම්පහාරෙ යනු පැමිණි සුළුවූ ද පහරෙහියි, ආහඤ්ඤති යනු දුක්වෙයි, තැවුලට පත්වෙයි, ව්‍යාපජ්ජති යනු විපතට පැමිණෙයි, ප්‍රකෘති ස්වභාවය අත් හරියි, සහති සම්පහාරං යනු දෙතුන් පහරකට පැමිණ ද ඉවසයි, උසුලයි, තමෙව සංගාමසීසං යනු ඒ ජය කඳවුරයි, අජ්ඣාවසති යනු දිනසතක් පමණ මැඩ පවත්වා වෙසෙයි, කුමක් හෙයින්දයත්? ලද පහරවල පහර යටපත් කරනු සඳහා මෙන්ම කළකටයුතුවල විශේෂත්වය දැන තනතුරු දීම සඳහා ද අධිපති සැපත විඳිනු සඳහා ද වේ.

ඉදානි යස‍්මා සත්‍ථු යොධාජීවෙහි කිච‍්චං නත්‍ථි, ඉමස‍්මිං පන සාසනෙ තථාරූපෙ පඤ‍්ච පුග‍්ගලෙ දස‍්සෙතුං ඉදං ඔපම‍්මං ආභතං. තස‍්මා තෙ පුග‍්ගලෙ දස‍්සෙන‍්තො එවමෙව ඛොතිආදිමාහ. තත්‍ථ සංසීදතීති මිච‍්ඡාවිතක‍්කස‍්මිං සංසීදති අනුප‍්පවිසති. න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන්‍ධාරෙතුන‍්ති බ්‍රහ‍්මචරියවාසං අනුපච‍්ඡිජ‍්ජමානං ගොපෙතුං න සක‍්කොති. සික‍්ඛාදුබ‍්බල්‍යං ආවිකත්‍වාති සික‍්ඛාය දුබ‍්බලභාවං පකාසෙත්‍වා. කිමස‍්ස රජග‍්ගස‍්මින‍්ති කිං තස‍්ස පුග‍්ගලස‍්ස රජග‍්ගං නාමාති වදති. අභිරූපාති අභිරූපවතී. දස‍්සනීයාති දස‍්සනයොග‍්ගා. පාසාදිකාති දස‍්සනෙනෙව චිත‍්තප‍්පසාදාවහා. පරමායාති උත‍්තමාය. වණ‍්ණපොක‍්ඛරතායාති සරීරවණ‍්ණෙන චෙව අඞ‍්ගසණ‍්ඨානෙන ච. ඌහසතීති අවහසති. උල‍්ලපතීති කථෙති. උජ‍්ඣග‍්ඝතීති පාණිං පහරිත්‍වා මහාහසිතං හසති. උප‍්පණ‍්ඩෙතීති උප‍්පණ‍්ඩනකථං කථෙති. අභිනිසීදතීති අභිභවිත්‍වා සන‍්තිකෙ වා එකාසනෙ වා නිසීදති. දුතියපදෙපි එසෙව නයො. අජ‍්ඣොත්‍ථරතීති අවත්‍ථරති. විනිවෙඨෙත්‍වා විනිමොචෙත්‍වාති ගහිතට‍්ඨානතො තස‍්සා හත්‍ථං විනිබ‍්බෙඨෙත්‍වා චෙව මොචෙත්‍වා ච. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතං.

