යෙදුමෙන් කියවන්න

පඨමයොධාජීවූපම සුත‍්තං

5. 2. 3. 5.

5. 2. 3. 5.

[පඨමයොධාජීවූපම සුත‍්තං]

[පඨමයෝධාජීවූපම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

25. පඤ‍්චිමෙ භික‍්ඛවෙ යොධාජීවා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ පඤ‍්ච?

25. මහණෙනි, ලොව්හි මේ යොධාජීවයෝ පස් දෙනෙක් විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො යොධාජීවො රජග‍්ගඤ‍්ඤෙව දිස‍්වා සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවරූපො භික‍්ඛවෙ ඉධෙකච‍්චො යොධාජීවො හොති. අයං භික‍්ඛවෙ පඨමො යොධාජීවො සන‍්තො සංවිජ‍්ජමානො ලොකස‍්මිං.

මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් (ඇත් අස් ආදීන්ගේ පාපහරින් බුන් බිමින් නැඟි) රජස් ස්කන්‍ධ ම දැක ගැලෙයි. (නොසැලී සිටිනු නොහැකි වෙයි.) වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ බඳු වූ ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්‍යමාන වන මේ ප්‍රථම යුද්ධොපජීවියා වෙයි.

පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො යොධාජීවො සහති රජග‍්ගං. අපි ච ඛො ධජග‍්ගඤ‍්ඤෙව දිස‍්වා සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවරූපො’පි ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො යොධාජීවො හොති. අයං භික‍්ඛවෙ දුතියො යොධාජීවො සන‍්තො සංවිජ‍්ජමානො ලොකස‍්මිං.

තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය (දැක ද) ඉවසන්නේ ය. වැලිත් (ඇත් අස් පිටෙහි හෝ රියෙහි නැඟු) ධ්වජාග්‍රය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ දෙවන යුද්ධොපජීවි යි.

පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො යොධාජීවො සහති රජග‍්ගං, සහති ධජග‍්ගං, අපි ච ඛො උස‍්සාදනං යෙව සුත්‍වා සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. එවරූපො’පි ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො යොධාජීවො හොති. අයං භික‍්ඛවෙ තතියො යොධාජීවො සන‍්තො සංවිජ‍්ජමානො ලොකස‍්මිං.

තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ම ඉවසන්නේ ය. එහෙත්, (ඇත්අස්රියසෙන් ආදීන්ගේ) මහාශබ්දය ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මෙ තුන් වන යුද්ධොපජීවි යි.

පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො යොධාජීවො සහති රජග‍්ගං, සහති ධජග‍්ගං, සහති උස‍්සාදනං. අපි ච ඛො සම‍්පහාරෙ ආහඤ‍්ඤති, ව්‍යාපජ‍්ජති. එවරූපො’පි ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චො යොධාජීවො හොති. අයං භික‍්ඛවෙ චතුත්‍ථො යොධාජීවො සන‍්තො සංවිජ‍්ජමානො ලොකස‍්මිං.

තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය (ඇත් අස් ආදීන් ගේ මහහඬ) ඉවසන්නේ ය. වැලිදු සපැමිණි ස්වල්ප ප්‍රහාරයෙහිදු විඝාතයට යෙයි. විකෘතියට පත් වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීව යි.

පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො යොධාජීවො සහති රජග‍්ගං, සහති ධජග‍්ගං, සහති උස‍්සාදනං, සහති සම‍්පහාරං. සො තං සඞ‍්ගාමං අභිවිජිනිත්‍වා විජිතසඞ‍්ගාමො තමෙව සඞ‍්ගාමසීසං අජ‍්ඣාවසති. එවරූපො’පි ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චො යොධාජීවො හොති. අයං භික‍්ඛවෙ පඤ‍්චමො යොධාජීවො. සන‍්තො සංවිජ‍්ජමානො ලොකස‍්මිං.

තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. සම්ප්‍රහාරය ඉවසන්නේ ය. හේ ඒ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි (සත්දිනක් පමණ ඉසුරු සුඛ විඳිමින්) වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මේ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ පස් වන යෝධාජීව යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච යොධාජීවා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං.

