යෙදුමෙන් කියවන්න

4. ථෙරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. ථෙර වර්ගය

1. රජනීය සුත‍්තවණ‍්ණනා

1. රජනීය සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඨමෙ රජනීයෙසූති රාගස‍්ස පච‍්චයෙසු ආරම‍්මණෙසු. සෙසෙසුපි එසෙව නයො.

සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි රජනීයෙසු යනු රාගයට හේතුවන්නා වූ අරමුණුවලයි, සෙසු තන්හි මේ ක්‍රමයමැයි,

2. වීතරාග සුත‍්තවණ‍්ණනා

2. වීතරාග සූත්‍ර වර්ණනාව

දුතියෙ මක‍්ඛීති ගුණමක‍්ඛකො. පළාසීති යුගග‍්ගාහලක‍්ඛණෙන පළාසෙන සමන‍්නාගතො.

දෙවැන්නෙහි මක්ඛී යනු ගුණමකුවායි, පළාසී යනු විරුද්ධවාදීත්වය ලක්‍ෂණ කොට ඇති නපුරුකමින් යුක්ත වූයේයි,

3. කුහක සුත‍්තවණ‍්ණනා

3. කුහක සූත්‍ර වර්ණනාව

තතියෙ කුහකොති තීහි කුහනවත්‍ථූහි සමන‍්නාගතො. ලපකොති ලාභසන‍්නිස‍්සිතාය ලපනාය සමන‍්නාගතො. නෙමිත‍්තිකොති නිමිත‍්තකිරියකාරකො. නිප‍්පෙසිකොති නිප‍්පෙසනකතාය සමන‍්නාගතො. ලාභෙන ච ලාභං නිජිගීසිතාති ලාභෙන ලාභගවෙසකො. සුක‍්කපක‍්ඛො වුත‍්තවිපල‍්ලාසවසෙන වෙදිතබ‍්බො. චතුත්‍ථං උත‍්තානමෙව.

තෙවැන්නෙහි කුහකො යනු තෙවැදෑරුම් වංචක වස්තූන්ගෙන් යුක්ත වූයේයි, ලපකො යනු ලාභය ඇසුරු කොට ඇති චාටු කථාවෙන් යුක්තවූයේයි, නෙමිත්තකො යනු නිමිති පිළිබඳව කටයුතු කරන්නායි (නිමිති කියන්නායි) නිප්පෙසිකා යනු ඇස් බැන්දුම් (රැවටිලි සහිත) කථාවෙන් යුක්තවූයේයි, ලාභෙන ලාභං නිජිගිංසිතා යනු ලාභයෙන් ලාභය සොයන්නායි, යහපත් පැත්ත කියන ලද ක්‍රමයට විරුද්ධ ලෙසින් දතයුතුය, සිවුවැන්න පැහැදිලිමය.

5. අක‍්ඛමසුත‍්තවණ‍්ණනා

5. අක්ඛම සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අක‍්ඛමො හොති රූපානන‍්ති රූපාරම‍්මණානං අනධිවාසකො හොති, තදාරම‍්මණෙහි රාගාදීහි අභිභුය්‍යති. එසෙව නයො සබ‍්බත්‍ථ.

පස්වැන්නෙහි අක්ඛමො හොති රූපානං යනු රූපාරම්මණය නොයිවසන්නේ වෙයි, රාගාදී වූ තදාරම්මණයන්ගෙන් මැඬ සිටියි, සියලු තැන්හි මේ ක්‍රමයමයි.

6. පටිසම‍්භිදාසුත‍්තවණ‍්ණනා

6. පටිසම්භිදා සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අත්‍ථපටිසම‍්භිදාප‍්පත‍්තොති පඤ‍්චසු අත්‍ථෙසු පභෙදගතං ඤාණං පත‍්තො. ධම‍්මපටිසම‍්භිදාප‍්පත‍්තොති චතුබ‍්බිධෙ ධම‍්මෙ පභෙදගතං ඤාණං පත‍්තො. නිරුත‍්තිපටිසම‍්භිදාප‍්පත‍්තොති ධම‍්මනිරුත‍්තීසු පභෙදගතං ඤාණං පත‍්තො. පටිභානපටිසම‍්භිදාප‍්පත‍්තොති තෙසු තීසු ඤාණෙසු පභෙදගතං ඤාණං පත‍්තො. සො පන තානි තීණි ඤාණානෙව ජානාති, න තෙසං කිච‍්චං කරොති. උච‍්චාවචානීති මහන‍්තඛුද‍්දකානි. කිංකරණීයානීති ඉති කත‍්තබ‍්බානි.

