1. ඵාසුවිහාර වග්ගො අට්ඨකථා
1. ඵාසු විහාර වර්ගය
1. සෙඛවෙසාරජ්ජසුත්තවණ්ණනා
1. සෙඛවෙසාරජ්ජ සූත්‍ර වර්ණනාව
තතියස්ස පඨමෙ වෙසාරජ්ජකරණාති විසාරදභාවාවහා. සාරජ්ජං හොතීති දොමනස්සං හොති.
තෙවැනි පණ්ණාසකයෙහි පළමු සුත්‍රයෙහි වෙසාරජ්ජකරණා යනු සොම්නස් නුවණ ඇතිකරවන්නාවූයි, විශාරද බව දෙන්නාවූයි, සාරජ්ජං හොති යනු දොමිනස් වෙයි,
2. සඞ්කිතසුත්තවණ්ණනා
2. සඞ්කිත සූත්‍ර වර්ණනාව
දුතියෙ උස්සඞ්කිතපරිසඞ්කිතොති උස්සඞ්කිතො ච පරිසඞ්කිතො ච. අපි අකුප්පධම්මොපීති අපි අකුප්පධම්මො ඛීණාසවො සමානොපි පරෙහි පාපභික්ඛූහි උස්සඞ්කිතපරිසඞ්කිතො හොතීති අත්ථො. වෙසියාගොචරොතිආදීසු වෙසියා වුච්චන්ති රූපූපජීවිනියො, තා ගොචරො අස්සාති වෙසියාගොචරො, තාසං ගෙහං අභිණ්හගමනොති අත්ථො. සෙසපදෙසුපි එසෙව නයො. තත්ථ පන විධවාති මතපතිකා. ථුල්ලකුමාරිකාති මහල්ලිකකුමාරිකායො.
දෙවැනි සූත්‍රයෙහි උස්සඞ්කිතපරිසඞ්කිතො යනු සැකයෙන් වූයේ ද, හාත්පසින්ම සැක සහිත වූයේ ද වේ, අපි අකුප්පධම්මොපි යනු නොසැලෙන සුලු වූ රහතුන් වහන්සේ කෙනෙක් වූයේ ද වෙනත් පවිටු භික්ෂූන්ගෙන් සැක සහිතවූයේත් හාත්පසින් සැක සහිතවූයේත් වේ යයි අරුත්ය, වෙසියගොචරො යනු ආදියෙහි රූපයෙන් ජීවිකාව සලසන්නියෝ වෙසියයි කියනු ලැබෙත්. ඔවුහු ඔහුගේ ගෝචරය වෙත්නුයි වෙසිය ගොචරො නම් වෙයි, ඔවුන්ගේ ගෙවලට නිතර යන්නේයි අරුත්ය, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, එහි විධවා යනු මළ සැමියා ඇත්තීයි, ථුල්ලකුමාරියො යනු මහළු කුමරියෝයි,
3. මහාචොරසුත්තවණ්ණනා
3. මහා චොර සූත්‍ර වර්ණනාව
තතියෙ ඉතො භොගෙන පටිසන්ථරිස්සාමීති ඉතො මම සාපතෙය්යතො භොගං ගහෙත්වා තෙන පටිසන්ථාරං කරිස්සාමි, තස්ස ච මම ච අන්තරං පිදහිස්සාමීති අත්ථො. ගහණානීති පරසන්තකානං භණ්ඩානං ගහණානි. ගුය්හමන්තාති ගුහිතබ්බමන්තා. අන්තග්ගාහිකායාති සස්සතං වා උච්ඡෙදං වා ගහෙත්වා ඨිතාය. සෙසමෙත්ථ උත්තානත්ථමෙව. චතුත්ථෙ සබ්බං හෙට්ඨා වුත්තනයමෙව.
තෙවැන්නෙහි ඉතො භොගෙන පටිසන්ථරිස්සාමි යනු මේ මාගේ ධනයෙන් භොගවස්තු ගෙන එයින් පිළිසඳර (සැලකීම්) කරමි, ඔහුගේත් මගේත් පරතරය වසන්නෙමැයි අරුත්ය, නිග්ගහණානි යනු අනුන් සතු බඩු ගැනීම්ය, ගුය්හමන්තා යනු සැඟවියයුතු මන්ත්රයෝයි, අත්තගාහිකාය යනු සාස්වත හෝ උච්ඡෙද දෘෂ්ටිය ගෙන සිටියහුගේය, මෙහි සෙස්ස පැහැදිලිමය, සිවුවැන්නෙහි සියල්ල යට කියනලද අයුරුමයි.
5. ඵාසුවිහාර සුත්තවණ්ණනා
5. ඵාසුවිහාර සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ මෙත්තං කායකම්මන්ති මෙත්තචිත්තෙන පවත්තිතං කායකම්මං. ආවි චෙව රහො චාති සම්මුඛෙ චෙව පරම්මුඛෙ ච. ඉතරෙසුපි එසෙව නයො. යානි තානි සීලානීතිආදි චතුපාරිසුද්ධිසීලවසෙන වුත්තං. සමාධිසංවත්තනිකානීති මග්ගසමාධිඵලසමාධිනිබ්බත්තකානි. සීලසාමඤ්ඤගතොති සමානසීලතං ගතො, එකසදිසසීලො හුත්වාති අත්ථො. තක්කරස්සාති යො නං කරොති, තස්ස. ඉති ඉමස්මිං සුත්තෙ සීලං මිස්සකං කථිතං, දිට්ඨි විපස්සනාසම්මාදිට්ඨීති.
පස්වැන්නෙහි මෙත්තං කායකම්මං යනු මෙත් සිතින් පවත්වන ලද කායකර්මයයි, ආචිචෙව රභොව යනු ඉදිරියෙහි මෙන්ම පිටුපසෙහියි, සෙසු තන්හි ද මේ ක්‍රමයමයි, යානි තානි සීලානි යනාදිය සිවු පිරිසුදු සිල් වශයෙන් කියන ලදි, සමාධිසංවත්තනිකානි යනු මාර්ග සමාධි හා ඵලසමාධි උපදවන්නාවූයි, සීලසාමඤ්ඤගතො යනු සමාන සිල් ඇතිබවට ගියේයි, එක් සමාන සිල් ඇත්තේවීයි අරුත්ය, තක්කරස්ස යනු යමෙක් ඔහුට කරයිද එම තැනැත්තාගේයි, මෙසේ මේ සූත්‍රයෙහි සීලය මිශ්‍රකව කියන ලදි, දිට්ඨිවිපස්සනාව සම්මාදිට්ඨියයි,
6. ආනන්දසුත්තවණ්ණනා
6. ආනන්ද සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ නො ච පරං අධිසීලෙ සම්පවත්තා හොතීති පරං සීලභාවෙන න ගරහති න උපවදති. අත්තානුපෙක්ඛීති අත්තනොව කතාකතං ජානනවසෙන අත්තානං අනුපෙක්ඛිතා. නො පරානුපෙක්ඛීති පරස්ස කතාකතෙසු අබ්යාවටො. අපඤ්ඤාතොති අපාකටො අප්පපුඤ්ඤො. අපඤ්ඤාතකෙනාති අපඤ්ඤාතභාවෙන අපාකටතාය මන්දපුඤ්ඤතාය. නො පරිතස්සතීති පරිතාසං නාපජ්ජති. ඉති ඉමස්මිං සුත්තෙ ඛීණාසවොව කථිතො.
සයවැන්නෙහි නො ච පරං අධිසීලෙ සම්පවත්තා යනු අනිකකු සීලය කරණකොට ගෙන නොගරහයි, උවදුරු නොකරයි, අත්තානුපෙක්ඛි යනු තමාගේම කළ නොකළ දෙය දැනීම් වශයෙන් තමා දෙස බලන බවයි, නො පරානුපෙක්ඛි යනු අනුන් කළ නොකළ දෙයෙහි නිරත නොවන්නායි, අප්පඤ්ඤාතො යනු ප්‍රකට නොවූ මඳ පින් ඇත්තායි, අප්පඤ්ඤාතකෙන යනු අඩුව දන්නා බැවින් අප්‍රකට හෙයින් මඳ පින් ඇති බැවිනි, නො පරිතස්සති යනු තැවීමට නොඑයි, මේ සූත්‍රයෙන් ක්ෂීණාශ්රවයා ද කියන ලදි,
7-8. සීලසම්පන්නසුත්තාදිවණ්ණනා
7-8. සීලසම්පන්න ආදි සූත්‍ර වර්ණනා
සත්තමෙ සීලසමාධිපඤ්ඤා මිස්සිකා කථිතා, විමුත්ති අරහත්තඵලං, විමුත්තිඤාණදස්සනං පච්චවෙක්ඛණඤාණං ලොකියමෙව. අට්ඨමෙපි එසෙව නයො. පච්චවෙක්ඛණඤාණං පනෙත්ථ අසෙඛස්ස පවත්තත්තා අසෙඛන්ති වුත්තං.
විමුත්ති යනු අරහත්තඵල විමුක්තියයි, ඥානදර්ශනය වූ ප්රත්යවෙක්ෂණ ඥානය ලෞකිකමය, අටවැන්නෙහි ද මේ ක්‍රමයමැයි, මෙහි ප්රත්යවෙක්ෂණ ඥානය අශෛක්ෂයාට පැවති බැවින් අශෛක්ෂ යයි කියනු ලැබේ.
9-10. චාතුද්දිසසුත්තාදිවණ්ණනා
9-10. චාතුද්දිස ආදි සූත්‍ර වර්ණනා
නවමෙ චාතුද්දිසොති චතූසු දිසාසු අප්පටිහතචාරො. ඉමස්මිම්පි සුත්තෙ ඛීණාසවොව කථිතො. දසමෙ අලන්ති යුත්තො. ඉධාපි ඛීණාසවොව කථිතො.
නවවැන්නෙහි චාතුද්දිසො යනු සිවු දිශාවන්හි නොවළක්වන ලද හැසිරීම් ඇත්තේයි, මේ සූත්‍රයෙහි ද ක්ෂීණාශ්රවයාවම කියන ලදි, දසවැන්නෙහි අලං යනු සුදුසු වූයේයි, මෙහි ද ක්ෂීණාශ්රවයාම කියන ලදි.
ඵාසුවිහාරවග්ගො පඨමො.
පළමුවැනි වර්ගයයි.