මහණෙනි, මේ යොධාජීවයෝ පස් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.

එවමෙව ඛො භික‍්ඛවෙ, පඤ‍්චයොධාජීවූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා. භික‍්ඛූසු. කතමෙ පඤ‍්ච?

මහණෙනි, එසෙයින් ම භික්‍ෂූන් කෙරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

යො ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු රජග‍්ගඤ‍්ඤෙව දිස‍්වා සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන‍්තානෙතුං. සික‍්ඛාදුබ‍්බල්‍යං ආවීකත්‍වා සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. කිමස‍්ස රජග‍්ගස‍්මිං?

මහණෙනි, මෙ සස්නෙහි මහණ රජස්ස්කන්‍ධය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. බඹසර (නොසිඳ) රක්නට නොහැකි වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හුනු (ගිහී) බවට පෙරළෙයි. ඔහට රජස්ස්කන්‍ධය නම් කිමෙක යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සුණාති: ‘අසුකස‍්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්‍ථී වා කුමාරී වා අභිරූපා දස‍්සනීයා පාසාදිකා පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතා’ති. සො තං සුත්‍වා සංසීදති, විසීදති, න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන‍්තානෙතුං. සික‍්ඛාදුබ‍්බල්‍යං ආවීකත්‍වා සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. ඉදමස‍්ස රජග‍්ගස‍්මිං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අසෝ ගම්හි වේවයි, නියම්ගම්හි වේවයි, ස්ත්‍රියක් වේවයි, කුමරියක් වේවයි, ‘විශිෂ්ට රූ ඇත්තී ය, දර්‍ශනීය ය, ප්‍රසාදජනක ය, උත්තමශරීරවර්‍ණ හා අඞ්ගවින්‍යාසයෙන් සමන්‍වාගතය’යි අසයි. හේ එ අසා (මිථ්‍යාවිතර්‍කයෙහි) ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. පැවිද්දෙහි නො සිටුනේ ය. බඹසර (නොසිඳ) රක්නට නොසමත් වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට හුනු බවට පෙරළෙයි. මෙ ඔහට රජස්ස්කන්‍ධ යි.

සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, යොධාජීවො රජග‍්ගං දිස‍්වා සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං, තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එවරූපො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො හොති. අයං භික‍්ඛවෙ පඨමො යොධාජීවූපමො පුග‍්ගලො සන‍්තො සංවිජ‍්ජමානො භික‍්ඛූසු.

මහණෙනි, යම් පරිදි එ යෝධාජීව රජස්ස්කන්‍ධය දැක ගැලෙන්නේ වේ ද, වෙසෙසින් ගැලෙන්නේ වේ ද, ධෘතිමත් ව නො සිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නො හැකියේ වේ ද, මහණෙනි, මම මෙ පුඟුලා එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීවොපමපුද්ගල යි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සහති රජග‍්ගං. අපි ච ඛො ධජග‍්ගඤ‍්ඤෙව දිස‍්වා සංසීදති, විසීදති. න සන්‍ථම‍්භති, න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන‍්තානෙතුං. සික‍්ඛාදුබ‍්බල්‍යං ආවීකත්‍වා සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. කිමස‍්ස ධජග‍්ගස‍්මිං?

තවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. වැලිත් ධ්වජාග්‍රය ම දැක ගැලෙන්නේ ය. වෙසෙසින් ගැලෙන්නේ ය. ධෘතිමත් ව නොසිටුනේ ය. බඹසර ගළවනුවට (නොසිඳ රක්නට) නො හැකි වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළෙයි. ඔහට ධ්වජාග්‍ර නම් කිමෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු න හෙව ඛො සුණාති: ‘අසුකස‍්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්‍ථී වා කුමාරී වා අභිරූපා දස‍්සනීයා පාසාදිකා පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතා’ති. අපි ච ඛො සාමං පස‍්සති ඉත්‍ථිං වා කුමාරිං වා අභිරූපං දස‍්සනීයං පාසාදිකං පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතං. සො තං දිස‍්වා සංසීදති, විසීදති. න සන්‍ථම‍්භති, න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන‍්තානෙතුං. සික‍්ඛාදුබ‍්බල්‍යං ආවීකත්‍වා සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. ඉදමස‍්ස ධජග‍්ගස‍්මිං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් අභිරූප ය, දර්‍ශනීය ය, ප්‍රසාදජනක ය, උතුම් ශරීරවර්‍ණ හා අඞ්ගසණ්ඨානයෙන් සමන්‍වාගත ය යි නො ම අසන්නේ ය. වැලිදු තෙමේ ම අභිරූප ඇති දැකුම්කලු පහන් එළවන උතුම් රූ සපු අවයව සැරැසිල්ලෙන් යුත් ස්ත්‍රියක වේවයි කුමරියක වේවයි දක්නේ ය. හේ ඇය දැක ගැලෙන්නේ ය. වෙසෙසින් ගැලෙන්නේ ය. ධෘතිමත් ව නො සිටුනේ ය. බඹසර රක්නට නො පොහොසත් ය. ශික්‍ෂායෙහි දුර්‍වලභාවය පාළ කොට සික හැර දමා හුනුබවට නවත්නේ ය (පෙරළෙයි). මෙ ඔහට ධ්වජාග්‍ර යි.

සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, යොධාජීවො සහති රජග‍්ගං, අපි ච ඛො ධජග‍්ගඤ‍්ඤෙව දිස‍්වා සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එවරූපො’පි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො හොති. අයං භික‍්ඛවෙ, දුතියො යොධාජීවූපමො පුග‍්ගලො සන‍්තො සංවිජ‍්ජමානො භික‍්ඛූසු.

මහණෙනි, යම් පරිද්දෙකින් එ යෝධාජීව රජස්කඳ ඉවසන්නේ වේ ද, වැලිත් ධ්වජාග්‍රය ම දැක ගැලෙන්නේ වේ ද, වෙසෙසින් ගැලෙන්නේ වේ ද, ධෘතිමත් ව නො සිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නො හැකියේ වේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ දෙවන යෝධාජීවොපම පුද්ගල යි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සහති රජග‍්ගං, සහති ධජග‍්ගං අපි ච ඛො උස‍්සාදනං යෙව සුත්‍වා සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන‍්තානෙතුං. සික‍්ඛාදුබ‍්බල්‍යං ආවීකත්‍වා සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. කිමස‍්ස උස‍්සාදනාය?

තවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේය. වැලිත් උස්රණහඬ ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේය. බඹසර රක්නට නො පොහෝනේ ය. ශික්‍ෂායෙහි දුබල බව ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනත්‍වයට වටාලා යෙයි. ඔහට උස්සාදනය නම් කිමෙක යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුං අරඤ‍්ඤගතං වා රුක‍්ඛමූලගතං වා සුඤ‍්ඤාගාරගතං වා මාතුගාමො උපසඞ‍්කමිත්‍වා ඌහසති, උල‍්ලපති, උජ‍්ඣග‍්ඝති, උප‍්පණ‍්ඩෙති. සො මාතුගාමෙන ඌහසියමානො උල‍්ලපියමානො උජ‍්ඣග‍්ඝියමානො උප‍්පණ‍්ඩියමානො සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන‍්තානෙතුං. සික‍්ඛාදුබ‍්බල්‍යං ආවීකත්‍වා සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. ඉදමස‍්ස උස‍්සාදනාය.

මහණෙනි, මෙ සස්නෙහි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ අවහාස විසින් සිනාසෙයි. උල්ලපනා (හුවාබිණීම) කරයි අත් පැහැර මහ සිනා සෙයි. වෙළෙවයි (උප්පණ්ඩන-විසුළුකථා කෙරෙයි). හේ මාගම විසින් අවහාස විසින් සිනාසෙන ලදුයේ උල්ලපනා කරණ ලදුයේ, මහහඬින් සිනාසෙන ලදුයේ, වෙළෙවන ලදුයේ කාමරාග විසින් ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. බඹසර රක්නට නොසමත් වෙයි. ශික්‍ෂායෙහි දුර්‍වලභාවය ප්‍රකට කොට සික හැර පියා හීනභාවයට පෙරළා වැටෙයි. මෙ ඔහට උස්සාදනා යි