දැන් යම් හෙයකින් යුද්ධයෙන් ජීවත් වන්නන්ගෙන් වැඩක් නැත්ද මේ සසුනෙහි එබඳු වූ පුද්ගලයන් පස්දෙනකු දැක්වීමට මේ උපමාව ඉදිරිපත් කරන ලදි. එහෙයින් ශාස්තෲන් වහන්සේ ඒ පුද්ගලයන් දක්වන සේක් “එවමෙව ඛො” යනාදිය කී සේක. එහි සංසීදති යනු මිථ්‍යා විතර්කයෙහි ගිලෙයි, පිවිසෙයි, න සක්කොති බ්‍රහ්මචරියං සන්තානෙතුං යනු බ්‍රහ්මචරියවාසය නොසිඳීමින් රැකීමට නොහැකි වෙයි, සික්ඛාදුබ්බල්‍යං ආචිකත්වා යනු ශික්‍ෂාවෙහි දුලබව කියායි, කිමස්ස රජග්ගසමිං යනු ඒ පුද්ගලයාට දූවිලි රැස කුමක් නම් වේදැයි අසයි, අභිරූපා යනු බෙහෙවින් රුවැති වූවාහුයි, දස්සනීයා යනු දැකීමට යොග්‍ය වූවෝයි, පාසාදිකා යනු දැකීමෙන්ම සිතේ පැහැදීම ඇති කරවන්නාහුයි, පරමාය යනු උතුම්වූයි, වණ්ණපොක්ඛරතාය යනු සිරුරු පැහැයෙන් මෙන්ම ශරීර සටහනෙනි, ඌහසති යනු අපහාස කරයි, උල්ලපති යනු කථා කරයි, උජ්ඣග්ගෙති යනු අත්පැහැර මහහඬින් සිනාසෙයි, උප්පණ්ඩෙති යනු සමච්චල් කථාකරයි, අභිනිසිදති යනු මැඩපවත්වා සමීපයෙහි හෝ එක් අසුනෙහි හෝ හිඳියි, දෙවැනි පදයෙහි ද ක්‍රමයමයි, අජ්ඣොත්‍ථරති යනු පැතිරී සිටියි, විනිවෙඨෙත්වා විනිමොවෙත්වා යනු ගත් තැනින් ඔහුගේ අත බැඳුම් හැර මුදායි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.

6. දුතියයොධාජීවූපම සුත‍්තවණ‍්ණනා

6. දුතියයොධාජීවූපම සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අසිචම‍්මං ගහෙත්‍වාති අසිඤ‍්ච චම‍්මඤ‍්ච ගහෙත්‍වා. ධනුකලාපං සන‍්නය‍්හිත්‍වාති ධනුඤ‍්ච සරකලාපඤ‍්ච සන‍්නය‍්හිත්‍වා. වියූළ‍්හන‍්ති යුද‍්ධසන‍්නිවෙසවෙසෙන ඨිතං. සඞ‍්ගාමං ඔතරතීති මහායුද‍්ධං ඔතරති. උස‍්සහති වායමතීති උස‍්සාහඤ‍්ච වායාමඤ‍්ච කරොති. හනන‍්තීති ඝාතෙන‍්ති. පරියාපාදෙන‍්තීති පරියාපාදයන‍්ති. උපලික‍්ඛන‍්තීති විජ‍්ඣන‍්ති. අපනෙන‍්තීති සකසෙනං ගහෙත්‍වා ගච‍්ඡන‍්ති. අපනෙත්‍වා ඤාතකානං නෙන‍්තීති සකසෙනං නෙත්‍වා තතො ඤාතකානං සන‍්තිකං නෙන‍්ති. නීයමානොති අත‍්තනො ගෙහං වා සෙසඤාතිසන‍්තිකං වා නිය්‍යමානො. උපට‍්ඨහන‍්ති පරිචරන‍්තීති පහාරසොධනවණකප‍්පනාදීනි කරොන‍්තා ජග‍්ගන‍්ති ගොපයන‍්ති.

