යෙදුමෙන් කියවන්න

ආනන්‍දසුත‍්තං

5. 3. 1. 6.

5. 3. 1. 6.

ආනන්‍දසුත‍්තං

[ආනන්‍ද සූත්‍රය]

6. එකං සමයං භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච:

6. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැළ කළහ:

කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍යාති.

වහන්ස, කෙතෙක් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි වසන මහණ සුවසේ වසන්නේ දැ යි.

යතො ඛො ආනන්‍ද, භික‍්ඛු අත‍්තනා සීලසම‍්පන‍්නො හොති නො ච පරං අධිසීලෙ සම‍්පවත‍්තා. එත‍්තාවතාපි ඛො ආනන්‍ද භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍යාති.

ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ, මෙරමා අධිශීලයෙහි ලා උපවාද නොකරණුයේ වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඞ්ඝයා කෙරෙහි සුවසේ වාස කරන්නේ ය යි.

සියා පන භන‍්තෙ, අඤ‍්ඤොපි පරියායො යථා භික‍්ඛු සඞ‍්ඝෙ ඵාසුං විහරෙය්‍යාති.

වහන්ස, මහණ යම් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි සුවසේ වෙසේ නම් එබඳු අන් කරුණෙක් වන්නේ ද?

සියා ආනන්‍ද, යතො ඛො ආනන්‍ද භික‍්ඛු අත‍්තනා සීලසම‍්පන‍්නො හොති නො ච පරං අධිසීලෙ සම‍්පවත‍්තා හොති. අත‍්තානුපෙක‍්ඛී ච හොති නො පරානුපෙක‍්ඛී. එත‍්තාවතා පි ඛො ආනන්‍ද භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍යාති.

ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ද ගරහනුයේත් වේ, තමාගේ කිස දක්නා සුලු වූයේත් වෙයි, මෙරමාගේ කෘතාකෘත නො විමසනුයේත් වෙයි, ආනන්‍දයෙනි, මහණ මෙ කරුණෙනුදු සඟුන් කෙරෙහි සුවසේ වසන්නේ ය යි.

සියා පන භන‍්තෙ, අඤ‍්ඤොපි පරියායො යථා භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍යාති.

වහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?

සියා ආනන්‍ද, යතො ඛො ආනන්‍ද භික‍්ඛු අත‍්තනා සීලසම‍්පන‍්නො හොති නො ච පරං අධිසීලෙ සම‍්පවත‍්තා. අත‍්තානුපෙක‍්ඛී ච නො පරානුපෙක‍්ඛී හොති. අප‍්පඤ‍්ඤාතො ච හොති, තෙන ච අප‍්පඤ‍්ඤාතකෙන නො පරිතස‍්සති. එත‍්තාවතාපි ඛො ආනන්‍ද භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍යාති.

ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ අන්‍යයා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වෙයි, තමාගේ කළ නොකළ දෑ දක්නා සුල්ලේත් වෙයි, මෙරමා නො විමසනුයේත් වෙයි, අප්‍රකට වූයේත් වෙයි, ඒ අප්‍රකට භාවයෙන් නො තැවෙනුයේත් වෙයි. ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වසන්නේ ය යි.

සියා පන භන‍්තෙ, අඤ‍්ඤොපි පරියායො යථා භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍යාති.

වහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කෙරේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?

සියා ආනන්‍ද, යතො ඛො ආනන්‍ද භික‍්ඛු අත‍්තනා සීලසම‍්පන‍්නො හොති, නො පරං අධිසීලෙ සම‍්පවත‍්තා. අත‍්තානුපෙක‍්ඛී ච හොති නො පරානුපෙක‍්ඛී. අප‍්පඤ‍්ඤාතො ච හොති. තෙන ච අප‍්පඤ‍්ඤාතකෙන නො පරිතස‍්සති. චතුන‍්නඤ‍්ච ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. එත‍්තාවතාපි ඛො ආනන්‍ද භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍යාති.

ආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රෙක්‍ෂි නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවෙන්නේ ද, අධිචිත්තයෙහි උපදනා ඉහාත්මභාවයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුවූයේත් වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.

සියා පන භන‍්තෙ, අඤ‍්ඤොපි පරියායො යථා භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍යාති.

වහන්ස, යම් කරුණෙකින් සඟුන් කෙරෙහි වසන මහණ සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු ඇත් ද?

සියා ආනන්‍ද, යතො ඛො ආනන්‍ද භික‍්ඛු අත‍්තනා සීලසම‍්පන‍්නො හොති, නො ච පරං අධිසීලෙ සම‍්පවත‍්තා. අත‍්තානුපෙක‍්ඛී ච හොති නො පරානුපෙක‍්ඛී. අප‍්පඤ‍්ඤාතො ච හොති තෙන අප‍්පඤ‍්ඤාතකෙන නො පරිතස‍්සති. චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. එත‍්තාවතා ඛො ආනන්‍ද භික‍්ඛු සඞ‍්ඝෙ විහරන‍්තො ඵාසුං විහරෙය්‍ය.

ආනන්‍දයෙනි, ඇත. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහනුයේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රේක්‍ෂී නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවේ ද, ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල සේ ලබනසුලුයේත් වේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.

ඉමම‍්හා චාහං ආනන්‍ද ඵාසුවිහාරා අඤ‍්ඤො ඵාසුවිහාරොඋත‍්තරිතරො වා පණීතතරො වා නත්‍ථීති වදාමී’ති.

ආනන්‍දයෙනි, මේ (ආස්‍රවක්‍ෂය) ඵාසුවිහාරයෙන් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ අනෙක් ඵාසුවිහාරයෙක් නැතැයි කියමි යි.