යෙදුමෙන් කියවන්න

තතියඅනාගතභයසුත‍්තං

5. 2. 3. 9.

5. 2. 3. 9.

[තතියඅනාගතභයසුත‍්තං]

[තතියඅනාගතභය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

29. පඤ‍්චිමානි භික‍්ඛවෙ අනාගතභයානි එතරහි අසමුප‍්පන‍්නානි ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සන‍්ති. තානි වො පටිබුජ‍්ඣිතබ‍්බානි. පටිබුජ‍්ඣිත්‍වා ච තෙසං පහානාය වායමිතබ‍්බං. කතමානි පඤ‍්ච?

29. මහණෙනි, මේ අනාගතභය පස් දෙනෙක් දැන් නූපන්නාහු මතුයෙහි උපදිති. ඔහු තොප විසින් දතයුතු වෙති. දැන ද ඔවුන්ගේ ප්‍රහාණය සඳහා වැර වැඩිය යුතු ය. කවර පස්දෙනෙක යත්:

භවිස‍්සන‍්ති භික‍්ඛවෙ භික‍්ඛූ අනාගතමද‍්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා අඤ‍්ඤෙ උපසම‍්පාදෙස‍්සන‍්ති. තෙ න සක‍්ඛිස‍්සන‍්ති විනෙතුං අධිසීලෙ අධිචිත‍්තෙ අධිපඤ‍්ඤාය. තෙපි භවිස‍්සන‍්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා අඤ‍්ඤෙ උපසම‍්පාදෙස‍්සන‍්ති. තෙපි න සක‍්ඛිස‍්සන‍්ති විනෙතුං අධිසීලෙ අධිචිත‍්තෙ අධිපඤ‍්ඤාය. තෙපි භවිස‍්සන‍්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. ඉති ඛො භික‍්ඛවෙ ධම‍්මසන්‍දොසා විනයසන්‍දොසො, විනයසන්‍දොසා ධම‍්මසන්‍දොසො. ඉදං භික‍්ඛවෙ පඨමං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති. තං වො පටිබුජ‍්ඣිතබ‍්බං. පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

මහණෙනි, අනාගතකාලයෙහි නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති භික්‍ෂුහු වෙති. නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති ඔහු අන්‍යයන් උපසපන් කෙරෙති. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු නො බැවූ කය ඇතියාහු නො බැවූ සිල් ඇතියාහු නො බැවූ සිත් ඇතියාහු නො බැවූ පැණ ඇතියාහු ම වෙති. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වූ ම ඔහු ද අනුන්, උපසපන් කරත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්දූෂණයෙන් (ධර්‍මපරිහාණියෙන් ශමථවිදර්‍ශනා ධර්‍ම ගැබ්නොගැණීමෙන්) විනය සඤුෂණ ය (විනය පරිහාණිය වෙයි. විනයසන්‍දූෂණයෙන්) ධර්‍මසන්දූෂණ වෙයි. මහණෙනි, දැන් නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් දතයුතු ය දැන ද එ ප්‍රහාණ කරණු පිණිස ව්‍යායාම කටයුතු.

පුන චපරං භික‍්ඛවෙ භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා අඤ‍්ඤෙසං නිස‍්සයං දස‍්සන‍්ති. තෙ න සක‍්ඛිස‍්සන‍්ති විනෙතුං අධිසීලෙ අධිචිත‍්තෙ අධිපඤ‍්ඤාය. තෙපි භවිස‍්සන‍්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා අඤ‍්ඤෙසං නිස‍්සයං දස‍්සන‍්ති. තෙපි න සක‍්ඛිස‍්සන‍්ති විනෙතුං අධිසීලෙ අධිචිත‍්තෙ අධිපඤ‍්ඤාය. තෙපි භවිස‍්සන‍්ති අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. ඉති ඛො භික‍්ඛවෙ ධම‍්මසන්‍දොසා විනයසන්‍දොසො, විනයසන්‍දොසා ධම‍්මසන්‍දොසො. ඉදං භික‍්ඛවෙ දුතියං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති. තං වො පටිබුජ‍්ඣිතබ‍්බං. පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

තවද මහණෙනි, අනාගතකාලයෙහි මහණහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු අන් මහණුනට නිස දෙත්. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු ද අන් මහණුනට නිස දෙත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැනු නූපන් මේ දෙවන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු යි.

පුන චපරං භික‍්ඛවෙ භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා අභිධම‍්මකථං වෙදල‍්ලකථං කථෙන‍්තො කණ‍්හං ධම‍්මං ඔක‍්කමමානා න පටිබුජ‍්ඣිස‍්සන‍්ති. ඉති ඛො භික‍්ඛවෙ ධම‍්මසන්‍දොසා විනයසන්‍දොසො, විනයසන්‍දොසා ධම‍්මසන්‍දොසො. ඉදං භික‍්ඛවෙ තතියං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති. තං වො පටිබුජ‍්ඣිතබ‍්බං. පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. ඔහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන්නාහු ම අභිධර්‍මකථා හා ඥානප්‍රතිසංයුක්ත කථා කියන්නාහු කෘෂ්ණධර්‍මයට (උපාරම්භලාභසත්කාරපර්‍ය්‍යෙෂණ වශයෙන් අකුශලයට) බැස ගන්නාහු නො පිළිවිදුනාහ. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ තුන් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු.