සයවැන්නෙහි අසිචම්මං ගහෙත්වා යනු කඩුව ද සම ද ගෙනයි, ධනුකලාපං සන්නය්හිත්වා දුන්න ද හීතල සමූහය ද සරසාගෙන, වියුළ්හං යනු කඳවුරු බැඳගැනීමෙන් සිටියේයි, සංගාමං ඔතරති යනු මහත් යුද්ධයකට එළඹෙයි, උස්සභති වායමති යනු උත්සාහය ද ව්‍යායාමය ද කරයි, හනන්ති යනු නසති, පරියාදෙන්ති යනු යටපත් කරති, උපලික්ඛන්ති යනු විදිත්, අපන්නෙති යනු සිය සෙනඟ ගෙනයත්, අපනෙත්වා ඤාතකානං නෙන්ති යනු සිය සෙනඟ රැගෙන ගොස් අනතුරුව ඥාතීන්ගේ සමීපයට පමුණුවත්, නිය්‍යමානො යනු තමන්ගේ නිවසට හෝ සෙසු ඥාතීන් සමීපයට හෝ පමුණුවන්නහුයි, උපට්ඨහන්ති පරිචරන්ති යනු (කැපුම්) පහර පිරිසුදු කිරීම් තුවාල වෙලීම් ආදිය කරමින් පිළිදැගුම් කරති. පෝෂණය කරති.

අරක‍්ඛිතෙනෙව කායෙනාති අරක‍්ඛිතෙන කායද‍්වාරෙන. අරක‍්ඛිතාය වාචායාති අරක‍්ඛිතෙන වචීද‍්වාරෙන. අරක‍්ඛිතෙන චිත‍්තෙනාති අරක‍්ඛිතෙන මනොද‍්වාරෙන. අනුපට‍්ඨිතාය සතියාති සතිං සුපට‍්ඨිතං අකත්‍වා. අසංවුතෙහි ඉන්‍ද්‍රියෙහීති මනච‍්ඡට‍්ඨෙහි ඉන්‍ද්‍රියෙහි අපිහිතෙහි අගොපිතෙහි. රාගො චිත‍්තං අනුද‍්ධංසෙතීති රාගො උප‍්පජ‍්ජමානොව සමථවිපස‍්සනාචිත‍්තං ධංසෙති, දූරෙ ඛිපති. රාගපරියුට‍්ඨිතොම‍්හි, ආවුසො, රාගපරෙතොති අහං, ආවුසො, රාගෙන රත‍්තො, රාගෙන අනුගතො.

අරක්ඛිතෙනෙව කායෙන යනු නොරකින ලද කායද්වාරයෙනි, අරක්ඛිතාය වාචාය නොරකින ලද වාග්ද්වාරයෙනි, අරක්ඛිතෙන චිත්තෙන යනු නොරකින ලද මනොද්වාරයෙනි, අනුපට්ඨිතාය සතියා යනු සිහිය මනාව පිහිටියක් නොකොටයි, අසංවුතෙහි ඉන්ද්‍රියෙහි යනු නොඉවසනලද නොරක්නාලද මනස සවැනි කොට ඇති ඉඳුරන්ගෙනි, රාගො චිත්තං අනුද්ධංසෙති යනු රාගය උපදිනු ලබන්නේම සමථ විදර්‍ශනා චිත්තය දුරු කරයි, දුරට යවයි, රාගායිතොම්හි ආවුසො රාගපරෙතො යනු ඇවැත්නි මම රාගයෙන් රත්වූයෙම් රාගයෙන් යුක්තවූයෙම් වෙමියි,

අට‍්ඨිකඞ‍්කලූපමාතිආදීසු අට‍්ඨිකඞ‍්කලූපමා අප‍්පස‍්සාදට‍්ඨෙන. මංසපෙසූපමා බහුසාධාරණට‍්ඨෙන. තිණුක‍්කූපමා අනුදහනට‍්ඨෙන. අඞ‍්ගාරකාසූපමා මහාභිතාපට‍්ඨෙන. සුපිනකූපමා ඉත‍්තරපච‍්චුපට‍්ඨානට‍්ඨෙන. යාචිතකූපමා තාවකාලිකට‍්ඨෙන. රුක‍්ඛඵලූපමා සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගපලිභඤ‍්ජනට‍්ඨෙන. අසිසූනූපමා අධිකුට‍්ටනට‍්ඨෙන. සත‍්තිසූලූපමා විනිවිජ‍්ඣනට‍්ඨෙන. සප‍්පසිරූපමා සාසඞ‍්කසප‍්පටිභයට‍්ඨෙන. උස‍්සහිස‍්සාමීති උස‍්සාහං කරිස‍්සාමි. ධාරයිස‍්සාමීති සමණභාවං ධාරයිස‍්සාමි. අභිරමිස‍්සාමීති අභිරතිං උප‍්පාදෙස‍්සාමි න උක‍්කණ‍්ඨිස‍්සාමි. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති.

අට්ඨිකඞ්කලූපමා යනාදියෙහි අප්‍රසාද අර්‍ත්‍ථයෙන් ඇටසැකිල්ලකට සමාන වූයේයි, මංසපෙසුපමා යනු බොහෝ සාධාරණර්‍ත්‍ථයෙන් මාංශපේශියකට සමාන වූයේයි, තිණුක්කුපමා යනු තැවීම් ඇතිකරන අර්‍ත්‍ථයෙන් තණ හුලකට සමානය, අඞ්ගාරකාසුපමා යනු මහත් තැවීමක් ඇතිකරන අරුතින් අඟුරු වලකට සමානය, සුපිනකුපමා මදක් පැවතීම් අරුතින් සිහිනයකට සමානය, යාචිතකුපමා යනු තාවකාලිකාර්ථයෙන් ඉල්වාගන්නා ලද්දක් බඳුය, රුක්ඛඵලුපමා යනු සියලු අඟ පසඟ බිඳීයන අරුතින් ගසක සන්ධියක් බඳුය, අසිසුනුපමා යනු පිළිකුල් අරුතින් වධකාගාරයක් බඳුය, සත්තිසුලුපමා යනු විනිවිද යන අරුතින් අවිමුවහතක් බඳුය, සප්පසිරූපමා යනු සැකසහිත බිය සහිත අරුතින් සර්‍ප හිසක් බඳුය, උස්සභිස්සාමි යනු උත්සාහ කරන්නෙමි, ධාරයිස්සාමි යනු මහණ බව දරන්නෙමි, අභිරමිස්සාමි යනු කැමැත්ත උපදවන්නෙමි, උකටලී නොවෙමි, මෙහි සෙස්ස පැහැදිලිමය, මෙම සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.

7. පඨමඅනාගතභයසුත‍්තවණ‍්ණනා

7. පඨමඅනාගතභය සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ ආරඤ‍්ඤකෙනාති අරඤ‍්ඤවාසිනා. අප‍්පත‍්තස‍්සාති අසම‍්පත‍්තස‍්ස ඣානවිපස‍්සනාමග‍්ගඵලප‍්පභෙදස‍්ස විසෙසස‍්ස පත‍්තියා. සෙසපදෙසුපි එසෙව නයො. සො මමස‍්ස අන‍්තරායොති සො මම ජීවිතන‍්තරායො ච බ්‍රහ‍්මචරියන‍්තරායො ච, පුථුජ‍්ජනකාලකිරියං කරොන‍්තස‍්ස සග‍්ගන‍්තරායො ච මග‍්ගන‍්තරායො ච භවෙය්‍ය. හන්‍දාති වවස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. වීරියං ආරභාමීති දුවිධම‍්පි වීරියං කරොමි. සත්‍ථකාති සත්‍ථං විය සන්‍ධිබන්‍ධනච‍්ඡෙදකවාතා. වාළෙහීති කක‍්ඛළෙහි. මාණවෙහීති චොරෙහි. කතකම‍්මෙහි වා අකතකම‍්මෙහි වාති එත්‍ථ චොරිකං කත්‍වා නික‍්ඛන‍්තා කතකම‍්මා නාම, චොරිකං කාතුං ගච‍්ඡන‍්තා අකතකම‍්මා නාම. තත්‍ථ කතකම‍්මා කම‍්මස‍්ස නිප‍්ඵන‍්නත‍්තා සත‍්තානං ගලලොහිතං ගහෙත්‍වා දෙවතානං බලිං කරොන‍්ති, අකතකම‍්මා “එවං නො කම‍්මං නිප‍්ඵජ‍්ජිස‍්සතී”ති පඨමතරං කරොන‍්ති. ඉදං සන්‍ධාය තෙ මං ජීවිතා වොරොපෙය්‍යුන‍්ති වුත‍්තං. වාළා අමනුස‍්සාති කක‍්ඛළා දුට‍්ඨා යක‍්ඛාදයො අමනුස‍්සා.

