යෙදුමෙන් කියවන්න

දුතියසෙඛසුත‍්තං

5. 2. 4. 10.

5. 2. 4. 10.

[දුතියසෙඛසුත‍්තං]

[දුතියසේඛ සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

40. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

40. මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂමහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු බහුකිච‍්චො හොති බහුකරණීයො ව්‍යත‍්තො කිංකරණීයෙසු. රිඤ‍්චති පටිසල‍්ලානං. නානුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං භික‍්ඛවෙ පඨමො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තති.

මහණෙනි, මෙ සස්නෙහි ශෛක්‍ෂ මහණ බොහෝ කරණී ඇති, බොහෝ කිස ඇතියෙක් වෙයි. ඉතිකර්‍තව්‍යයෙහි ඡේක වෙයි. පිළිසලන හැරැපියයි. තමා තුළ සමාධිකමටහනෙහි නො යෙදෙයි. මහණෙනි, මේ පළමු දහම ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු අප‍්පමත‍්තකෙන කම‍්මෙන දිවසං අතිනාමෙති. රිඤ‍්චති පටිසල‍්ලානං. නානුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං භික‍්ඛවෙ දුතියො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තති.

වැලිදු මහණෙනි, ශෛක්‍ෂ මහණ අල්පමාත්‍රක කර්‍මයෙකින් දවස ගළවයි. පිළිසලන හැරැපියයි. තමා තුළ සමාධිකමටහනෙහි නො යෙදෙයි. මහණෙනි, මේ දෙවන දහම ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු සංසට‍්ඨො විහරති ගහට‍්ඨපබ‍්බජිතෙහි අනනුලොමිකෙන ගිහීසංසග‍්ගෙන. රිඤ‍්චති පටිසල‍්ලානං. නානුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං භික‍්ඛවෙ තතියො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තති.

තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ ගිහිපැවිද්දන් සමඟ අනුලෝම නො වන ගිහිසසඟින් සසට ව වෙසෙයි. පිළිසලන හැරපියයි. අධ්‍යාත්ම චිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ තෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු අතිකාලෙන ගාමං පවිසති, අතිදිවා පටික‍්කමති. රිඤ‍්චති පටිසල‍්ලානං. නානුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං භික‍්ඛවෙ චතුත්‍ථො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තති.

තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ ඉතා අලුයම ගම් වදනේ ය. මධ්‍යාහ්නය පන්වා පෙරළා එයි. පිළිසලන පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ සතර වන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු යායං කථා ආභිසල‍්ලෙඛිකා චෙතොවිවරණසප‍්පායා-සෙය්‍යථීදං: අප‍්පිච‍්ඡකථා සන‍්තුට‍්ඨිකථා පවිවෙකකථා අසංසග‍්ගකථා විරියාරම‍්හකථා සීලකථා සමාධිකථා පඤ‍්ඤාකථා විමුත‍්තිකථා විමුත‍්තිඤාණදස‍්සනකථා, එවරූපාය කථාය න නිකාමලාභී හොති කිච‍්ඡලාභී කසිරලාභී. රිඤ‍්චති පටිසල‍්ලානං. නානුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතො සමථං. අයං භික‍්ඛවෙ පඤ‍්චමො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති.

තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ කෙලෙස් ලියා හරණ ශමථවිදර්‍ශනා සඞ්ඛ්‍යාත චිත්තවිවරණයට සත්ප්‍රාය වූ අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධි කථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඥානදස්සනකථා ය යන යම් කථායෙක් වේ නම්, එ බඳු කථාව කැමැති සේ නො ලබන සුලුයේ කිච්ඡලාභී, කසිරලාභී වෙයි. පිළිසලන පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ පස් වන ධර්‍මය ශෛක්‍ෂභික්‍ෂුහුගේ පරිහානිය පිණිස පවත්නේ ය. මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ ශෛක්‍ෂභික්‍ෂුහුගේ පරිහානිය පිණිස වැටෙත්.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර පස් දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු න බහුකිච‍්චො හොති න බහුකරණීයො වියත‍්තො කිං කරණීයෙසු. න රිඤ‍්චති පටිසල‍්ලානං. අනුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං භික‍්ඛවෙ පඨමො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තති.