පුන චපරං භික‍්ඛවෙ භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා යෙ තෙ සුත‍්තන‍්තා තථාගතභාසිතා ගම‍්භීරා ගම‍්භීරත්‍ථා ලොකුත‍්තරා සුඤ‍්ඤතාපටිසංයුත‍්තා, තෙසු භඤ‍්ඤමානෙසු න සුස‍්සූසන‍්ති, න සොතං ඔදහිස‍්සන‍්ති, න අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨපෙස‍්සන‍්ති. න ච තෙ ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති. යෙ පන තෙ සුත‍්තන‍්තා කවිකතා කාවෙය්‍යා චිත‍්තක‍්ඛරා චිත‍්තබ්‍යඤ‍්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ‍්ඤමානෙසු සුස‍්සූසන‍්ති සොතං ඔදහිස‍්සන‍්ති, අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨපෙස‍්සන‍්ති. තෙ ච ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති. ඉති ඛො භික‍්ඛවෙ ධම‍්මසන්‍දොසා විනයසන්‍දොසො, විනයසන්‍දොසා ධම‍්මසන්‍දොසො. ඉදං භික‍්ඛවෙ චතුත්‍ථං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති. තං වො පටිබුජ‍්ඣිතබ‍්බං, පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වන්නාහු ම ඔහු තථාගතභාෂිත වූ ගැඹුරු පෙළ ඇති, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තරධර්‍මදීපක, ශූන්‍යතාප්‍රතිසංයුක්ත, යම් ඒ සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි නො කෙරෙත්. කන් රුකොට නො ගණිත්. දැනුමට සිත් නො එළවත්. එ දහම් උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට නො සිතත්. කවීන් විසින් ගොතන ලද, කවියනට අයත්, විසිතුරු අකුරු ඇති, විසිතුරු වියඳුන් ඇති සස්නෙන් බැහැර ව ගියා වූ බැහැරිසව්වන් විසින් කියු යම් සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි කෙරෙත් කන් රුකොට ගණිත්. දැනුමට සිත් එළවත්. එ දහම් ද උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට සිතත්. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ සතර වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.

පුන චපරං භික‍්ඛවෙ භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත‍්තා අභාවිතපඤ‍්ඤා ථෙරා භික‍්ඛූ බාහුලිකා භවිස‍්සන‍්ති සාථලිකා ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමා පවිවෙකෙ නික‍්ඛිත‍්තධුරා. න විරියං ආරභිස‍්සන‍්ති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. තෙසං පච‍්ඡිමා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජිස‍්සති. සාපි භවිස‍්සති බාහුලිකා සාථලිකා ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමා පවිවෙකෙ නික‍්ඛිත‍්තධුරා න විරියං ආරභිස‍්සති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉති ඛො භික‍්ඛවෙ ධම‍්මසන්‍දොසා විනයසන්‍දොසො, විනයසන්‍දොසා ධම‍්මසන්‍දොසො. ඉදං භික‍්ඛවෙ පඤ‍්චමං අනාගතභයං එතරහි අසමුප‍්පන‍්නං ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සති. තං වො පටිබුජ‍්ඣිතබ‍්බං පටිබුජ‍්ඣිත්‍වා ච තස‍්ස පහානාය වායමිතබ‍්බං.

තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය වන, අභාවිතශීල වන, අභාවිතචිත්ත වන, අභාවිතප්‍රඥ වන, එ ස්ථවිරභික්‍ෂූහු සිවුපස බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු නීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පුරෝගාමී වන්නාහු ප්‍රකර්‍ෂවිවේකයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නාහ. ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඒ පශ්චිමජන ද සිවුපස බහුල කොට ඇත්තේ, සස්න ලිහිල් කොට ගත්තේ, අවක්‍රමණයෙහි පූර්‍වඞ්ගම වූයේ, ප්‍රවිවේකයෙහි හළ වැර ධුර ඇතියේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වේ. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මෙ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.

ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච අනාගතභයානි එතරහි අසමුප‍්පන‍්නානි ආයතිං සමුප‍්පජ‍්ජිස‍්සන‍්ති. තානි වො පටිබුජ‍්ඣිතබ‍්බානි. පටිබුජ‍්ඣිත්‍වා ච තෙසං පහානාය වායමිතබ‍්බන‍්ති.

මහණෙනි, මෙ කල නූපන් මේ පඤ්ච අනාගතභය මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුහ. පිළිවිද ද ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු යි.