රජනීය සුත්තං
5. 2. 4. 1.
5. 2. 4. 1.
[රජනීය සුත්තං].
[රජනීය සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
31. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච කතමෙහි පඤ්චහි?
31. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත තෙරමහණ සබ්රම්සරනට අප්රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රජනීයෙ රජ්ජති, දුස්සනීයෙ දුස්සති, මොහනීයෙ මුය්හති, කුප්පනීයෙ කුප්පති, මදනීයෙ මජ්ජති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො චා’ති.
රාගයට කරුණු වූ අරමුණෙහි රක්ත වෙයි. ද්වේෂයට කරුණු වූ අරමුණෙහි ද්විෂ්ට වෙයි. මෝහයට කරුණු වූ අරමුණෙහි මූඪ වෙයි. කෝපයට කරුණු වූ අරමුණෙහි කුපිත වෙයි. මදයට කරුණු වූ අරමුණෙහි මත්ත වෙයි. මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත ස්ථවිර මහණ අප්රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි?
මහණෙනි, ධර්මපසෙකින් සමන්වාගත තෙර මහණ සබ්රම්සරනට ප්රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
රජනීයෙ න රජ්ජති, දුස්සනීයෙ න දුස්සති, මොහනීයෙ න මුය්හති, කුප්පනීයෙ න කුප්පති, මදනීයෙ න මජ්ජති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’ති.
රාගයට කරුණු වූ අරමුණෙහි නො ඇලෙයි. ද්වේෂයට කරුණු වූ අරමුණෙහි ද්වේෂ නො කරයි. මෝහයට කරුණු වූ අරමුණෙහි මුළා නො වෙයි. කෝපයට කරුණු වූ අරමුණෙහි නො කිපෙයි. මදයට කරුණු වූ අරමුණෙහි මත් නො වෙයි. මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත වූ ස්ථවිර මහණ සබ්රම්සරුන්හට ප්රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.