යෙදුමෙන් කියවන්න

5. කකුධවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. කකුධ වර්ගය

1-2. පඨමසම‍්පදාසුත‍්තාදිවණ‍්ණනා

1-2. පඨමසම්පදා ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමස‍්ස පඨමෙ පඤ‍්ච සම‍්පදා මිස‍්සිකා කථිතා. දුතියෙ පුරිමා චතස‍්සො මිස‍්සිකා, පඤ‍්චමී ලොකිකාව.

පස්වැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි පඤ්චසම්පදාව මිශ්‍රකව කියන ලදි: දෙවැන්නෙහි මුල්සතර මිශ්‍රකව කියන ලදි. පස්වැනි සම්පදාව ලෞකිකමය,

3. අඤ‍්ඤබ්‍යාකරණසුත‍්තවණ‍්ණනා

3. අඤ්ඤබ්‍යාකරණ සූත්‍ර වර්ණනාව

තතියෙ අඤ‍්ඤාබ්‍යාකරණානීති අරහත‍්තබ්‍යාකරණානි. මන්‍දත‍්තාති මන්‍දභාවෙන අඤ‍්ඤාණෙන. මොමූහත‍්තාති අතිමූළ‍්හභාවෙන. අඤ‍්ඤං බ්‍යාකරොතීති අරහත‍්තං පත‍්තොස‍්මීති කථෙති. ඉච‍්ඡාපකතොති ඉච‍්ඡාය අභිභූතො. අධිමානෙනාති අධිගතමානෙන. සම‍්මදෙවාති හෙතුනා නයෙන කාරණෙනෙව.

තෙවැනි සූත්‍රයෙහි අඤ්ඤාව්‍යාකරණානි යනු රහත් බව පිළිබඳ විවරණයෝයි, මන්දත්තා යනු මද බවෙනි, නොදැන්මෙනි, මොමුහත්තා යනු ඉතා මුළා බැවිනි, අඤ්ඤාං ව්‍යාකරොති යනු රහත් බවට පැමිණියෙමැයි කියයි, ඉච්ඡාපකතො යනු ඉච්ඡාවෙන් (කැමැත්තෙන්) පෙළුනේයි, අධිමානෙන යනු එළැඹි මානයෙනි, සම්මදෙව යනු හෙතුවෙන් නයින්, කාරණයෙනි,

4-5. ඵාසුවිහාරසුත‍්තාදිවණ‍්ණනා

4-5. ඵාසුවිහාර ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථෙ ඵාසුවිහාරාති සුඛවිහාරා. පඤ‍්චමෙ අකුප‍්පන‍්ති අරහත‍්තං.

සිවුවැන්නෙහි ඵාසුවිහාරො යනු සැප විහරණයෙනි, පස්වැන්නේ අකුප්පං යනු රහත්බවයි,

6. දුතියඅකුප‍්පසුත‍්තවණ‍්ණනා

6. දෙවන අකුප්ප සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අප‍්පට‍්ඨොති අප‍්පසමාරම‍්භො. අප‍්පකිච‍්චොති අප‍්පකරණීයො. සුභරොති සුඛෙන භරිතබ‍්බො සුපොසො. සුසන‍්තොසොති තීහි සන‍්තොසෙහි සුට‍්ඨු සන‍්තොසො. ජීවිතපරික‍්ඛාරෙසූති ජීවිතසම‍්භාරෙසු. අප‍්පාහාරොති මන්‍දාහාරො. අනොදරිකත‍්තන‍්ති න ඔදරිකභාවං අමහග‍්ඝසභාවං අනුයුත‍්තො. අප‍්පමිද‍්ධොති න බහුනිද‍්දො. සත‍්තමට‍්ඨමානි උත‍්තානත්‍ථානි.