සයවැන්නෙහි අත්‍ථපටිසම්භිදාප්පත්තො යනු පස්වැදෑරුම් අර්‍ත්‍ථයන්හි ප්‍රභේදගත වූ ඥානයට පැමිණියේයි, ධම්මපටිසම්භිදාප්පත්තො යනු සිවුවැදෑරුම් ධර්‍මයන්හි ප්‍රභේදගත වූ ඥානයට පැමිණියේයි, නිරුත්තිපටිසම්භිදාප්පත්තො යනු ධර්‍මනිරුක්තීන්හි ප්‍රභේදගත වූ ඥානයට පැමිණියෝයි, පටිභානපටිසම්භිදාප්පත්තො යනු තුන්තුන් ආකාර ඥානයන්හි ප්‍රභේදගත වූ ඥානයට පැමිණියේයි, හෙතෙම වනාහි ඒ තුන් ඥානයන්ම දනියි, ඒ ඥානයන්ගේ කෘත්‍ය නොකරයි, උච්චාවචානි යනු ලොකු කුඩායි, කිං කරණීයානි යනු මෙසේ කළයුතුයි,

7. සීලසුත‍්තවණ‍්ණනා

7. සීල සූත්‍ර වර්ණනාව

සත‍්තමං උත‍්තානත්‍ථමෙව. සීලං පනෙත්‍ථ ඛීණාසවසීලමෙව, බාහුසච‍්චම‍්පි ඛීණාසවබාහුසච‍්චමෙව, වාචාපි ඛීණාසවස‍්ස කල්‍යාණවාචාව, ඣානානිපි කිරියජ‍්ඣානානෙව කථිතානීති වෙදිතබ‍්බානි.

සත්වැනි සූත්‍රය පැහැදිලිමය, මෙහි ශීලය ක්ෂීණාශ්‍රව ශීලයමයි. බහුශ්‍රැත බව ද ක්ෂීණාශ්‍රවයන්ගේ බහුශ්‍රැතබවමයි, වචනය ද ක්ෂීණාශ්‍රවයන්ගේ කල්‍යණ වචනයයි, ධ්‍යානයෝ ද ක්‍රියා ධ්‍යානයෝයි කියන ලදැයි දතයුතුය.

8. ථෙරසුත‍්තවණ‍්ණනා

8. ථෙර සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ ථෙරොති ථිරභාවප‍්පත‍්තො. රත‍්තඤ‍්ඤූති පබ‍්බජිතදිවසතො පට‍්ඨාය අතික‍්කන‍්තානං බහූනං රත‍්තීනං ඤාතා. ඤාතොති පඤ‍්ඤාතො පාකටො. යසස‍්සීති යසනිස‍්සිතො. මිච‍්ඡාදිට‍්ඨිකොති අයාථාවදිට‍්ඨිකො. සද‍්ධම‍්මා වුට‍්ඨාපෙත්‍වාති දසකුසලකම‍්මපථධම‍්මතො වුට‍්ඨාපෙත්‍වා. අසද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙතීති අකුසලකම‍්මපථෙසු පතිට‍්ඨාපෙති.

