ඵාසුවිහාර සුත්තං
5. 3. 1. 5.
5. 3. 1. 5.
[ඵාසුවිහාර සුත්තං]
[ඵාසුවිහාර සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
5. පඤ්චිමෙ භික්ඛවෙ, ඵාසුවිහාරා. කතමෙ පඤ්ච
5. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙහි සීලෙහි සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ මෛත්රීචිත්තයෙන් යුත් කායකර්මය සබ්රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. මෛත්රියෙන් යුත් වාක්කර්මය ... මෛත්රියෙන් යුත් මනඃකර්මය සබ්රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. නොකඩ වූ නොසිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ නිදහස් වූ විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණදෘෂ්ටියෙන් අපරාමෘෂ්ට වූ සමාධියට හිතවත් ව වැටෙන යම් ශීල කෙනෙක් වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්රම්සරුන් සමඟ සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් ශීලයෙන් සමභාවයට ගියේ වාස කරයි. ආර්ය වූ නෛර්ය්යාණික වූ යම් දෘෂ්ටියෙක් එය කරණවහුගේ දුක් මැනැවින් ගෙවීමට පමුණුවා නම්, සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එබඳු දෘෂ්ටියෙන් සබ්රම්සරුන් හා දෘෂ්ටිසමභාවයට ගියේ වාස කරයි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ඵාසුවිහාරාති.
මහණෙනි, මේ ඵාසු විහාර පස යි.