යෙදුමෙන් කියවන්න

මච‍්ඡරීසුත‍්තං

5. 3. 2. 5.

5. 3. 2. 5.

[මච‍්ඡරීසුත‍්තං]

[මච්ඡරී සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

15. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ: කතමෙහි පඤ‍්චහි:

15. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:

ආවාසමච‍්ඡරිනී හොති, කුලමච‍්ඡරිනී හොති, ලාභමච‍්ඡරිනී හොති, වණ‍්ණමච‍්ඡරිනී හොති, ධම‍්මමච‍්ඡරිනී හොති.

ආවාසයෙහි මසුරුබව ඇත්තී වෙයි, කුලයෙහි මසුරුබව ඇත්තී වෙයි, ලාභයෙහි මසුරුබව ඇත්තී වෙයි, වර්‍ණ (ගුණ) යෙහි මසුරුබව ඇත්තී වෙයි, ධර්‍මයෙහි මසුරුබව ඇත්තී වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං නිරයෙ.

මහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙ. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:

න ආවාසමච‍්ඡරිනී හොති, න කුලමච‍්ඡරිනී හොති, න ලාභමච‍්ඡරිනී හොති, න වණ‍්ණමච‍්ඡරිනී හොති, න ධම‍්මමච‍්ඡරිනී හොති.

ආවාසමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, කුල (උපස්ථායක කුලයෙහි) මාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, ලාභමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, වර්‍ණමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, ධර්‍මමාත්සර්‍ය්‍ය ඇත්තී නොවේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතා භික‍්ඛුනී යථාභතං නික‍්ඛිත‍්තා එවං සග‍්ගෙති.

මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදනී) වෙයි.