පඨමසම්පදාසුත්තං
5. 2. 5. 1.
5. 2. 5. 1.
[පඨමසම්පදාසුත්තං]
[පඨමසම්පදා සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
41. පඤ්චිමා භික්ඛවෙ සම්පදා. කතමා පඤ්ච?
41. මහණෙනි, මේ සම්පදා පසෙකි. කවර පසෙක යත්:
සද්ධාසම්පදා සීලසම්පදා සුතසම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා. ඉමා ඛො භික්ඛවෙ පඤ්ච සම්පදාති.
සද්ධාසම්පදා හා සීලසම්පදා හා සුතසම්පදා හා චාගසම්පදා හා පඤ්ඤාසම්පදා හා යි. මහණෙනි, මේ පඤ්චසම්පදා යි.
5. 2. 5. 2.
5. 2. 5. 2.
[දුතියසම්පදාසුත්තං]
[දුතියසම්පදා සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
42. පඤ්චිමා භික්ඛවෙ සම්පදා. කතමා පඤ්ච?
42. මහණෙනි, මේ සම්පදා පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
සීලසම්පදා සමාධිසම්පදා පඤ්ඤාසම්පදා විමුත්තිසම්පදා. විමුත්තිඤාණදස්සනසම්පදා. ඉමා ඛො භික්ඛවෙ පඤ්ච සම්පදාති.
සීලසම්පදා හා සමාධිසම්පදා හා පඤ්ඤාසම්පදා හා විමුත්තිසම්පදා හා විමුත්තිඤාණදස්සනසම්පදා හා යි. මහණෙනි, මේ පඤ්චසම්පදා යි.
5. 2. 5. 3.
5. 2. 5. 3.
[අඤ්ඤබ්යාකරණසුත්තං]
[අඤ්ඤබ්‍යාකරණ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
43. පඤ්චිමානි භික්ඛවෙ අඤ්ඤබ්යාකරණාති. කතමානි පඤ්ච?
43. මහණෙනි, මේ අර්හත්ත්වව්යාකරණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මන්දත්තා මොමුහත්තා අඤ්ඤං බ්යාකරොති, පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්යාකරොති, උම්මාදා චිත්තවික්ඛෙපා අඤ්ඤං බ්යාකරොති, අධිමානෙන අඤ්ඤං බ්යාකරොති, සම්මදෙව අඤ්ඤං බ්යාකරොති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අඤ්ඤබ්යාකරණානීති.
අඥානභාවයෙන් අතිමුඨභාවයෙන් අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මැඩුනේ අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. උමතුයෙන් චිත්තක්‍ෂේපයෙන් අර්‍හත්ත්‍වය පාළ කරයි. අධිමානයෙන් අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. මනා (හේතු) යෙන් ම අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. මහණෙනි, මේ පස් දෙන අර්හත්ත්වව්යාකරණයෝ යි.
5. 2. 5. 4.
5. 2. 5. 4.
[ඵාසුවිහාරසුත්තං]
[ඵාසුවිහාර සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
44. පඤ්චිමෙ භික්ඛවෙ ඵාසුවිහාරා. කතමෙ පඤ්ච?
44. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා -දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ඵාසුවිහාරාති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්මයෙන් වෙන් ව ම සවිතර්ක වූ සවිචාර වූ විවේකයෙන් උපන්, ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාස කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වාස කෙරෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් සාක්ෂාත් කොට එයට එළඹ වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චඵාසු විහරණයෝ යි.
5. 2. 5. 5.
5. 2. 5. 5.
[අකුප්පසුත්තං]
[අකුප්ප සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
45. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣති. කතමෙහි පඤ්චහි:
45. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත වූ මහණ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අත්ථපටිසම්භිදාපත්තො හොති, ධම්මපටිසම්භිදාපත්තො හොති, නිරුත්තිපටිසම්භිදාපත්තො හොති, පටිභානපටිසම්භිදාපත්තො හොති, යථා විමුත්තං චිත්තං පච්චවෙක්ඛති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අර්ත්ථප්රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. ධර්මප්රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. නිරුක්තිප්රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. ප්රතිභානප්රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. යථාවිමුක්තචිත්තය (සිත කෙලෙසුන්ගෙන් මිදුණු සැටිය) ප්රත්යවේක්ෂා කෙරෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣතීති.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්වාගත මහණ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය.