යෙදුමෙන් කියවන්න

දුතියඅනාගතභයසුත‍්තං

5. 2. 3. 8.

5. 2. 3. 8.

[දුතියඅනාගතභයසුත‍්තං]

[දුතියඅනාගතභය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

28. පඤ‍්චිමානි භික‍්ඛවෙ අනාගතභයානි සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා අප‍්පමත‍්තෙන ආතාපිනා පහිතත‍්තෙන විහරිතුං අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. කතමානි පඤ‍්ච?

28. මහණෙනි, මේ පඤ්ච අනාගතභයක් දක්නා මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතවිශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස, වාස කරන්නට නිසි මැ යි. කවර පසෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: “අහං ඛො එතරහි දහරො යුවා සුසු කාළකෙසො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො පඨමෙන වයසා හොති ඛො පන සො සමයො යං ඉමං කායං ජරා ඵුසති. ජිණ‍්ණෙන ඛො පන ජරාය අභිභූතෙන න සුකරං බුද‍්ධානං සාසනං මනසිකාතුං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මම මෙ කල දහරයෙම් තුරුණුයෙම් මනා කළු කෙහෙ ඇතියෙම් සොඳුරුයොවුනෙන් සමන්‍වාගතයෙමි. යම් හෙයෙකින් මේ කය ජරාව පහස්නේ නම්, එ බඳු සමයෙක් ඇත් මැ යි. ජීර්‍ණ වූ ජරායෙන් මැඬුනහු විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට සුකර නො වේ මැ යි.

න සුකරානි අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුං පුරා මං සො ධම‍්මො ආගච‍්ඡති අනිට‍්ඨො අකන‍්තො අමනාපො. හන්‍දාහං පටිගච‍්චෙව විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය-යෙනාහං ධම‍්මෙන සමන‍්නාගතො ජිණ‍්ණකො’පි ඵාසුං විහරිස‍්සාමී”ති. ඉදං භික‍්ඛවෙ පඨමං අනාගතභයං සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා අප‍්පමත‍්තෙන ආතාපිනා පහිතත‍්තෙන විහරිතුං අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය.

අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්තසෙනසුන් හා සෙවුනට සුකර නො වේ. ඒ අනිටු අකාන්ත අමනාප ධර්‍මය ඇසිල්ලකින් මා වෙත එයි. (එයට පෙරම-යම් තාක් එ නො එළඹේ ද ඒ තාක්) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස වැර අරඹම් මැයි - යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මම් දිරූයෙම් නමුදු සැපසේ වෙසෙම් නම් එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ ප්‍රථම අනාගතභය දක්නා මහණ විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි ම ය.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: ‘අහං ඛො එතරහි අප‍්පාබාධො අප‍්පාතඞ‍්කො සමවෙපාකිනියා ගහණියා සමන‍්නාගතො නාතිසීතාය නාච‍්චුණ‍්හාය මජ‍්ඣිමාය පධානක‍්ඛමාය. හොති ඛො පන සො සමයො යං ඉමං කායං ව්‍යාධි ඵුසති. බ්‍යාධිතෙන ඛො පන බ්‍යාධාභිභූතෙන න සුකරං බුද‍්ධානං සාසනං මනසිකාතුං. න සුකරානි අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුං. පුරා මං සො ධම‍්මො ආගච‍්ඡති අනිට‍්ඨො අකන‍්තො අමනාපො, හන්‍දාහං පටිගච‍්චෙව විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය-යෙනාහං ධම‍්මෙන සමන‍්නාගතො බ්‍යාධිතොපි ඵාසුං විහරිස‍්සාමී’ති. ඉදං භික‍්ඛවෙ දුතියං අනාගතභයං සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා අප‍්පමත‍්තෙන ආතාපිනා පහිතත‍්තෙන විහරිතුං අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය.

තවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “දැන් මම් අල්පාබාධයෙම් අල්පාතඞ්කයෙම් නානිශීත, නාත්‍යුෂ්ණ, මධ්‍යම, ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වන, සම ව පස්නා කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගතයෙම් වෙමි. යම් හෙයෙකින් මෙ කය ව්‍යාධිය පහස්නේ නම්, එ බඳු කලෙක් ඇත් මැ යි මා ව්‍යාධිගත ව ව්‍යාධියෙන් මඬනාලදහු විසින් බුදුරජුන්ගේ සස්න කරනට සුකර නොවේ මැ යි. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නහ සුකර නො වේ. අනිෂ්ට අකාන්ත අමනාප ඒ ධර්‍මය මා කර මතු එයි. (එයට පෙර) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස, වැර අරඹම් මැ යි. යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් ව්‍යාධියෙන් පෙළුනෙම් නමුදු පහසු සේ වෙසෙම් නම් එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ දෙවන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැ යි.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: ‘එතරහි ඛො සුභික‍්ඛං සුසස‍්සං සුලභපිණ‍්ඩං, සුකරං උඤ‍්ඡෙන පග‍්ගහෙන යාපෙතුං. හොති ඛො පන සො සමයො යං දුබ‍්භික‍්ඛං හොති දුස‍්සස‍්සං දුල‍්ලභපිණ‍්ඩං, න සුකරං උඤ‍්ඡෙන පග‍්ගහෙන යාපෙතුං. දුබ‍්භික‍්ඛෙන ඛො පන මනුස‍්සා යෙන සුභික‍්ඛං තෙන සඞ‍්කමන‍්ති තත්‍ථ සඞ‍්ගණිකවිහාරො හොති ආකිණ‍්ණවිහාරො. සඞ‍්ගණිකවිහාරෙ ඛො පන සති ආකිණ‍්ණවිහාරෙ න සුකරං බුද‍්ධානං සාසනං මනසිකාතුං. න සුකරානි අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුං. පුරා මං සො ධම‍්මො ආගච‍්ඡති අනිට‍්ඨො අකන‍්තො අමනාපො හන්‍දාහං පටිගච‍්චෙව විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය-යෙනාහං ධම‍්මෙන සමන‍්නාගතො දුබ‍්භික‍්ඛෙ’පි ඵාසුං විහරිස‍්සාමී’ති. ඉදං භික‍්ඛවෙ තතියං අනාගතභයං සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා අප‍්පමත‍්තෙන ආතාපිනා පහිතත‍්තෙන විහරිතුං අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය.

තවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල භික්‍ෂාසම්පන්න වෙයි, සමාද්ධ ශස්‍ය වෙයි, සුලභ පිණ්ඩ වෙයි, භික්‍ෂාපාත්‍රය ගෙණ උඤ්ඡාචරියායෙන් යැපීමට සුකර වෙයි. යම් හෙයෙකින් දුර්භික්‍ෂ හා දුශ්ශස්‍ය හා දුර්‍ලභ පිණ්ඩ හා වේ නම්, භික්‍ෂාපාත්‍රය ගෙණ උඤ්ඡාචරියායෙන් යැපීමට සුකර නො වේ නම්, එ බඳු සමයෙක් වෙයි. දුර්භික්‍ෂයෙහි වනාහි මනුෂ්‍යයෝ සුභික්‍ෂස්ථාන කරා සඞ්ක්‍රමණ කෙරෙත්. එ තන්හි සඞ්ගණිකවිහාරය ආකීර්‍ණවිහාරය (උනුන් හා මුසු විහරණ) වෙයි. ගණසඟ විහරණය මුසුවිහරණය ඇති වත් ම බුදුරජුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි. අරන් හා වානප්‍රස්ථ හා ගැඹුරු වල් සෙනසුන් හා සෙව්මට සුකර නො වෙයි. අනිෂ්ට අකාන්ත අමනාප ඒ ධර්‍මය මා කරා වහා එයි. (එයට පෙර) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස, වැර අරඹම් මැයි - යම් ධර්‍මයෙකින් සමන්‍වාගතයෙම් දුර්භික්‍ෂයෙහිදු පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ තුන් වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැයි.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: එතරහි ඛො මනුස‍්සා සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරන‍්ති. හොති ඛො පන සො සමයො යං භයං හොති අටවිසංකොපො. චක‍්කසමාරූළ‍්හා ජානපදා පරියායන‍්ති. භයෙ ඛො පන සති මනුස‍්සා යෙන ඛෙමං තෙන සඞ‍්කමන‍්ති. තත්‍ථ සඞ‍්ගණිකවිහාරො හොති ආකිණ‍්ණවිහාරො සඞ‍්ගණිකවිහාරෙ ඛො පන සති ආකිණ‍්ණ විහාරෙ න සුකරං බුද‍්ධානං සාසනං මනසිකාතුං. න සුකරානි අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුං. පුරා මං සො ධම‍්මො ආගච‍්ඡති අනිට‍්ඨො අකන‍්තො අමනාපො, හන්‍දා’හං පටිගච‍්චෙව විරියං ආරභාමි (අප‍්පත‍්තස‍්ස පත‍්තියා, අනධිගතස‍්ස ආධිගමාය, අසච‍්ඡිකතස‍්ස) සච‍්ඡිකිරියාය-යෙනාහං ධම‍්මෙන සමන‍්නාගතො භයෙ’පි ඵාසුං විහරිස‍්සාමී”ති. ඉදං භික‍්ඛවෙ චතුත්‍ථං අනාගතභයං සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා අප‍්පමත‍්තෙන ආතාපිනා පහිතත‍්තෙන විහරිතුං (අප‍්පත‍්තස‍්ස පත‍්තියා ‘අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස) සච‍්ඡිකිරියාය.

තවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල්හි මනුෂ්‍යයෝ සමඟ වූවාහු, එක්ව තුස්නාහු, විවාද නො කරන්නාහු, කිරි හා දිය මෙන් එක්වූවාහු, උනුන් පිය ඇසින් දක්නාහු වෙසෙත්. යම් හෙයෙකින් කඩපලාසොරබියෙක් (වලවැසි සොරුන් ගම් වැද කරණ විලෝපයෙක්) වේ ද, රියසක් නැඟි දනව්වැස්සෝ ඔබමොබ (හිස් ලූලූ අත) පැන යෙද් ද, එබඳු සමයෙක් වේ මැයි. භය ඇති වත්ම මනුෂ්‍යයෝ ක්‍ෂේමස්ථාන කරා සඞ්ක්‍රමණය කෙරෙත්. එ තන්හි සඞ්ගණික විහරණය වෙයි. ආකීර්‍ණවිහරණය වෙයි. සඞ්ගණීකවිහරණ හා ආකීර්‍ණ විහරණ හා ඇති වත් ම බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට සුකර නො වේ. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නට සුකර නො වේ. එ අනිෂ්ට අකාන්ත අමනාප ධර්‍මය මා කරා වහා එයි. එයට පෙර මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹම් මැයි. මම යම් වීර්‍ය්‍ය ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් භයෙහිදු පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්තවෙමි’යි. මහණෙනි, මේ සතර වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස, අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කිරීමට නිසි මැ යි.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: “එතරහි ඛො සඞ‍්ඝො සමග‍්ගො සම‍්මොදමානො අවිවදමානො එකුද‍්දෙසො ඵාසුං විහරති. හොති ඛො පන සො සමයො යං සඞ‍්ඝො භිජ‍්ජති. සඞ‍්ඝෙ ඛො පන භින‍්නෙ න සුකරං බුද‍්ධානං සාසනං මනසිකාතුං. න සුකරානි අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුං. පුරා මං සො ධම‍්මො ආගච‍්ඡති අනිට‍්ඨො අකන‍්තො අමනාපො, හන්‍දා’හං පටිගච‍්චෙව විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය, යෙනාහං ධම‍්මෙන සමන‍්නාගතො භින‍්නෙ’පි සඞ‍්ඝෙ ඵාසුං විහරිස‍්සාමී”ති ඉදං භික‍්ඛවෙ පඤ‍්චමං අනාගතභයං සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා අප‍්පමත‍්තෙන ආතාපිනා පහිතත‍්තෙන විහරිතුං අප‍්පතස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය.

තවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල සඞ්ඝ තෙමේ සමඟ වූයේ. සම්මොදමාන වූයේ, විවාද නො කරන්නේ, ඒකුද්දෙස ඇතියේ පහසු සේ වෙසෙයි. යම් හෙයෙකින් සඞ්ඝ බිඳේ නම් එ බඳු කලෙක් වෙයි. සඞ්ඝයා බුන් කල්හි බුදුරජුන්ගේ සසුන මෙනෙහි කරන්නට සුකර නො වේ. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නට සුකර නො වේ. ඒ අනිෂ්ට අකාන්ත අමනාප ධර්‍මය මා කරා වහා එයි. එයට පෙර මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹම් මැයි. මම යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් සඞ්ඝයා බුන ද පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ පස් වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැයි.

ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච අනාගතභයානි සම‍්පස‍්සමානෙන අලමෙව භික‍්ඛුනා අප‍්පමත‍්තෙන ආතාපිනා පහිතත‍්තෙන විහරිතුං අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති.

මහණෙනි, මේ පඤ්ච අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කිරීමට නිසි මැයි.