යෙදුමෙන් කියවන්න

කුලූපගසුත‍්තං

5. 3. 2. 1.

5. 3. 2. 1.

[කුලූපගසුත‍්තං]

[කුලුපග සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො කුලූපගො භික‍්ඛු කුලෙසු අප‍්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි පඤ‍්චහි:

11. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත කුලෝපග මහණ කුලයෙහි අප්‍රිය, අමනාප, අගරු, අභාවනීය (බුහුමනට අනිසි) ද වෙයි. කවර පසෙකින් යත්:

අසන්‍ථුතවිස‍්සාසී ච හොති, අනිස‍්සරවිකප‍්පී ච, වියත්‍ථුපසෙවීච, උපකණ‍්ණකජප‍්පී ච, අතියාචනකො ච.

අසංස්තුතයන් (තමා හා මිත්‍ර නොවූවන්) කෙරෙහි විශ්වාස ඇතියේද වෙයි. අනීශ්වර වූයේ (අධිපතියකු සෙයින්) විකල්පන (විධාන) කරනුයේ ද වෙයි. වියත්‍ථුපසෙවි (විඝටිත කුලයන් නැවත ඝටනුවස් සෙවුනේ) ද වෙයි. උපකර්‍ණජලපී (කණෙහි කොඳුරණුයේ) ද වෙයි. අතියාචනක (ඉබොහෝ යදනේ) ද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො කුලූපගො භික‍්ඛු කුලෙසු අප‍්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත කුලෝපග මහණ කුලන්හි අප්‍රිය, අමනාප, අගරු, අභාවනීය ද වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො කුලූපගො භික‍්ඛු කුලෙසු පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත කුලෝපග මහණ කුලෙහි ප්‍රිය, මනාප, ගරු, භාවනීය ද වෙයි. කවර පසෙකින් යත්:

න අසන්‍ථුතවිස‍්සාසී ච හොති, න අනිස‍්සරවිකප‍්පී ච, න වියත්‍ථුපසෙවීච, න උපකණ‍්ණකජප‍්පී ච, න අතියාචනකො ච.

අසංස්තුතයන් කෙරෙහි විශ්වාස ඇතියේ ද නො වෙයි. ඊශ්වරවිකල්පී ද නො වෙයි. වියත්‍ථූපසෙවී ද නො වෙයි. උපකර්‍ණජල්පී ද නො වෙයි. අතියාචනක ද නො වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො කුලූපගො භික‍්ඛු කුලෙසු පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත කුලෝපග මහණ කුලයෙහි ප්‍රිය, මනාප, ගරු, භාවනීය (බුහුමනට නිසි) ද වේ යයි.