යෙදුමෙන් කියවන්න

මහාචොරසුත‍්තං

5. 3. 1. 3.

5. 3. 1. 3.

[මහාචොරසුත‍්තං]

[මහා චෝර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

3. පඤ‍්චහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො මහාචොරො සන්‍ධිම‍්පි ඡින්‍දති. නිල‍්ලොපම‍්පි හරති. එකාගාරිකම‍්පි කරොති. පරිපන්‍ථෙපි තිට‍්ඨති. කතමෙහි පඤ‍්චහි:

3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහසොර ගෘහසන්‍ධි දූ බිඳියි. වොලොගැනුමුදු කෙරෙයි. ගෙපැහැරුම් (එක් ගෙයක් වටලා පැහැර ගැණීම් ද) කෙරෙයි. කඩපලාසොරකම් (පල්හොරකම්) ද කෙරෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ මහාචොරො විසමනිස‍්සිතො ච හොති ගහනනිස‍්සිතො ච බලවනිස‍්සිතො ච භොගචාගී ච එකචාරි ච.

මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමනිඃශ්‍රිත ද වෙයි, ගහනනිඃශ්‍රිත ද වෙයි, බලවන්නිඃශ්‍රිත ද වෙයි, භෝගචාගී ද වෙයි, ඒකචාරී ද වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, මහාචොරො විසමනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ මහාචොරො නදීවිදුග‍්ගං වා නිස‍්සිතො හොති පබ‍්බතවිසමං වා. එවං ඛො භික‍්ඛවෙ මහාචොරො විසමනිස‍්සිතො හොති.

මහණෙනි, මහසොර කෙසේ නම් විෂමනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර නදීවිදුර්‍ගයෙක් වේවයි, පර්‍වතවිෂමයෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහසොර විෂමනිඃශ්‍රිත වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, මහාචොරො ගහනනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ මහාචොරො තිණගහනං වා නිස‍්සිතො හොති රුක‍්ඛගහනං වා ගෙධං වා පන වනසණ‍්ඩං. එවං ඛො භික‍්ඛවෙ මහාචොරො ගහනනිස‍්සිතො හොති.

මහණෙනි, කෙසේ නම් මහසොර ගහනනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර තෘණගහනයෙක් වේවයි, වෘක්‍ෂගහනයෙක් වේවයි, ඝනවන ලැහැබෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහනනිඃශ්‍රිත වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, මහාචොරො බලවනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ මහාචොරො රාජානං වා රාජමහාමත‍්තං වා නිස‍්සිතො හොති. තස‍්ස එවං හොති: සචෙ මං කොචි කිඤ‍්චි වක‍්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත‍්තා වා පරියොධාය අත්‍ථං භණිස‍්සන‍්තීති. සචෙ නං කොචි කිඤ‍්චි ආහ, ත්‍යාස‍්ස රාජානො වා රාජමහාමත‍්තා වා පරියොධාය අත්‍ථං භණන‍්ති. එවං ඛො භික‍්ඛවෙ මහාචොරො බලවනිස‍්සිතො හොති.

මහණෙනි, මහසොර කෙසේ නම් බලවන්නිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජහු හෝ, රජමහමැතියකු හෝ, ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ රජහු හෝ රජමහමැතියෝ හෝ මාගේ දෝෂය ඹබා පියා අරුත් බණන්නාහ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, රජහු හෝ රජමහමැතිහු හෝ ඔහුගේ අපරාධය ඔබාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසෙයින් මහසොර බලවන්නිඃශ්‍රිත වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, මහාචොරො භොගචාගී හොති: ඉධ භික‍්ඛවෙ මහාචොරො අඩ‍්ඪො හොති මහද‍්ධනො මහාභොගො. තස‍්ස එවං හොති: සචෙ මං කොචි කිඤ‍්චි වක‍්ඛති, ඉතො භොගෙන පටිසන්‍ථරිස‍්සාමීති. සචෙ නං කොචි කිඤ‍්චි ආහ, තතො භොගෙන පටිසන්‍ථරති. එවං ඛො භික‍්ඛවෙ මහාචොරො භොගචාගී හොති.

මහණෙනි, කෙසේ නම් මහසොර භෝගචාගී වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර මහාධන ඇති මහා භොග ඇති ආඪ්‍යයෙක් වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් (දොසක්) කියා නම්, මේ භෝගයෙන් පිළිසතර කරන්නෙමියි (‘භෝගදානයෙන් දොස් වසාගන්නෙමි’ යි). ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කී නම්, හේ භෝගයෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙ සෙයින් මහසොර භෝගචාගී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, මහාචොරො එකචාරි හොති: ඉධ භික‍්ඛවෙ මහාචොරො එකකො නිග‍්ගහණානි කත‍්තා හොති. තං කිස‍්ස හෙතු: මා මෙ ගුය‍්හමන‍්තා බහිද‍්ධා සම‍්භෙදං අගමංසූති. එවං ඛො භික‍්ඛවෙ මහාචොරො එකචාරි හොති.

මහණෙනි, කෙසේ නම් මහසොර ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර එකලා වූයේ මැ මෙරමා සතු දැය පැහැර ගැණීම් කරන්නේ වෙයි. එ කවර හෙයින යත්: මාගේ ගුහ්‍යමන්ත්‍රයෝ (සැඟවිය යුතු රහස්) නහමක් බැහැර නො යෙත් වා යි. මහණෙනි, මෙසේ මහසොර ඒකචාරී වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි අඞ‍්ගෙහි සමන‍්නාගතො මහාචොරො සන්‍ධිම‍්පි ඡින්‍දති, නිල‍්ලොපම‍්පි හරති, එකාගාරිකම‍්පි කරොති, පරිපන්‍ථෙපි තිට‍්ඨති.

