සෙඛවෙසාරජ‍්ජසුත‍්තං
5. 3. 1. 1.
5. 3. 1. 1.
[සෙඛවෙසාරජ‍්ජසුත‍්තං]
[සේඛවේසාරජ්ජ සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. පඤ‍්චිමෙ භික‍්ඛවෙ සෙඛවෙසාරජ‍්ජකරණා ධම‍්මා. කතමෙ පඤ‍්ච:
1. මහණෙනි, ශෛක්‍ෂයාගේ වෙසරද බව කරණ මේ ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො හොති, සීලවා හොති, බහුස‍්සුතො හොති, ආරද‍්ධවිරියො හොති, පඤ‍්ඤවා හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල් ඇතියේ වෙයි, බහුශ්‍රුත වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, පැණැතියේ වේ.
යං ඛො භික‍්ඛවෙ අස‍්සද‍්ධස‍්ස සාරජ‍්ජං හොති, සද‍්ධස‍්ස තං සාරජ‍්ජං න හොති. තස‍්මායං ධම‍්මො සෙඛවෙසාරජ‍්ජකරණො.
මහණෙනි, ශ්‍රද්ධා නැතියහට යම් ශාරද්‍යයෙක් (දොම්නසෙක්) වේ නම්, ශ්‍රද්ධා ඇතියහුට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි. (ශෛක්‍ෂපුද්ගලයාගේ විශාරදභාවය කරන්නේ වේ.)
යං භික‍්ඛවෙ දුස‍්සීලස‍්ස සාරජ‍්ජං හොති, සීලවතො තං සාරජ‍්ජං න හොති. තස‍්මායං ධම‍්මො සෙඛවෙසාරජ‍්ජකරණො.
මහණෙනි, දුසිල්හට යම් ශාරද්‍යයෙක් වේ නම්, සිල්වත්හට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි.
යං භික‍්ඛවෙ අප‍්පස‍්සුතස‍්ස සාරජ‍්ජං හොති, බහුස‍්සුතස‍්ස තං සාරජ‍්ජං න හොති. තස‍්මායං ධම‍්මො සෙඛවෙසාරජ‍්ජකරණො.
මහණෙනි, අල්ප ශ්‍රැතයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, බහුශ්‍රැතයාහට එ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ ධර්‍මය සේඛවේසාරජ්ජකරණ යි.
යං භික‍්ඛවෙ කුසීතස‍්ස සාරජ‍්ජං හොති, ආරද‍්ධවිරියස‍්ස තං සාරජ‍්ජං න හොති. තස‍්මායං ධම‍්මො සෙඛවෙසාරජ‍්ජකරණො.
මහණෙනි, කුසීතයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, රුකුළුවැර ඇතියහුට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මේ ධර්‍මය සේඛවේසාරජ්ජකරණ යි.
යං භික‍්ඛවෙ දුප‍්පඤ‍්ඤස‍්ස සාරජ‍්ජං හොති, පඤ‍්ඤවතො තං සාරජ‍්ජං න හොති. තස‍්මායං ධම‍්මො සෙඛවෙසාරජ‍්ජකරණො.
මහණෙනි, දුෂ්ප්‍රාඥයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, ප්‍රඥාවත්හට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච සෙඛවෙසාරජ‍්ජකරණා ධම‍්මාති.
මහණෙනි, මෙ දහම් පස සේඛවේසාරජ්ජකරණ යි.