අටවැන්නෙහි ථෙරො යනු ස්ථිර බවට පැමිණියේයි රත්තඤ්ඤු යනු පැවිදි වූ දිනයෙහි සිට ඉකුත්වූ බොහෝ රාත්‍රීන් දන්නේයි, ඤාතො යනු දන්නා ලද්දාවූයි, ප්‍රකටවූයි, යසස්සී යනු කීර්තිය ඇසුරුකොට ඇත්තේයි, මිච්ඡාදිට්ඨිකො යනු නො ඇති සැටියෙන් දකින්නායි, සද්ධම්මා වුට්ඨාපෙත්වා යනු කුශලකර්‍මපථ ධර්‍මයෙන් උගුළුවා (ඉවත්කොට) යි, අසද්ධම්මෙ පතිට්ඨාපෙති යනු අකුශල කර්‍මපථයෙහි පිහිටවිය.

9. පඨමසෙඛසුත‍්තවණ‍්ණනා

9. පඨමසෙඛ සූත්‍ර වර්ණනාව

නවමෙ සෙඛස‍්සාති සික‍්ඛකස‍්ස සකරණීයස‍්ස. පරිහානායාති උපරිගුණෙහි පරිහානත්‍ථාය. කම‍්මාරාමතාති නවකම‍්මෙ රමනකභාවො. භස‍්සාරාමතාති ආලාපසල‍්ලාපෙ රමනකභාවො. නිද‍්දාරාමතාති නිද‍්දායනෙ රමනකභාවො. සඞ‍්ගණිකාරාමතාති ගණසඞ‍්ගණිකාය රමනකභාවො. යථාවිමුත‍්තං චිත‍්තං න පච‍්චවෙක‍්ඛතීති යථා යං චිත‍්තං විමුත‍්තං, යෙ ච දොසා පහීනා, ගුණා ච පටිලද‍්ධා, තෙ පච‍්චවෙක‍්ඛිත්‍වා උපරිගුණපටිලාභාය වායාමං න කරොතීති අත්‍ථො. ඉති ඉමස‍්මිං සුත‍්තෙ සත‍්තන‍්නං සෙඛානං උපරිගුණෙහි පරිහානිකාරණඤ‍්ච වුද‍්ධිකාරණඤ‍්ච කථිතං. යඤ‍්ච නාම සෙඛස‍්ස පරිහානකාරණං, තං පුථුජ‍්ජනස‍්ස පඨමමෙව හොතීති.

නවවැන්නෙහි සෙඛස්ස යනු හික්මෙන්නායි, කිරීමට කටයුතු ඇති තැනැත්තාගේයි, පරිහානාය යනු මතු මතු ගුණයන්ගෙන් පිරිහීම සඳහායි, කම්මාරාමතා යනු නවකම්හි ඇලෙන බවයි, භස්සාරාමතා යනු අල්ලාප සල්ලාපයෙහි ඇලෙන බවයි, සඞ්ගනිකාරාමනා යනු සමූහයා සමඟ එක්ව සිටීමෙහි ඇලෙනසුලු බවයි, යථාවිමුත්තං චිත්තං න පච්චවෙක්ඛති යනු යම්සේ ඔහුගේ සිත මිදුණේ ද යම් දෝෂයෝ ප්‍රහීනවූවාහු ද ගුණයෝ ද ලබන ලද්දෝ ද ඒවා මෙනෙහි කොට මත්තෙහි වූ ගුණ ලැබීම සඳහා උත්සාහ නොකරයි යන අරුත්ය, මෙසේ මේ සූත්‍රයෙහි සත්වැදෑරුම් ශෛක්ෂයන්ගේ මතු මත්තෙහි හානිය ඇතිකිරීම ද දියුණුව ඇති කිරීම ද කියන ලදි, ශෛක්ෂයගේ පරිහානිය ඇති කරන යමක් වේ ද එය පළමුවම කියන ලදි.

