දුතියධම්මවිහාරීසුත්තං
5. 2. 3. 4.
5. 2. 3. 4.
[දුතියධම්මවිහාරීසුත්තං]
[දුතියධම්මවිහාරී සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
24. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
24. එකල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
’ධම්මවිහාරී’ ධම්මවිහාරී’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු ධම්මවිහාරී හොතී’ති?
වහන්ස, ‘ධර්‍මවිහාරී ය, ධර්‍මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් මහණ ධර්‍මවිහාරී ද?
ඉධ භික්ඛු, භික්ඛු ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්ථං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, භික්ඛු පරියත්තිබහුලො නො ධම්මවිහාරී.
මහණ, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක්, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි චතුස්සත්යධර්මය ප්‍රගුණ කරයි. (ඒ පර්‍ය්‍යාප්තියෙන්) මතුයෙහිදු එ ධර්මයාගේ අර්ත්ථය සවිදර්ශනා මාර්‍ගප්‍රඥායෙන් නො දන්නේ ය. මහණ, මෙ මහණ පර්‍ය්‍යාප්තිබහුල ය, ධර්‍මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
පුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්ථං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, භික්ඛු සඤ්ඤත්තිබහුලො නො ධම්මවිහාරී.
තවද මහණ, භික්ෂු ඇසු පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තරවශයෙන් අන්‍යයනට දෙසන්නේ ය. ඉන් මත්තෙහි දු එ ධර්මයාගේ අර්ත්ථය ප්‍රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ සංඥප්තිය බහුල කොට ඇත්තෙක, ධර්‍මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
පුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්ථං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, භික්ඛු සජ්ඣායබහුලො නො ධම්මවිහාරී.
තවද මහණ, භික්ෂු ඇසු පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තරවශයෙන් සජ්ඣායනා කරයි. ඉන් මත්තෙහි දු එ ධර්මයාගේ අර්ත්ථය ප්‍රඥායෙන් නො දැන ගන්නේ ය. මහණ, මෙ භික්ෂු සජ්ඣායබහුලයෙක, ධර්‍මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
පුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්ථං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, භික්ඛු විතක්කබහුලො නො ධම්මවිහාරී.
තවද මහණ, භික්ෂු ඇසු පරිදි, පුහුණු කළ පරිදි ධර්මය සිතින් අනුවිතර්‍කන කරයි. අනුවිචරණ කරයි. මනසින් අනුප්‍රේක්‍ෂණ කරයි. ඉන් මත්තෙහිදු එ ධර්මයාගේ අර්ත්ථය ප්‍රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ විතර්කබහුලයෙක, ධර්‍මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
ඉධ භික්ඛු, භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්ථං පජානාති. එවං ඛො භික්ඛු, භික්ඛු ධම්මවිහාරී හොති.
මහණ, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය්ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය , උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්ම ය, වෙදල්ල ය යන (පර්‍ය්‍යාප්ති) ධර්මය ප්‍රගුණ කරයි. මතුයෙහි දු ප්‍රඥායෙන් ඒ ධර්මයාගේ අර්ත්ථය දැන ගන්නේ ය. මහණ, මෙසෙයින් මහණ ධර්‍මවිහාරී වෙයි.
ඉති ඛො භික්ඛු දෙසිතො මයා පරියත්තිබහුලො, දෙසිතො සඤ්ඤත්තිබහුලො, දෙසිතො සජ්ඣායබහුලො, දෙසිතො විතක්කබහුලො, දෙසිතො ධම්මවිහාරී.
මහණ, මෙසෙයින් මා විසින් පර්ය්යාප්තිබහුලයා දෙසන ලද්දේ ය. සංඥප්තිබහුලයා දෙසන ලද්දේ ය. සජ්ඣායබහුලයා දෙසන ලද්දේ ය. විතර්කබහුලයා දෙසන ලද්දේ ය. ධර්මවිහාරියා දෙසන ලද්දේ ය.
යං ඛො භික්ඛු, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛු, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛු, මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
මහණ, සව්වනට හිත කැමැති අනුකම්පා කරණ ශාස්තෘහු විසින් අනුකම්පාව නිසා යමෙක් කටයුතු වේ නම්, එය තොපට මා විසින් කරණ ලදි. මහණ, තෙල වෘක්ෂමූලයෝ ය. තෙල ශුන්‍යාගාරයෝ ය. මහණ, ධ්‍යාන කරව. නහමක් පමා වව. පසු විපිළිසර නො වව. මේ තොපට මාගේ අනුශාසනි යි.