දුතියයොධාජීවූපම සුත්තං
5. 2. 3. 6.
5. 2. 3. 6.
[දුතියයොධාජීවූපම සුත්තං]
[දුතියයොධාජීවූපම සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
26. පඤ්චිමෙ භික්ඛවෙ යොධාජීවා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච?
26. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ යුද්ධාජීවිහු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ එකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති, පරියාපාදෙන්ති එවරූපො භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ පඨමො යොධාජීවො සන්නො සංවිජ්ජමානො ලොකස්මිං.
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදාගෙණ සේනාව්යුහසංවිධාන විසින් සන්නිවිෂ්ට වූ සඞ්ග්‍රාම භූමියට වදනේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි යුද විසින් උත්සාහ කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. සතුරෝ එසේ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල පුඟුල් නසත්, මරණයට පමුණුවත්. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීව යි.
පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති. තමෙනං අපනෙන්ති. අපනෙත්වා ඤාතකානං නෙන්ති. සො ඤාතකෙහි නීයමානො අප්පත්වාව ඤාතකෙ අන්තරා මග්ගෙ කාලං කරොති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ දුතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුහුහියොවුරු සදාගෙණ දෙපස මුළුදුන් සඞ්ග්‍රාමභූමියට වදනේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. පරහු ඒ උත්සාහ කරණ, ව්‍යායාම කරණ, තෙල (යෝධාජීව) පුඟුල් විදිත්. (පරහු) තෙල පුඟුල් (සියසෙන් කරා) හැර ගෙණ යත්. හැර ගෙණ ගොස් ඥාතීන් වෙත පමුණුවත්. (ඥාතීන් විසින් සියගෙට හෝ තෙසු ඥාතීන් වෙත) ගෙණ යනු ලබන හේ ඥාතීන් වෙත නො පැමිණ ම අතුරුමඟ කලුරිය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ දෙවන යෝධාජීව යි.
පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති. තමෙනං අපනෙන්ති. අපනෙත්වා ඤාතකානං නෙන්ති. තමෙනං ඤාතකා උපට්ඨහන්ති, පරිචරන්ති. සො ඤාතකෙහි උපට්ඨහියමානො පරිචරියමානො තෙනෙවාබාධෙන කාලං කරොති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ තතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුනුහියොවුරු සදාගෙන දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමභූමියට බස්නේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි. ව්‍යායාම කරයි. සතුරහු උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ. තෙල යෝධාජීවයා හැරැගෙණ යත්. හැරැගෙණ ගොස් ඥාතීන් කරා පමුණුවත්. ඥාතීහු තෙල යෝධාජීවයා උපස්ථාන කරත්. මෙහෙයින වටත්. හේ නෑ සබඳුන් විසින් වටනු ලබනුයේ, මෙහෙයින් වටනු ලබනුයේ එ ආබාධයෙන් ම කලුරිය කරයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ තෙවන යෝධාජීව යි.
පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති. තමෙනං අපනෙන්ති. අපනෙත්වා ඤාතකානං නෙන්ති. තමෙනං ඤාතකා උපට්ඨහන්ති, පරිචරන්ති. සො ඤාතකෙහි උපට්ඨහියමානො පරිචරියමානො වුට්ඨාති තම්හා ආබාධා. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ චතුත්ථො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් කඩු හා පලින් ගෙණ දුනු හා හියොවුරු සදාගෙණ උභයසෙනායෙන් මුළුදුන් සඞ්ග්‍රාම භූමියට බස්නේ ය. හෙ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. අමිත්‍රයෝ ඒ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ. තුලුන් හැරැගෙණ යෙත්. හැරැගෙන ගොස් නෑයනට දක්වා දෙත්. නෑ සබඳහු තුලුනට උවටැන් කරත්. මෙහෙ කරත්. හෙ නෑයන් විසින් වටනු ලබන්නේ මෙහෙ කරණු ලබන්නේ එ ආබාධයෙන් නැඟෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීව යි.
පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ පඤ්චමො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුහුහියොවුරු සදාගෙණ දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමයට බස්නේ ය. හේ එ සඞ්ග්‍රාමය දිනා දුනු සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමභූමියෙහි සතුරන් වැඩ වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ පස් වන යුද්ධොපජීවි යි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච යොධාජීවො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ යෝධාජිවයෝ පස්දෙනහ.
එවමෙව ඛො භික්ඛවෙ පඤ්ච යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසු. කතමෙ පඤ්ච?
මහණෙනි, එසෙයින් ම භික්ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවයන් බඳු පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පසස්ති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස තං මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවති.
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් අන්‍යතර ග්‍රාමයක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙයි. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම් ගමට හෝ නො රක්නා ලද ම කයින් නොරක්නා ලද වචනයෙන් නොරක්නා ලද සිතින් නො එළඹ සිටි කාගියා සිහියෙන් අසංවෘත ඉන්ද්රියයෙන් පිඬු පිණිස වදනේ ය. හේ එහි වසඩක් නො වසා හැඳි හෝ වසඩක් නො වසා පෙරෙවි හෝ මාගමක් දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ එ මාගම දැක රාගය ඔහුගේ (ශමථ-විදර්ශනා) සිත (අරමුණින්) බැහැරලයි. රාගය විසින් අනුද්ධස්ත සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දුබල බව පාළ නො කොට මෙවුන්දම් සෙවුනේ ය.
සෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති. පරියාපාදෙන්ති. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ පඨමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
මහණෙනි, එ යෝධාජීව යම් පරිද්දෙකින් කඩු පලින් රැගෙණ දුනු හියොවුරු සදාගෙණ ව්යුඪසඞ්ග්රාමයට වදනේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරේ ද, ව්‍යායාම කෙරේ ද, වෛරීහු උත්සාහ කරණ ව්‍යායාම කරණ යෝධාජීවයා නසත්, දිවි ගළවත්. මහණෙනි, මම මෙ පුද්ගලයා එ බඳු උපමා ඇති කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීවොපම පුද්ගල යි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස තං මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන පරිඩය්හතෙව කායෙන. පරිඩය්හති චෙතසා. තස්ස එවං හොති: යන්නූනාහං ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙය්යං රාගායිතොම්හි ආවුසො රාගපරෙතො. න සක්කොම්හි බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී’ති. සො ආරාමං ගච්ඡන්තො අප්පත්වාව ආරාමං අන්තරාමග්ගෙ සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
තවද මහණෙනි, මහණ අන්‍යතර ග්‍රාමයක් හෝ නිගමයක් හෝ ඇසුරු කොටගෙන වාස කරයි. හේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම්ගමට හෝ නො රක්නාලද ම කයින් නොරක්නා ලද ම වචනයෙන් නොරක්නා ලද ම සිතින් නො එළැවූ (කාගියා) සිහියෙන් අසංවෘත ඉන්ද්රියයෙන් යුක්ත ව පිඬු පිණිස වදනේ ය. හේ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ මාගමක් දක්නේය. නො සකස් කොට හැඳියා වූ හෝ නො සකස් කොට පෙරෙවියා වූ හෝ මාගම දැකීමෙන් රාගය ඔහුගේ ශමථවිදර්ශනාචිත්තය (අරමුණෙන්) නෙරාලයි. රාගානුද්ධස්තචිත්තයෙන් යුත් හේ කයින් දැවේමය. සිතින් දැවේමය. ඔහට මෙබඳු සිතෙක් වෙයි: මම ආරාමයට ගොස් “ඇවැත්නි, මම රාගයෙන් රක්ත වූයෙමි. (සර්පදෂ්ටයකු සෙයින්) රාගයෙන් මඩනාලදුයෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙමි. දුර්වලභාවය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට වැටෙමි යි භික්ෂූන්ට කියන්නෙම් නම් මනා මැනු”යි. හේ ආරාමයට යනුයේ අරමට නො පැමිණ ම අතරමඟ ශික්ෂායෙහි දෞර්වල්යය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනුබවට වැටෙයි.
සෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති, තමෙනං අපනෙන්ති, අපනෙත්වා ඤාතකානං නෙන්ති, සො ඤාතකෙහි නීයමානො අප්පත්වා ව ඤාතකෙ අන්තරාමග්ගෙ කාලං කරොති, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ දුතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩු පලිස් රැගෙණ දුනු හියොවුරු සදාගෙණ සේනා වින්‍යාස ඇති යුදබිමට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. උත්සාහ කරණ ව්‍යායාම කරණ තුලුන් සතුරෝ විදිත්. විත්කෑ තුලුන් සියසෙන් කරා ගෙණ යත්. ඉන් ඉවත් කොට ගෙණ නෑයන් වෙත පමුණුවත්. හෙ නෑයන් විසින් (සියගෙට හෝ තෙසු නෑයන් වෙත) ගෙණ යනු ලබන්නේ ඥාතීන් වෙත නො පැමිණ ම අතරමඟ කලුරිය කෙරෙයි ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙබඳුවූ ද ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ දෙවන යෝධාජීවොපම පුද්ගල යි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස තං මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන පරිඩය්හතෙව කායෙන, පරිඩය්හති චෙතසා. තස්ස එවං හොති: යන්නූනාහං ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙය්යං: “රාගායිතොම්හි ආවුසො රාගපරෙතො. න සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති. සො ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙති: රාගායිතොම්හි ආවුසො රාගපරෙතො. න සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
තවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසේ. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ එ ම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස නො රක්නා ලද කාදොරින් නො රක්නා ලද විසිදොරින් නො රක්නා ලද මනදොරින් නො එළවූ කාගියා සිහියෙන් අසංවෘත ඉන්ද්රියයෙන් පිවිසෙයි. හෙ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙව ගත් හෝ මාගමක දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙව ගත් හෝ එ මාගම දැක රාගය ඔහුගේ විදසුන් සිත දුරලයි. හෙ රාගයා විසින් නැසූ සිතින් යුක්ත ව කයින් දැවේ ම ය. සිතින් දැ වේ ම ය. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ආරාමයට ගොස් ‘ඇවැත්නි, රාගයෙන් රත්වූයෙම් රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙම් වෙමි. ශික්ෂායෙහි දෞර්බල්‍ය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි’යී භික්ෂූන්ට සැළ කරන්නෙම් නම් මනා මැනු”යී. හෙ අරමට ගොස් “ඇවැත්නි, රාගයෙන් රත්වූයෙම් රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙමි. ශික්ෂායෙහි දෞර්‍බල්‍යය පාළ කොට ශික්ෂ්යාප්රත්යාඛ්යානය කොට හීනභාවයට වැටෙමි”යි භික්ෂූන්ට සැළ කරයි.
තමෙනං සබ්රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති: “අප්පස්සාදා ආවුසො කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. මංසපෙසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. තිණුක්කූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. සුපිනකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. යාචිතකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භිය්යො. අසිසූනූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. සත්තිසූලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අභිරමතායස්මා බ්රහ්මචරියං. මා ආයස්මා සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තී”ති.
තෙල මහණහට සබ්‍රම්සරහු “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාද ඇතියහ යි, බොහෝ දුක් ඇතියහ යි (උපක්ලේශසාධකවන බැවින්) බොහෝ උපායාස ඇතියහ යි, මෙහි (උපද්රවාධිෂ්ඨ වන බැවින්) ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අල්පාස්වාද වන බැවින්) ඇටසැකිල්ලක් වැනිය හ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතිය හ යි, මෙහි ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (බහුසාධාරණ වන බැවින්) මාංසපේශී බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (දහනකෘත්යසාධක වන බැවින්) තෘණොල්කෝපමයහ (තණ හුලක් බඳුහ) යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (මහාභිතාපකරවන බැවින්) අඟුරුවළක් බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (ඉත්වර ව වැටහෙන බැවින්) සිහිනයක් බඳුහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (තාවත්කාලික වන බැවින්) යාචිතකෝපමයහ (ඉල්වා ගත්තක් බඳුහ)යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අඟ පසඟ බිඳලන බැවින්) වෘක්ෂඵලෝපමයහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අධිකුට්ටනාර්ත්ථයෙන්) මස්ලොඹු බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (විනිර්වේධනාර්ත්ථයෙන්) ශක්තිශුලොපමයහ යි, (අඩයටි හුල් බඳුහ යි), බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (සප්රතිභයාර්ත්ථයෙන්) සර්පමුඛ බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. ආයුෂ්මත් තෙමේ බඹසරෙහි ඇලුම් කෙරේවා. ආයුෂ්මත් ශික්ෂායෙහි දෞර්බලය්ය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට නහමක් වැටේවා”යි ඔවා දෙත් අනුශාසනා කරත්.
