යෙදුමෙන් කියවන්න

සීලසම‍්පන‍්නසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 3. 1. 7.

5. 3. 1. 7.

[සීලසම‍්පන‍්නසුත‍්තං]

[සීලසම්පන්න සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

7. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි පඤ‍්චහි?

7. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලසම‍්පන‍්නො හොති, සමාධිසම‍්පන‍්නො හොති, පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, විමුත‍්තිසම‍්පන‍්නො හොති, විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සීලසම්පන්න වෙයි, සමාධිසම්පන්න වෙයි, ප්‍රඥාසම්පන්න වෙයි, විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.

5. 3. 1. 8.

5. 3. 1. 8.

[අසෙඛසුත‍්තං]

අසේඛ සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

8. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි පඤ‍්චහි:

8. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අසෙඛෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන සමාධික‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන විමුත‍්තික‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.