සයවැන්නෙහි අප්පට්ඨො යනු අඩු උත්සාහ ඇත්තේයි, අප්පකිච්චො යනු අඩු කටයුතු ඇත්තේයි, සුභරො යනු සුවසේ වැඩිය යුත්තේ, සුවසේ පොෂණය කළ හැක්කේයි, සුසන්තොසො යනු ත්‍රිවිධ සත්තෝෂයෙන් මනාව සතුටු වූයේයි, ජීවිතපරික්ඛාරෙසු යනු ජීවිතයට අවශ්‍ය (අඩුවැඩියෙනි) ද්‍රව්‍යවලිනි, අප්පහාරො යනු අඩු ආහාර ඇත්තේයි, අනොදරිකත්තං යනු දැඩිසේ කුස නොපිරියයුතුබවට, බොහෝ කුසගිනි නැති බවට පැමිණියේයි, අප්පමිද්ධො යනු බොහෝ නිදි නැත්තේයි, සත්වැනි අටවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තෝය.

9. සීහසුත‍්තවණ‍්ණනා

9. සීහ සූත්‍ර වර්ණනාව

නවමෙ සක‍්කච‍්චඤ‍්ඤෙව දෙති නො අසක‍්කච‍්චන‍්ති අනවඤ‍්ඤාය අවිරජ‍්ඣිත්‍වාව දෙති, නො අවඤ‍්ඤාය විරජ‍්ඣිත්‍වා. මා මෙ යොග‍්ගපථො නස‍්සාති මයා කතයොග‍්ගපථො මය‍්හං මා නස‍්සතු, “එකො සීහො උට‍්ඨාය බිළාරං පහරන‍්තො විරජ‍්ඣිත්‍වා පහරී”ති එවං වත‍්තාරො මා හොන‍්තූති අත්‍ථො. අන‍්නභාරනෙසාදානන‍්ති එත්‍ථ අන‍්නං වුච‍්චති යවභත‍්තං, තං භාරො එතෙසන‍්ති අන‍්නභාරා. යාචකානං එතං නාමං. නෙසාදා වුච‍්චන‍්ති සාකුණිකා. ඉති සබ‍්බපච‍්ඡිමාය කොටියා එතෙසං යාචකනෙසාදානම‍්පි සක‍්කච‍්චමෙව දෙසෙති.

නවවැන්නෙහි සක්කච්චඤ්ඤෙව දෙති නො අසක්කච්චං යනු අවඥාවෙන් විරුද්ධ නොවීම දෙයි, අවඥාවෙන් විරුද්ධ වී නොවේ, මා මෙ යොග්ගපථො නස්ස යනු මා විසින් කරනලද පුහුණුවීමේ මාර්‍ගය මට නොනසව, එක් සිංහයෙක් නැඟිට බළලකුට පහර දෙන්නේ අතපසුවී පහර දුන්නේයයි මෙසේ කියන්නෝ නොවෙත්වායි අරුත්ය. අන්නභාරනෙසාදානං යනු මෙහි අන්න යනු යවතණයි, ඒ බර මොවුන්ටනුයි අන්නභාරා නමි, යවතණට අදාළ කටයුතු කරන්නවුනට මේ නමෙකි, කුරුළු වැද්දෝ නෙසාදායි කියනු ලැබෙත්, මෙසේ යටත් පිරිසෙයින් යවවැඩ කරන්නවුනට හා කුරුළු වැද්දන්ට ද සකස්වම දේශනා කරයි.

