2. අන්ධකවින්දවග්ගො අට්ඨකථා
2. අන්ධකවින්ද වර්ගය
1. කුලූපගසුත්තවණ්ණනා
1. කුලුපග සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ අසන්ථවවිස්සාසීති අත්තනා සද්ධිං සන්ථවං අකරොන්තෙසු විස්සාසං අනාපජ්ජන්තෙසුයෙව විස්සාසං කරොති. අනිස්සරවිකප්පීති අනිස්සරොව සමානො “ඉමං දෙථ, ඉමං ගණ්හථා”ති ඉස්සරො විය විකප්පෙති. විස්සට්ඨුපසෙවීති විස්සට්ඨානි භින්නකුලානි ඝටනත්ථාය උපසෙවති. උපකණ්ණකජප්පීති කණ්ණමූලෙ මන්තං ගණ්හාති. සුක්කපක්ඛො වුත්තවිපරියායෙන වෙදිතබ්බො.
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අසත්ථුවිස්සාමි යනු තමන් සමඟ ඇසුරු නොකරන්නවුන් විශ්වාසයට නොපැමිණෙන කල්හි ද විශ්වාස කරයි, අනිස්සරවිපස්සි යනු අධිපතියෙක් නොවීම මෙය දෙවු, මෙය ගනිවු යයි අධිපතියකු මෙන් හඟවයි, වියත්ථුපසෙචී යනු විසුරුණු බිඳුණු කුලයන් එක්කිරීම සඳහා ඇසුරු කරයි, උපකණ්ණකජප්පි යනු කණමුලෙහි කථාකරයි, යහපත් පැත්ත කියන ලද්දට විරුද්ධ ලෙසින් දතයුතුය,
2. පච්ඡාසමණසුත්තවණ්ණනා
2. පච්ඡාසමණ සූත්‍ර වර්ණනාව
දුතියෙ පත්තපරියාපන්නං න ගණ්හාතීති උපජ්ඣායෙ නිවත්තිත්වා ඨිතෙ අත්තනො තුච්ඡපත්තං දත්වා තස්ස පත්තං න ගණ්හාති, තතො වා දීයමානං න ගණ්හාති. න නිවාරෙතීති ඉදං වචනං ආපත්තිවීතික්කමවචනං නාමාති න ජානාති. ඤත්වා වාපි, “භන්තෙ, එවරූපං නාම වත්තුං න වට්ටතී”ති න නිවාරෙති. කථං ඔපාතෙතීති තස්ස කථං භින්දිත්වා අත්තනො කථං පවෙසෙති. ජළොති ජඩො. එළමූගොති පග්ඝරිතඛෙළමුඛො. තතියං උත්තානමෙව.
දෙවැන්නෙහි පත්තපරියාපන්නං න ගණහාති යන උපාධ්‍යායවරයා නැවතී සිටි විට තමන්ගේ හිස් පාත්‍රය නොගනියි, එයින් හෝ දෙනු ලබන දෙය නොගනියි, න නිවාරෙති යනු මේ වචනය ඇවතට පැමිණෙන වචනයකැයි නොදනියි, දැන ද ස්වාමීනි මෙබඳු දෙයක් කීමට නොවටීයයි නොවළක්වයි, කථං ඔපාතෙති යනු ඔහුගේ කථාව සිඳ තමාගේ කථාව පිවිසුවයි, ජළො යනු මෝඩයායි, එළමුගො යනු වැගිරෙන කෙල සහිතමුව ඇත්තායි (කෙළතොල්ලායි) තෙවැන්න පැහැදිලිමය.
4. අන්ධකවින්දසුත්තවණ්ණනා
4. අන්ධකවින්ද සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ සීලවා හොථාති සීලවන්තා හොථ. ආරක්ඛසතිනොති ද්වාරරක්ඛිකාය සතියා සමන්නාගතා. නිපක්කසතිනොති ද්වාරරක්ඛනකෙනෙව ඤාණෙන සමන්නාගතස්සතිනො. සතාරක්ඛෙන චෙතසා සමන්නාගතාති සතාරක්ඛෙන චිත්තෙන සමන්නාගතා. අප්පභස්සාති අප්පකථා. සම්මාදිට්ඨිකාති කම්මස්සකතජ්ඣාන-විපස්සනාමග්ග-ඵලවසෙන පඤ්චවිධාය සම්මාදිට්ඨියා සමන්නාගතා. අපිච පච්චවෙක්ඛණඤාණම්පි සම්මාදිට්ඨියෙවාති වෙදිතබ්බා.
