යෙදුමෙන් කියවන්න

චතුත්‍ථඅනාගතභය සුත‍්තං

5. 2. 3. 10.

5. 2. 3. 10.

[චතුත්‍ථඅනාගතභය සුත‍්තං]

[චතුත්‍ථඅනාගතභය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

30. පඤ‍්චිමානි භික‍්ඛවෙ අනාගතභයානි එතරහි අසමුප‍්පන‍්නානි ආයතිං සමුප‍්පස‍්සජ‍්ජින‍්ති. තානි වො පටිබුජ‍්ඣිතබ‍්බානි. පටිබුජ‍්ඣිත්‍වා ච තෙසං පහානාය වායමිතබ‍්බං. කතමානි පඤ‍්ච?

30. මහණෙනි, දැන් නූපන් මේ අනාගත භය පස් දෙනෙක් මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතු වෙති. පිළිවිදත් ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු. කවර පස්දෙනෙක යත්:

භවිස‍්සන‍්ති භික‍්ඛවෙ භික‍්ඛූ අනාගතමද‍්ධානං චීවරෙ කල්‍යාණකාමා. තෙ චීවරෙ කල්‍යාණකාමා සමානා රිඤ‍්චිස‍්සන‍්ති පංසුකූලිකත‍්තං. රිඤ‍්චිස‍්සන‍්ති අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි. ගාමනිගමරාජධානීසු ඔසරිත්‍වා වාසං කප‍්පෙස‍්සන‍්ති. චීවරහෙතු ච අනෙකවිහිතං අනෙසනං අප‍්පතිරූපං ආපජ‍්ජිස‍්සන‍්ති. ඉදං භික‍්ඛවෙ පඨමං අනාගතභයං. එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති. තං වො පටිබුජ‍්ඣිතබ‍්බං. පටිබුජ‍්ඣිත්‍වා තස‍්ස පහානාය වායමිතබ‍්බං.

මහණෙනි, අනාගතකාලයෙහි මහණහු සිවුරෙහි කල්‍යාණකාම වෙත්. චීවරයෙහි කල්‍යාණකාම වන ඔහු පාංශුකූලිකත්‍වය හැරපියත්. අරණ්‍යයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්ත සෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කරත්. සිවුරු හේතු කොට ද නන් වැදෑරුම් නොමනා අන්‍වෙෂණයට පැමිණෙත්. මහණෙනි, මෙ කල නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.

පුන චපරං භික‍්ඛවෙ භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං පිණ‍්ඩපාතෙ කල්‍යාණකාමා. තෙ පිණ‍්ඩපාතෙ කල්‍යාණකාමා සමානා රිඤ‍්චිස‍්සන‍්ති පිණ‍්ඩපාතිකත‍්තං, රිඤ‍්චිස‍්සන‍්ති අරඤ‍්ඤෙවනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි. ගාමනිගමරාජධානීසු ඔසරිත්‍වා වාසං කප‍්පෙස‍්සන‍්ති ජිව‍්හග‍්ගෙන රසග‍්ගානි පරියෙසමානා, පිණ‍්ඩපාතහෙතුච‍්ච අනෙකවිහිතං අනෙසනං අප‍්පතිරූපං ආපජ‍්ජිස‍්සන‍්ති. ඉදං භික‍්ඛවෙ දුතියං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති තං වො පටිබුජ‍්ඣිතබ‍්බං. පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

තවද මහණෙනි, අනාගතයෙහි භික්‍ෂූහු පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වෙති. පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වන ඔහු පිඬු සිඟා යැපෙනසිල් ඇති බව හැර පියා වනයන් ද වානප්‍රස්ථ සෙනසුන් ද ගැඹුරු වල් ද හැර පියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද දිවගින් ප්‍රණීත රස සොයන්නාහු වාස කෙරෙත්. පිඬුවා හේතුයෙනුදු නන් වැදෑරුම් නො නිසි අන්‍වෙෂණයට වැටෙත්. මහණෙනි, මෙ කල නූපන් දෙවන අනාගතභය අනාගතයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුර ලීමට වෑයම් කටයුතු.

පුන චපරං භික‍්ඛවෙ භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං සෙනාසනෙ කල්‍යාණකාමා. තෙ සෙනාසනෙ කල්‍යාණකාමා සමානා රිඤ‍්චිස‍්සන‍්ති රුක‍්ඛමූලිකත‍්තං. රිඤ‍්චිස‍්සන‍්ති අරඤ‍්ඤෙවනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි. ගාමනිගමරාජධානීසු ඔසරිත්‍වා වාසං කප‍්පෙස‍්සන‍්ති. සෙනාසනහෙතුච‍්ච අනෙකවිහිතං අනෙසනං අප‍්පතිරූපං ආපජ‍්ජිස‍්සන‍්ති. ඉදං භික‍්ඛවෙ තතියං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති තං වො පටිබුජ‍්ඣිතබ‍්බං. පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

තවද මහණෙනි, අනාගතයෙහි භික්‍ෂූහු සෙනසුන්හි කල්‍යාණකාම වෙති. සෙනසුන්හි කල්‍යාණකාම වන ඔහු වෘක්‍ෂමූලිකත්‍වය හැරපියත් වනයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්තසෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කෙරෙත්. සෙනසුන් හේතු කොට ද අකෙවිහිත අප්‍රතිරූප අන්‍වෙෂණයට වැටෙත්. මහණෙනි, දැන් නූපන් තුන් වන අනාගතභය මතු උපදනේය. එය තොප විසින් පිළිවිදිය යුතු පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.

පුන චපරං භික‍්ඛවෙ භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං භික‍්ඛුනීසික‍්ඛමානාසමණුද‍්දෙසෙහි සංසට‍්ඨා විහරිස‍්සන‍්ති භික‍්ඛුනීසික‍්ඛමානා සමණුද‍්දෙසෙහි සංසග‍්ගෙ ඛො පන භික‍්ඛවෙ සති එතං පාටිකඞ‍්ඛං “අනභිරතා වා බ්‍රහ‍්මචරියං චරිස‍්සන‍්ති, අඤ‍්ඤතරං වා සංකිලිට‍්ඨං ආපත‍්තිං ආපජ‍්ජිස‍්සන‍්ති, සික‍්ඛං වා පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිස‍්සන‍්ති”. ඉදං භික‍්ඛවෙ චතුත්‍ථං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති. තං වො පටිබුජ‍්ඣිතබ‍්බං පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු භික්‍ෂුණීශික්‍ෂමානා ශ්‍රාමණෙරයන් හා සසට ව වෙසෙත්. මහණෙනි, භික්‍ෂුණීශික්‍ෂමානා ශ්‍රාමණෙරයන් හා සසඟ ඇති වත් ම අනභිරත වූවාහු හෝ බඹසර සෙරෙත්. අන්‍යතර වූ හෝ සකිලිටි ඇවතකට පැමිණෙත්. සිකපද හෝ ප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙත්” යන තෙල කැමැති විය යුතු. මහණෙනි, මෙ කල නූපන් මේ සතර වන අනාගතභය මතු ඇති වෙයි. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට වෑයම් කටයුතු.

පුන චපරං භික‍්ඛවෙ භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං ආරාමිකසමණුද‍්දෙසෙහි සංසට‍්ඨා විහරිස‍්සන‍්ති. ආරාමිකසමණුද‍්දෙසෙහි සංසග‍්ගෙ ඛො පන භික‍්ඛවෙ සති එතං පාටිකඞ‍්ඛං: “අනෙකවිහිතං සන‍්නිධිකාරපරිභොගං අනුයුත‍්තා විහරන‍්ති. ඔළාරිකම‍්පි නිමිත‍්තං කරිස‍්සන‍්ති පඨවියාපි හරිතග‍්ගෙපි ඉදං භික‍්ඛවෙ පඤ‍්චමං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති. තං වො පටිබුජ‍්ඣිතබ‍්බං. පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු ආරාමිකයන් හා ශ්‍රාමණෙරයන් හා සසට ව වසන්නාහ. ආරාමිකශ්‍රාමණෙරයන් හා සංසර්‍ගය ඇති වත් ම අනේකවිහිත වූ සන්නිධිකාරපරිභෝගයෙහි අනුයුක්ත ව වෙසෙති. පොළොව්හිදු (පෘථිවීඛනනයෙහිදු) හරිතයෙහිදු (රුක්වැල් ඈ සිඳුම්හිදු) ඖදාරික නිමිති (හැඟවීම්) පාළ කරත්. මහණෙනි, මෙ කල නූපන් මේ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට ව්‍යායාම කටයුතු.

ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච අනාගතභයානි එතරහි අසමුප‍්පන‍්නානි ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සන‍්ති, තානි වො පටිබුජ‍්ඣිතබ‍්බානි, පටිබුඣිත්‍වා ච තෙසං පහානාය වායමිතබ‍්බන‍්ති.

මහණෙනි, මෙ කල්හි නූපන්නාවූ මේ පඤ්ච අනාගතභය මතුයෙහි පාළ වන්නාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුවහ. පිළිවිද ද ඔවුන් දුරලීමට ව්‍යායාම කටයුතු ය යි.

අනාගතභයවග‍්ගො තතියො

අනාගතභය වර්‍ගය තුන් වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

දුවෙ ච චෙතොවිමුත‍්තී ද‍්වෙ ච ධම‍්මවිහාරිනො යොධාජීවා ච ද‍්වෙ වුත‍්තා චත‍්තාරො ච අනාගතා’ති

චේතෝ විමුත්ති සූත්‍ර දෙකෙක, ධම්මවිහාරී සූත්‍ර දෙකෙක, යෝධාජීව සූත්‍ර ද දෙකෙක, අනාගතභය සූත්‍ර සතරෙකැයි දශයෙකි.