චාතුද්දිසසුත්තං
5. 3. 1. 9.
5. 3. 1. 9.
[චාතුද්දිසසුත්තං]
[චාතුද්දිස සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
9. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු චාතුද්දිසො හොති. කතමෙහි පඤ්චහි:
9. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වෙයි. කවර පසෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ආචාරගෝචර සම්පන්න වූයේ ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් සංවෘත වූයේ වාස කරයි, අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලුයේ ශික්‍ෂාපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි.
බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.
ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්ත්ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බහුශ්රැතවූවාහු ධරණ ලද්දාහු වෙත්, වචනයෙන් පිරිවහන ලදහු වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥාදෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද වෙත්.
සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන.
ඉතරෙතර (යථාලාභ වූ) චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි.
චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැති සෙයින් ලබනසුලුයේ නිදුකින් ලබනසුලුයේ විපුල කොට ලබනසුලුයේ වෙයි.
ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
ආස්රවක්ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තෙමේ ඉහාත්මයෙහි මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වාස කෙරෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු චාතුද්දිසො හොතීති.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වේ ය යි.