සත්වැන්නෙහි ආරඤ්ඤකෙන යනු වනයෙහි වසන්නහු විසිනි, අප්පත්තස්සා යනු නොපැමිණි ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල ප්‍රභේදකොට ඇති විශේෂයකට පැමිණීමෙනි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, සො මමස්ස අන්තරායො යනු හෙතෙම මගේ ජීවිතයට අනතුරක් ද බඹසරට අනතුරක් ද පෘථග්ජන කාලක්‍රියාව කරන්නාට දෙව්ලොව අනතුරක් ද මාර්‍ගයට අනතුරක් ද වන්නේය, හන්ද යන ඒකාන්තාර්ථයෙහි නිපාතයකි, චිරියං ආරභාමි යනු දෙවැදෑරුම් වූ වීර්යය කරමි, සත්‍ථකා යනු සැතක බඳු සන්ධි බැඳුම් පිඳින වාතයෝයි. වාළෙහි යනු දරණ වූවන්ගෙනි, මාණවෙභි යනු සොරුන්ගෙනි, කතකම්මෙහි වා අකතකම්මෙහි වා මෙහි සොරකම් කිරීමට යන්නෝ අකතම්මා නම් වෙත්. එහි කරන ලද කර්‍ම ඇත්තෝ කර්‍මය සඵල වූ බැවින් සත්ත්වයන්ගේ ගලලෝභිතය ගෙන දෙවිවරුන්ට බිලිකරති, නොකළ කර්‍ම ඇත්තෝ මෙසේ අපගේ සොරකම සඵලවන්නේ යයි මුලදීම කරති. මේ සඳහා “තෙ මං ජීවිතා වොරොපෙය්‍යුං”යි කියන ලදි. වාළා අමනුස්සා යනු දරුණු වූ දුෂ්ඨ වූ යක්ෂාදී වූ අමනුෂ්‍යයෝයි.

8. දුතියඅනාගතභයසුත‍්තවණ‍්ණනා

8. දුතියඅනාගතභය සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පුරා මං සො ධම‍්මො ආගච‍්ඡතීති යාව සො ධම‍්මො මං න උපගච‍්ඡති, තාව අහං පුරෙතරමෙව වීරියං ආරභාමීති අත්‍ථො. ඛීරොදකීභූතාති ඛීරොදකං විය භූතා එකීභාවං උපගතා. පියචක‍්ඛූහීති මෙත‍්තචක‍්ඛූහි.

අටවැන්නෙහි පුරා මං සො ධම්මො ආගච්ඡති යනු යම්තාක් ඒ ධර්‍මය මා වෙත නොපැමිණෙයි ද ඒතාක් මම කලින්ම වීර්යය පටන් ගනිමැයි අරුත්ය. ඛිරොදකිභූතා යනු කිරි හා දිය මෙන් වූවාහුයි, ඒකත්වයට එළැඹුණාහුයි, පියචක්ඛුහි යනු මෙත් ඇසිනි.

9. තතියඅනාගතභයසුත‍්තවණ‍්ණනා

5. 3. 9

නවමෙ ධම‍්මසන්‍දොසා විනයසන්‍දොසොති ධම‍්මසන්‍දොසෙන විනයසන්‍දොසො හොති. කථං පන ධම‍්මස‍්මිං දුස‍්සන‍්තෙ විනයො දුස‍්සති නාම? සමථවිපස‍්සනාධම‍්මෙසු ගබ‍්භං අග‍්ගණ‍්හන‍්තෙසු පඤ‍්චවිධො විනයො න හොති, එවං ධම‍්මෙ දුස‍්සන‍්තෙ විනයො දුස‍්සති. දුස‍්සීලස‍්ස පන සංවරවිනයො නාම න හොති, තස‍්මිං අසති සමථවිපස‍්සනා ගබ‍්භං න ගණ‍්හාති. එවං විනයසන්‍දොසෙනපි ධම‍්මසන්‍දොසො වෙදිතබ‍්බො. අභිධම‍්මකථන‍්ති සීලාදිඋත‍්තමධම‍්මකථං. වෙදල‍්ලකථන‍්ති වෙදපටිසංයුත‍්තං ඤාණමිස‍්සකකථං. කණ‍්හධම‍්මං ඔක‍්කමමානාති රන්‍ධගවෙසිතාය උපාරම‍්භපරියෙසනවසෙන කාළකධම‍්මං ඔක‍්කමමානා. අපිච දුට‍්ඨචිත‍්තෙන පුග‍්ගලං ඝට‍්ටෙන‍්තාපි තං කණ‍්හධම‍්මං අත‍්තනො දහන‍්තාපි ලාභසක‍්කාරත්‍ථං කථෙන‍්තාපි කණ‍්හධම‍්මං ඔක‍්කමන‍්තියෙව.

නවවැන්නෙහි ධම්මසන්දොසා විනයසන්දොසො යනු ධර්‍ම දූෂණයෙන් විනය දූෂණය වෙයි, කෙසේනම් ධර්‍මය දූෂණය වනවිට විනය දූෂණය වේද? සමථ විදර්‍ශනා ධර්‍මයන් ගැබ් නොගන්නා කල්හි පස්වැදෑරුම් විනය නොවෙයි, මෙසේ ධර්‍මය දූෂණය වනවිට විනය දූෂණය වෙයි, දුශ්ශීලයාට සංවර විනය නැත. එය නොවනවිට සමථ විදර්‍ශනා ගැබ් නොගනියි. මෙසේ විනය දූෂණය වීමෙන් ධර්‍ම දුෂණ ද දතයුතුය. අභිධම්මකථං යනු ශ්‍රේෂ්ඨ ධර්‍මකථාවයි, වෙදල්ලකථං යනු අවබෝධයෙන් යුක්ත වූ ඥානමිශ්‍ර වූ කථාවයි, කණ්හං ධම්මං ඔක්කමමානා යනු සිදුරු (දොස්) සෙවීම නිසා අපවාද සෙවීම් වශයෙන් පාපධර්‍මයට බසින්නාහුයි, තවද දුෂ්ට සිතින් පුද්ගලයා හා ගැටෙන්නාහු ද ඒ පාප ධර්‍මයෙන් තමන් දැවෙන්නාහු ද ලාභසත්කාර සඳහා කියන්නාහු ද පාපධර්‍මයට බැසගන්නාහුමය,

ගම‍්භීරාති පාළිගම‍්භීරා. ගම‍්භීරත්‍ථාති අත්‍ථගම‍්භීරා. ලොකුත‍්තරාති ලොකුත‍්තරධම‍්මදීපකා. සුඤ‍්ඤතාපටිසංයුත‍්තාති ඛන්‍ධධාතුආයතනපච‍්චයාකාරපටිසංයුත‍්තා. න අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙස‍්සන‍්තීති ජානනත්‍ථාය චිත‍්තං න ඨපෙස‍්සන‍්ති. උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බන‍්ති උග‍්ගහෙතබ‍්බෙ ච වළඤ‍්ජෙතබ‍්බෙ ච. කවිතාති සිලොකාදිබන්‍ධනවසෙන කවීහි කතා. කාවෙය්‍යාති තස‍්සෙව වෙවචනං. බාහිරකාති සාසනතො බහිද‍්ධා ඨිතා. සාවකභාසිතාති බාහිරසාවකෙහි භාසිතා. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයත‍්තා සුවිඤ‍්ඤෙය්‍යත‍්තා ච උත‍්තානත්‍ථමෙව.

