අරඤ්ඤසුත්තං
5. 3. 1. 10.
5. 3. 1. 10.
[අරඤ්ඤසුත්තං]
[අරඤ්ඤ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
10. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. කතමෙහි පඤ්චහි:
10. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ වන සෙනසුන් හා වෙනෙහි දුර සෙනසුන් හා ගැඹුරු වල්සෙනසුන් හා සෙවුනට නිසි වූයේ වෙයි. කවර පසෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූයේ සමාදන් කොට ගෙන සිකපදයෙහි හික්මෙයි.
බහුස්සුතො හොති -පෙ- තථාරූපාස්ස ධම්මා -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා.
බහුශ්‍රුත වෙයි ... බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ එබඳු ධර්මයෝ … නුවණින් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්.
ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹුවැර ඇතියේ වාස කරයි. වීර්ය්යස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්මයෙහි නො බහා ලූ ධූර ඇතියේ වෙයි.
චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති. අකිච්ඡලාභී අකසිරලාභී.
ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැතිසෙයින් ලබනසුලු වූයේ නිදුකින් ලබනසුලු වූයේ විපුල කොට ලබනසුලු වූයේ වෙයි.
ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
ආස්‍රවයන්ගේ ක්ෂයවීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වෙසෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුන්ති.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත මහණ අරණ්‍යයෙහි වානප්රස්ථයෙහි වනපර්ය්යන්තයෙහි ශයනාසනයන් සෙවුනට නිසි වේ ය යි.
ඵාසුවිහාරවග්ගො පඨමො
ඵාසුවිහාර වර්ගය පළමු වැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
සාරජ්ජං සඞ්කිතො චොරො සුඛුමාලං ඵාසු පඤ්චමං ආනන්ද සීලා සෙඛා ච චාතුද්දිසො අරඤ්ඤෙන චාති
වේසාරජ්ජ සූත්‍රය, සඞ්කිත සූත්‍රය, මහාචෝර සූත්‍රය, සමණ සුඛුමාල සූත්‍රය, පස්වැනි ඵාසුවිහාර සූත්‍රය, ආනන්ද සූත්‍රය, සීලසම්පන්න සූත්‍රය, අසේඛ සූත්‍රය, චාතුද්දිස සූත්‍රය, අරඤ්ඤ සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.