සමණසුඛුමාලසුත්තං
5. 3. 1. 4.
5. 3. 1. 4.
[සමණසුඛුමාලසුත්තං]
[සමණසුඛුමාල සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
4. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සමණෙසු සමණසුඛුමාලො හොති. කතමෙහි පඤ්චහි:
4. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත ශ්‍රමණ තෙමේ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර (සැප බහුල) වෙයි. කවර පසෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං පිණ්ඩපාතං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං සෙනාසනං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො.
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් (පිළිගත මැනැවයි) ආරාධිත වූයේ ම බොහෝ කොට චීවර වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට පිණ්ඩපාත වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට සෙනසුන් වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය.
යෙහි ඛො පන සබ්රහ්මචාරීහි සද්ධිං විහරති, ත්යාස්ස මනාපෙනෙව බහුලං කායකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං වචීකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං මනොකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන, මනාපං යෙව බහුලං උපහාරං උපහරන්ති, අප්පං අමනාපං.
යම් සබ්‍රම්සරුන් සමඟ එක්ව වාස කෙරේ ද, ඔහට ඒ සබ්‍රම්සරහු බහුල කොට මනාප වූ ම කායකර්මයෙන් පවත්නාහ. අමනාප කායකර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම වාක්කර්මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප වාක්කර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම මනඃකර්මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප මනඃකර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම පඬුරු එළවත්. අමනාප පඬුරු අල්ප ය.
යානි ඛො පන තානි වෙදයිතානි චිත්තසමුට්ඨානානි වා සෙම්හසමුට්ඨානානි වා වාතසමුට්ඨානානි වා සන්නිපාතිකානි වා උතුපරිනාමජානි වා විසමපරිහාරජානි වා ඔපක්කමිකානි වා කම්මවිපාකජානි වා, තානිස්ස න බහුදෙව උප්පජ්ජන්ති. අප්පාබාධො හොති.
යම් ඒ වේදනායෙක් පිත්තසමුත්‍ථාන වේවයි, ශ්ලෙෂ්මසමුත්ථාන වේවයි, වාතසමුත්ථාන වේවයි, සාන්නිපාතික වේවයි, ඍතුපරිණාමජ වේවයි, විෂමපරිහාරජ වේවයි, ඖපක්‍රමික වේවයි, කර්මවිපාකජ වේවයි, ඒ වේදනා බෙහෙවින් ම ඔහට නූපදී. අල්පාබාධ වෙයි.
චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
අධිචිත්තයෙහි උපදනා ඉහාත්මසුඛවිහරණ වන සතර ධ්‍යානයන් කැමැතිසේ ලබන සුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුයේ වෙයි.
ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
ආස්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට සපයා වාස කරයි.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සමණෙසු සමණසුඛුමාලො හොති.
මහණෙනි, මෙ කරුණු පසෙන් සමන්වාගත මහණ ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර වෙයි.
යං හි තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය, ‘සමණෙසු සමණසුඛුමාලො’ති මමෙව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය, ‘සමණෙසු සමණසුඛුමාලො’ති.
මහණෙනි, යම් පුඟුලකු ගෙණ මැනැවින් කියනුයෙක්, ‘ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාරයෙකැ’යි කියා නම්, මහණෙනි, මැනැවින් කියන හේ ‘ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාරය’යි ඒ මා මැ සඳහා කියන්නේ යි.
අහං හි භික්ඛවෙ යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජාමි, අප්පං අයාචිතො. යාචිතොව බහුලං පිණ්ඩපාතං -පෙ- සෙනාසනං -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාමි. අප්පං අයාචිතො.
මහණෙනි, මම ආරාධිත වූයෙම් මැ බොහෝ කොට සිවුරු වළඳ කරමි. අනාරාධිත වූයෙම් අල්ප ය. ආරාධිත වූයෙම් මැ බොහෝ කොට පිණ්ඩපාත, ශයනාසන, ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කෙරෙමි. අනාරාධිත වූයෙම් අල්ප කොට වළඳ කෙරෙමි.
යෙහි ඛො පන භික්ඛූහි සද්ධිං විහරාමි, තෙ මං මනාපෙනෙව බහුලං කායකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං වචීකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං මනොකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපං යෙව බහුලං උපහාරං උපහරන්ති, අප්පං අමනාපං.
යම් මැ භික්ෂු කෙනකුන් සමඟ වාස කෙරෙම් නම්, ඔහු මට මනාප වූ ම කායකර්මයෙන් බහුල කොට පවත්නාහ. අමනාපකායකර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ වාක්කර්මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප වාක්කර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ මනඃකර්මයෙන් බහුල කොට පවත්නාහ, අමනාපමනඃකර්මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ උපහාර බහුල කොට එළවත්. අමනාප උපහාර අල්ප යි.
යානි ඛො පන තානි වෙදයිතානි චිත්තසමුට්ඨානානි වා සෙම්හසමුට්ඨානානි වා වාතසමුට්ඨානානි වා සන්නිපාතිකානි වා උතුපරිනාමජානි වා විසමපරිහාරජානි වා ඔපක්කමිකානි වා කම්මවිපාකජානි වා, තානි මෙ න බහූදෙව උප්පජ්ජන්ති. අප්පාබාධොහමස්මි.
යම් වේදනායෙක් - පිත්තසමුත්‍ථාන වේවයි, සෙම්හසමුත්ථාන වේවයි, වාතසමුත්ථාන වේවයි, සාන්නිපාතික වේවයි, ඍතුපරිණාමජ වේවයි, විෂමපරිහාරජ වේවයි, ඖපක්‍රමික වේවයි, කර්මවිපාකජ වේවයි, ඒ වේදනා මට බෙහෙවින් නූපදී. මම අල්පාබාධයෙමි.
චතුන්නං ඛො පනම්හි ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී.
අධිචිත්තයෙහි (රූපාවචර සිත්හි) උපදනා වූ ඉහාත්මයෙහි සුඛවිහරණ වන සතරධ්‍යානයන් කැමැති සෙයින් ලබන සුලුයෙම්, නිදුකින් ලබන සුලුයෙම්, විපුල සේ ලබන සුලුයෙම් වෙමි.
ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාරාමි.
ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට සපයා වාස කරමි.
යං හි තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය, ‘සමණෙසු සමණසුඛුමාලො’ති මමෙ ව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය, ‘සමණෙසු සමණසුඛුමාලො’ති.
මහණෙනි, යම් පුඟුලකු ගෙන ‘ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර’යි මොනොවට කියනුයෙක් පවසන්නේ නම්, මහණෙනි, ඒ මා සඳහා ‘ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර’යි මැනැවින් කියන හේ පවසන්නේ ය යි.