මහණෙනි, මෙ සස්නෙහි ශෛක්‍ෂ මහණ බොහෝ කිස ඇතියේ, බොහෝ කරණී ඇතියේ නො වෙයි. කිංකරණීයයෙහි ව්‍යක්ත වෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස මේ ප්‍රථමධර්‍මය වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු න අප‍්පමත‍්තකෙන කම‍්මෙන දිවසං අතිනාමෙති, න රිඤ‍්චති පටිසල‍්ලානං. අනුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං චක‍්ඛවෙ දුතියො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තති.

තවද මහණෙනි, ශෛක්‍ෂ මහණ අල්පමාත්‍රකර්‍මයෙකින් දවස නො ගළවයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ දෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු අසංසට‍්ඨො විහරති ගහට‍්ඨපබ‍්බජිතෙහි අනනුලොමිකෙන ගිහීසංසග‍්ගෙන. න රිඤ‍්චති පටිසල‍්ලානං. අනුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං භික‍්ඛවෙ තතියො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තති.

තවද මහණෙනි, ශෛක්‍ෂමහණ සස්නට අනුලෝම නොවන ගිහිසංසර්‍ගයෙන් ගිහිපැවිද්දන් සමඟ සසට ව නො වෙසෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ තෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ සෙඛො නාතිකාලෙන ගාමං පවිසති, නාතිදිවා පටික‍්කමති. න රිඤ‍්චති පටිසල‍්ලානං. අනුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං භික‍්ඛවෙ චතුත්‍ථො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තති.

තවද මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ ඉතා අලුයම ගම් නො වදනේ ය. දහවල පන්වා පෙරළා නො එයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ සතර වන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා පවත්නේ ය.

පුන චපරං භික‍්ඛවෙ සෙඛො භික‍්ඛු යායං කථා ආභිසල‍්ලෙඛිකා චෙතොවිවරණසප‍්පායා-සෙය්‍යථීදං: අප‍්පිච‍්ඡකථා සන‍්තුට‍්ඨිකථා පවිවෙකකථා අසංසග‍්ගකථා විරියාරම‍්හකථා සීලකථා සමාධිකථා පඤ‍්ඤාකථා විමුත‍්තිකථා විමුත‍්තිඤාණස‍්සකථා, එවරූපාය කථාය නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. න රිඤ‍්චති පටිසල‍්ලානං. අනුයුඤ‍්ජති අජ‍්ඣත‍්තං චෙතොසමථං. අයං භික‍්ඛවෙ පඤ‍්චමො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තති.

තවද මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ කෙලෙස් ලියා හරණා චිත්ත විවරණයට සත්ප්‍රාය වූ අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධිකථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඥානදස්සනකථා ය යන යම් කථායෙක් වේ නම්, එ බඳු කථා කැමති සේ ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ මහත් සේ ලබන සුලුයේ වෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ පස් වන ධර්‍මය ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්චධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තති.

මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.

ථෙරවග‍්ගො චතුත්‍ථො

ථේර වර්‍ගය සතර වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

රජනීයං වීතරාගා කුහකො’ සද‍්ධඅක‍්ඛමා පටිසම‍්භිදා ච සීලෙන ථෙරො සෙඛා පරෙ දුවෙති.

රජනීය සූත්‍රය, වීතරාග සූත්‍රය, කුහක සූත්‍රය, අස්සද්ධ සූත්‍රය, අක්ඛම සූත්‍රය, පටිසම්භිදා සූත්‍රය, සීල සූත්‍රය, ථේර සූත්‍රය, සේඛ සූත්‍ර දෙක දැයි දශසූත්‍රයෙකි.