සො සබ්රහ්මචාරීහි එවං ඔවදියමානො එවං අනුසාසියමානො එවමාහ: “කිඤ්චාපි ආවුසො ‘අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො’, අථ ඛො නෙවාහං සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති. සො සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
හෙ සබ්‍රම්සරුන් විසින් මෙසෙයින් ඔවා දෙනු ලබනුයේ, මෙසෙයින් අනුසස්නා ලබනුයේ, මෙසේ කියයි: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාදයහ, බොහෝ දුක් ඇතියහ, බොහෝ උපායාස ඇතියහ, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලද, වැලිත් මම් බඹසර රක්නට නො හැකියෙමි. ශික්‍ෂාහි දුබලබැව් පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙමි”යි. හෙ ශික්ෂායෙහි දෞර්‍බල්‍යය පහළ කොට ශික්ෂා හැරපියා හුනු බවට වැටෙයි.
සෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තස්මිං සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති, තමෙනං අපනෙන්ති, අපනෙත්වා ඤාතකානං නෙන්ති, තමෙනං ඤාතකා උපට්ඨහන්ති, පරිචරන්ති, සො ඤාතකෙහි උපට්ඨහියමානො පරිචරියමානො තෙනෙවාබාධෙන කාලං කරොති, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ තතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදා ගෙණ සේනානිවේශනයෙන් සිටි සඞ්ග්‍රාමයට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි, ව්‍යායාම කෙරෙයි, සතුරෝ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ, ඔහු බැහැර ගෙණ යත්, ගෙණ ගොස් නෑයන් වෙත පමුණුවත්, ඥාතීහු ඔහු වටත්, මෙහෙ කරත්, හෙ නෑයන් විසින් වටනු ලබනුයේ, මෙහෙ කරණු ලබනුයේ ඒ ආබාධයෙන් ම කලුරිය කරයි ද, මහණෙනි, මෙ පුඟුල් ඔහු වැනිය යි මම කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ද ඇත. මහණෙනි, භික්ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ තුන් වන යෝධාජිවොපම පුද්ගල යි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස තං මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන පරිඩය්හතෙව කායෙන, පරිඩය්හති චෙතසා. තස්ස එවං හොති:
තවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසේ. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම්ගමට හෝ නො රක්නා ලද කයින් ම නො රක්නා ලද වචනයෙන් ම නො රක්නා ලද සිතින් ම නො එළඹ සිටි කාගියා සිහියෙන් ම අසංවෘත ඉන්ද්රියයෙන් පිඬු පිණිස වන්නේ ය. හෙ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ මාගමක දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ එ මාගම දැක්මෙන් රාගය ඔහුගේ සිත (විදසුන් අරමුණින්) නෙරයි. හෙ රාගයෙන් ධර්ෂිත සිත් ඇතියේ කයින් දැවේමැයි, සිතින් දැවේමැයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි:
“යන්නූනාහං ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙය්යං: රාගායිතොම්හි ආවුසො රාගපරෙතො, න සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති සො ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙති: “රාගායිතොම්හි ආවුසො රාගපරෙතො, න සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
“මම ආරාමයට ගොස් ‘ඇවැත්නි, රාගයෙන් රක්ත වූයෙමි, රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර (නො සිඳ) රක්නා නො පොහොසත්මි. ශික්ෂායෙහි දෞර්‍බල්‍යය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට පැමිණෙමි’යි භික්ෂූන්ට සැළ කෙරෙම් නම් මැනැවැ”යි. හෙ අරමට ගොස් භික්ෂූන්ට සැළ කරයි: “ඇවැත්නි, රාගයෙන් රක්ත වූයෙමි, රාගයෙන් මැඩුනෙම් වෙමි. බ්‍රහ්මචර්‍ය්‍යය (නො සිඳ) රක්නට නොපොහොසත්මි. ශික්ෂායෙහි දෞර්‍බල්‍යය ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙමි”යි.
තමෙනං සබ්රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති: “අප්පස්සාදා ආවුසො කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. මංසපෙසූපමාකාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. තිණුක්කූපමා කාමා වුත්තා භගවතා -පෙ- අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා -පෙ- සුපිනකූපමා කාමා වුත්තා භගවතා -පෙ- යාචිතකූපමා කාමා වුත්තා භගවතා -පෙ- රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා -පෙ- අසිසූනූපමා කාමා වුත්තා භගවතා -පෙ- සත්තිසූලූපමා කාමා වුත්තා භගවතා -පෙ- සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අභිරමතු ආයස්මා බ්රහ්මචරියං. මා ආයස්මා සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තී”ති. සො සබ්රහ්මචාරීහි එවං ඔවදියමානො එවං අනුසාසියමානො එවමාහ: “උස්සහිස්සාමි ආවුසො, ධාරයිස්සාමි ආවුසො, අභිරමිස්සාමි ආවුසො. න දානාහං ආවුසො සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
තෙල මහණ හට සබ්‍රම්සරහු ඔවා දෙත්, අනුශාසනා කෙරෙත්: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාදයහ යි, බොහෝ දුක් ඇතිහය යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අස්තිකඞ්කාල වැන්නහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මාංසපේශියක් වැනියහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ තණසුළු වැනි ය යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඞ්ගාරකර්ෂූපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වප්නෝපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ පිරුළු අළ දැයක් (යැද ඉල්වා ගන්නා ලද්දක්) වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ වෘක්ෂඵල වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අසිසූනෝපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ශක්තිශුල වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්පමුඛ වැනියහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. ආයුෂ්මත් බඹසරෙහි ඇලුම් කෙරේවා. ආයුෂ්මත් ශික්ෂායෙහි දෞර්බලය ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට නහමක් වැටේවා”යි. හෙ සබ්‍රම්සරුන් විසින් මෙසේ ඔවා දෙනු ලබනුයේ මෙසේ අනුසස්නා ලබනුයේ මෙසේ කියයි: “ඇවැත්නි, උත්සාහ කරණෙම්. ඇවැත්නි, ධරණෙම්. ඇවැත්නි, සිත් අලවනෙම්. ඇවැත්නි, මම දැන් ශික්ෂායෙහි දෞර්‍බල්‍යය පහළ කොට සිකපද හැරපියා හීනත්වයට නො වැටෙන්නෙමි”යි.
සෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති, තමෙනං අපනෙන්ති, අපනෙත්වා ඤාතකානං නෙන්ති, තමෙනං ඤාතකා උපට්ඨහන්ති, පරිචරන්ති, සො ඤාතකෙහි උපට්ඨහියමානො පරිචරියමානො වුට්ඨාති තම්හා ආබාධා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ චතුත්ථො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩුපලිස් ගෙණ දුනුහියොවුරු සදාගෙණ ව්යූඪසඞ්ග්රාමයට වදනේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි, ව්‍යායාම කෙරෙයි. සතුරෝ උත්සාහ කරණ ව්‍යායාම කරණ ඔහු විදිත්. ඔහු සියසෙන් වෙත ගෙණ යත්, ගෙණ ගොස් නෑයනට පමුණුවත්, නෑයෝ තෙල යෝධාජීවයා වටත්, මෙහෙ කරත්, හෙ නෑයන් විසින් වටනු ලබනුයේ, මෙහෙ කරණු ලබනුයේ, එ ආබාධයෙන් නැගිටුනේ ද, මහණෙනි, මම මෙ පුඟුල් ඔහු බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්ෂූන් අතර විද්‍යමාන වන මේ සතර වන යෝධාජීවොපම පුද්ගල යි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති රක්ඛිතෙන කායෙන රක්ඛිතාය වාචාය රක්ඛිතෙන චිත්තෙන උපට්ඨිතාය සතියා සංවුතෙහි ඉන්ද්රියෙහි. සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණ මෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා, -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති.
තවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසෙයි. හෙ පෙරවරුයෙහි හැඳ පාසිවුරු ගෙණ එ ගමට හෝ නියම්ගමට හෝ රක්නා ලද කයින් රක්නා ලද වචනයෙන් රක්නා ලද සිතින් එළඹ සිටි කාගියාසිහියෙන් සංවෘත ඉන්ද්රියයෙන් පිඬු පිණිස පිවිසෙයි. හෙ ඇසින් රූපයක් දැක නිමිති නො ගන්නා සුලුයේ, අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් චක්ෂුරින්ද්රියය අසංවෘත කොට වාස කරණ තෙල පුඟුල් කරා ලාමක අකුශලධර්ම වූ අභිද්ධ්යාදෞර්මනස්යයෝ ලුහුබඳනාහු වෙත් නම්, එහි සංවරණ පිණිස පිළිපදනේ ය. චක්ෂුරින්ද්රියය රකියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්ධයක් දැන ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්පර්ශය පැහැස ... මනසින් ධර්මායතන දැන නිමිති නො ගන්නා සුලුයේ, අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් මනින්ද්රියය අසංවෘත කොට වාස කරණ තෙල මහණ කරා ලාමක අකුශලධර්ම වූ අභිධ්යාදෞර්මනස්යයෝ ලුහුබඳනාහු වෙත් නම්, එහි සංවරණ පිණිස පිළිපදනේ ය. මනින්ද්රියය රකියි. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය -පෙ- සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
හෙ පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයේ විවික්තශයනාසන වූ අරණ්‍ය ය වෘක්ෂමූල ය පර්වත ය කන්දරය ගිරිගුහා ය ශ්මශාන ය වානප්‍රස්ථ ය අභ්‍යවකාශ ය පලාලපුඤ්ජ ය බෙජේ හෙ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා හිඳුනේ ය. හෙ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට ... හෙ චිත්තයාගේ උපක්ලේශ වූ ප්‍රඥාවගේ දුර්වලකරණ පඤ්චනීවරණ ධර්මයන් දුරු කොට කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කරයි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති.
හෙ මෙසෙයින් සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, පර්ය්යවදාතවූ කල්හි, අඞ්ගණරහිත වූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති වත් ම මෘදු වත් ම, කර්මණ්ය වත් ම, ස්ථිතිප්‍රාප්ත වත් ම, නො සැලෙන බවට පැමිණෙත් ම ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය සඳහා සිත අභිමුඛ කොට නමයි. හෙ මේ පඤ්චස්කන්ධය දුකැයි යථාභූතය මැනැවින් දන්නේ ය ... මෙ රහත් බව පිණිස කටයුතු අනෙකෙක් නැතැයි මැනැවින් දන්නේ ය.
සෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ පඤ්චමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
මහණෙනි, යම් සෙයින් එ යෝධාජීව කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදාගෙණ සන්නිවිෂ්ටසේනා ඇති සඞ්ග්‍රාමභූමියට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇත්තේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ බඳු සැහැවි ඇති ඇතැම් පුද්ගලයෙක් ද මේ සස්නෙහි ඇත. මහණෙනි, මහණුන් අතුරෙහි වසන මේ පස් වන යොධාජීවාවොපම පුද්ගල යි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසූති.
මහණෙනි, මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස්දෙන මහණුන් අතුරෙහි විද්‍යාමාන වෙති යි.