මහණෙනි, මෙ කරුණු පසෙන් සමන්‍වාගත මහසොර ගෘහසන්‍ධිදු සිඳුනේ ය. වොලො ගන්නේ ය. ගෙපැහැරීම් ද කරන්නේ ය. කඩපලා සොරකම් ද කෙරෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො පාපභික‍්ඛු ඛතං උපහතං අත‍්තානං පරිහරති. සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, එ පරිදි ම කරුණු පසෙකින් සමන්‍වාගත පාපභික්‍ෂු තෙමේ සාළ ගුණ ඇති, නටගුණ ඇති ආත්මය (තමා) පරිහරණ කෙරෙයි. සදොස් වූයේ විඥයන් විසින් අනුවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, පාපභික‍්ඛු විසමනිස‍්සිතො ච හොති ගහනනිස‍්සිතො ච බලවනිස‍්සිතො ච භොගචාගී ච එකචාරී ච.

මහණෙනි, මෙ සස්නෙහි පාපභික්‍ෂු විෂමනිඃශ්‍රිත ද වෙයි, ගහනනිඃශ්‍රිත ද වෙයි, බලවන්නිඃශ්‍රිත ද වෙයි, භෝගචාගී ද වේ. ඒකචාරී ද වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, පාපභික‍්ඛු විසමනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු විසමෙන කායකම‍්මෙන සමන‍්නාගතො හොති, විසමෙන වචීකම‍්මෙන සමන‍්නාගතො හොති, විසමෙන මනොකම‍්මෙන සමන‍්නාගතො හොති. එවං ඛො භික‍්ඛවෙ පාපභික‍්ඛු විසමනිස‍්සිතො හොති.

මහණෙනි, කෙසේ නම් පවිටු මහණ විෂමනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂමකායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, විෂමවාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, විෂමමනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ විෂමනිඃශ්‍රිත වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, පාපභික‍්ඛු ගහනනිස‍්සිතො හොති, ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු මිච‍්ඡාදිට‍්ඨිකො හොති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා සමන‍්නාගතො. එවං ඛො භික‍්ඛවෙ පාපභික‍්ඛු ගහනනිස‍්සිතො හොති.

මහණෙනි, කෙසේ නම් පවිටු මහණ ගහනනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ අන්තග්‍රාහික (ශාශ්වත හෝ උච්ඡේද හෝ) දෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ ගහනනිඃශ්‍රිත වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, පාපභික‍්ඛු බලවනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු රාජානං වා රාජමහාමත‍්තං වා නිස‍්සිතො හොති. තස‍්ස එවං හොති: සචෙ මං කොචි කිඤ‍්චි වක‍්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත‍්තා වා පරියොධාය අත්‍ථං භණිස‍්සන‍්තීති. සචෙ නං කොචි කිඤ‍්චි ආහ, ත්‍යාස‍්ස රාජානොවා රාජමහාමත‍්තා වා පරියොධාය අත්‍ථං භණන‍්ති. එවං ඛො භික‍්ඛවෙ පාපභික‍්ඛු බලවනිස‍්සිතො හොති.

මහණෙනි, කෙසේ නම් පාපභික්‍ෂු බලවන්නිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ රජකු හෝ රජමහමැතියකු හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් කියා නම්, මෙ රජහු හෝ රජමහමැතිහු හෝ මාගේ දොස් ඔබාපියා අරුත් බණන්නාහ යි. ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කියා නම් එ රජහු හෝ රජමහමැතියෝ හෝ ඔහුගේ දොස් වසාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු බලවන්නිඃශ්‍රිත වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, පාපභික‍්ඛු භොගචාගී හොති: ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු ලාභී හොති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. තස‍්ස එවං හොති: සචෙ මං කොචි කිඤ‍්චි වක‍්ඛති, ඉතො ලාභෙන පටිසන්‍ථරිස‍්සාමිති. සචෙ නං කොචි කිඤ‍්චි ආහ, තතො ලාභෙන පටිසන්‍ථරති. එවං ඛො භික‍්ඛවෙ පාපභික‍්ඛු භොගචාගී හොති.

මහණෙනි, කෙසේ නම් පවිටු මහණ භෝගචාගී (භොග දෙන්නේ) වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබනසුලු වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මාහට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ ලාභයෙන් පිළිසතර (සඞ්ග්‍රහ) කරන්නෙමී යි. ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කියා නම්, එ ලාභයෙන් පිළිසතර කරයි. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු තෙමේ භෝගචාගී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, පාපභික‍්ඛු එකචාරි හොති: ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු එකකො3 පච‍්චන‍්තිමෙසු ජනපදෙසු නිවාසං කප‍්පෙති. සො තත්‍ථ කුලානි උපසඞ‍්කමන‍්තො ලාභං ලභති. එවං ඛො භික‍්ඛවෙ පාපභික‍්ඛු එකචාරී හොති.

මහණෙනි, කෙසේ නම් පාපභික්‍ෂු ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පාපභික්‍ෂු තෙමේ එකලා වූයේ පසල්දනව්හි වාස කරයි. හෙ එහි කුලයන් කරා එළඹෙනුයේ ලාභ ලබයි. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු ඒකචාරී වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො පාපභික‍්ඛු ඛතං උපහතං අත‍්තානං පරිහරති. සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං. බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවතීති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත පාපභික්‍ෂු සාරාලු ගුණ ඇති, නටගුණ ඇති, ආත්මය පරිහරණ කරයි. සදොස් වූයේ විඥයන් විසින් අනුවාද (නින්‍දා) කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරේ ය යි.