යෙදුමෙන් කියවන්න

පඨමසෙඛසුත‍්තං

5. 2. 4. 9.

5. 2. 4. 9.

[පඨමසෙඛසුත‍්තං]

[පඨමසේඛ සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

39. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

39. මහණෙනි, මේ ධර්‍මයෝ පස්දෙනෙක් ශෛක්‍ෂ (සකරණීය) මහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ: කවර පස් දෙනෙක යත්:

කම‍්මාරාමතා, භස‍්සාරාමතා, නිද‍්දාරාමතා, සඞ‍්ගණිකාරාමතා, යථාවිමුත‍්තං චිත‍්තං න පච‍්චවෙක‍්ඛති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති.

නවකර්‍මයෙහි ඇලුම්ඇති බව ය, (ස්ත්‍රීපුරුෂවර්‍ණනාදි විසින් වැටෙන ආලාපසංලාපසඞ්ඛ්‍යාත) භාෂණයෙහි ඇලුම් ඇති බව ය, නිදීමෙහි ඇලුම් ඇති බව ය, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති බව ය, යථාවිමුක්තිචිත්තය (පැහු දොස්, ලැබූ ගුණ මේ යයි සලකා මතු ගුණ ලාභය පිණිස සිත මිදුනු පරිදි) ප්‍රත්‍යවේක්‍ෂා නො කෙරෙයි. (යනු යි.) මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:

න කම‍්මාරාමතා, න භස‍්සාරාමතා, න නිද‍්දාරාමතා, න සඞ‍්ගණිකාරාමතා, යථාවිමුත‍්තං චිත‍්තං පච‍්චවෙක‍්ඛති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති.

කම්මාරාමතා නො වෙයි, භස්සාරාමතා නො වෙයි, නිද්දාරාමතා නො වෙයි, සඞ්ගණිකාරාමතා නො වෙයි, යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ.