අන්ධකවින්දසුත්තං
5. 3. 2. 4.
5. 3. 2. 4.
[අන්ධකවින්දසුත්තං]
[අන්ධකවින්ද සූත්‍රය]
14. එකං සමයං භගවා මගධෙසු විහරති අන්ධකවින්දෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
14. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට අන්ධකවින්දයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
යෙ තෙ ආනන්ද භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො ආනන්ද භික්ඛූ පඤ්චසු ධම්මෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා. කතමෙසු පඤ්චසු:
ආනන්දයෙනි, නවක වූ පැවිදිව නොබෝ කල් ඇති මෙ සස්නට අලුත පැමිණි යම් භික්ෂු කෙනෙක් වෙත් නම්, ආනන්දයෙනි, තොප විසින් එ මහණහු පස්දහමෙක සමාදන් කරවිය යුතු වෙති. යෙදවිය යුතු වෙති. පිහිටුවිය යුතු වෙති. කවර පසෙක යත්:
”එථ තුම්හෙ ආවුසො, සීලවා හොථ පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිනො සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූති” ඉති පාතිමොක්ඛසංවරෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
“එව ඇවැත්නි, තෙපි සිල්වත් වැ, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව වසව, අණුමාත්‍ර වරදෙහිදු භය දක්නාහු, ආචාරගෝචරසම්පන්න වූවහු සමාදන් කොටගෙන සිකපදයෙහි මොනවට හික්මෙව” යි සීල සංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
“එථ තුම්හෙ ආවුසො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරා විහරථ ආරක්ඛසතිනො නිපක්කසතිනො සාරක්ඛිතමානසා සතාරක්ඛෙන චෙතසා සමන්නාගතාති.” ඉති ඉන්ද්රියසංවරෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
“එව ඇවැත්නි, තෙපි ඉන්ද්රියයෙහි පියු දොර ඇතිවැ වසවු, (ද්වාරයන්) ආරක්ෂා කරණ සිහි ඇතිවැ (ද්වාරයන්) රක්නා සිහි නුවණ ඇතිවැ මොනවට රක්නාලද සිත් ඇතිවැ ස්මෘති ආරක්ෂා සහිත සිතින් සමන්වාගත වූවහු වාස කරව” යි ඉන්ද්රියසංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
“එථ තුම්හෙ ආවුසො, අප්පභස්සා හොථ භස්සෙ පරියන්තකාරිනොති” ඉති භස්සපරියන්තෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
“එව ඇවැත්නි, තෙපි කථාප්රර්ය්යන්ත ඇති වැ අල්පකථා ඇතිවව” යි මෙසේ කථාප්රර්ය්යන්තයෙහි (සීමාසහිත කථායෙහි) සමාදන් කරවිය යුතු වෙති, යෙදවිය යුතු වෙති, පිහිටුවාලිය යුතු වෙති.
“එථ තුම්හෙ ආවුසො, ආරඤ්ඤකා හොථ අරඤ්ඤෙ වනපත්ථානිපන්තානි සෙනාසනානි පටිසෙවථා”ති ඉති කායවූපකාසෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
“එව ඇවැත්නි තෙපි අරණ්යසෙනසුන් ඇති වව, අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සේවන කරව” යි මෙසේ කායවිවේකයෙහි සමාදන් කරවිය යුතු වෙති, යෙදවිය යුතු වෙති, පිහිටුවාලිය යුතු වෙති.
“එථ තුම්හෙ ආවුසො, සම්මාදිට්ඨිකා හොථ සම්මාදස්සනෙන සමන්නාගතාති” ඉති සම්මාදස්සනෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
“එව ඇවැත්නි, තෙපි සම්දිටු ඇත්තාහු සම්‍යග් දර්ශනයෙන් සමන්වාගත වව” යි මෙසේ සම්‍යග්දර්‍ශනයෙහි සමාදන් කරවිය යුත්තාහ, යෙදවිය යුත්තාහ, පිහිටුවාලිය යුත්තාහ.
යෙ තෙ ආනන්ද, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො ආනන්ද භික්ඛූ ඉමෙසු පඤ්චසු ධම්මෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බාති.
ආනන්දයෙනි, නවක වූ, පැවිදිව නොබෝ කල් ඇති, මේ ධම්මවිනයට අලුත පැමිණි, යම් මහණහු වෙත් නම් තොප විසින්, ආනන්දයෙනි, එ මහණහු මේ පඤ්චධර්‍මයෙහි සමාදන් කරවිය යුත්තාහ, යෙදවිය යුත්තාහ, පිහිටුවාලිය යුත්තාහයි.