වණ්ණසුත්තං
5. 3. 2. 6.
5. 3. 2. 6.
[වණ්ණසුත්තං]
[වණ්ණා සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
16. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
16. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති. අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති. සද්ධාදෙය්යං විනිපාතෙති.
නො දැන නො විමසා අවර්ණාර්හයාට (ගුණනැත්තාහට) වර්ණ (ගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා වර්ණාර්හයාට (ගුණැත්තාහට) අවර්ණ (අගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා නො පැහැදිය යුතු තන්හි ප්රසාදය උපදවයි. නො දැනැ නො විමසා පැහැදිය යුතු තන්හි අප්රසාදය උපදවයි. ශ්රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දෙය) විනිපාතන (නසාලිම්) කෙරෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
මහණෙනි, මේ පඤ්ච ධර්මයෙන් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති, අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති, සද්ධාදෙය්යං න විනිපාතෙති.
දැනැ (කරුණු) විමසා අවර්ණාර්හයාට අවර්ණ බෙණෙයි, දැනැ විමසා වර්ණාර්හයාට වර්ණ බෙණෙයි, දැනැ විමසා නො පැහැදිය යුතු තන්හි අප්රසාදය උපදවයි, දැනැ විමසා පැහැදිය යුතු තන්හි ප්රසාදය උපදවයි, ශ්රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දැය) විනිපාතන (විනාශ) නො කෙරෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුණී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක එසෙයින් ස්වර්ගයෙහි වේ යයි.