සෙය්‍යථාපි සො භික‍්ඛවෙ යොධාජීවො සහති රජග‍්ගං, සහති ධජග‍්ගං, අපි ච ඛො උස‍්සාදනං යෙව සුත්‍වා සංසීදති, විසීදති, න සන්‍ථම‍්භති, න සක‍්කොති සඞ‍්ගාමං ඔතරිතුං. තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො හොති. අයං භික‍්ඛවෙ, තතියො යොධාජීවූපමො පුග‍්ගලො සන‍්තො සංවිජ‍්ජමානො භික‍්ඛූසු.

මහණෙනි, යම් පරිදි එ යෝධාජීව රජස්කඳ ඉවසන්නේ ද, ධ්වජාග්‍රය ඉවසන්නේ ද, වැලිත් උස්සාදනය ම අසා සංසීදන (ගැලීම) කෙරේද, විසීදන (වෙසෙසින් ගැලීම) කෙරේ ද, ධෘතිමත් ව නොසිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නොහැකි වේද, මහණෙනි, මෙ පුඟුල් මම එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ද ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ තුන් වන යෝධාජීවොපම පුද්ගල යි.

පුන චපරං භික‍්ඛවෙ සහති රජග‍්ගං, සහති ධජග‍්ගං, සහති උස‍්සාදනං. අපි ච ඛො සම‍්පහාරෙ ආහඤ‍්ඤති ව්‍යාපජ‍්ජති. කිමස‍්ස සම‍්පහාරස‍්මිං?

තවද මහණෙනි, මහණ රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. වැලිත් සම්ප්‍රහාරයෙහි දී විඝාතයට යෙයි. විකෘතියට පැමිණෙයි. ඔහට සම්ප්‍රහාරය කිමෙක යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුං අරඤ‍්ඤගතං වා රුක‍්ඛමූලගතං වා සුඤ‍්ඤාගාරගතං වා මාතුගාමො උපසඞ‍්කමිත්‍වා අභිනිසීදති, අභිනිපජ‍්ජති, අජ‍්ඣොත්‍ථරති. සො මාතුගාමෙන අභිනිසීදියමානො අභිනිපජ‍්ජියමානො අජ‍්ඣොත‍්තරියමානො සික‍්ඛං අපච‍්චක‍්ඛාය දුබ‍්බල්‍යං අනාවීකත්‍වා මෙථුනං ධම‍්මං පතිසෙවති. ඉදමස‍්ස සම‍්පහාරස‍්මිං.

මහණෙනි, මෙ සස්නෙහි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ භික්‍ෂූහු කරා මාගම සමීපස්ථ ව හිඳියි. ගැටී හොවියි. මතුයෙහි වැතිර ගණී. හේ මාගම විසින් සමීප ව හිඳිනු ලැබුයේ, ගැටී හොවිනු ලැබුයේ, වැතිර ගණු ලැබුයේ සිකපද නො හැර පියා දුබල බව පාළ නො කොට මෙවුන්දම් ප්‍රතිසේවනා කරයි. මෙ ඔහට සම්ප්‍රහාරය යි.

සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, යොධාජීවො සහති රජග‍්ගං, සහති ධජග‍්ගං, සහති උස‍්සාදනං, අපි ච ඛො සම‍්පහාරෙ ආහඤ‍්ඤති, ව්‍යාපජ‍්ජති, තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො හොති. අයං භික‍්ඛවෙ, චතුත්‍ථො යොධාජීවූපමො පුග‍්ගලො සන‍්තො සංවිජ‍්ජමානො භික‍්ඛූසු.