ගම්භිරා යනු පෙළෙන් ගැඹුරුවූයි, ගම්භීරත්‍ථා යනු අර්‍ත්‍ථයෙන් ගැඹුරුවූයි, ලොකුත්තරා යනු ලෝකෝත්තර ධර්‍මය ප්‍රකට කරන්නාවූයි, සුඤ්ඤතා පටිසංයුත්තා යනු ස්කන්ධ ධාතු ආයතන ප්‍රත්‍යයාකාරයන්ගෙන් යුක්ත වූයි, න අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සන්ති දැනීම සඳහා සිත නොතබත්, උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං යනු උගතයුතු දේත් පිළිපැදිය යුතු දේත්ය, කවිකතා යනු ශෛලාක බන්ධනාදි වශයෙන් කවීන් විසින් කරන ලද කථායි, කාවෙය්‍යා යනු එයටම සමාන වචනයකි, බාහිරකා යනු සසුනෙන් බැහැර සිටියාහුයි, සාචකභාසිතා යනු බාහිර ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූයි, මෙහි සෙස්ස යට කියන ලද ආකාර ඇති බැවින් ද මනාව දත හැකි බැවින් ද පැහැදිලි අරුත් ඇත්තේමය.

10. චතුත්‍ථඅනාගතභය සුත‍්තවණ‍්ණනා

10. චතුත්ථඅනාගතභය සූත්‍ර වර්ණනාව

දසමෙ කල්‍යාණකාමාති සුන්‍දරකාමා. රසග‍්ගානීති උත‍්තමරසානි. සංසට‍්ඨා විහරිස‍්සන‍්තීති පඤ‍්චවිධෙන සංසග‍්ගෙන සංසට‍්ඨා විහරිස‍්සන‍්ති. සන‍්නිධිකාරපරිභොගන‍්ති සන‍්නිධිකතස‍්ස පරිභොගං. ඔළාරිකම‍්පි නිමිත‍්තන‍්ති එත්‍ථ පථවිං ඛණන‍්තොපි ඛණාහීති ආණාපෙන‍්තොපි පථවියං ඔළාරිකං නිමිත‍්තං කරොති නාම. තිණකට‍්ඨසාඛාපලාසං ඡින්‍දන‍්තොපි ඡින්‍දාති ආණාපෙන‍්තොපි හරිතග‍්ගෙ ඔළාරිකං නිමිත‍්තං කරොති නාම. ආජීවත්‍ථාය පණ‍්ණනිවාපආදීනි ගාහාපෙන‍්තො ඵලානි ඔචිනන‍්තෙ වා ඔචිනාපෙන‍්තෙන වත‍්තබ‍්බමෙව නත්‍ථි. ඉමෙසු චතූසු සුත‍්තෙසු සත්‍ථාරා සාසනෙ වුද‍්ධිපරිහානි කථිතාති.

දසවැන්නෙහි කල්‍යාණකාමා යනු යහපත කැමැත්තෝයි, රස්සගානි යනු උතුම් රසයෝයි, සංසට්ඨා විහරිස්සන්ති යනු පස් වැදෑරුම් සංසර්‍ගයෙන් එක්වූවාහු වෙසෙත්, සන්නිධිකාර පරාභොගං යනු සමීපයෙහි තබාගන්නා ලද දෙය පරිභොග කිරීමයි, ඔළාරිකම්පි නිමිත්තං යන මෙහි පොළොව කණින්නේ ද කණවයි අණවන්නේ ද පොළොව ඕළාරික නිමිත්තක් කරයි නමි, තණදඬු අතු කොළ සිඳින්නේ ද සිඳුවයි අණවන්නේ ද ශාකජාතීන් ඔළාරික නිමිත්තක් කරයි නමි. දිවිපැවතුම් සඳහා පිහි ආදිය ගන්වන්නා ද පලවැල රැස් කරන්නා ද ගැන කිවයුත්තක් නැත්තේමය, මේ සූත්‍ර සතරෙහි ශාස්තෲන් වහන්සේ විසින් සසුනෙහි දියුණුව හා පිරිහීම කියන ලදි.

යොධාජීවවග‍්ගො තතියො.

තෙවැනි වර්‍ගයයි.