10. දුතියසෙඛසුත‍්තවණ‍්ණනා

10. දුතියසෙඛ සූත්‍ර වර්ණනාව

දසමෙ වියත‍්තොති බ්‍යත‍්තො ඡෙකො. කිංකරණීයෙසූති ඉති කත‍්තබ‍්බෙසු. චෙතොසමථන‍්ති සමාධිකම‍්මට‍්ඨානං. අනනුලොමිකෙනාති සාසනස‍්ස අනනුච‍්ඡවිකෙන. අතිකාලෙනාති අතිපාතොව. අතිදිවාති දිවා වුච‍්චති මජ‍්ඣන‍්හිකො, තං අතික‍්කමිත්‍වා. ආභිසල‍්ලෙඛිකාති අතිවිය කිලෙසසල‍්ලෙඛිකා. චෙතොවිවරණසප‍්පායාති චිත‍්තවිවරණසඞ‍්ඛාතානං සමථවිපස‍්සනානං සප‍්පායා. අප‍්පිච‍්ඡකථාති අප‍්පිච‍්ඡා හොථාති කථනකථා. සන‍්තුට‍්ඨිකථාති චතූහි පච‍්චයෙහි සන‍්තුට‍්ඨා හොථාති කථනකථා. පවිවෙකකථාති තීහි විවෙකෙහි විවිත‍්තා හොථාති කථනකථා. අසංසග‍්ගකථාති පඤ‍්චවිධෙන සංසග‍්ගෙන අසංසට‍්ඨා හොථාති කථනකථා. වීරියාරම‍්භකථාති දුවිධං වීරියං ආරභථාති කථනකථා. සීලකථාදීසු සීලං ආරබ‍්භ කථා සීලකථා. සමාධිං ආරබ‍්භ, පඤ‍්ඤං ආරබ‍්භ, පඤ‍්චවිධං විමුත‍්තිං ආරබ‍්භ, එකූනවීසතිපච‍්චවෙක‍්ඛණසඞ‍්ඛාතං විමුත‍්තිඤාණදස‍්සනං ආරබ‍්භ කථා විමුත‍්තිඤාණදස‍්සනකථා. න නිකාමලාභීතිආදීසු න ඉච‍්ඡිතිච‍්ඡිතලාභී, දුක‍්ඛලාභී න විපුලලාභීති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

දසවැන්නෙහි ව්‍යත්තො යනු ව්‍යක්තවූයේ දක්ෂවූයේයි, කිං කරණීයෙසු යන කළයුතු දෙයෙහියි, චෙතොසමථං යනු සමාධිකර්‍මස්ථානයයි, අනනුලොමිකෙන යනු සසුනට නොසුදුසු දෙයිනි, අතිකාලෙන යනු ඉතා උදයෙනි, අතිදිවා යනු මධ්‍යයට අයත්වූයේ දිවායි කියනු ලැබේ. එය ඉක්මවායි, ආභිසල්ලෙඛිකා යනු බෙහෙවින් කෙලෙස්, නසන්නාවූයි, චෙතොවිවරණසප්පායා යනු චිත්ත විවරණ සංඛ්‍යාත වූ සමථ විදර්‍ශනාවන්ට යෝග්‍යවූයේයි, අප්පිච්ඡකථා යනු අපිස් වෙහුයි කියන කථාවයි, සන්තුට්ඨිකථා යනු සිවුපසයෙහි තුටු වෙහුයි කියන කථාවයි, පච්චෙකකථා යනු තුන් විවේකයන්ගෙන් විවේක බවට පැමිණෙහුයි කියන කථාවයි, අසංසග්ගකථා යනු පස්වැදෑරුම් ඇසුරු කිරීම්වලින් වෙන්වෙහුයි කියන කථාවයි, විරියාරම්භකථා යනු දෙවැදෑරුම් වීර්යය අරඹහුයි කියන කථාවයි, සීලකථාදියෙහි ද සීලය අරභයා වූ කථාවයි, සමාධිය අරභයා කථාවයි, පඤ්චවිධ සංඥාව අරභයා විමුක්තිය අරභයා එකුස්විසි ප්‍රත්‍යවෙක්ෂණ කථා සංඛ්‍යාත වූ විමුක්තිඥානදර්‍ශනය අරභයා කථාව, විමුත්තිඤාණදස්සනකථා යි, න නිකාමලාහි යනාදියෙහි කැමති කැමති දෙය නොලබන්නාවූ දුකසේ ලබන්නා වූ බොහෝ නොලබන යන අර්‍ත්‍ථයයි, සෙස්ස පැහැදිලිමය.

ථෙරවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි වර්‍ගයයි