10. කකුධසුත‍්තවණ‍්ණනා

10. කකුධ සූත්‍ර වර්ණනාව

දසමෙ අත‍්තභාවපටිලාභොති සරීරපටිලාභො. ද‍්වෙ වා තීණි වා මාගධකානි ගාමක‍්ඛෙත‍්තානීති එත්‍ථ මාගධිකං ගාමක‍්ඛෙත‍්තං අත්‍ථි ඛුද‍්දකං, අත්‍ථි මජ‍්ඣිමං, අත්‍ථි මහන‍්තං. ඛුද‍්දකං ගාමක‍්ඛෙත‍්තං ඉතො චත‍්තාලීසං උසභානි, ඉතො චත‍්තාලීසන‍්ති ගාවුතං හොති, මජ‍්ඣිමං ඉතො ගාවුතං, ඉතො ගාවුතන‍්ති අඩ‍්ඪයොජනං හොති, මහන‍්තං ඉතො දියඩ‍්ඪගාවුතං, ඉතො දියඩ‍්ඪගාවුතන‍්ති තිගාවුතං හොති. තෙසු ඛුද‍්දකෙන ගාමක‍්ඛෙත‍්තෙන තීණි, ඛුද‍්දකෙන ච මජ‍්ඣිමෙන ච ද‍්වෙ ගාමක‍්ඛෙත‍්තානි තස‍්ස අත‍්තභාවො. තිගාවුතඤ‍්හිස‍්ස සරීරං. පරිහරිස‍්සාමීති පටිජග‍්ගිස‍්සාමි ගොපයිස‍්සාමි. රක‍්ඛස‍්සෙතන‍්ති රක‍්ඛස‍්සු එතං. මොඝපුරිසොති තුච‍්ඡපුරිසො. නාස‍්සස‍්සාති න එතස‍්ස භවෙය්‍ය. සමුදාචරෙය්‍යාමාති කථෙය්‍යාම. සම‍්මන‍්නතීති සම‍්මානං කරොති. යං තුමො කරිස‍්සති තුමොව තෙන පඤ‍්ඤායිස‍්සතීති යං එස කරිස‍්සති, එසොව තෙන කම‍්මෙන පාකටො භවිස‍්සති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දසවැන්නෙහි අත්තලාභපටිලාභො යනු ශරීර ප්‍රතිලාභයයි, ද්වෙ වා තීණි වා මාගධකාති ගාමක්ඛෙත්තානි යනු මෙහි මගධයට අයත් කුඩා මධ්‍යම හා මහත් ග්‍රාමක්‍ෂෙත්‍ර ඇත. කුඩා ග්‍රාමක්‍ෂෙත්‍රය මෙයින් සතළිස් ඉස්බකි. මෙයින් සතළිස් ඉස්බකැයි ගව්වක් වෙයි, මධ්‍යම ග්‍රාමක්‍ෂේත්‍රය මෙයින් ගව්වකි මෙයින් ගව්වකැයි අඩයොදුනකි, මහත් ග්‍රාමක්‍ෂෙත්‍රය මෙදෙසින් ගව් එකහමාරකි. මෙදෙසින් ගව් එකහමාරකැයි ගව් තුනක් වෙයි, ඔවුනතුරින් කුඩා ග්‍රාමක්‍ෂේත්‍රයෙන් තුනක් ද කුඩා හා මධ්‍යම ග්‍රාමක්‍ෂේත්‍රයෙන් දෙකක් ද ඔහුගේ ආත්මභාවය වෙයි, ඔහුගේ ශරීරය ගවුතුනෙකි, පරිභරිස්සාමි යනු පිළිදැගුම් කරන්නෙමි, පෝෂණය කරන්නෙමියි, රක්ඛස්සෙතං යනු මොහු රකිත්වායි, මොඝපුරිසො යනු පහත් මිනිසායි, නාස්සස්ස යනු මොහුට නොවේවා! සමුදාචරෙය්‍යාම යනු කියන්නෙමු. සම්මන්නති යනු සම්මානකරයි, යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සති යනු මෙතෙම යමක් කරයිද හෙතෙමේම එම ක්‍රියාවෙන් ප්‍රකට වන්නේය, සෙස්ස, සියලු තන්හි පැහැදිලිමය.

කකුධවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි වර්‍ගයයි.

දුතියපණ‍්ණාසකං නිට‍්ඨිතං.

දෙවැනි පණ්ණාසකය නිමියේයි.