මහණෙනි, යම් පරිද්දෙකින් ඒ යෝධාජීව රජස් කඳ ඉවසා ද, ධ්වජාග්‍රය ඉවසා ද, උස්සාදනය ඉවසා ද, වැලිත් සම්ප්‍රහාරයෙහි ලා විඝාතයට යේ ද, ප්‍රකෘතිභාවය හරණේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද ඇතැම් පුද්ගලයෙක් වෙයි. මහණෙනි, භික්‍ෂූහු අතුරෙහි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීවොපම පුද්ගල යි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සහති රජග‍්ගං, සහති ධජග‍්ගං, සහති උස‍්සාදනං, සහති සම‍්පහාරං. සො තං සඞ‍්ගාමං අභිවිජිනිත්‍වා විජිතසඞ‍්ගාමො, තමෙව සඞ‍්ගාමසීසං අජ‍්ඣාවසති. කිමස‍්ස සඞ‍්ගාමවිජයස‍්මිං?

තවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. පහර ඉවසන්නේ ය. හේ ඒ සඞ්ග්‍රාමය දිනා, දිනූ සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසෙයි. ඔහට සඞ්ග්‍රාමවිජය කිමෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛුං අරඤ‍්ඤගතං වා රුක‍්ඛමූලගතං වා සුඤ‍්ඤාගාරගතං වා මාතුගාමො උපසඞ‍්කමිත්‍වා අභිනිසීදති, අභිනිපජ‍්ජති, අජ‍්ඣොත්‍ථරති. සො මාතුගාමෙන අභිනිසීදියමානො අභිනිපජ‍්ජියමානො අජ‍්ඣොත්‍ථරියමානො විනිවෙඨෙත්‍වා යෙන කාමං පක‍්කමති.

මහණෙනි, මෙ සස්නෙහි අරණට ගිය හෝ රුක්මුලට ගිය හෝ ජන ශූන්‍යාගාරයට ගිය හෝ මහණකු කරා මාගමක් එළඹ ලංව හිඳින්නී ය. ගැටී හෝනී ය. යට කොට වැතිර ගන්නී ය. හේ මාගමක විසින් ලංව හිඳිනු ලබනුයේ, හෝනා ලබන්නේ, යට කොට වැතිරෙණු ලබන්නේ අත්වෙළුම් හැර ගෘහීත ග්‍රහණය මුදා ගෙණ යම් ම තැනකට කැමැති සේ යෙයි.

සො විවිත‍්තං සෙනාසනං භජති: අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. සො අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. සො අභිජ‍්ඣං ලොකෙ පහාය විගතාභිජ‍්ඣෙන චෙතසා විහරති, අභිජ‍්ඣාය චිත‍්තං පරිසොධෙති. ව්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන‍්නචිත‍්තො විහරති සබ‍්බපාණභූතහිතානුකම‍්පී. ව්‍යාපාදපදොසා චිත‍්තං පරිසොධෙති. ථීනමිද‍්ධං පහාය විගතථීනමිද‍්ධො විහරති ආලොකසඤ‍්ඤී සතො සම‍්පජානො. ථීනමිද‍්ධාය චිත‍්තං පරිසොධෙති. උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහාය අනුද‍්ධතො විහරති අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො. උද‍්ධච‍්චකුක‍්කුච‍්චා චිත‍්තං පරිසොධෙති. විචිකිච‍්ඡං පහාය තිණ‍්ණවිචිකිච‍්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම‍්මෙසු. විචිකිච‍්ඡාය චිත‍්තං පරිසොධෙති.

