සඞ්කිතසුත්තං
5. 3. 1. 2.
5. 3. 1. 2.
[සඞ්කිතසුත්තං]
[සඞ්කිත සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු උස්සඞ්කිතපරිසඞ්කිතො හොති, පාපභික්ඛූති අපි අකුප්පධම්මො. කතමෙහි පඤ්චහි:
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ අකෝප්යධර්ම ඇති ක්ෂීණාස්රව වූයේ නමුදු පාපභික්ෂුයැයි මතුමතුයෙහි සැක කරණ ලදුයේ හැම සෙයින් සැක කරණ ලදුයේ වෙයි. කවර පසෙකිනයත්:
ඉධ භික්ඛවෙ භික්ඛු වෙසියගොචරො වා හොති, විධවගොචරොවා හොති, ථුල්ලකුමාරිගොචරොවා හොති, පණ්ඩකගොචරො වා හොති. භික්ඛුනී ගොචරො වා හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ගණිකාව ගෝචර (එළැඹිය යුතු තැන්) කොට ඇතියේ හෝ වෙයි, වැන්දඹුව ගෝචර කොට ඇතියේ හෝ වෙයි, ථුල්ලකුමාරි (විවාහයට නොගිය මහලු කුමරිය) ගෝචර කොට ඇතියේ හෝ වෙයි, පණ්ඩක (නපුංසක) ගෝචර කොට ඇතියේ හෝ වෙයි, මෙහෙණ ගෝචර කොට ඇතියේ හෝ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු උස්සඞ්කිත පරිසඞ්කිතො හොති පාපභික්ඛූති අපි අකුප්පධම්මොති.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ අකෝප්යධර්ම ඇතියේ නමුදු පාපභික්ෂු යයි මෙරමා විසින් මතු මතුයෙහි සැක කරණ ලදුයේ හැමසෙයින් සැක කරණ ලදුයේ වේ යයි.