සිවුවැන්නෙහි සීලවා හොථ යනු සිල්වත්වූවෝ වෙමු, ආරක්ඛසතිනො යන දොරටු රකින සිහියෙන් යුක්තවූවෝයි, නිපකසතිනො යනු දොරටු රකින්නාවූම නුවණින් යුක්ත සිහි ඇත්තාහුයි, සතාරක්ඛෙන සමන්නාගතා යනු සිහිය රකින සිහින් යුක්ත වූයේයි, අප්පභස්සා යනු අඩුකථා ඇත්තෝයි, සම්මාදිට්ඨිකා යනු කම්මස්සකත ධ්‍යාන විදර්ශනා මාර්ගඵල වශයෙන් පස්වැදෑරුම් වූ සම්යදෘෂ්ටියෙන් යුක්තවූවෝයි, තවද ප්රත්යවෙක්ෂණ ඥානය ද සම්‍යක් දෘෂ්ටියමයි, දතයුතුය.
5. මච්ඡරීසුත්තවණ්ණනා
5. මච්ඡරී සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ආවාසමච්ඡරිනීති ආවාසං මච්ඡරායති, තත්ථ අඤ්ඤෙසං වාසං න සහති. කුලමච්ඡරිනීති උපට්ඨාකකුලං මච්ඡරායති, අඤ්ඤෙසං තත්ථ උපසඞ්කමනං න සහති. ලාභමච්ඡරිනීති ලාභං මච්ඡරායති, අඤ්ඤෙසං තං උප්පජ්ජන්තං න සහති. වණ්ණමච්ඡරිනීති ගුණං මච්ඡරායති, අඤ්ඤෙසං ගුණකථං න සහති. ධම්මමච්ඡරිනීති පරියත්තිධම්මං මච්ඡරායති, අඤ්ඤෙසං දාතුං න ඉච්ඡති.
පස්වැන්නෙහි ආවාසමච්ඡරි යනු නිවාසයට මසුරු වෙයි, එහි අනුන්ගේ විසීම නොඉවසයි, කුලමච්ඡරි යනු උපස්ථායක කුලයට මසුරු වෙයි, එයට අනුන්ගේ එළඹීම නොඉවසයි, ලාභමච්ඡරි යනු ලාභයට මසුරුවෙයි, අනුනට උපදින එය නොයිවසයි, වණ්ණමච්ඡරි යනු ගුණයට මසුරු වෙයි, අනුන්ගේ ගුණ වැණුම නොඉවසයි, ධම්මමච්ඡරි යනු පර්යාප්ති ධර්මයට මසුරු වෙයි, අනුනට දීමට කැමැති නොවෙයි,
6-7. වණ්ණසුත්තාදිවණ්ණනා
6-7. වණ්ණා ආදි සූත්‍ර වර්ණනා
ඡට්ඨෙ සද්ධාදෙය්යං විනිපාතෙතීති පරෙහි සද්ධාය දින්නපිණ්ඩපාතතො අග්ගං අග්ගහෙත්වා පරස්ස දෙති. සත්තමෙ ඉස්සුකිනීති ඉස්සාය සමන්නාගතා. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සයවැන්නෙහි සද්ධාදෙය්යං විනිපාතෙති යනු අනුන් විසින් සැදැහැයෙන් දෙන ලද පිණ්ඩපාතයෙන් අගය නොගෙන අනුනට දෙයි, සත්වැන්නෙහි ඉස්සුකිනි යනු ඊර්ෂ්‍යාවෙන් යුක්ත වූවෝයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
අන්ධකවින්දවග්ගො දුතියො.
දෙවැනි වර්ගයයි.