හේ අරණ්‍ය ය, රුක්මුල ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිගුහා ය, සොහොන ය, වනපෙත් ය, අබවස ය, පිදුරු කිළි ය යන විවික්ත ශයනාසනය සෙවුනේ ය. හේ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, හිස් ගෙයට ගියේ වේවයි පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා කමටහන් අබිමුව කොට සිහිය පිහිටුවා හිඳුනේ ය. හේ (පඤ්චෝපාදානස්කන්‍ධසඞ්ඛ්‍යාත) ලෝකයෙහි අභිධ්‍යාව හැරපියා (විෂ්කම්භනා විසින්) දුරු වූ අභිධ්‍යායෙන් යුත් සිතින් වාස කරයි. අභිධ්‍යායෙන් සිත මුදන්නේ ය. ව්‍යාපාදප්‍රද්වේෂ හැරපියා ව්‍යාපාදයට නො පත් සිතැතියේ, සර්‍වප්‍රාණි ගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියේ, වාස කරයි. ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැරපියා පහ වූ ථීනමිද්ධ ඇතියේ, ආලෝකසංඥා ඇතියේ, ස්මෘතිමත් වූයේ, සම්ප්‍රඥාන ඇතියේ වසයි. ථීනමිද්ධයෙන් සිත මුදයි. උද්ධච්චකුක්කුච්චය හැරපියා උද්ධත නොවූයේ, අධ්‍යාත්මයෙහි සන්හුන් සිතැතියේ වාස කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව හැරපියා තුණු විචිකිච්ඡා ඇත්තේ, කුශලධර්‍මයෙහි කථංකථභාව නැතියේ වාස කරයි. විචිකිච්ඡායෙන් සිත මුදාලයි.

සො ඉමෙ පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

හේ චිත්තයට උපක්ලේශ වන ප්‍රඥාව දුර්‍වල කරණ, මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයන් කෙරෙන් වෙන් ව ම … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරයි.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ -පෙ- ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති.

හේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වත් ම, පර්‍ය්‍යවදාත වත් ම, අඞ්ගණ නැති වත් ම, පහ වූ උපක්ලේශ ඇති වත් ම, මෘදු වත් ම, කර්‍මණ්‍ය වත් ම, ස්ථිත වත් ම, නොසැලෙන බවට පත් වත් ම ... ආස්‍රවක්‍ෂයඥානය සඳහා චිත්තය නැඹුරු කෙරෙයි.

සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති. අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස‍්ස එවං ජානතො එවං පස‍්සතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චති. භවාසවාපි චිත‍්තං විමුච‍්චති. අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාති. ඉදමස‍්ස සඞ‍්ගාමවිජයස‍්මිං.

හේ මේ (පඤ්චස්කන්‍ධය) දුකැයි ඇති සැටි දන්නේ ය. මේ (තෘෂ්ණාව) දුඃඛ සමුදය යි ඇති සැටි දන්නේ ය. මේ (නිර්‍වාණය) දුඃඛ නිරෝධය යි ඇති සැටි දන්නේ ය. මේ (අරී අටඟි මග) දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි ඇති සැටි දන්නේ ය. මොහු ආස්‍රවයහ යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රව සමුදය යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රව නිරෝධ ය යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය. මෙසෙයින් දන්නහුගේ චිත්තය කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. මෙසේ මිදුනු කල්හි විමුක්තය යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදි. සිවු මඟ කරණී කරණ ලදි. පිළි මෙ බවට නො එමී දන්නේ ය. මෙ ඔහට සඞ්ග්‍රාමවිජය යි.

සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, යොධාජීවො සහති රජග‍්ගං, සහති ධජග‍්ගං, සහති උස‍්සාදනං, සහති සම‍්පහාරං, සො තං සඞ‍්ගාමං අභිවිජිනිත්‍වා විජිතසඞ‍්ගාමො තමෙව සඞ‍්ගාමසීසං අජ‍්ඣාවසති. තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො හොති. අයං, භික‍්ඛවෙ, පඤ‍්චමො යොධාජීවූපමො පුග‍්ගලො සන‍්තො සංවිජ‍්ජමානො භික‍්ඛූසු.

මහණෙනි, යම් පරිද්දෙකින් යෝධාජීවයෙක් රජස් කඳ ඉවසන්නේ ද, ධ්වජාග්‍රය ඉවසන්නේ ද, උස්සාදනය ඉවසන්නේ ද, සම්ප්‍රහාරය ඉවසන්නේ ද, හේ එ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇතියේ, එ සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසෙයි. මහණෙනි, මම මෙ පුද්ගලයා එ බඳු යයි කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද, ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, මහණුන් අතුරෙහි විද්‍යමාන වන මේ පස් වන යෝධාජිවොපම පුද්ගල යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච යොධාජීවූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා භික‍්ඛූසූ’ති.

මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස් දෙන යි.